රැස්වීම්වලට සෙනඟ ගෙන්නුවාට ඡන්දය දිනන්න බැහැ | සිළුමිණ

රැස්වීම්වලට සෙනඟ ගෙන්නුවාට ඡන්දය දිනන්න බැහැ

 පොදු ජන පෙර­මුණ සහ ශ්‍රිල­නිප අතර පසු­ගිය දිනක ගිවි­සු­මක් ඇති වුණා දෙපා­ර්ශ්වය මේ සන්ධා­නය ඇති කර­ගත්තේ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ගේ ජය­ග්‍ර­හ­ණය උදෙසා පම­ණ­යිද ?

දේශ­පා­ල­නික වශ­යෙන් අපි එක­ඟ­තා­ව­කට ආවා ජනා­ධි­ප­ති­ව­ර­ණය වෙනු­වෙන් එකට වැඩ කරමු කියලා. ඒවගේ සන්ධා­න­යක් ගොඩ­නැ­ඟී­මට පසු­ගිය බ්‍රහ­ස්ප­තින්දා අපි ගිවි­සු­මක් ඇති කර­ගෙන තියෙ­නවා.

පොහො­ට්ටුව සල­කු­ණින් මෙවර මැති­ව­ර­ණ­යට පෙනී සිටි­යත් ඉදි­රි­මැ­ති­ව­රණ වලදී පුටුව ලකු­ණින් ශ්‍රීලංකා නිද­හස් පොදු ජන සන්ධා­නය නමින් තරග කිරී­මට එක­ඟ­තා­ව­කට පැමිණ තිබෙ­නවා නේද? පොහො­ට්ටුව සල­කුණ වෙනස් කිරී­මට ඔබ­තු­මා­ලාගේ පක්ෂයේ බොහෝ පිරි­ස­කගේ කැමැ­ත්තක් තිබුණේ නැහැ නේද?

සන්ධා­න­යක් කියන්නේ ලාංඡ­න­යක් වටා කැර­කී­මක් නොවෙයි මති­මා­තා­න්දර මත කැර­කී­මක් සිදු­විය යුතු­වන්නේ. අපි මෙහිදී එක­ඟ­තා­ව­කට ඇවිල්ලා එවැනි තීර­ණ­ය­කට ආවේ. අපේ පක්ෂ­යත් එක­ඟ­තා­ව­කට ඇවිල්ලා තියෙ­නවා සාක­ච්ඡා­ව­ලදී. පක්ෂ දෙක වැඩ කරන්න එක­තු­වෙලා තිය­නවා. මෙය අපි එකට වැඩ කර­න්නට ඇති කර­ගත්ත සන්ධා­න­යක්. පක්ෂ ගණ­නා­වක් අපි සමඟ සන්ධා­න­ගත වෙලා ඉන්නවා. ඒ අය වෙනම ඒ අයගේ මති­මා­තා­න්තර දර­නවා. ඒව­ගේම ඒ අය වෙනම පක්ෂ සම්මේ­ලන තිය­නවා. මේ එක පක්ෂ­ය­ක්වත් කිසිදු පක්ෂ­යක් ඇතුළේ දිය­වෙන්නේ නැහැ. සන්ධාන ඇතුළේ ඉන්න හැමෝම ඒ අයගේ අන­න්‍ය­තාව රැක­ගෙන මේ පක්ෂය ඇතුළේ ඉන්නවා. ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ලාංඡ­නය තමයි පොහො­ට්ටුව. අත සහ බුලත් කොළය තමයි ශ්‍රී ලංකා නිද­හස් සන්ධා­නයේ ලාංඡ­නය. මේ සියලු ලාංඡන නැතුව පුටුව ලකු­ණින් තරග කරමු කියලා යෝජ­නා­වක් ආවා. පුටුව අපේ සන්ධා­නයේ සල­කුණ කියන එක­ඟ­තා­ව­කට පැමිණ තිබු­ණත් ඒ වෙන­කොට ගෝඨා­භය රාජ­පක්ෂ මහතා පොහො­ට්ටුව සල­කු­ණින් ඇප බැඳලා ඉවර වෙලා තිබුණේ. ගෝඨා­භය මහතා ඇප බැඳලා ඉවර නිසා ආයේ ඒ ලාංජ­නය වෙනස් කරන්න බැහැ කියලා නීති­මය ප්‍රශ්න පැන නඟින්න පුළු­වන් බවට මැති­ව­රණ කොම­සා­රිස් කාර්යා­ල­යෙන් දැන්නුවා. ශ්‍රිල­නිප එය පිළි අර­ගෙන පොහො­ට්ටුව ලකු­ණින් මේ ජනා­ධි­පති මැති­ව­ර­ණ­යට සහය දෙන්නත් එයින් පසු එළැ­ඹෙන මැති­ව­රණ වලදී ‍පුටුව ලකු­ණින් දෙපා­ර්ශ්වය ම තරග කර­න්නත් අපි තීර­ණ­ය­කට එළැ­ඹුණා.

පසු­ගිය සතියේ පැවැ­ත්වුණ ජනා­ධි­පති අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ මංගල ජන රැලි­යට අති දැවැන්ත ජන­තා­වක් සහ­භාගි වුණා. බොහෝ පිරි­සක් කියන්නේ සජිත් ප්‍රේම­දාස මහතා ගෝඨා­භය මහ­තාට විශාල අභි‍යෝ­ග­යක් කියලා. ඔබ එයට එක­ඟද?‍

සෙනග ඒම අරු­මක් නොවෙයි. විශාල ජන­කා­යක් සහ­භාගි වුණා කියන එක අපිට අභි­යෝ­ග­ය­කුත් නොවෙයි; සාමා­න්‍ය­යෙන් දෙයක් . මැති­ව­රණ රැලි­ය­කට සෙනඟ ආවා කියලා මැති­ව­රණ ජය­ග්‍ර­හ­ණය එයින් තක්සේරු කරන්න බැහැ. අපි අග­නු­වර අපේ මංගල රැලිය පැවැ­ත්වුයේ නැහැ, නමුත් අපි විශාල සංඛ්‍යා­වක් ඒ සඳහා සහ­භාගි වුණා. සන්ස­න්ද­නය කරලා බලන විට සැල­කිය යුතු ජන­තා­වක් ඉන්නේ කාට ද කියලා ජන­තා­වට පේනවා. පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ­යක් නිසා එජා­ප­යට සෙනග එනවා; ඒක ඒත­රම් ප්‍රශ්න­යක් නොවෙයි. නමුත් ඒ සෙනග ආවා කියලා ජනතා මනා­පය එයින් තීන්දු කරන්න බැහැ. අද වෙන­කොට ජන­තාව ඉන්නේ කොත­නද කියලා අපි දන්නවා. එය අපිට ප්‍රශ්න­යක් නැහැ. රැස්වීම් අව­ලංගු කරපු අව­ස්ථා­ව­ලුත් තියෙ­නවා, සෙනග නැතිව ඒ අයගේ. බස් දාලා සෙනග ගේන්න පුළු­වන්. නමුත් ගෝඨා­භ­යගේ රැස්වී­ම්ව­ලට ජන­තාව බල­හ­ත්කා­ර­යෙන් ගෙන්නන්න ඕන නැහැ. සජිත්ට මහ­තාට වඩා ජන­තාව පෙළ ගැහෙන්නේ කොත­න­ටද කියලා ඡන්ද­යෙන පසුව දැන­ග­න්නට පුළු­වන්.

ඔබේ එසේ කිව්වට සුළු ජාතින්ගේ ඡන්ද සියල්ල හිමි වෙන්නේ සජිත් ප්‍රේම­දාස මහ­තාට කියලා මත­යක් තියෙ­නවා.?

මේපාර අති­ශ­යින්ම වෙනස්. වෙන පාර­ව­ල්ව­ලට වඩා විශාල ලෙස මිනි­සුන් වෙනස් වෙලා. ගෝඨා­භය රාජ­පක්ෂ මහතා‍ට දෙමළ මුස්ලිම් ඡන්ද හිමි­වෙන්නේ නැහැ කියලා ඇතැම් අය කිවුවට එහෙම දෙයක් නැහැ. සියලු ජාතින්ගේ කැමැත්ත තියෙ­නවා ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට. සිංහල බෞද්ධ ඡන්ද පම­ණ­ක් නොවෙයි, අනෙක් ජාතීන්ගේ ඡන්දත් එතුමාට ලැබෙනවා. මේ ආර්ථික අාගා­ධය මේ රටේ ආර­ක්ෂාව ගැන. හැම­කෙ­නා­ටම ප්‍රශ්න තිය­නවා; එයට ජාති භේද­යක් නැහැ. මම කියන්නේ නැහැ සිය­යට සිය­යක් ම ඒ අයගේ ඡන්ද තිය­නවා කියලා. මම නියෝ­ජ­නය කරන්නේ රත්න­පුර දිස්ත්‍රි­ක්කය. මම දන්නවා වතු ආශ්‍රිත ජන­තාව අද වෙනස් වෙලා ඉන්නවා.

ආර්ථික ප්‍රශ්න දරි­ද්‍ර­තාව, විරැ­කි­යාව වගේ ප්‍රශ්න­ව­ලින් ජන­තාව අද විශාල ලෙස පීඩා විඳි­නවා. බඩු මිල­වැ­ඩි­වෙලා මූලික අව­ශ්‍ය­තා­ව­න්වත් ඉටු­ක­ර­ගන්න බැරි තැනක ජන­තාව අද ඉන්නේ. ඒ නිසා ජන­තාව අද ‍ආණ්ඩුවේ වෙන­සක් බලා­පො­රො­ත්තු­වෙන් ඉන්නේ. මේ ආණ්ඩුව තිබු­ණොත් ‍මේ රටේ මූලික අව­ශ්‍ය­තා­ව­න්වත් සම්පූර්ණ කර­ගෙන ජීවත් වෙන්න අමා­රුයි කියල ජන­තාව තේරුම් අරන් තියෙන්නේ. එයට ජාති භේද­යක් නැහැ; ඒක මුස්ලිම් මිනි­හ­ටත් පොදුයි, සිංහල මිනි­හ­ටත් පොදුයි. ඒ තත්ත්වය නිසා ඒ අය­ගෙන් බහු­ත­ර­යක් ඉන්නේ අද කොත­නද කියලා ඉතා පැහැ­දි­ලියි. මම කියන්නේ නැහැ සිය­යට සියය ම කියලා, නමුත් සැල­කිය යුතු පිරි­සක් ඉන්නවා.

සිංහල දෙමළ මුස්ලිම් කියලා නැහැ; අද ව්‍යාපා­රි­ක­යන්ගේ ව්‍යාපාර බිඳ වැටිලා. ඒනිසා අද මේ රටේ ජන­තා­වට පොදුවේ ශ්‍රිලං­කි­ක­යන් ලෙස අද වෙන­සක් බලා­පො­රො­ත්තු­වෙන් ඉන්නේ. ගෝඨා­භය ආවො­තින් වෙන­සක් ඇති­වෙයි කියන තැනට මුස්ලිම් ව්‍යාපා­රික ප්‍රජාව පම­ණක් නොවෙයි සියලු ම ජනතා‍ව පෙළ­ගැ­සිලා ඉන්නවා.

මැති­ව­රණ ඉති­හා­සයේ අපි දැකපු දෙයක් තමයි මැති­ව­රණ ආසන්න වන ‍විට‍ දේ­ශ­පා­ලන ඩීල්, පිල්මාරු දක්නට ලැබෙ­නවා මෙව­රත් ඒ වගේ වෙයිද ?

ඔව් එහෙම තියෙ­නවා සම­හර අය ඒපැ­ත්තට යනවා මේ පැත්තට එනවා ඒක කව­දත් පොදු දෙයක්. ගිය සුමානේ එක්සත් ජාතික පක්ෂ­යට ගියා මේ සුමානේ යළිත් එනවා. ඒක සාමාන්‍ය දෙයක්.

ගෝඨා­භය ආවොත් මේ රටේ මිලි­ට­රි­ පා­ල­නයක් ඇති­වෙ­නවා කියලා ජන­තාව අතර මත­යක් තිය­නවා?

නැහැ එහෙම වෙන්නේ නැහැ. එය පද­නම් විර­හිත කතා­වක්. යුද හමුදා නිළ­ධා­රි­යෙක් වුණ බව ඇත්ත. නමුත් යුද හමු­දාවේ හිටියා කියලා යුද හමු­දාවේ කරපු දෙවල් දේශ­පා­ල­න­ඥ­යෙක් විදි­හට කරන්නේ නැහැ. ඒ දෙක දෙකක්. එය හොඳින් වටහා ගන්න පුළු­වන් නාය­ක­යෙක් තමයි ගෝඨ‍ා­භය මහතා. යුද හමු­දාවේ සිටි නාය­ක­යන් අද දේශ­පා­ල­නය කරද්දි ඒවගේ කරලා තියෙ­න­වාද කියලා අපි දැකලා තිය­නවා; එහෙම වෙන්නේ නැහැ. ජන­නා­ය­ක­යෙක් ලෙස ලෙස එතුමා හමු­දාවේ කට­යුතු කරපු නියෝග උප­දෙස් අනුව කට­යුතු කිරී­මක් එසේ වෙන්නේ නැහැ. නියෝග උප­දෙ­ස්ව­ලට වැඩ­ක­රන්නේ නැහැ, ජනා­ධි­ප­ති­ව­ර­යෙක් ලෙස. මේ සියල්ල කරන්නේ එතු­මාගේ චරිත ඝාත­නය කරන්න.

එජ­නිස හිටපු ඇතැම් ජ්‍යෙෂ්ඨ දේශ­පා­ල­න­ඥයෝ කළ­කි­රීලා පක්ෂය හැර ගිහින් තිය­නවා එයට හේතුව ජ්‍යෙෂ්ඨ­යන්ට පක්ෂය ඇතුළේ නිසි ඇගැ­යි­මක් සිදු නොවී­මද?

පක්ෂය ඇතුළේ වැඩ­ක­රපු අයට තන­තුරු නැති­වෙන්නේ නැහැ. ස‍ාමා­න්‍ය­යෙන් වැඩ­ක­රන ඇමැ­ති­ව­රුන්ට ඇගැ­යිම් තිබුණා, මම විදු­ලි­බල ඇමැ­ති­ව­රයා ලෙස ඉන්න කාලයේ දී බලා­ගාර තුනක් හැදුවා. අපිට එහෙම වැඩ­ක­රන්න අව­කාශ තිබුණා. හැම ගම­ක­ටම විදු­ලිය ලබා­දී­මට කට­යුතු කරන්න අව­කාශ ලැබුණා. වැඩ­ක­ළොත් පක්ෂය ඇතුළෙ ඇගැ­යි­මක් තිබුණා; වැඩ නොක­ළොත් නැහැ . ශ්‍රීල­නිප හිටපු සම­හර අය පක්ෂ­යෙන් නෙර­පුවා. එසේ අයින් වෙච්ච අය ගිහින් පොදු­ජන පෙර­මුණ හැදුවා. නමුත් මේ සියලු දෙනා ශ්‍රිල­නි­පයේ හිටපු අයම තමයි. නමුත් මේ අයට යම් යම් දේශ­පා­ලන වාසි සහ තන­තුරු නිසා ප්‍රශ්න ඇති­වෙන්න පුළු­වන්. ශ්‍රීල­නිප ඉදලා 16 දෙනෙක් පසු­ගිය කාලයේ ආවා. ඒකා­බද්ධ විප­ක්ෂයේ ඉන්නවා ඒ අයගේ ආසන සම්බ­න්ධ­යෙන් තීන්දු­වක් තවම අර­ගෙන නැහැ. නමුත් පක්ෂයේ අපි ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් කැප­වෙ­නවා.

රාජ­ප­ක්ෂ­ව­රුන් හැර වෙනත් විකල්ප නැද්ද කියලා ඇතැ­මුන් තර්ක කර­නවා. පවුල් වාද­යට එරෙ­හිව ඇතැ­මුන් පක්ෂය හැර­ගියා කිය­ලත් මත­යක් තිය­න­වාද?

එක‍්කෙ­නෙක් දෙන්නෙක් හැර පක්ෂය හැර ගිය කිසි­වෙක් නැහැ. ගෙදර යායුතු කාලයේ ගෙදර යන්න ඕන. බණ්ඩා­ර­නා­යක ආණ්ඩු­ව­ලින්, රාජ­පක්ෂ ආණ්ඩු­ව­ලින් ප්‍රයෝ­ජන අර­ගෙන දැන් මොන­වද මේ ඇතැම් අය කියන්නේ. සියල්ල ම ලබා ගෙනත් තව­මත් සෑහි­ම­කට පත්වෙන්නේ නැහැ. ඒවගේ අය සතුටු කරන්න කාලය වැය කරන්න පක්ෂයේ නාය­ක­ත්ව­යට අමා­රුයි.

මෙවර තරුණ ඡන්ද මිලි­ය­නක් පමණ විශාල ප්‍රමා­ණ­යක් මෙවර ජනා­ධි­පති මැති­ව­ර­ණ­යට වෙනු­වෙන් තම පළමු මනා­පය සනි­ටු­හන් කර­නවා. මේ තරුණ පිරිස් වෙනු­වෙන් ඒ අයගේ දේශ­පා­ලන දිශා­න­තිය පොදු ජන­පෙ­ර­මුණු අපේක්ෂ­කයා දෙසට යොමු­කර ගැනී­මට මොන­වගේ පිය­ව­රක් ද පක්ෂ­යක් විදි­හට අර­ගෙන තියෙන්නේ ?

අපි තරුණ කොටස් වෙනම සංවි­ධා­නය කරලා ඒ අය දැනු­වත් කිරීමේ වැඩ­පි­ළි­වෙ­ලක් ක්‍රියා­ත්මක කර තියෙ­නවා. මේ රටේ තරු­ණ­යන්ට ඉතා වැද­ගත් අධ්‍යා­පන ක්‍රම­වේ­ද­යක් මේ වන­විට සකස් කර තියෙ­නවා. එය ඉතාම වැද­ගත්. ඒ වගේම මේ තියෙන අධ්‍ය­පන ක්‍රමය තුළ විරු­කි­යාව ඇතුළු තරු­ණ‍ෙන්ගේ ප්‍රශ්න­ව­ලට විස­දුම් සෙවී­මට අප­හ­සුයි. තරු­ණ­යන්ගේ ගැටලු විස­දෙන අධ්‍යා­පන ක්‍රම­ය­කට අපි යායු­තුයි කියන දේ එතුමා ඉතා පැහැ­දි­ලි­වම කිය­නවා. පැරණි යල් පැන ගිය ක්‍රම‍ව­ලින් ලෝක­යට යන්න අමා­රුයි. නව නිපැ­යුම් වලට නව මුහු­ණු­ව­ර­කින් යෑමට නම් විද්‍යාව තාක්ෂ­ණය මගින් ඉදි­රි­යට යායු­තුයි.

Comments