ග්‍රාමීය ආර්ථි­කය නගා සිටු­වීමේ ප්‍රධාන මාර්ගය වෙන්නෙ කෘෂි­ක­ර්මය දියුණු කිරී­මයි | සිළුමිණ

ග්‍රාමීය ආර්ථි­කය නගා සිටු­වීමේ ප්‍රධාන මාර්ගය වෙන්නෙ කෘෂි­ක­ර්මය දියුණු කිරී­මයි

“අසූ දෙකේ ජනා­ධි­ප­ති­ව­ර­ණෙදි මෙතැන රැස්වී­මක් තිබුණා. මමත් පොඩි කාලෙදි ඒ රැස්වීම බලන්න ආවා. ඒ රැස්වීමෙ මුල­සුනේ හිටියෙ අපේ ඉස්කෝලෙ සෞඛ්‍ය ගුරු­තුමා වුණු පෙරේරා සර්. ඔහු අදත් මේ වේදි­කාවෙ ඉන්වා. ඒ වගේම මේ වේදි­කාවේ සිටිය යුතු තවත් බොහෝ දෙනෙක් අද දකින්න නැහැ. අපේ පර­ම්ප­රාව මුහුණ දුන්නු ඛේද­වා­ච­ක­යන් හමුවේ ඔවුන් අපිව අත්හැර ගිහින් තිබෙ­නවා. යාල්දේවී දුම්රියේ පිපි­රී­මත් එක්ක මගේ පන්ති­යට ඉහළ පන්තියේ හිටපු සහෝ­ද­ර­යෙක්ගෙ සිරුර පළ­වෙනි මළ සිරුර විදි­හට අපේ ගමට ආවා. එතැන සිට බොහෝ පිරි­සක් අපිව අත­හැ­රල ගියා.

අපි ඔබ ඉදි­රි­යට ඇවිත් ඉන්නේ අද ජීවත් වෙන කිසි­වෙ­කුට එවැනි අනි­යත මර­ණ­යක් උරුම නොවිය යුතුයි කියන අර­මුණ ඇති­වයි. ඒ වගේම මේ රටේ හැම කෙනෙ­ක්ටම ආර්ථික සමෘ­ද්ධි­යත්, නිද­හ­සත්, විමු­ක්ති­යත් ළඟා කර දීමේ අර­මුණ ඇති­වයි.

අපි ඒක පටන් ගන්නෙ කොතැ­නින්ද? දේශ­පා­ල­නයේ විවිධ නාය­ක­යන් එන්න පුළු­වන්. විවිධ අය විවිධ කතා කියන්න පුළු­වන්. විවිධ ප්‍රති­පත්ති ඉදි­රි­පත් කරන්න පුළු­වන්. ඒ හැම දේටම කලින් මේ රට හද­න්න­නම් හොර­කම නරත කරන්න ඕනෙ. කාටද හොර­කම නතර කරන්න පුළු­වන්. ඒක කරන්න පුළු­වන් අපිට විත­රයි. අපි ඒක භාවි­තා­වෙන් ඔප්පු කර තියෙ­නවා. මේ වේදි­කාවෙ ඉන්න කවු­රුත් මහ­ජ­න­යගෙ සත­යක් හොර­කම් කර නැහැ. ...අපි ආණ්ඩුව ගත්තට පස්සෙ මාස දෙකක් ප්‍රකා­ශ­යට පත් කර­නවා. ඒ මාස දෙක ඇතුළෙ තමන් හොර­කම් කරපු දේපොළ බාර දෙන්න අව­ස්ථා­වක් දෙනවා. ඒ වෙන­කොට බාර දුන්නෙ නැත්නම්, සහ­තික වශ­යෙන්ම ඒ දේපොළ පවරා ගන්නවා.

දෙවෙනි එක තමයි, අපි පාල­ක­යන්ගෙ නාස්තිය අඩු කර­නවා. ජනා­ධි­ප­ති­ව­ර­යෙක් නඩත්තු කරන්න මොන තරම් විය­ද­මක් කර­න­වද? ජන­තාව මොන තරම් ප්‍රශ්න එක්කද ජීවත් වෙන්නෙ? ඒත් ජනා­ධි­ප­ති­ව­ර­යාට රට පුරාම මාළිගා. මොක­ටද මේ මාළිගා?...ඒ නිසා අපි මේ රට ගොඩ­න­ගන්න පටන් ගන්නෙ මුදු­ණෙන්.

ඊළ­ඟට රාජ්‍ය ආය­තන ගොඩ නගන්න ඕනෙ. ඥාති හිත­ව­තු­න්ගෙන් රාජ්‍ය ආය­තන පුර­වන එක, දේශ­පා­ලන හිත­ව­තු­න්ගෙන් රාජ්‍ය ආය­තන පුර­වන එක නතර කර­නවා. මුළු සමෘ­ද්ධි­ය­ටම රුපි­යල් කෝටි 1900 යන­කොට එයාර් ලංකා එකට විත­රක් අවු­රු­ද්ද­කට රුපි­යල් කෝටි 4000ක් විය­දම් කරන්න වෙන්නෙ ඒ නිසා. ඒ නාස්තිය වෙනු­වට අපි රාජ්‍ය ආය­තන ප්‍රති­සං­වි­ධා­නය කර­නවා. ඒක අපට කරන්න පුළු­වන්.

අපි මිල්කෝ ආය­ත­නය ගනිද්දි රුපි­යල් මිලි­යන පන­හක බැංකු අයි­රා­වක් තිබුණා. ඒත් අපි එළි­යට යන­කොට මාස දහ හත­රක් ඇතු­ළත රුපි­යල් මිලි­යන දෙසී­යක ස්ථාවර තැන්ප­තු­වක් හදන්න පුළු­වන් වුණා. කිරි ගොවි­යන්ට අපි බෝනස් එක­කුත් දුන්නා. ඒත් දැන් නැව­තත් ගොවි­යන්ට විකු­ණපු කිරි­ව­ලට මුදල් ගෙවා ගන්න බැරි තත්ත්ව­ය­කට පත් වෙලා.

අද අපි මුහුණ දීල තියෙන ප්‍රධා­නම ගැට­ලු­වක් තමයි ග්‍රාමීය දුප්ප­ත්කම. මෙතන ඉන්න­වද කවු­රු­හරි, කොතෙ­න්ට­වත් ණය නැති කෙනෙක්? බැංකු­ව­ලට ණයයි. ගමේ පොලී මුද­ලා­ලිට ණයයි. වී කඩේට ණයයි. බඩු ගන්න කඩේට ණයයි. ක්ෂුද්‍ර මූල්‍ය ආය­ත­න­ව­ලට ණයයි. ඒ විත­රක් නෙමෙයි, ගමේ මර­ණා­ධාර සමි­ති­ය­ටත් ණයයි. අපි අපේ පාල­න­යක් ඇතුළෙ, ගමේ තියෙන ඒ දුප්ප­ත්භා­වය නැති කරන්න ප්‍රමුඛ සැල­ස්මක් ක්‍රියා­ත්මක කර­නවා. මේක වැව් බැඳ රාජ්‍යය. වැව් තිස් දෙදා­හක් තිබුණා. ඒකෙන් අද ඉතිරි වෙලා තියෙන්නෙ වැව් දා හතර දාහයි. ඒකෙ­නුත් වැව් දොළොස් දාහක් අභා­ව­යට යමින් තියෙ­නවා. කන්න තුනක් වගා කරන්න පුළු­වන් කියල තියෙන වැව් ටිකත් විනාශ කරල, අද වෙන­කොට එක කන්න­ය­ක්වත් හරි­යට වගා කර ගන්න බැරි වෙලා තියෙ­නවා.රට මැද ඉඳල ගලන ගංගා එක­සිය තුනක් තියනෙ, මෝසම් දෙකක වර්ෂා­ප­ත­න­යක් තියෙන රටක වැව් බැඳ රාජ්‍යයේ අපි කව­දා­වත් හිතු­වද සල්ලි­ව­ලට වතුර බොන්න වෙයි කියල? බඹ­යක් පොළව කප­න­කොට අඩි තුනක් වතුර පිරුණ පළා­තක් මේක. අද මොකද වෙලා තියෙන්නෙ? බොන්න වතුර ටික ගේන්න කඩ­වල් ගානෙ යන්න වෙලා. වගා කරන්න වතුර ටික නැතුව, බොන්න වතුර ටික නැතුව බලන් ඉන්න එක වෙනු­වට මේ ජන­තා­වට ගැට­ලු­වක් නැතුව වතුර ටික ලබා දෙන වැඩ­පි­ළි­වෙ­ළක් අපි ක්‍රියා­ත්මක කර­නවා.

ඒ විත­රක් නෙමෙයි, අනෙක් සිය­ලුම නිෂ්පා­ද­න­වල මිල නිෂ්පා­ද­ක­යන් විසින් තීර­ණයකරද්දි; කෘෂි­කා­ර්මික නිෂ්පා­ද­න­වල මිල විත­රක් වෙළෙන්දා විසින් තීර­ණය කරන තත්ත්ව­යක් අද තියෙන්නෙ. ඒ වෙනු­වට නිෂ්පාද අලෙවි කිරීමේ බල­යත්, මිල කේවල් කිරීමේ බල­යත් ගොවියා අතට පත් කිරීමේ සැලැ­ස්මක් අපි හද­නවා.”

Comments