වීසා සීමා කෙරෙන ඇමරිකා - චීන වෙළද යුද්ධය | සිළුමිණ

වීසා සීමා කෙරෙන ඇමරිකා - චීන වෙළද යුද්ධය

චීනයේ  ෂින්ජියැං පළාතේ වෙසෙන උයිගුර් මුස්ලිම් ජාතිකයන් විශාල ප්‍රමාණයක් කදවුරු වල රදවාගෙන තැබීම තුළින් ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරන බවට ඇමරිකාව චෝදනා කරයි.
 
ඊට විරෝධය පළකිරීමට පසුගිය සදුදා චීන සමාගම් විසි අටක් අසාදුලේඛන ගතකිරීමටද ඇමරිකාව කටයුතු කරන බවයි විදෙස් වාර්තා සදහන් කලේ.
 
චීනය උයිගුර් ජාතිකයන්ව යටපත් කිරීමට දරන උත්සාහයට විරුද්ධ වීමක් ලෙස චීන වීසා සීමා කිරීමට සූදානම් වන බව ඇමරිකාව පවසයි.
 
 මෙම වීසා සීමා කිරීම චීන නිලධාරීන්ට, කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල අයවළුන් සදහා බලපවත්වනු ඇති.
 
මුස්ලිම් සුලුතර ජනවර්ග පීඩාවට පත්කරන බවට ඇමරිකානු රාජ්‍ය ලේඛම් මයික් පොම්පේයෝ විසින් නගන චෝදනා චීනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි ද සදහන්.
 
ඇමරිකාව හා චීනය අතර දැනට වෙළද යුද්ධයක් පවතින අතර මෙම නොසන්සුන්තාවය වැලැක්වීමට චීන දූතයන් පිරිසක් වොෂින්ටනයට යවා ඇත.
 
 
 

Comments