තරුණ පරපුරේ සේවකයා වෙන්න සජිත් ලෑස්තියි | සිළුමිණ

තරුණ පරපුරේ සේවකයා වෙන්න සජිත් ලෑස්තියි

ගේ කතා­ව­ක දී අත්වැ­රැ­ද්ද­කින් මට කිය­වුණා ශ්‍රී මුඛය කියලා. මගේ අතින් සිදු වුණ ඒ අඩු­පා­ඩු­වට ගෞර­ව­නීය මහා සංඝ­ර­ත්න­යෙ­නුත් රටේ ජන­තා­ව­ගෙ­නුත් මා සමාව ඉල්ල­නවා. මම මගේ ඒ වැරැද්ද තේරුම් ගත්තා. නමුත් ඊට සමාව ගත යුත්තේ ලක්ෂ සංඛ්‍යාත ජන­තාව ඉදි­රියේ කියලා මා හිතුවා. මගෙන් වූ වර­ද­කට ලක්ෂ සංඛ්‍යාත ජන­තාව ළඟට ඇවිල්ලා සමාව ඉල්ලන්න මේ සජිත් ප්‍රේම­දාස පැකි­ළෙන්නේ නැහැ. දව­සින් දවස අපි ජනතා තීන්දුව කරා ළං වෙනවා. රටේ ජන­තා­වගේ බලා­පො­රො­ත්තුව පොදු ජන­තා­වගේ අනා­ග­ත­යද? එක පවු­ලක අනා­ග­ත­යද? කියලා තීර­ණය කරන්න වෙනවා. අද රට ඉල්ලන්නේ රට ගොඩ­න­ගන නාය­ක­ත්ව­යක්ද රට විනාශ මුඛය කරා ගෙන යන නාය­ක­ත්ව­යක්ද? පවු­ල්වා­දය, අන්ත­වා­දය, මිලි­ට­රි­වා­දය, ගෝත්‍රි­ක­වා­දය, කර­පින්නා ගත් නාය­ක­ත්ව­යක් අපේ රටට අවශ්‍ය නැහැ. මේ රටට වහ­ල්හි­මියෝ අවශ්‍ය නැහැ. මම ඔබට පොරොන්දු වෙනවා පොදු ජන හඬ දින­ව­නවා කියලා.සෞභාග්‍යමත් රටක්

මේ දශ­කය අපි අලු­තින් හිතන දශ­ක­යක් කරා ගෙනි­යන්න ඕනේ. ලෝකය සමඟ තරග කරලා අපේ දක්ෂ­කම් ඉස්මතු කරලා රට දින­වන්න ඕනේ. ලෝකයේ අංක එකට ශ්‍රී ලංකාව පත් කරන්න ඕනේ. නව­තා­ක්ෂ­ණය, නව­උ­ත්පා­ද­නය තුළින් දිනන රටක් අපි නිර්මා­ණය කර­නවා. මානව හිත­වාදි රටක්, නිද­හසේ හුස්ම ගන්න පුළු­වන් රටක්; නිෂ්පා­ද­නය කේන්ද්‍ර කර­ගත්, අප­න­යන පද­නම් කර­ගත්, නිෂ්පා­දන ආර්ථි­ක­යක් ඇති කරන රටක්; පොදු ජන­තාව සුඛිත මුදිත කරන රටක්; සැමට සෞභා­ග්‍යය උදා කරන රටක්; නිහඬ බහු­ත­ර­යට තැන දෙන රටක් අපි නිර්මා­ණය කර­නවා.

ඒ වගේම ධන­වත් නොවන; මහ­ස­යු­රත්, මහ­පො­ළො­වත් සමඟ සටන් කරන කම්ක­රු­වන් රාජ්‍ය සේව­ක­යන් දින­වන රටක් අපි හද­නවා.

අපේ රටේ, අපේ මාතෘ­භු­මියේ අනා­ග­තය තීර­ණය කරන්න ඕනේ වල­ව්වක් ඇතුළේ එක පවු­ලක් ගන්නා තීන්දු තීරණ මත නොවෙයි. ගම් නියම් ගම් පුරා වෙසෙ­මින් රට වෙනු­වෙන් දහ­ඩිය වපු­රන ජන­තාව, තරුණ පර­පුර කාන්තා පර­පුර වෙනු­වෙ­නුයි. මේ රටේ පය­ග­හලා ජීවත් වෙන පොදු ජන­තා­වයි රටේ අනා­ග­තය ගැන තීරණ ගන්න ඕනේ. වල­ව්වක් ඇතුළේ ඉන්න රද­ල­යන්ට ඒ අව­ස්ථාව දිය යුතු නැහැ.

රටේ මෙතෙක් කල් සිදු නොවුණු සංව­ර්ධන යුග­යක් ඇති වුණා. අපට අවශ්‍ය අපේ මාතෘ­භු­මිය අභි­මා­න­වත් සංව­ර්ධන දේශ­යක් බවට පත් කර­න්නයි. අපේ රටට අපේ­කම තියෙ­නවා. ගමේ­කම, නග­ර­යේ­කම තිබෙ­නවා. අපේ­කම රකින සංව­ර්ධිත රටක් නිර්මා­නය කරමු කියලා අපි ජන­තා­ව­ගෙන් ඉල්ල­නවා....

මේ රටේ තරුණ පර­පුරේ සේව­කයා වෙන්න සජිත් ප්‍රේම­දාස කැම­තියි. තරුණ පර­පුර මාරු­වෙන් මාරු­වට අප­හ­සු­තා­වට පත් වෙනවා. ඩිජි­ටල් තාක්ෂ­ණ­යෙන්, නව තාක්ෂ­ණ­යෙන් ශක්ති­මත් ඉදි­රි­යට යා හැකි තරුණ පර­පු­රක් බිහි කර­නවා.

අලුත් ගම­නක් යන තරුණ පර­පු­රක් ඇති කළ ආණ්ඩුව බවට අපේ ආණ්ඩුව පත් කර­නවා. තරුණ ප්‍රඥ­ප්ති­යක් අපි ඇති කර­නවා. අපි ඊට නෛතික ශක්ති­යක් ලබා දෙනවා. මේ රටේ තරුණ පර­පු­රට කිසි­වෙක් පස්සේ යන්න මේ අන­ප­නත් සම්මත වෙන කොට අවශ්‍ය වෙන්නේ නැහැ. තරුණ පර­පුර ශක්‍රිය කොට­ස්ක­රු­වන් බවට මේ නෛතික පද­න­මත් සමඟ ඇති වෙනවා. විරැ­කි­යා­වෙන් පෙළෙන තරුණ තරු­ණි­යන් වෙනු­වෙන් කර්මාන්ත පුර ඇති කර­නවා.

කාන්තා පර­පු­රට ඒ මාතෘ­ත්වය පූජ­නී­ය­ත්ව­යෙන් දේව­ත්ව­යෙන් ඒ තැන ලබා දෙනවා. විදේශ විනි­මය උපයා අපේ කාන්තා­වන් ලබා දෙන ශක්තිය අම­තක කරන්න බැහැ. අග්‍ර­වි­නි­ශ්ච­ය­කා­ර­ව­රි­යක්, අග­මැ­ති­ව­රි­යක් ජනා­ධි­ප­ති­ව­රි­යක් පත් වුණා. කාන්තා ප්‍රඥ­ප්ති­යක් නිර්මා­නය කරලා සමාජ ගිවි­සු­ම­කට එළැ­ඹිලා. කාන්තා­වට හිමි ආර්ථික, සමා­ජිය මානව අයි­ති­වා­සි­කම් ශක්තිය වගේම 24 පැයේම ආර­ක්ෂාව ලැබෙන තත්ත්වය අපේ නව රජ­යෙන් ඇති කර­නවා.

රටට බත සප­යන ගොවි ජන­තාව වෙනු­වෙන් ගොවි ප්‍රඥ­ප්ති­යක් හද­නවා. ගොවි ජන­තාව වෙනු­වෙන් එදා වේල පොරොන්දු දෙන්නේ නැහැ. මේ රටේ ගොවි පර­පුර වෙනු­වෙන් ජනා­ධි­පති කාර්ය සාධක බළ­කා­යක් හදලා. ගොවි­යාට ලබා දෙන හැම සහ­න­යක්ම ලබා දීලා ගොවි පර­පුරේ නිශ්පා­ද­න­යට සහ­තික මිල­කුත් ලබා දෙන්න කට­යුතු කර­නවා.

ධිවර ජන­තාව වෙනු­වෙන් ධිවර ප්‍රඥ­ප්ති­යක් හද­නවා. වැඩ කරන ජන­තාව වෙනු­වෙන් ඔවුන්ට අග­ති­යක් නොවන ආකා­ර­යට අපි කට­යුතු කර­නවා. පොදු ජන­තාව වෙනු­වෙන් සැබෑ කම්කරු ප්‍රඥ­ප්ති­යක් හද­නවා.

ජාතික ආර­ක්ෂාව කියන ප්‍රශ්නය හැම­ටම තියෙ­නවා. ජාතික ආර­ක්ෂාව තහ­වුරු කරන්න එහි වග­කීම දෙන්න ඕනේ සෝබ­න­කා­ර­යන්ට නොව ඇස් දෙක­ටම යුද්ධය ජය­ග්‍ර­හ­ණය කරන්න කැප වුණු ඒ නාය­ක­යා­ටයි. ඒ නිසා ජාතික ආර­ක්ෂාවේ ඉහ­ළම වග­කීම සරත් ෆොන්සේ­කාට බාර දෙනවා. සරත් ෆොන්සේකා මැති­තුමා කාඩ්බෝඩ් වීර­යෙක් නොවෙයි; එතුමා රට දින­වපු, ත්‍රස්ත­වා­දය නිමා කරපු මහ­පො­ළොවේ සැබෑ වීර­යෙක්... සරත් ෆොන්සේකා මැති­තුමා ඉෂ්ට කළ සේව­යට; මහින්ද රාජ­පක්ෂ ආණ්ඩුව සැල­කුවේ සරත් ෆොන්සේ­කාට ජම්පර් අන්ද­ලයි. මම මේ රටේ දේශ­පා­ල­න­ඥයෝ කාට­වත් ජම්පර් අන්දන්නේ නැහැ. එය කරන්නේ අධි­ක­ර­ණය මගි­නුයි.

නූතන ත්‍රස්ත­වා­දය මුලි­න්උ­පුටා දම­න්නට අවශ්‍ය ආකා­ර­යට අපි කට­යුතු කර­නවා. මොනම ආකා­ර­ය­ක­වත් ත්‍රස්ත­වා­ද­යක් ඇති වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. සරත් ෆොන්සේකා මැති­තු­මාට කුඩු ජාවා­ර­ම්කා­ර­ය­න්ගෙන් රට නිද­හස් කර­ගැ­නීමේ වග­කී­මත් තියෙ­නවා.

මම මිනිස්සු මර­න­වාට අකැ­මැති පුද්ග­ල­යෙක්. ඊසි කෑෂ් ක්‍රමය හරහා පාසල් දරු­වන්ව මේ ව්‍යස­න­යට ගොදුරු කර ගන්න පුද්ග­ලයෝ හිරේට ගියාට පස්සේ ඔවුන්ට උප­රිම දඬු­වම් ක්‍රියා­ත්මක කරන්න මම පැකි­ළෙන්නේ නැහැ.

ජනතාව වෙනුවෙන් කැපවුණු රාජ්‍ය සේවයක්

ජන­තා­වට අධික බදු බරක් තිබෙ­නවා. අනා­ග­තයේ මේ රට ගොඩ නගද්දි ප්‍රවී­ණ­යන්ට විශේ­ෂ­ඥ­යන්ට අපි ඒ වග­කීම පව­ර­නවා. මේ රටේ ආර්ථික මර්ම­ස්ථාන කළ­ම­නා­ක­ර­ණය කරන තැන්ව­ලට දේශ­පා­ලන පත්වීම නොව හැකි­යා­වට තන­තුරු දෙන තත්ත්වය ඇති කර­නවා. මේ ප්‍රවී­න­යන්ගේ දක්ෂතා කුස­ලතා මත නව ආර්ථික ක්‍රම­වේ­ද­යක් ඇති වෙනවා.

සමෘද්ධි ව්‍යාප­රය අපි තව­දු­ර­ටත් ශක්ති­මත් කර­නවා. ඊට අම­ත­රව දුගී දුප්පත් ජන­තා­වට දුප්ප­ත්ක­මින් මිදෙ­න්නට මිදිය හැකි පසු­බි­මක් අපි ඇති කර­නවා. අලුත් ගම­නක්, අලුත් දර්ශ­න­යක්, අලුත් චින­ත්න­යක්, අලුත් නාය­කත්ව පර­පු­රක් එක්කයි අපි ඉදි­රි­යට යන්නේ.

අනා­ගත රජයේ සාමා­ජි­ක­යන් පඩි ලබන පුද්ග­ල­යින් හැටි­යට නොව ජන­තාව වෙනු­වෙන් කැප වෙන දුක් විදින සේව­ක­යන් ලෙස ජන­තාව පතු­ලට ගොස් සේවය කරන කණ්ඩා­ය­මක් ලෙසයි කට­යුතු කරන්නේ.

මම ලොව්තුරා බුදු­ර­ජා­ණන් වහන්සේ දේශනා කළ දස­රාජ ධර්ම­යන් අනුව රට පාල­නය කරන්න කට­යුතු කර­නවා. ශිෂ්ට සම්පන්න ඒකී­ය­භා­වය සුරැ­කෙන ජාතික ආර­ක්ෂාව රැකෙන නව ශ්‍රී ලංකා­වක් අපි නිර්මා­ණය කර­නවා.

...රටට අවශ්‍ය භීති­යද - සතු­ට­ටද? රටට අවශ්‍ය අව­නී­ති­යද - නීති­යද? රටට අවශ්‍ය හිංසා­වා­දි­ත්වය - අවි­හිං­සා­වා­දී­ත්ව­යද? රටට අවශ්‍ය අයු­ක්ති­යද - යුක්ති­යද? රටට අවශ්‍ය පිඩා­වද - නිද­හ­සද? රටට අවශ්‍ය පවුල් සංව­ර්ධ­න­යද - රට සංව­ර්ධ­න­යද? කියලා ප්‍රශ්න කරන්න ජන­තා­වට කාලය ඇවිල්ලා තියෙන්නේ.

ජනා­ධි­පති ජය­ග්‍ර­හ­ණ­යෙන් පසු ශක්ති සම්පන්න තේජස් නාය­ක­ත්ව­යක් ලබා දෙන්න මම ලැහැ­ස්තියි. විරු­ද්ධ­වා­දි­යාට අපේ­ක්ෂ­ක­ත්වය ලැබුණේ පිගානේ තියලා. මට එය ලැබුනේ මගේ තේජ­ස්ක­මින් දුක්ක­ම්ක­ටොලු මැදින් ගිය ගම­න­කට පසු­වයි. එම නිසා අපේම තේජ­වන්ත ශක්ති­මත් ශ්‍රීලං­කා­වක් හදන්න ශක්තිය දෙන්න කියලා ඉල්ලා සිටි­නවා.”

 

Comments