සෙලාන් බැංකුව LankaClear සමඟ අත්වැල් බැඳ­ග­නියි | Page 2 | සිළුමිණ

සෙලාන් බැංකුව LankaClear සමඟ අත්වැල් බැඳ­ග­නියි

සෙලාන් බැංකුව පසු­ගි­යදා National Card Scheme (NCS) සේවා­වන් සප­යන LankaClear සමා­ගම සමග විශේෂ ගිවි­සු­ම­කට අත්සන් තැබීය. එම­ගින් ගනු­දෙ­නු­ක­රු­වන්ට දිව­යින පුරා අලෙ­වි­සැ­ල්ව­ලදී LankaPay සහ Japan Credit Bureau (JCB) සන්නාම සහිත කාඩ්පත් මගින් ගෙවීම් සිදු­කි­රීමේ අව­ස්ථාව හිමි වේ.

මෙරට ජන­ප්‍රි­යම ස්වර්ණා­භ­රණ සමා­ග­මක් වන ස්වර්ණ­ම­හල් ජුව­ලර්ස්, මෙම ක්‍රමය යටතේ සෙලාන් බැංකුව වෙනු­වෙන් ගෙවීම් භාර­ගන්නා ප්‍රථම සමා­ගම බවට පත්විය. ඉදි­රි­යේදී ගනු­දෙ­නු­ක­රු­වන්ට වැඩි පහ­සු­වක් සැල­සීම සඳහා දේශීය බැංකු මගින් නිකුත් කරන ලද, LankaPay සහ Japan Credit Bureau (JCB) සන්නාම දෙකම සඳ­හන් කාඩ්පත් මගින් මෙන්ම ජාත්‍ය­න්තර JCB කාඩ්පත් මගින් සිදු­ක­රන ගෙවීම් භාර­ගැ­නී­මට හැකි­වන පරිදි සිය POS සහ mPOS ජාලය පුළුල් කිරී­මට සෙලාන් බැංකුව අපේක්ෂා කරයි.

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව මේ වන­විට නවී­න­තම තාක්ෂ­ණ­යන් භාවි­ත­යට ගනි­මින්, ගනු­දෙ­නු­ක­රු­වන්ට මුදල් භාවි­ත­යෙන් තොරව, සුර­ක්ෂිත ලෙස ගනු­දෙනු කිරීම සඳහා නව ක්‍රම­වේද හඳු­න්වා­දෙ­මින් සිටී. එහි තවත් පිය­ව­රක් වන මෙම සේවා­වේදී භාවිතා වන NCS කාඞ්පත්, චිප් එකක් පද­නම් කර­ගත් EMV ක්‍රම­වේ­ද­යක් මගින් සුර­ක්ෂිත වන නිසා කාඩ්පත් සම්බන්ධ වංචා­වල ගොදු­රක් බවට පත්වීමේ ඉඩ­කඩ ඉතා­මත් අවම ය.

 

Comments