පොලි­සිය නිහඬ නම් කොමි­ස­මට එන්න | Page 4 | සිළුමිණ

පොලි­සිය නිහඬ නම් කොමි­ස­මට එන්න

 

මැති­ව­ර­ණ­යට අදාළ පැමි­ණිලි සම්බ­න්ධ­යෙන් පොලී­සිය නිසි පිය­වර නොගන්නේ නම් ඒ ගැන පොලිස් කොමි­ස­මට පැමි­ණිලි කිරී­මට හැකි­බව එම කොමි­සම පව­සයි.

ඉහළ පොලිස් නිල­ධා­රී­න්ගෙන් පහළ නිළ­ධා­රීන්ට මැති­ව­ර­ණ­යට අදා­ළව නීති විරෝධි උප­දෙස්, නියෝග මෙන්ම බල­පෑම් එල්ල­වන්නේ නම් ඒ ගැනද එම නිල­ධා­රීන්ට පොලිස් කොමි­ස­මට පැමි­ණිලි කිරී­මට හැකි බව එම කොමි­සන් සභාවේ සාමා­ජි­ක­යෙක් පැව­සු­වේය.

නිසි පිය­වර නොගන්නා පොලිස් නිල­ධා­රීන්ට මෙන්ම වැරැදි නියෝග සහ බල­පෑම් කරන නිල­ධා­රීන්ට එරෙ­හිව ක්ෂණික පිය­වර ගැනී­මට කොමි­සම සූදා­න­මින් සිටින බවද එම සාමා­ජි­කයා වැඩි දුර­ටත් පැවැ­සීය.

Comments