හද­ව­තට සුව­දායී ජීවන රටා­ව­කට හුරු කිරී­මට ෆ්ලෝරා පෙර­මුණ ගනී | සිළුමිණ

හද­ව­තට සුව­දායී ජීවන රටා­ව­කට හුරු කිරී­මට ෆ්ලෝරා පෙර­මුණ ගනී

හද­ව­තට සුව­දායී ජීවන රටා­ව­කට සියලු ශ්‍රී ලාංකි­ක­යන් හුරු කිරීම සඳහා වන සිය දැක්ම අනුව යමින් ෆ්ලෝරා, 'Joyful Healthism' උ‍ලෙළ රාජ­කීය විද්‍යා­ල­යීය මාස් අංගණ­යේදී පැවැ­ත්වීය. සියලු වයස් කාණ්ඩ­ව­ලට අයත් පිරිස් අතර සෞඛ්‍ය­ස­ම්පන්න පුරු­දු­වල වෙන­සක් ඇති කිරීම සඳහා ෆ්ලෝරා දක්වන කැප වීම එම උලෙ­ළෙන් තව­දු­ර­ටත් පිළි­බිඹු වෙයි.

"අප ජීවත් වන්නේ බෝ නොවන හෘද රෝග ශීඝ්‍ර­යෙන් වර්ධ­නය වෙමින් පව­තින යුග­ය­කයි. සෞඛ්‍ය­ස­ම්පන්න ආහාර වේලක් සහ ක්‍රියා­ශීලි ජීවන රටා­වක් සම­ගින් හෘද රෝග ඇති වීම දැඩි ලෙස පාල­නය කළ හැකියි. තම ආහාර පුරු­දු­වල කැපී­පෙ­නෙන වෙන­සක් ඇති කර ගනි­මින් යෝගා, සුම්බා හෝ එවැනි ශරී­ර­යට හිත­කර ක්‍රියා­කා­ර­ක­ම්වල නියැ­ළෙන ලෙස අප සියලු ශ්‍රී ලාංකි­ක­යන් දිරි­මත් කිරී­මට පෙර­මුණ ගෙන සිටි­නවා. මෙම උළෙල, ශ්‍රී ලාංකි­ක­යන්ගේ ජීවන රටාවේ වෙන­සක් ඇති කිරීම සඳහා අප දක්වන උත්සා­හයේ තවත් එක් අදි­ය­රක් ලෙස හඳුන්වා දිය හැකියි," යනු­වෙන් ෆ්ලෝරා අලෙවි කළ­ම­නා­කාර ෂෙහානි ලිය­නගේ මහ­ත්මිය සඳ­හන් කළාය.

උදෑ­සන යෝගා, ශරීර සුවතා සහ සුම්බා සැසි රැස­කින් ආරම්භ වූ එම උලෙළ සාක­ච්ඡා­ව­කින් ද සම­න්විත විය. Spinners Healthy Café අධි­පති යසස් හේවගේ මහතා විසින් මෙහෙ­ය­වන ලද මෙම මණ්ඩල සාක­ච්ඡාව සඳහා යෝගා උප­දේ­ශිකා රේඛා ක්‍රිෂ්ණ­මූර්ති මහ­ත්මිය සහ "Tass Fitness" ආය­ත­නයේ කීර්ති­මත් සෞඛ්‍ය උප­දේ­ශ­ක­යෙකු වන තනුර අබේ­ව­ර්ධන මහතා ද සහ­භාගී වූහ.

හෘදය රෝග වළ­ක්වා­ගැ­නීම සඳහා සෞඛ්‍ය­යට හිත­කර ආහාර ලබා ගැනීමේ වැද­ග­ත්ක­මත්, එම ප්‍රය­ත්නය සඳහා ඔමේගා 3 සහ ඔමේගා 6 වෙතින් හිමි වන දාය­ක­ත්ව­යත් මෙහිදී විශේ­ෂ­යෙන් සාක­ච්ඡා­වට ලක් කෙරිණි.

Comments