උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය සේවා වාර වැඩි කිරීමේ කටයුතු මේ මස අගදී සිදු කරනු ලබන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සිළුමිණට කීය. එහි ආරම්භක පියවර ලෙසින් කොළඹ කොටුව සහ බදුල්ල අතර අන්තර් නගර ශීඝ්‍රගාමී දුම්රිය දින කිහිපයක් ඇතුළත ආරම්භ කරනු ලබන බවත් එය කොළඹ කොටුවෙන් පෙරවරු 7.10ට පිටත්වන බවත් බදුල්ලෙන් පෙරවරු 7.30ට පිටත් වන බවද සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.
චීනයෙන් එස් 14 වර්ගයේ නවීන දුම්රියයන් 9ක් උඩරට ධාවනය පිණිස ගෙන්වනු ලබන බවත් දැනට ගෙන්වා ඇති දුම්රිය කොළඹ හා බදුල්ල අතර යොදවන බවත් ඉතිරි දුම්රිය පැමිණි විගස මහනුවර හා කොළඹ කොටුව අතර දුම්රිය සංඛ්‍යාව වැඩි කරන ලබන බවද ඔහු කීවේය. විශේෂයෙන්ම මහනුවරින් පෙරවරු 5.00ත් 6.30ත් අතර කාලයේදී නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් හා ශීඝ්‍රගාමී දුම්රියක් අලුතින් ධාවනයට එක් කරන බවත් මාතලේ සිටද කොළඹ දක්වා නව ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනයට එක් කරනු ලබන බවද ඒ මහතා කීවේය.