මුළු රටම දෙවනත් කරමින් විවිධ වෘත්තිකයන් විවිධ ඉල්ලීම් විවිධ සටන් පාඨ මුල් කරගනිමින් වැඩවර්ජන රැල්ලක් ආරම්භ කර ඇත. මෙවර එහි පවතින විශේෂත්වය නම් වෙන කවරදාටත් වඩා සංවිධානාත්මක ස්වභාවයක් දැකගන්නට ලැබීමයි. එක් පැත්තකින් එම වැඩවර්ජන අවස්ථානුකූල නොවේ. විසඳුම් ලබා දී තිබියදීත් අඛණ්ඩව වැඩවර්ජන ක්‍රියාත්මක වේ. මෙවර තරම් මහජතාව බිල්ලට ගත් කිසිදු අවස්ථාවක් ඉතිහාසගත වී නැත. ප්‍රධානම පැතිකඩ වන්නේ මෙවර ක්‍රියාත්මක වර්ජන රැල්ල මහජනතාව විසින්ම ඉතා පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කර තිබීමයි.
එම වර්ජන රැල්ල තුළ සෞඛ්‍ය සේවයට අදාළ වෘත්තීය සමිති කිහිපයක්ම, කිහිප විටෙකම ශ්‍රී ලංකාවේ සංවේදීම නිලය වන සෞඛ්‍ය ක්ෂේත්රයට අභියෝග කළේය. එම ක්‍රියාව සහමුලින්ම අමානුෂික ක්‍රියාමාර්ගයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය තරයේ හෙළා දකියි. සම්මත අන්තර්ජාතික සෞඛ්‍ය දර්ශක ඉලක්ක සපුරාගනිමින් ඉතා සාධනීයව ක්‍රියාත්මක වන මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රවර්ධනය අඩාළ කිරීම සඳහා එම වෘත්තීය අරගල ඉලක්ක වී ඇත. දේශපාලන හස්තයකින් මෙහෙයවන එවන් ව්‍යාපෘතියක් මඟින් මහජනතාව මුළා කිරීමට උත්සහ කරමින්, අතිඅමානුෂික ආකාරයෙන් මහජන ජීවිත බිල්ලට ගෙන තිබේ.
ඖෂධ මාෆියාව විසින් 100%ක්ම නිදහස් සෞඛ්‍ය සේවා ලබා දෙන අප රට දැවැන්ත අවදානමකට ඇද දමමින් සිටියි. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ පරිපාලන ක්‍රමවේදය මඟින් පසුගිය වසර 4ක කාලය තුළ ඖෂධ මාෆියාව සුනු විසුනු කොට නිදහස් සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට යොමු වුණු විප්ලවීය පියවරම, පෙරළා එම ඖෂධ මාෆියාව සංවිධානගත කිරීමට තරම් ඔවුන්ට අභියෝගයක් වී ඇත.
පසුගිය වසර 4ක කාලය තුළ මෙරට සෞඛ්‍ය සේවය ලබා ඇති ජයග්‍රහණ සංඛ්‍යාව ප්‍රමාණාත්මකව 100 පසු කරයි. එම සංඛ්‍යාව නිදහසින් පසු මෙරට බිහි වූ සියලු රජයන් විසින් සෞඛ්‍ය වෙනුවෙන් සිදු කළ කාර්යභාරයේ එකතුවටත් වඩා වැඩි යයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.
වඩාත් ප්‍රචලිත වී ඇත්තේ අන්තර්ජාතික ඖෂධ මාෆියාව විසින් මෙහෙයවන අතළොස්සකගේ මාධ්‍ය සංදර්ශනය පමණකි. පහත දැක්වෙන්නේ ඊට එක් උදාහරණයක් පමණි.
6/2006 චක්‍රලේඛය අනුව ක්‍රියාත්මක වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි වීමේ හා උසස් වීමේ ක්‍රමවේදය ඉල්ලා සිටිනු ලැබූයේද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා විසිනි.
2014 දක්වාම එම චක්‍රලේඛය අගය කළ එම සංගමය එක් වරම 2014 වසරේ සිට නැවත එම චක්‍රලේඛයද විවේචනය කිරීම ආරම්භ කරයි. ඔවුන්ම වර්ජන මඟින් රෝගීන් අපහසුතාවට පත් කරමින් දිනාගත් ඉල්ලීම් එපා කියමින් නැවත ඒවාම වෙනස් කිරීමට උත්සාහ ගනිමින් වර්ජනය කරයි. මීළඟ වර්ජනය ඔවුන් එලෙස කරන අවසන් වර්ජනය යැයි සහතික කළ හැකිද?
එම ඉල්ලීම සදහා වර්ජන ක්‍රියාත්මක වද්දී අපහසුතාවට පත් වූ රෝගීන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද? බලයට පත් වන රජයේ පක්ෂය හෝ ඇමතිවරයා අනුව වෘත්තීය සමිතියක අරගලය වෙනස් විය හැකිද?
වෛද්‍යවරුන් පළමු ශ්‍රේණියට උසස් වීමේ කාල සීමාව, වෛද්‍යවරුන්ගේ සීමාවාසික කාල සීමාව ආදී සියල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනවලින් ඉල්ලාගත් පහසුකම්ය. නමුත් ඒ ඉල්ලීම් දිනාගෙන ඉතා කෙටි කලෙකින්ම නැවත ඒවාද වෙනස් කරගැනීම සඳහා වර්ජනමාලාවක් දියත් කරමින් ඇත. සරලවම කිවහොත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කිහිපදෙනෙකුගේ දේශපාලන හෙළුව වසා ගැනීමේ අරමුණෙන්, එක් පැත්තකින් මහජනතාවට හොද මුහුණ පෙන්වා, අනෙක් පැත්තෙන් රෝගී ජීවිත ඉලක්ක කර ඔවුන්ගේම යෝජනාවලියක් වෙනස් කරගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයට දත නියවමින් ඇත.
අද ශ්‍රී ලංකාවේ පවතින සෞඛ්‍ය සේවාව හා සමාන නිදහස් සේවාවක්, ප්‍රමිතිය සහතික කරන සේවාවක්, සෞඛ්‍යාරක්ෂාව සලසන සේවාවක් පවතින වෙනත් රටක් හැකි නම් යෝජනා කරන්නැයි අහිංසක රෝගීන් බරපතළ ලෙස ජීවිතාවදානමට ලක් කරන අතළොස්සක් වන රූකඩ වෘත්තිකයන්ගෙන් අපි ප්‍රශ්න කර සිටින්නෙමු.
අත්‍යවශ්‍ය ඖෂධ නාම 73ක මිල අඩු කිරීමෙන් මේ වන විට ඖෂධ වෙළෙද නාම 1000කට අධික සංඛ්‍යාවක වෙළෙදපොළ මිල සැලකිය යුතු අඩුවීමක් සිදුව ඇත. ඖෂධ ආනයනය සදහා වාර්ෂිකව වැයවන රුපියල් බිලියන 40ක අධික මුදල ඉතිරි කරගැනීම සදහා මෙරට ඖෂධ නිෂ්පාදනාගාර ඇරඹීමට, ලොව ප්‍රමුඛතම ඖෂධ නිෂ්පාදකයන් සමඟ කටයුතු අරඹා ඇත. තවමත් රෝගීන් වෙනුවෙන් ඖෂධ නාමයන් භාවිත නොකර විදෙස් ඒජන්තවරුන්ගේ අතකොලු ලෙස ක්‍රියා කරන ඇතැමුන් වෙළෙද නාමයන් ප්‍රතිකාර තුණ්ඩුවල ලියා ඒ බෙහෙත් රෝහල්වල නැතැයි කියා වර්ජනය කරති. අදාළ වෛද්‍යවරුන් ඖෂධ හිඟ බව පවසන්නේ ඒ රෝගියා වෙත පළ කරන කරුණාව නිසා නොව ඖෂධ සමාගම් වලින් ඔවුන්ට ලැබෙන කොමිස් කුට්ටිවලට තණ්හාවෙන් නිසා බව මේ වන විට බොහෝ වෛද්‍යවරුන් වටහාගෙන ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කිහිප දෙනෙකු හැරුණු විට 95%ක්ම වෛද්‍යවරුන් මේ වන විට සිටින්නේ වර්ජන ක්‍රියාදාමය පිලිකුල් කරමිනි.
සෞඛ්‍ය, පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යංශය ඖෂධ පමණක් නොව වෛද්‍ය සභාව, ඖෂධ නියාමන කොමිසන් සභාව, රෝහල් පරිපාලනය, පුහුණු කිරීම්, ඉගැන්වීම්, පත් කිරීම්, මාරු කිරීම් පමණක් නොව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ධුරයේ සිට පහළට සියලු ප්‍රධාන දෙපාර්තමේන්තු පාලනය කරනු ලබන්නේද වෛද්‍යවරුන් විසිනි. එවන් පසුබිමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන ඖෂධ මාෆියාවේ අතකොලු කීපය නිරන්තරයෙන් වෛද්‍ය වැඩවර්ජන ක්‍රියාත්මක කරන්නේ කාගේ උවමනාව ඉටු කිරීමටදැයි සොයා බැලීම වටී. තම සහෝදර වෛද්‍යවරුන්ට ඔවුන්ගේ ගැටලුව පෙන්වා දුන්නේ නම් රෝගී ජීවිත සුරක්ෂිත කිරීමේ ආචාරධර්මයද රකිමින් ඔවුන්ගේ අයිතීන් දිනාගැනීමට හැකියාව ඇති බව අපි පෙන්වා දෙන්නෙමු. එතෙකින් නොනැවතී මෙරට සෞඛ්‍ය සේවයේ හෙදියන්, තාක්ෂණවේදීන්, විකිරණ ශිල්පීන්, ඖෂධවේදීන්, රියදුරන් මෙන්ම සුළු සේවකයන් පවා තම අයිතීන් දිනා ගැනීමේදී රෝගී ජීවිත ගැන සානුකම්පිත වෙද්දී ඇතැම් වෛද්‍යවරු රෝගී ජීවිත වෙත මාන බලති.
ලොව අංක එකේ ශ්‍රේණිගත කිරීම්වල පවතින අමෙරිකාවෙන්, යුරෝපයෙන් ආනයනය කළ බෙහෙත් දැන් රෝහල්වල පවතී. ඉන්දියාව, පාකිස්තානය ආදී ආසියානු රටවල්වලින් ගෙන්වන්නේද එවන් රටවල පළමු පෙළ ශ්‍රේණිගත කිරීම්වල පසු වන ඖෂධ පමණකි. එම අතිශය ප්රගතිශීලී ක්‍රියාන්විතය හමුවේ අසරණවූ ඖෂධ මාෆියාව, ඇතැම් වෛද්‍යවරුන් බිලිබාගැනීමෙන් නොනැවතී රෝහල්වල පවතින ඖෂධ සංචිතයන් සඟවා වංචා කොට ඖෂධ හිඟයක් මැවීමටද උත්සාහ ගනිමින් සිටියි.
පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ජීවිතාන්තය දක්වාවූ ප්‍රතිකාර සහනය “බාලබෙහෙත්“ යන භීතියෙන් ආවරණය කිරීමට උත්සහ දරමින් ඇත. හදවත් සැත්කම් සදහා භාවිත කරන රු. 3,50,000ක් වටිනා අමෙරිකාවෙන් ආනයනය කරන ලද ස්ටෙන්ට්ස් දැන් සෑම හෘද රෝගියෙකු වෙතම නොමිලේ නිකුත් කරනු ලබයි. ලොව උසස්ම අමෙරිකානු තාක්ෂණයේ අක්ෂිකාච, ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදු කරගන්නා රෝගීන්ට අද වන විට නොමිලේම පලදවනු ලබයි. මීට වසර 4කට පෙර ඉතා බාල තත්වයේ අක්ෂිකාච රු.40,000ක තරම් වියදමින් මිලට ගත් යුගය ඇතැමුන්ට අමතකව ගොස් ඇත. ශ්‍රවණාබාධ සහිතව උපදින දරුවන් වෙනුවෙන් කොක්ලියර් ඉන්ප්ලාන්ට් ශල්‍යකර්මයද දැන් නොමිලේ සිදු කරනු ලබයි.
එදා මෙදා තුර මෙරට රජයන් රෝහල්වලට ලබා දුන් එම්. ආර්. අයි. ස්කෑන් යන්ත්‍ර 9ට අමතරව මේ වසරේදී පමණක් නව යන්ත්‍ර 9ක් රෝහල් වෙත ලබාදී ඇත. 2014 වන විට මෙරට තිබූ එන්ඩොස්කොපි යන්ත්‍ර 51ට අමතරව තවත් එන්ඩොස්කොපි යන්ත්‍ර 47ක් මෙරට සෞඛ්‍ය සේවාවට ලබාදී ඇත. 2017ට පෙර මෙරට තිබූ ඩිජිටල් ඒක්ස් රේ න්ත්‍ර 32 දැන් 40ක් දක්වා වැඩිවී ඇත. වෙන්ටිලේටර් 76 දැන් 404ක් දක්වා වැඩි කර ඇත. අල්ට්රා සවුන්ඩ් ස්කෑනර් 25 දැන් 208ක් දක්වා වැඩි කර ඇත. මල්ටි පැරාමීටර් මොනිටර් පද්ධති 100 දැන් 1522 දක්වා වැඩි කර ඇත. හයිප්රෙෂර් ස්ටලයිසර් සංඛ්‍යාව 7 සිට 63 දක්වා වැඩි කර ඇත. රෝහල් සියල්ලෙහිම පාහේ යටිතල පහසුකම් සංවර්ධනය කර ඇත. වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය සේවයේම මානව සම්පත ඉහළ නංවා ඇත. එමෙන්ම ඒ සියල්ලන්ගේම ඉල්ලීම් සඳහා ධනාත්මක විසදුම් ලබා දී ඇත. වෛද්‍යවරුන්ට හා හෙද හෙදියන්ට නිල නිවාස, ඖෂධවේදීන්ට හා කළමනාකරුවන්ට නිසි පුහුණු ක්‍රමවේදයක්, සෞඛ්‍ය සේවකයන් සියල්ලටම වැටුප් වර්ධක ආදී බොහෝ පහසුකම් සම්පාදනය කර අවසන්ය. මේ සියලු ව්‍යායාමයන් සදහා සෞඛ්‍ය අමාත්‍යතුමන් මහා භාණ්ඩාගාරයට බරක්වී නැත. විදේශ රටවල මූල්‍ය පරිත්‍යාග හා ආධාර මත ඒ සියලු සංවර්ධනයන් සිදු කර ඇත.
රෝගී ජීවිත සුරක්ෂිත කිරීම සහ නීරෝගීමත් ජාතියක් ගොඩ නැගීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සහ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ඒකායන අභිප්‍රායයි. රෝගී අයිතීන් සුරැකීමේ ප්රඥප්තියද මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය තුළ කෙටුම්පත් වෙමින් ඇත. ඉතිහාසයේ කිසිදු දිනක සිදු නොවූ තරම් රෝගී ජීවිත සුරැකීමේ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක වෙමින් ඇත. රෝග නිර්ණය වාර්තා සහ ඖෂධ වට්ටෝරු ඇතුළත් ඊ හෙල්ත් කාඩ් පත, ඖෂධ පිළිබද දැනුම්වත් වීම සදහා ක්ෂණික ඇමතුම් අංකයක්, බෝනොවන රෝග පාලනයට නොමිලේ රසායනාගාර සේවා, අවශ්‍ය සියලු පරීක්ෂණ හෝ ඖෂධ හෝ සැත්කම් නොමිලේ රජයේ රෝහල් වල සිදු කිරීම.
ශ්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්රයේ මෙම පරිවර්තනීය වෙනස කඩාකප්පල් කරන්නට හෝ මහජන විශ්වාසය බිද දමන්නට උත්සහ කරන්නන් කවුරුන්දැයි හදුනාගන්න.
ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ වැඩපිලිවෙළ බොහෝ අවස්ථාවල අගයා ඇත. ඉන් නොනැවතී ලෝකවාසියෙකු වෙනුවෙන් ලැබෙන දුර්ලභම අවස්ථාවක් වන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු උප සභාපති ධුරය පිට පිටම දෙවතාවක්ම එතුමන් වෙත පිරිනමා ඇත. එබඳු වටිනා ක්‍රියාවලියක් දෙස වපරැහින් නොබලා, ප්‍රගතිශීලීව ආශිර්වාද කිරීම මහජන සැමගේ යුත්රකම බව අපි උදක්ම විශ්වාස කරන්නෙමු.
එම්.අයි.ජේ.විජේනායක