මිහි­න්තලේ ආරාම සංකී­ර්ණය හා බැඳුණු මහා­යා­නික පසු­බිම | සිළුමිණ

මිහි­න්තලේ ආරාම සංකී­ර්ණය හා බැඳුණු මහා­යා­නික පසු­බිම

දෙවන පෑ තිස් රජුගේ ලෙස සැලකෙන බෝධිසත්ව ප්‍රතිමාව
දෙවන පෑ තිස් රජුගේ ලෙස සැලකෙන බෝධිසත්ව ප්‍රතිමාව

 

ශ්‍රී ලාංකේය සංස්කෘ­තිය බුදු දහ­මින් පෝෂි­තව, නව මග­කට යොමු කිරී­මට උප­ස්ථ­ම්භක වූ අග්‍ර­ගණ්‍ය උරු­ම­ස්ථා­න­යක් ලෙස මිහි­න්ත­ලය හැඳි­න්වු­ව­හොත් එය අති­ශ­යෝ­ක්ති­යක් නොවනු ඇත. ක්‍රි.පු. 3 වන සිය­ව­සේදී ශ්‍රී ලංකාවේ මුල්ම විහාර කර්මාන්ත හා බැඳුණු කටා­රම් කෙටූ ගල් ලෙන්, දැගැබ් ඇතුළු විවිධ ගොඩ­නැ­ගිලි හා කලා නිර්මා­ණ­ය­න්ගෙන් බැදි මිහි­න්තලා පුද­බිම, දෙවන පෑතිස් රජු­ගෙන් අන­තු­රුව උත්තිය, මහා­දා­ඨික මහා­නාග, භාතික තිස්ස, ලජ්ජි තිස්ස, කනිෂ්ඨ තිස්ස, ගෝඨා­භය, 1වන අග්ග­බෝධි, 1වන හා IIවන සේන, IIවන දප්පුල, IVවන කාශ්‍යප, IVවන මහින්ද ආදි රජ­ව­රුන් රැස­ක­ගේම නොමද අනු­ග්‍ර­හ­යෙන් සංව­ර්ධන වී, අන­තු­රුව පොළො­න්නරු යුග­යේදී ද විවිධ රජ­ව­රුන්ගේ අනු­ග්‍ර­හ­යන්ට ලක් වී වර්ත­මා­නය දක්වා ම ජීව­මාන පුද­බි­මක් ලෙස ශ්‍රී ලාංකේය බොදු­නු­වන්ගේ ගෞරව බහු­මා­න­යට පාත්‍රව ඇත්තකි.

 

ථෙර­වාදි බෞද්ධ සම්ප්‍ර­ධා­යට අයත් විහා­ර­ස්ථා­න­යක් ලෙස බිහි වුවද ක්‍රි.පු. 7-8 සිය­ව­ස්ව­ලදී මිහි­න්තලා පුද­බිම මහා­යා­නික අභා­ස­යන්ද ලබා ඇති බවට පුරා­වි­ද්‍යා­ත්මක සාධක අනු­සා­ර­යෙන් හඳු­නා­ගත හැකිය.

ථෙර­වාදී බුදු දහම මූලි­කව පැවැති ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘ­තිය තුළ මුල් වරට වේතුල්ල, වෛතුල්‍ය නමින් තවත් නිකා­යන් මුල්ව­රට බිහි වූයේ ක්‍රි.ව. 3වැනි සිය­ව­සේ­දීය. වෛපුල්‍ය සුත්‍ර යනු මහා­යා­නික ධර්ම ග්‍රන්ථ­යන්ට ව්‍යව­හාර වූ නාම­යක් බැවින්ද සද්ධර්ම පුණ්ඩ­රික නම් ග්‍රන්ථ­යෙහි මේ නම ලියා ඇත්තේ වෛතුල්‍ය සුත්‍ර යනු­වෙන් බැවින්ද මහා­චාර්ය කර්න් හා මහා­චාර්ය පර­ණ­වි­තාන යන දෙදෙ­නා­ගේම අද­හස වනුයේ වෛතු­ල්‍ය­වා­දය යනු මහා­යා­න­යම බවයි. කෙසේ වෙතත්, වොහා­රික තිස්ස රජු විසින් මෙම අද­හස යට­පත් කර ථෙර­වාදි බුදු දහමේ චිර­ස්ථි­තිය උදෙසා කට­යුතු කළ බව වංශ කතා­වන්හි සඳ­හන් වේ. එහෙත් ක්‍රි.ව. 4 වන සිය­ව­සේදී ගෝඨා­භය රජ දවස යළිත් වරක් වෛතු­ල්‍යා­වාදී අද­හස් ඉස්මතු වන්නට පටන් ගත් අතර විහා­ර­වාසි භික්ෂූන් ඉන් දැඩි පීඩා­වන්ට ලක් වූ බවත් සඳ­හන් වේ. ක්‍රි.ව. 7-8 සිය­වස් වන විට ශ්‍රී ලංකාව තුළ මහා­යා­නික අද­හස් වඩාත් ප්‍රබල ලෙස ව්‍යාප්ත වන්නට පටන් ගත් අතර බෝධි සත්ව වන්ද­නාව හා ‍බෝධි සත්ව ශක්ති වන්ද­නාව ඇද­හි­ලි­වාද ලෙස ප්‍රබ­ලව ඉස්මතු වන්නට විය. ඒ අනුව ක්‍රි.ව. 7-8 සිය­ව­ස්ව­ලදී මිහි­න්තලේ ආරාම සංස්කෘ­තිය ද මහා­යා­නික අද­හ­ස්ව­ලින් පෝෂ­ණය වන්නට පටන් ගත් අතර එම ආභා­ස­යන් පිළි­බ­ඳව විම­ර්ශ­නය කිරීම මෙම ලිපි­යෙහි පර­මා­ර්ථය වේ.

ඒ පිළි­බ­ඳව තොර­තුරු රැසක් අනා­ව­ර­ණය කර ගත හැකි ශිලා ලේඛන රැසක්ම මිහි­න්තලේ ආරාම සංකීර්ණ ඇසු­රෙන් හඳු­නා­ගත හැකිය. ශ්‍රී ලංකාවේ මහා­යාන වාදය හා බැඳුණු පැර­ණිම ශිලා ලේඛ­නය පිහිටා ඇත්තේද මිහි­න්ත­ල­යෙ­හිය. අෂ්ට­ඵල දැගැබ (සේල චෛත්‍යය) ට මීටර් 40 ක් පමණ ඊශාන දෙසින් පිහිටි ගල් තලා­වක පල්ලව ග්‍රන්ථා­ක්ෂ­ර­යෙන් කොටා ඇති එම ලිපිය ක්‍රි.ව. 7-8 සිය­ව­ස්ව­ලට දින නියම කළ හැකිය.

සංස්කෘත බුද්ධ ස්තෝත්‍ර මාලා­ව­කින් සැදී මෙම ලිපි­යෙහි බොහෝ තැන් කියවා ගත නොහැකි පරිදි විනා­ශ­යට පත් වී තිබේ. එහි එන එක් ශ්ලෝක­යක මෙසේ සඳ­හන්වේ.

“නෛකා­කාර - ප්‍රවෘත්තං ත්‍රිභව - භය හාරම් විශ්ව­රූපෛ - රූපේ­කම් වන්දේ නිර්මාණ කායම්”

එහි අර්ථය, විවි­ධා­කා­ර­යෙන් ප්‍රවෘ­ත්ත­වන්නා වූද ත්‍රිවිධ භවයේ භය දුරු කරන්නා වූද සකල රූපා­කා­ර­යෙන් පව­තින්නා වූද නිර්මා­ණ­කාය නම­දිමි යන්නයි. තවත් ශ්ලෝක­යක “සම්භො .....” යන ශබ්දය යොදා ඇති අතර මහා­චාර්ය පර­ණ­වි­තාන එය සම්භොග කාය ලෙස පෙන්වා දෙයි. ඒ අනුව මෙම ලිපිය මහා­යා­නි­ක­යින්ගේ ත්‍රිකය (ධර්ම කාය, සම්භෝග කාය හා නිර්මාණ කාය) සිද්ධා­න්තය විස්තර කෙරේ. ශිලා­ලේ­ඛ­න­යන් ලෙස හඳු­නා­ගත හැකිය.

මෙම ලිපිය අව­සා­නයේ මෙම ස්තෝත්‍ර රචනා කළ භික්ෂු­වගේ නම සඳ­හන් කර ඇතත්, එය පැහැ­දිලි ලෙස කියවා ගත නොහැ­කිය. එහෙත් ඔහු “බෝධි­සත්ව ගුණාං­කරඃ” (බෝධි­සත්ව ගුණ­යන්ට ආකා­ර­යක් බඳු) යනු­වෙන් සඳ­හන් කර තිබී­මද මහා­යා­නික ආභා­සය පිළි­බිඹු කෙරෙ­න්නකි.

ඊට අම­ත­රව, මිහි­න්තලේ ඉඳි­කටු සෑයේ 1923 දී සිදු කරනු ලැබූ කැණී­ම­කදී ක්‍රි.ව. 8-9 සිය­ව­ස්ව­ලට අයත්, මහා­යා­නික සංස්කෘ­තික ලේඛන සහිත තඹ තහඩු 91ක් සොයා­ගෙන තිබේ. මෙම ලේඛ­නය මහා­යා­නි­ක­යන්ගේ ප්‍රඥා පාරා­මි­තාවේ පාඨ ලෙස හඳුනා ගෙන තිබේ. එවැනි තහඩු කිහි­ප­යක ඇති ලේඛන කිහි­ප­යක් පහත පරිදි වේ.

 

 

 

1. (A) බෝධි­සත්වේ (B) භ්‍යා ප්‍රඥා­පාර.....

2. (A) ශාක්‍ය­මුණි - න්නා (B) මම් දර්ශ­නීය....

3. (A) ගත ශොකොය (B) බෝධි­සත්ව......

 

මෙවැනි ධර්ම පාඨ සහිත ලේඛන දැගැ­බ්වල තැන්පත් කිරීමේ චාරි­ත්‍රය මහා­යා­නි­ක­යින්ගේ සම්ප්‍ර­ධා­ය­යන් වන අතර, පැවැති ලේඛන ධර්ම ධාතු ලෙස ඔවුහු හැඳි­න්වූහ. මෙම ධර්ම ධාතු හමු වූ ඉඳි­කටු සෑය. ගලින් කළ තෙම­හල් පේසා සහිත ව ගඩො­ලින් කළ ඝණ්ටා­කාර හැඩැති දාගැ­බකි. මෙය එම ආකෘ­ති­යෙන් යුතු දාගැබ් අත­රින් පැර­ණිම දාගැබ විය හැකි බව හෙන්රි පාකර් සඳ­හන් කරයි. අනු­රා­ධ­පු­රයේ කුජ්ජි තිස්ස දාගැබ හා විජ­යා­රාම විහා­රයේ දාගැබ ද මීට සමා­නවේ. ඉදි­කටු සෑය සමී­ප­යෙහි ද එවැනි ම දාගැ­බක් දැකිය හැකිය.

ඉඳි­කටු සෑය

මිහි­න්තලේ ආරාම පරි­ශ්‍ර­යෙහි පිහිටි IVවන මහින්ද (ක්‍රි.ව. 956-972) රජුගේ ශිලා ලේඛ­න‍යෙහි, ඔහු විසින් කර­වන ලද විහාර කර්මාන්ත අතර, “නයින්ද මිණි­නාල් දෙවිදු මැඳුර” නමින් ගොඩ­නැ­ගි­ල්ලක් පිළි­බ­ඳව සඳ­හන් වන අතර මෙය බෝධි­සත්ව වන්ද­නය හා සම්බන්ධ ගොඩ­නැ­ගි­ල්ලක් ලෙස හඳු­නා­ගත හැකිය.

මෙහි සඳ­හන් නයින්ද යනු නාථෙන්ද්‍ර යන්නෙන් බිඳී ආව‍ක් ලෙස හඳු­නා­ගත හැකිය. එම ගොඩ­නැ­ගිල්ල අව­ලෝ­කි­තේ­ශ්වර දෙවි මැදු­රක් ලෙස හඳු­නා­ගත හැකිය. ඒ සම­ඟම මිණි­නාල් (සංස්කෘත - මිණි­නාලා) දෙවි­දු­වගේ මන්දි­ර­යන් පිළි­බ­ඳ­වද සඳ­හන් කොට ඇති අතර නයින්ද අව­ලෝ­කි­තේ­වර නම්, මිණි­නාල් යනු ඔහුගේ ශක්තිය වූ තාරා දේවිය ලෙස මහා­චාර්ය පර­ණ­වි­තාන සඳ­හන් කරයි. තාරා දෙව­ගන සඳහා “මණි පද්ම” යන නාම­යද භාවි­ත­යට ගැනෙන අතර “මිණි­නාල්” යන්නෙහි “නාල” යන්නෙහි එක් අර්ථ­යක් නෙළුම් මල වන බැවින්ද, එබැ­වින් එහි පද්ම යන්න වෙනු­වට යෙදිය හැකි බවත්, මණි­නාල් (මිණි­නාල්) යන්නෙන් මිණි පද්ම හෙවත් තාරා යන අරුත දෙන බවත් ඔහු වැඩි­දු­ර­ටත් විස්තර කරයි.

දැනට මිහි­න්තලේ පුරා­විද්‍යා පරි­ශ්‍ර­යෙන් බෝධි­සත්ව ප්‍රතිමා කිප­ය­කම කොටස් හඳු­නා­ගෙන ඇති අතර ඉන් බහු­ත­ර­යක්ව අව­ලෝ­කි­තේ­ශ්වර ප්‍රතිමා ලෙස හඳු­නා­ගත හැකිය. අෂ්ට­ඵල දැගැබ් මළු­වෙහි ඇති දේවා­නම් පිය­තිස්ස රජුගේ යැයි සැල­කෙන ප්‍රති­මාද රජ ප්‍රති­මා­වක් නොවූ බෝධි­සත්ව ප්‍රති­මා­වක් ලෙස හඳු­නා­ගත හැකිය.

මිහි­න්තලේ කළු දිය පොකුණ නමින් හැඳි­න්වෙන ආරාම සංකී­ර්ණ­යද 4 වැනි කාශ්‍යප රජු විසින් අභ­ය­ගි­රි­වාසි ධම්ම­රුචි නිකා­යික භික්ෂුන් උදෙසා කර­වන ලද ආරාම සංකී­ර්ණ­යකි. මෙහි ඇති පොකුණු මිහි­න්තලේ ඇති විශා­ල­තම පොකුණ වේ. එහි පැරණි නාමය “පොරො­දිනි” බවත් එය හද­යුණ්හ ආරා­ම­යට අයත් වුවක් ලෙස එච්.සී.පී. බෙල් හඳු­නා­ගනී.

මෙවැනි මහා­යා­නික ආග­මික පසු­බි­ම­කින් ද පරි­ක්ෂිප්ත මිහි­න්ත­ලය සිය­වස් ගණ­නා­වක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය සංස්කෘ­තියේ මුදුන් මල්ක­ඩක් වෙමින් ආ ගමන් මග ජාතික උරු­ම­යක් බවට පත් කිරී­මට ගන්නා ලද තීර­ණ­යෙන් තව දුර­ටත් පෝෂ­ණය කිරී­මට ඉව­හල් වන බව කිව යුතුය.

Comments