ආග­මික වැද්දන්ගේ ඩෝසර් ඇවිත් ගුරු­කන්දේ කරන ජාතික උරුම සංහා­රය | Page 2 | සිළුමිණ

ආග­මික වැද්දන්ගේ ඩෝසර් ඇවිත් ගුරු­කන්දේ කරන ජාතික උරුම සංහා­රය

 

මුල­තිව් නායාරූ ගුරු­කන්ද විහා­ර­ස්ථාන භූමියේ හිමි­කම පිළි­බඳ වූ සිද්ධිය සියලු සදා­චාර සීමා ඉක්වා ගොස් තිබේ. විහා­රා­ධි­පති හිමි­යන් පැවරූ නඩු සිය­ල්ලම උන්ව­හ­න්සේගේ අප­වත් වීමත් සමඟ අධි­ක­ර­ණය විසින් අහෝසි කර ඇත. ඒ අනුව දෙපා­ර්ශ්ව­ය­ටම මේ පුරා­විද්‍යා භූමියේ කෙරෙන ඉදි­කි­රීම් නැවැ­ත්වීම සඳහා ලබා දී තිබූ නියෝ­ගය බල රහිත වී තිබේ. ඒ අව­ස­ර­යෙන් දෙමළ දේශ­පා­ල­ක­යන්ගේ අනු­ග්‍ර­හය සහිත පිරිස් සක්‍රීය වී සිටිති.

 

මේ ලියන මොහොත වන විට ප්‍රශ්නය වෙනම තැන­කය. පසු­ගිය බ්‍රහ­ස්ප­තින්දා බැකෝ යන්ත්‍ර­යක් රැගෙන පැමිණි දෙමළ ජාතික කොන්ත්‍රා­ත්ක­රු­වෙක් විහා­ර­ස්ථාන ඉඩමේ බොරළු කැපී­මට යැයි කිය­මින් කැණී­මක් ආරම්භ කළේය. එම භූමිය පුරා­වස්තු සහිත පුරා­විද්‍යා භූමි­යකි. එහි කිසිදු ආකා­ර­යක කැණී­මක් කරන්නේ නම් පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාගේ පෙර අව­ස­ර­යක් තිබිය යුතුය. රටේ නීතිය එයය. එසේ නොවු­ණද රජයේ ඉඩ­මක පස් කැපීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාං­ශ­යෙන්, ප්‍රාදේ­ශීය ලේකම් වර­යා­ගෙන් අව­සර සහිත බල­ප­ත්‍ර­යක් තිබිය යුතුය. මේ කිසිම නීති­මය අව­ස­ර­යක් රහි­තව මේ බිමේ බල­හ­ත්කා­ර­යෙන් පස් කැපී­මෙන් සැඟ­වුණ උතුරේ ආග­ම්වාදී දේශ­පා­ලන උම­තුව ප්‍රකාශ වෙමින් තිබිණි.

“ ඔවුන් සූදා­නම් වුණේ මෙතැන කෝවි­ල­කට ගෙපැ­ලක් කපන්න..” තතු දත්තෝ කීහ. මේ වන විට රජයේ මැදි­හත් වීමෙන් එම විනා­ශය වළක්වා තිබේ.

“කොන්ත්‍රා­ත්කා­ර­යාගේ ක්‍රියා­වට දායක සභාවේ පිරිස විරුද්ධ වුණා. ඒ අව­ස්ථා­වේදී කොන්ත්‍රා­ත්කරු හාමු­දු­රු­ව­න්ගෙන් සහ අනෙක් පිරි­ස­ගෙන් පන්සලේ ඉඩ­මක් නම් එහි ඔප්පුව ලබා දෙන්න කියලා කිව්වා. බොරළු කැපීම සදහා බල­ප­ත්‍රක් නැතිව පැමිණි එම ව්‍යාපා­රි­කයා සහ ඔහුගේ අනු­ගා­මි­ක­යන් රජයේ ඕනෑම අයෙ­කුට මේ ගැන පැමි­ණිලි කරන ලෙස තර්ජ­නය කරලා ගුරු­කන්ද විහා­රයේ දාය­ක­යන්ට පහර දෙන්න සූදා­නම් වුණා. එ ගැන මුල­තිව් පොලි­සි­යට පැමි­ණිලි කළා. පොලි­සිය බොරලු කැපීම නැවැ­ත්තුවා. මේ සම්බ­න්ධව පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තු­වට දැනුම් දීලා තිබෙන්නෙ. ඔවුන්ට මේ සම්න්ධව නීතිය ඉදි­රි­යට යන්න පුළු­වන්.” ගුරු­කන්ද විහාර දායක සභාවේ ප්‍රකා­ශ­ක­යෙක් සිය අත්දැ­කීම අපට කීවේය.

මානව හිමි­කම් නඩුව

ගුරු­කන්ද පුරා­විද්‍යා භූමිය ඩෝසර් වන්නේ ගුරු­කන්ද රජ­මහා විහා­රය පිළි­බඳ නඩුව ශ්‍රී ලංකා මානව හිමි­කම් කොමි­ෂන් සභා­වෙන් ඇසෙ­මින් තිබි­ය­දීය. ගුරු­කන්ද විහා­ර­ස්ථා­නය බෞද්ධ විහා­ර­ස්ථා­න­යක් නොව හින්දු භක්ති­ක­යන්ට අයත් ගණ­දෙවි කෝවි­ලක් නිසා එහි අයි­තිය තමන් වෙත ලබා දෙන මෙන් නායාරූ නීරා­වි­අඩි පිල්ල­යාර් කෝවිලේ භාර­කාර මණ්ඩ­ලය කළ පැමි­ණි­ල්ල­කට අනුව මේ දින­වල එම නඩුව මානව හිමි­කම් කොමි­ෂන් සභාවේ ඇසෙයි.

ඒ නඩුව පවරා ඇත්තේ පොලී­සි­ය­ටද එරෙ­හිව නිසා මුල­තිව් පොලී­සියේ නිල­ධා­රී­න්ටද මානව හිමි­කම් කොමි­ෂන් සභාවේ සාක්කි දීමට වවු­නි­යා­වට පැමි­ණී­මට සිදු වී තිබේ.

නඩු විම­සීමේ වර්ත­මාන තත්ත්වය පිළි­බඳ අද­හස් දැක්වූ ශ්‍රී ලංකා මානව හිමි­කම් කොමි­ෂන් සභාවේ වවු­නියා දිස්ත්‍රික් කාර්යා­ලයේ ප්‍රධාන විම­ර්ශන නිල­ධාරී රෝහිත ප්‍රිය­ද­ර්ශන පැව­සුවේ ඒ පැමි­ණිලි තව­මත් විභාග වන බවයි.

විහා­ර­ස්ථාන ඉඩම ඩෝසර් කර ඇති අයුරු

“විම­ර්ශ­නය අව­සා­න­යේදී මේ භූමියේ අයි­තිය පිළි­බඳ ප්‍රකා­ශ­යක් දෙන්න බැහැ. අපි සාධා­ර­ණය අසා­ධා­ර­ණය ගැන විම­සලා බලලා අපේ නිග­මන ඒ ඒ කාර­ණ­යට අදාළ නිල­ධා­රීන්ට යොමු කරන එකයි කරන්නේ. ඊට පස්සේ ඒ අය ඊට අදා­ළව කට­යුතු කර­ගෙන යනවා. දැන් මේ ප්‍රශ්න­යට අදාළ පාර්ශ්ව ගොඩාක් ඉන්නවා. බෞද්ධ නට­බුන් සහිත විහා­ර­ස්ථා­න­යක් නිසා පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තු­වෙ­නුත් ඒ ගැන වාර්තා ප්‍රකා­ශන සාක්කි සට­හන් කර­ගන්න වෙයි.'' ඔහු කීවේය.

මුල­තිව් ගුරු­කන්ද විහා­ර­ස්ථා­නයේ අරෝ­වට දැන් අධි­ක­ර­ණ­යට වඩා මානව හිමි­කම් කොමි­ෂන් සභාව බල­වත් වී සිටියි. ඊට ප්‍රධාන හේතුව වන්නේ ගුරු­කන්ද විහා­ර­ස්ථා­නයේ සිට අප­වත් වූ කොළඹ මේධා­ලං­කාර හිමි­යන් අප­වත් වීමත් සම­ගම උන්ව­හන්සේ නමින් පවත්වා ගෙන ගිය සිය­ලුම නඩු අක්‍රිය වන බවට වවු­නි­යාව මහා­ධි­ක­ර­ණ­යෙන් ලබා දෙන ලද නියෝ­ග­යයි.

පසු­ගිය ඔක්තෝ­බර් හත් වැනිදා එම නඩුව වවු­නි­යාව මහා­ධි­ක­ර­ණ­යේදී විභාග වීමට නිය­මි­තව තිබු­ණද ඊට අදාළ පැමි­ණිලි පාර්ශ්වයේ නායක හිමි­යන් අප­වත් වූ බව අධි­ක­ර­ණ­යට දැනුම් දීමෙන් පසුව එම නඩුව විනි­සු­රු­ව­රයා හමාර කොට තිබේ. මුල­තිව් අධි­ක­ර­ණය දර­න්නේද එම ස්ථාව­රය. ඔවු­හුද සිය අධි­ක­ර­ණයේ විභාග වෙමින් ඇති සියලු නඩු නිශ්ක්‍රීය කළහ. අදාළ නඩු පවත්වා ගෙන ගිය අව­ස්ථා­වේදී එහි තීන්දු­වක් ලබා­දී­මට පෙර අධි­ක­ර­ණ­යෙන් නියෝ­ග­යක් පනවා තිබුණේ දෙපා­ර්ශ්ව­ය­ටම ඒ ඒ ස්ථාන­වල කිසිදු සංව­ර්ධන කට­යු­ත්තක් නොක­රන ලෙසය. එහෙත් අව­සන් තීන්දු­වට යනවා වෙනු­වට අධි­ක­ර­ණය කළේ ඒ සම්බ­න්ධව ඇසෙ­මින් තිබුණු නඩු අහෝසි කිරී­මය.

ඒ අනුව මුල­තිව් ගුරු­කන්ද රජ­මහා විහා­රයේ පිරි­ස­ටද නීරා­වි­අඩි පිල්ල­යාර් කෝවිලේ උද­වි­ය­ටද මේ භූමියේ කිසිම සංව­ර්ධන කට­යු­ත්තක් කිරීම වැළැ­ක්වීමේ නියෝ­ග­යද බල රහිත විය. ගුරු­කන්ද විහාර භූමි­යට ඩෝස­රය එන්නේ අධි­ක­ර­ණය මේ සිද්ධි­යෙන් ඉවත් වීමත් සම­ඟය.

මේ වන විට මුල­තිව් ගුරු­කන්ද විහා­ර­ස්ථා­නයේ අභි­නව විහා­රා­ධි­පති මිහි­ඳු­පුර රත­න­දේ­ව­කිත්ති හිමි­යෝය. උන්ව­හන්සේ කියා සිටියේ පව­තින තත්ත්වය අනුව දාය­ක­ස­භාව සමග එක් වී යළි අධි­ක­ර­ණයේ නඩු පැව­රී­මක් කළ යුතු බවය.

“ඇත්ත වශ­යෙන්ම මේ ස්ථානයේ බෞද්ධ සංස්කෘ­තික පද­නම පිළි­බඳ නීති විරෝධී තත්ත්ව­යක් නැහැ. සිද්ධ වුණේ මුල­තිව් පළාතේ හින්දු ජන­තා­ව­ගෙන් කොට­සක් ඒ ස්ථානය ඔවුන්ට අයිති බව කිය­මින් බල­හ­ත්කා­ර­යෙන් ඒ කෝවිලේ කට­යුතු කර­මින් ඒකට අයි­ති­වා­සි­මක් කීමට පට­න්ගැ­නී­මයි.”

“මේ ගුරු­කන්ද විහා­ර­ස්ථා­නයේ ඉති­හා­සය ඉතාම ඈතට විහිදී යනවා. දළ­දාව ශ්‍රී ලංකා­වට වැඩම කරවූ කාල­ව­ක­වා­නු­වේදී මුලින්ම ගොඩ බැස්සේ මේ ස්ථාන­යට බව වංශ­ක­ථා­වල සඳ­හන් වෙනවා ඒ බව සනාථ කෙරෙන සෙල්ලිපි තිබෙ­නවා. ඒ හැරු­ණාම මේ ස්ථානයේ ඉපැ­රණි නට­බුන් විශාල ප්‍රමා­ණ­යක් තිබෙ­නවා. පැරණි දාගැ­බක් පිහිටා තිබෙ­නවා. තවත් මේ ස්ථානයේ තිබෙන පුරා­වස්තු ගැන සල­කලා බල­න­කොට මේ ගුරු­කන්ද විහා­ර­ස්ථා­නය පිහිටි ස්ථානය ඉතාම දීර්ඝ ඉති­හා­ස­ය­කට නෑකම් කියන උරු­ම­යක් ඇති ස්ථාන­යක් බව ඉතාම පැහැ­දි­ලියි.”

ගණ­දෙවි කෝවිල

මේ විහා­ර­ස්ථා­න­යට යාබ­දව ගණ­දෙවි කෝවි­ලක් ඉදි වූයේ කෙසේද ? යන කාර­ණය සොය­මින් යන අත­ර­වා­ර­යේදී අපූරු කතා­වක් හෙළි විණි. නීරා­වි­අඩි පිල්ල­යාර් කෝවිල කාලා­න්ත­ර­යක් තිස්සේ පැව­තියේ මෙතැන බව කිය­මින් මුල­තිව් දෙමළ දේශ­පා­ල­න­ඥ­යන් හා මුල­තිව් හින්දු ජන­තාව කෑ කෝ ගැසූ­වත් මේ පුල්ල­යාර් රූපය විහා­ර­ස්ථා­නය අස­ලට රැගෙන විත් ඇත්තේ ගුරු­කන්ද විහා­ර­ස්ථා­නයේ කලින් වැඩ සිටි කොළඹ මේධා­ලං­කා­ර­කිත්ති ස්වාමීන් වහ­න්සේය.

ගුරු­කන්දේ හිමි­යන් විහා­ර­ථා­නයේ වැඩ වාසය කොට ඒ ස්ථානය දියුණු කරත්ම හින්දු ජන­තාව අර­ගල කර­න්නට වූයේ ඒ ස්ථානය ඔවුන්ගේ බවත් ගණ­දෙවි ප්‍රති­මාව කාලා­න්ත­ර­යක් තිස්සේ ඒ ස්ථාන­යේම තිබූ එකක් බව­ටත් තර්ක කර­මිනි.

ඒ ගණ­දෙවි ප්‍රති­මාව කැලයේ තිබී මේ ස්ථාන­යට රැගෙන විත් ස්ථාපිත කළේ තමන් බව කියා පෑමට උන්ව­හ­න්සේට සාක්කි නැති වීම නිසා උන්ව­හ­න්සේගේ ක්‍රියාව උන්ව­හ­න්සේ­ටම පාරා වළ­ල්ලක් විය. එම භූමියේ ඓති­හා­සික අගය පිළි­බඳ අප කළ විම­සී­ම­කදී ශ්‍රී ලංකා පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය පී.බී මණ්ඩා­වල මහතා කියා සිටියේ ගුරු­කන්ද විහා­ර­ස්ථා­නය තිබූ ස්ථාන­යට වෙනත් තැනක තිබූ ගණ දෙවි රූප­යක් මේධා­ලං­කාර හිමි­යන් විසින් රැගෙන විත් තැන්පත් කිරීම පිළි­බඳ තමන්ද සිය නොස­තුට පළ කළ බවය.

''මුල­තිව් ගුරු­කන්ද විහා­ර­ස්ථා­නයේ පුරා­වස්තු රැසක්ම පව­ති­නවා. නමුත් ලංකාවේ තිබෙන සිය­ලුම පුරා­වස්තු අපට අයත් වන්නේ නැහැ. සම­හර ස්ථාන රජයේ වෙනත් ආය­ත­න­ව­ලට අයත් ඒවායි. තවත් ඒවා පෞද්ග­ලික ස්ථාන­ව­ලත් තිබෙ­න්නට පුළු­වන්. මේ ගුරු­කන්ද විහා­ර­ස්ථා­නයේ ඇති පුරා­වස්තු අයත් වන්නේ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­ය­ටයි.

පුරා­වි­ද්‍යා­වට අයත් වන්නට නම් පුරා­විද්‍යා රක්ෂි­ත­යක් වශ­යෙන් ගැසට් කිරී­මක් සිදු කළ යුතුයි. ඒ ස්ථානයේ තිබෙන පුරා­වස්තු හඳු­නා­ගෙන ඒ මුළු භූමි­යම රක්ෂි­ත­යක් වශ­යෙන් නම් කළ යුතු වෙනවා.

ඒ සඳහා ඉඩම් මැනී­මක් ඉඩම් වෙන් කිරී­මක් සිදු කළ යුතු වෙනවා. ඉඩම් මැනීම සඳ­හාත් වෙන් කිරීම සඳ­හාත් පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තු­වට බල­යක් නැහැ. මෙහි බල­ධා­රියා වන්නේ ප්‍රාදේ­ශීය ලේක­ම්ව­ර­යායි.

මේ ස්ථානය පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව මඟින් පාල­නය වන ස්ථාන­යක් බවට පත් කිරීම සඳහා මුලදී මැනුම් කට­යුතු කළ අව­ස්ථා­වේදී පළාතේ ප්‍රාදේ­ශීය ලේක­ම්ව­ර­යාත් දිසා­ප­ති­ව­රි­යත් මැදි­හත් වී එම කට­යුතු නතර කරනු ලැබුවා. ඒ නිසා ඒ කට­යුතු කර­ගෙන යන්නට නොහැකි වුණා.

එම ස්ථානයේ පුරා­විද්‍යා නට­බුන් පැව­ති­යාට අපට අධි­ක­ර­ණ­යක නඩු­වක් දමා එහි අයි­තිය ඉල්ලා සිටී­මට හැකි­යා­වක් නැහැ. පුරා­වස්තු වලට හානි කර­නවා නම් පම­ණක් අපට අධි­ක­රණ ක්‍රියා­මා­ර්ග­ය­කට යා හැකියි.”

පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා එසේ කියන නමුත් එම භූමියේ අදාළ ශාස්ත්‍රීය ගවේ­ෂ­ණය පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව මඟින් කර තිබුණේ වර්ෂ 2013 දීය. “උතුරු පළාතේ මුල­තිව් දිස්ත්‍රි­ක්කයේ මුහු­දු­බඩ පත්තුව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ චෙන්ම­ලෙයි ග්‍රාම නිල­ධාරී වසමේ චෙන්ම­ලෙයි පෙදෙසේ පිහිටි දාගැබ ගොඩැල්ල හා අනෙක් පුරා­වි­ද්‍යා­ත්මක නට­බුන්” ලෙස වර්ෂ 2013.08.16 දින අති විශේෂ ගැසට් පත්‍ර­ය­කින් එම පුරා­විද්‍යා ස්ථානය ගැසට් කර ඇත. ඒ ලේඛ­නය මත පද­නම්ව දෙපා­ර්ත­මේ­න්තු­වට අවශ්‍ය නීති­මය කට­යු­තු­ව­ලට ප්‍රවේශ විය හැකිය.

පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය මණ්ඩා­ව­ල­යන් ක්ෂේත්‍රයේ උන්න­තිය වෙනු­වෙන් කැප වීම නිසාම ගෞර­ව­යට පත් පිළි­ගත් විද්වත් වෘත්ති­ක­යෙකි. ඔහු සිය­ල්ලට ඉහ­ළින් ස්වකීය වෘත්තික භාවය තබා­ගෙන රටට වග­කි­යනු ඇතැයි මේ රටේ මිනිස්සු බලා­පො­රොත්තු වෙති.

Comments