මිහි­න්තලා පුද­බිම ඔප කළ වාස්තු­විද්‍යා විස්මය | Page 2 | සිළුමිණ

මිහි­න්තලා පුද­බිම ඔප කළ වාස්තු­විද්‍යා විස්මය

කැළුදිය පොකුණ
කැළුදිය පොකුණ

 

ගිරි ආරාම සංකී­ර්ණ­යක් ලෙස ආරම්භ වූ මිහි­න්ත­ලාව විවිධ රජ­ව­රුන්ගේ හා පාලක කාරා­දීන්ගේ අනු­ග්‍ර­හය ලැබීම සමඟ ක්‍රමා­නු­කූ­ලව සංව­ර්ධ­නය වෙමින් ඓන්ද්‍රීය විහා­ර­යක් දක්වා සංව­ර්ධ­නය වූයේය. මිහි­න්තලා පුද­බිමේ කඳු පාමුල සිට ඉහළ දක්වා දක්නට ලැබෙන ආරා­මීය නට­ඹුන් එම ඓන්ද්‍රීය විහා­රයේ එවක පැවති දියු­ණුව විදහා දක්වන සාධක වේ. මිහි­න්ත­ලා­වට ප්‍රවේශ වීමේ දී කඳු පාමුල පළ­මුව දක්නට ලැබෙන්නේ පැරණි රෝහ­ලය (වෙද­හ­ළයි). පුරාණ ආරාම සංකී­ර්ණ­යක් තුළ භික්‍ෂූන් වහන්සේ සිය ස්වස්ථ­තාව පිළි­බඳ දැක්වූ සුවි­ශේ­ෂ­තාව මිහි­න්තලේ පිහි­ටන පැරණි රෝහ­ලෙන් අව­බෝධ කර­ගත හැකිය.

 

එම රෝහල තුළ බුදු මැදුර, ගිලන් භික්‍ෂූන්ට වැඩ­සි­ටී­මට තැනූ ගිලන් කුටි 30ක් හා බෙහෙත් ඔරු , ජන්තා­ඝ­ර­යක් හෙවත් උණු­පැන් නානා ගෙයක්, දාන ශාලාව, ගබඩා කාමර හා රෝගීන් පරීක්‍ෂා සඳහා සකසා ඇති ස්ථාන ඇතු­ළත් අංග සම්පූර්ණ රෝහල් අංග­ව­ලින් යුක්ත වූ බව රෝහලේ සැලැ­ස්මෙන් හඳු­නා­ගත හැකිය. රෝගීන්ට මාන­සික සුවය ඇති වන ආකා­ර­යට බුදු මැදු­රක් සහි­තව නිර්මා­ණය කර ඇති එම ආරෝග්‍ය ශාලාව ලක්දිව පුරා­ණයේ පැවති සනී­පා­ර­ක්‍ෂාව පිළි­බඳ කදිම නිද­සු­නක් ලෙස ද පෙන්වා­දිය හැකිය.

 

ස්තූප

 

මිහි­න්තලා ආරාම සංකී­ර්ණයේ පිහි­ටන අති­ශය වැද­ගත් ස්මාර­ක­යක් ලෙස කණ්ඨත චේතිය හෙවත් ගිරි­භණ්ඩ දාගැබ පෙන්වා­දිය හැකිය. සෙන­රත් පර­ණ­වි­තා­නගේ මතය වන්නේ එම ස්තූපය මෙන­මින් නම් කර ඇත්තේ සිදු­හත් කුම­රුගේ කණ්ථක අශ්වයා සිහි කිරී­මට බවය. නමුත් මුල් බ්‍රහ්මී ශිලා ලිපි හා වංස­කතා ඇතුළු සාහිත්‍ය මූලා­ශ්‍ර­ය­වල නිෂ්පා­දන බෙදා­හැ­රීම් මධ්‍ය­ස්ථාන හැදි­න්වී­මට පුරා­ණයේ දී කටක, කඩ, කඩක, කණ්ඩ, කණ්ඨ වැනි පද භාවිත කර තිබේ. ඒ පිළි­බඳ විග්‍ර­හ­යක යෙදෙන සුද­ර්ශන් සෙනෙ­වි­රත්න පෙන්වා දී ඇත්තේ මහා­වං­සයේ පණ්ඩු­කා­භ­යගේ සංග්‍රාම ආශ්‍රි­තව ගිරි­කණ්ඩ, වට්ඨ­ගා­මිණී රජුගේ ගමන් මාර්ග ආශ්‍රි­තව සිලා­සො­බ්බ­ක­ටක, දඹුල්ල හා බුදු­ගේ­හින්න ආශ්‍රිත බ්‍රහ්මී ලිපි­වල සඳ­හන් උප­රි­ක­ඩහා මතු­කඩ යන වච­න­වල එන කඩ, කටක, කණ්ඨ යන වච­න­ව­ලින් සීමාව, ප්‍රවි­ෂ්ටය, සුළු වෙළ­ඳ­පොළ අර්ථ­වත් වන බවය.

මිහි­න්ත­ලය ද පිහිටා ඇත්තේ අනු­රා­ධ­පුර හා සේරු­විල දක්වා දිවෙන ප්‍රධාන ගමන් මාර්ග­යට ඉතා සමී­ප­වය. එම මාර්ගය පුරා­ණයේ දී ලෝහ සම්පත් අනු­රා­ධ­පු­ර­යට රැගෙන ඒම සඳහා භාවි­ත­යට ගත් මාර්ගය බව පුරා­විද්‍යා පර්යේ­ෂ­ණ­ව­ලින් මේ වන විට තහ­වුරු කර­ගෙන තිබේ.

ඒ අනුව අනු­රා­ධ­පුර පැරණි නග­ර­යට කි. මී 12 පමණ දුරින් පිහි­ටන මිහි­න්ත­ලය පුරා­ණයේ දී බෞද්ධා­ගම මෙර­ටට පැමි­ණී­මට ප්‍රථම ප්‍රධාන මාර්ගය ආස­න්නයේ භාණ්ඩ හුව­මාරු කරන වෙළඳ පොලක් හෝ භාණ්ඩ රැස්ක­රන ස්ථාන­යක් වීමට වැඩි ඉඩ­කඩ පව­තින බැවින් මෙම ස්තූපය ඉදි­කි­රී­මේදී එම තත්ත්වය ද පද­නම් කර ගනි­මින් කටක හෝ කණ්ඩ උප­යෝගී කර ගනි­මින් කණ්ඨක චේතිය යන නම භාවිත කර­න්නට ඇති බව උප­ක­ල්ප­නය කළ හැකිය.

කණ්ඨක චේතිය වර්ත­මා­නයේ දක්නට හැකි ලෙස කැණීම් කර මතු කර­ගනු ලැබූවේ 1935 වර්ෂයේ දි සෙන­රත් පර­ණ­වි­තාන විසිනි.

අඩි 425ක විශ්ක­ම්භ­යෙන් යුත් අඩි 40ක උස­කින් යුක්ත එම ස්තූප­යෙන් අවධි දෙකක ඉදි­කි­රීම් හඳු­නා­ගෙන ඇත. එම ස්තූපයේ ආයත අලං­කාර කැට­ය­මින් යුක්ත වන අතර පැරණි දාගැ­බක දැකිය හැකි අලං­කාර කල්ප රුක්‍ෂ කැට­යම් කණ්ඨක චේතියේ දක්නට ලැබේ.

භික්ෂු ආරාම කුටියක්

මිහි­න්තලේ ඉහ­ළම පුරා­වි­ද්‍යා­ත්මක වටි­නා­ක­මක් ඇති ස්මාර­ක­යක් ලෙස සැල­කෙන තවත් ස්තූප­යක් වන්නේ සේල චේති­යයි . මීටර් 28 වට­ප්‍ර­මා­ණ­යෙන් යුත් ස්තූපය වට­දා­ගෙ­ය­කින් යුක්ත වූ බව ශේෂ වී ඇති ගල් කණු 21 මඟින් තහ­වුරු වේ. බුදුන් වහන්සේ ලක්දි­වට තෙවැනි වර වැඩ­මවා ධ්‍යාන­යට සම­වැද සිටි ස්ථානයේ එම ස්තූපය ඉදි කර ඇති බව විශ්වාස කරන අතර එම ස්ථානය සොලො­ස්ම­ස්ථා­න­ව­ලින් එකක් ලෙස ද සැලකේ. එසේම මහින්ද මහ රහ­තන් වහන්සේ එම ස්ථානයේ වැඩ සිට දේවා­න­ම්පි­ය­තිස්ස රජ­තු­මාට චුල්ල­හ­ත්ථි­ප­දෝ­පම සූත්‍රය දේශනා කරන ලද බව මහා­චාර්ය ආරිය ලග­මුව පෙන්වාදී ඇත.

මිහි­න්තලේ ඇති ස්තූප අත­රින් උඩ­ම­ළුවේ ඉහ­ළින්ම දැකිය හැකි ස්තූපය වන්නේ අම්බ­ස්ථල දාගැ­බය. ක්‍රි-ව 9-21 මහා­දා­ඨික මහා­නාග රජු විසින් එම ස්තූපය ඉදි කරන ලද බවත්, හතර වැනි මිහිඳු රජ විසින් පිහි­ටු­වන ලද පුවරු ලිපියේ එම ස්තූපය අම්බුලු දාගබ ලෙසත්, පූජා­ව­ලියේ ඇබුලු දාගැබ ලෙසත් හඳුන්වා තිබේ. අඩි 136 ක විශ්ක­ම්භ­යක් සහිත එම ස්තූපය මිහි­න්තලේ අන­න්‍ය­තාව කියා­පාන ස්තූප­යක් බවත් පෙන්වා­දිය හැකිය.

 

දාන ශාලාව

 

මිහි­න්තලේ ආරාම සංකී­ර්ණයේ දැකිය හැකි තවත් වැද­ගත් ස්මාර­ක­යක් වන්නේ දාන ශාලා­වය. මීටර් 33ක් හා මීටර් 22ක් පමණ දිග පළ­ල­කින් යුත් එම දාන ශාලාව චතු­ස්ශා­ලා­වක ලක්‍ෂණ පෙන්නුම් කරන අතර එහි මධ්‍ය මැද මිදු­ලක් ලෙස ඉදි කර තිබේ.

ගල් ටැම් 128 ක් පේළි අට­කට සිටුවා ඒ මත වහල ඉදි කර ඇති බව උප­ක­ල්ප­නය කළ හැකිය. දාන ශාලාවේ උතුරු දෙස මිටර් 12 කට වඩා දිගැති ශිලා­මය බත් ඔරුව දැක­ගත හැකිය.

ඒ ආස­න්න­යේම මීටර් 4 පමණ දිගැති කැඳ ඔරුව වශ­යෙන් සල­කන කුඩා ගල් ඔරුව පිහිටා තිබේ. එසේම දාන­ශා­ලාවේ දකුණු දෙසින් දාන ශාලා­වට ජලය රැගෙන ආ ශිලා­මය නල මාර්ගය වන අතර අතර එය කණු­මත ඉදි කර තිබේ. බොහෝ දෙනෙ­කුගේ මතය වන්නේ එම ජල නළ මාර්ගය සිංහ පොකු­ණට සම්බන්ධ වන බවය.

 

පොකුණු

 

මිහි­න්තලේ ආරාම සංකී­ර්ණයේ දැක­ගත හැකි නිර්මාණ අතර පොකුණු ඉතාම සුවි­ශේෂ ඉදි කිරීම් වේ. ස්වාභා­වික ගල් ආවාට පුළුල් කිරී­මෙන් සහ ස්වාභා­වික ගල් ආවා­ටය පුළුල් කර ඉදි­රි­යෙන් ගල් බැම්මක් බැඳී­මෙන් නිර්මා­ණය කර ඇති ඉහළ මළුවේ පිහිටා ගල්ගේ පොකුණ සහ නාග පොකුණ ද මැද මළුවේ දානා­ශා­ලා­වට තර­මක් පහ­ළින් පිහිටා ඇති දාන­ශා­ලාව අතර සහ ගිරි­භණ්ඩ චේතිය අතර පිහිටි උස් භූමිය යාකොට පස් බැම්මක් ඉදි කිරී­මෙන් නිර්මා­ණය කර ඇති තිඹිරි පොකුණ හා ඊට තර­මක් පහ­ළින් පිහිටි හඳුනා නොගත් පොකු­ණක් ද මිහිඳු පොකුණ සහ මණි­නාග පොකු­ණද මේ අතර වැද­ගත් වේ. නාග පොකුණේ සිට උමං ජල මාර්ග ඔස්සේ මැද මළු­වට විශේ­ෂ­යෙන්ම දාන ශාලා­වට සඳහා ජලය ගෙන­විත් තිබේ. ඒ සඳහා භාවිත කළ මැටි නළ මිහි­න්තලේ ආරාම සංකී­ර්ණයේ පඩි­පෙළ සකස් කිරීමේ දී හමු වී මේ වන විට මිහි­න්තලේ පුරා­විද්‍යා කෞතු­කා­ගා­රයේ තැන්පත් කර ඇත.

පබ්බතාරාම

එමෙන්ම සිංහ පොකුණ නමින් ව්‍යව­හාර වන නිර්මා­ණය ද විශේ­ෂිත ඉදි­කි­රී­මකි. ස්වභා­වික පාෂාණ උද්ග­ත­යක් භාවි­ත­යට ගනි­මින් නිර්මා­ණය කර ඇති දිගින් මීටර් 4.30ක් ද පළ­ලින් මීටර් 3.50කින් ද යුක්ත චතු­ර­ස්‍රා­කාර හැඩ­ය­කින් යුක්ත වූ පොකුණ මධ්‍යයේ මීටර් 2.10X 1.90 X1.20 කින් යුක්ත ජල ටැංකි­ය­කින් සහ එහි රැස් වන ජලය සිංහ මුඛ­ය­කින් පිට­තට ගත් සිංහ පොකුණ අලං­කාර නිර්මා­ණ­යක් ලෙස සඳ­හන් කළ හැකිය. එහි බට­හිර පසින් දැක­ගත හැකි ජලය පිට වන විව­රයේ විශ්ක­ම්භය සෙ. මී. 9 ක් පමණ වේ. ජලය බහා­ලන ටැංකි­යෙහි පාෂාණ උද්ග­ත­යට සම්බන්ධ වන දකුණු පස හැරෙ­න්නට අනෙක් පැති ත්‍රිත්ව­යම පාෂාණ උද්ග­තය මත ශිලා පුවරු එකි­නෙ­කට වෑද්දුම් කර චතු­ර­ස්‍රා­කාර ටැංකි­යක් ආකා­ර­යට නිර්මා­ණය කර තිබේ.

පාෂාණ උද්ග­තයේ සිට ඉහ­ළට බොර­ද­ම­කින් අලං­කාර කර ඇත. බොර­ද­මට ඉහ­ළින් පිහිටා ඇති සිරස් මුහු­ණ­තක් සහිත පාෂාණ තීරුව අලං­කාර සත්ත්ව, මානව හා වෙනත් කැට­ය­ම්ව­ලින් අලං­කාර කර තිබේ. ඊට ඉහ­ළින් ඇති බොර­ද­මට ඉහළ ඇති සිරස් මුහු­ණත සහිත කෙටි පාෂාණ තීරුවේ පිටත වාමන රූප සහ ලිය­වැල් කැට­ය­මින් අලං­කාර කර තිබේ. එම නිර්මා­ණයේ ඇති කැට­යම් හා අලං­ක­ර­ණාංග පිළි­බඳ එච්. සී. පී. බෙල්, අනු­රාධ සෙනෙ­වි­රත්න, ජේ. බී. දිසා­නා­යක සහ ආරිය ලග­මුව වැනි විද්ව­තුන් විසින් අද­හස් දක්වා තිබේ. එච්. සී. පී. බෙල් එම ස්ථාන­යෙහි තිබෙන සිංහ මුඛ­යෙන් ජලය පිට­තට වැස්සෙන ආකා­ර­යට නිර්මා­ණය කර ඇති සිංහ මූර්තිය ලංකාවේ ඇති විශි­ෂ්ටම ගණයේ සිංහ මූර්ති­යක් වශ­යෙන් සඳ­හන් කර තිබේ.

 

වෙනත් වාස්තු­විද්‍යා නිර්මාණ

 

ආරා­ම­යක භික්‍ෂූන් වහන්සේ රැස් වී සාකච්ඡා පැවැත්වූ ස්ථානය සන්නි­පාත ශාලාව වශ­යෙන් හඳු­න්වනු ලැබේ. මිහි­න­ත­ලාවේ ද සන්නි­පාත ශාලා­වක් දැකිය හැකිය. මිහි­න්තලේ ඇති සන්නි­පාත ශාලාව මැද මළුවේ පිහිටා තිබේ. මීටර් 19 X19 පමණ ප්‍රමා­ණයේ චතු­ර­ස්‍රා­කාර ගොඩ­නැ­ගි­ල්ලක් වන ඒ සඳහා පැති තුන­කින් ප්‍රවේශ වීමට සල්ස්වා ඇත. සන්නි­පාත ශාලාවේ මධ්‍ය­යට වන්නට පිඨි­කා­වක් දැක­ගත හැකි වන අතර එය බොහෝ විට ප්‍රධාන කථි­කයා රැස්ව සිටින පිරිස ආම­න්ත්‍ර­ණය කිරීම එම පීඨි­කාවේ සිට සිදු කර­න්නට ඇති බව උප­ක­ල්ප­නය කළ හැකිය. මිහි­න්තලේ දැකිය හැකි අනෙක් වාස්තු­විද්‍යා නිර්මාණ අතර මණි­නාග විහා­රය, ගිරි­භාණ්ඩ ස්තූපය, ආර­ධ­නා­ගල, මිහිඳු ගුහාව, මිහිඳු මහා සෑය සහ භික්‍ෂු ආරාම කුටි පුරා­ණයේ එම විහා­රයේ ඓහා­සික හා පුරා­විද්‍යා වැද­ග­ත්කම කදි­මට කියා­පාන මහාර්ඝ වාස්තු­විද්‍යා නිර්මාණ වන බව පෙන්වා­දිය හැකිය.

 

කටු සෑය පරි­ශ්‍රය

 

වර්ත­මාන A9 මාර්ගය ආස­න්නයේ පිහිටා ඇති කටු සෑය විවිධ භාර­හාර සඳහා මහ­ජ­නයා අතර වඩා ප්‍රච­ලිත බෞද්ධ සිද්ධ­ස්ථා­න­යකි. 1938 වර්ෂයේ දී එම ස්තූපය පිළි­ස­කර කිරී­මට මැදැ­හත් වී ඇති අතර එහි තිබී හමු වී ඇති අතර එම රන් පතේ ක්‍රි.ව. නව වැනි සිය­ව­සට අයත් අක්‍ෂර සට­හන්ව තිබී ඇත. එම ස්තූපය හතර වැනි මිහිදු රජුගේ මිහි­න්තලා පුවරු ලිපියේ දක්වා ඇත්තේ ද කටු සෑ ලෙසය. ස්තූපය සහිත මළුව දිග පළ­ලින් මිටර් 21-75X21-25 පමණ වේ. සෑයේ වට ප්‍රමා­ණය මීටර් 35-20 වන අතර වර්ත­මාන උස මීටර් 4.85ක් පමණ වේ. ස්තූපයේ පහළ කොට ගලින් නිමවා ඇති අතර එහි අලං­කාර නෙළු පෙති මෝස­ත­ර­යක් දැකිය හැකිය. එම නෙළුම් පෙති මෝස්ත­රය නිසා එම ස්තූපයේ ආකෘ­තිය පද්මා­කාර ආකෘ­තිය වන බව සම­හර විද්ව­තුන්ගේ මතය වී තිබේ.

කටු සෑයට ආස­න්නයේ ඊට උතුරු දෙසින් ඉදි­කටු සෑය වශ­යෙන් ව්‍යව­හාර කරන ස්තූපය හා ආරා­මය පිහිටා තිබේ. ප්‍රකා­ර­ය­කින් වට කර තනා ඇති එම විහා­ර­යට අයත් ස්තූපයේ මළුව මීටර් 11.60X 1.60 ප්‍රමා­ණයේ දිග පළ­ලින් යුක්ත වන අතර ස්තූපයේ පාදම කළු ගලින් නිමවා තිබේ. එහි පාදමේ වට ප්‍රමා­ණය මීටර් 23ක් වන අතර උස මීටර් 3.70 ක් වේ. 1941 වර්ෂයේ දී එම ස්තූපය කැණීමේ දී ප්‍රඥා පාර­මිතා සූත්‍රය ලියූ තඔ තහඩු 91ක් සොයා­ගෙන ඇත. ප්‍රවේශ ද්වාර­වල සිංහල දොරටු මණ්ඩප කැට­යම වන සඳ­ක­ඩ­ප­හණ, මුර­ගල හා කොර­ව­ක්ගල් කැට­යම් චාම් සුන්ද­ර­ත්ව­යක් සහි­තව නිර්මා­ණය කර තිබේ. එසේම මෙම විහා­රය තුළ ජන්තා­ඝ­ර­යක්, පොකු­ණක් හා පංච­කා­වාස ලෙස හඳු­න්වන භික්‍ෂු ආරාම ද දක්නට ලැබේ.

 

පබ්බ­තා­රා­මය

 

කුටිය ප්‍රතිසංස්කරණයට පෙර

මිහි­න්තලා පුද­බි­මට අයත් වාස්තු­විද්‍යා නිර්මාණ අතර රාජ­ගිරි කන්ද පාමුල තවත් සුවි­ශේෂ විහා­ර­යක් වන පබ්බ­තා­රාම විහා­ර­ය­කට අයත් නට­ඹුන් දක්නට ලැබේ. පබ්බත විහා­ර­යක මූලික ලක්‍ෂණ වන්නේ ස්තූපය, පිළි­ම­ගෙය, බෝධි­ඝ­රය හා පොහො­ය­ගෙය යන පූජ­නීය අංග ආරා­මයේ මැද උස් කර බඳින ලද මාල­ක­යක ස්ථාපිත කිරී­මයි. රාජ­ගිරි කන්ද පාමුල දැක­ගත හැකි එම නට­ඹුන් වූ පබ්බ­තා­රාම සංකී­ර්ණයේ දැනට සංර­ක්‍ෂ­ණය කර ඇති පොකු­ණක ද නෂ්ටා­ව­ශේෂ දක්නට ලැබේ. විශේ­ෂ­යෙන්ම ලෙන් විහාර ඓන්ද්‍රීය විහාර හා ඉන් අනු­රුව වන­වාසී ආරාම වන පබ්බ­තා­රා­ම­යක් දක්වා මිහි­න්තලා ආරාම සංකී­ර්ණය වර්ධ­නය වූ ආකා­රය එම වාස්තු­විද්‍යා නිර්මාණ මඟින් හඳු­නා­ගත හැකිය.

 

කළු­දිය පොකුණ ආරා­මය

 

ඇත්වෙ­හෙර කන්ද පාමුල පිහි­ටන කළු­දිය පොකුණ ආරාම සංකී­ර්ණය තුළ ලෙන් ආරාම, පධා­න­ඝ­රය, ස්තූප­යක් හා කළු­දිය පොකුණ දැක­ගත හැකිය. ඇත් වෙහෙර කන්දේ ඇති ශාක­වල ඡායාව එම පොකු­ණට වැටීම නිසා පොකුණේ ජලය දිස් වන්නේ කළු පැහැ­යට බැවින් එම පොකුණ සඳහා කළු­දිය පොකුණ යන නම ලැබී තිබේ. ගල් වැටි යොදා සකස් කර ඇති එම පොකුණ මිහි­න්තලේ දැක­ගත හැකි විශා­ල­තම පොකුණ වේ. පොකුණ මධ්‍යයේ ඇත්වෙ­හෙර කන්ද හා ස්ම්බන්ධ වන ලෙස නිර්මා­ණය කර ඇති නිර්මා­ණය සඳහා නැගෙ­න­හිර දෙසින් මීටර් 8ක පමණ දිගින් යුතු ගල්පා­ල­මක් තිබේ. පොකු­ණට උතුරු දෙසින් කුඩා ස්තූප­යක් දැක­ගත හැකිය. එය උස් භූමි­යක සකස් කළ මළු­වක් මත ඉදි කර තිබේ. මීටර් දෙකක් පමණ උස­කින් යුතු එම ස්තූපයේ මළුව මීටර් 14X13 ප්‍රමා­ණ­යෙන් යුක්ත වේ. ස්තූප­යට ඉහ­ළින් හඳුනා නොගත් ගොඩ­නැ­ගි­ල්ලක් දක්නට ඇති අතර එය 2008 වර්ෂයේ දී පුරා­විද්‍යා දෙපා­ර්තු­මේ­න්තුව විසින් කැණීම් කර සංර­ක්‍ෂ­ණය කර ඇත.

මාලක ක්‍රම­යට භූමිය සකස් කර­ග­නි­මින් භූ දර්ශ­නය ගොඩ­නඟා ගැනීම කළු­දිය පොකුණේ ඇති විශේ­ෂ­ත්වය වේ. පොකුණේ බට­හිර බැම්ම දෙසින් ඉතා මන­රම් ලෙන් ආරා­ම­යක් දැක­ගත හැකි අතර එය පොත්ගුල ලෙස වර්ත­මා­නයේ ව්‍යව­හර කරනු ලැබේ. කළු­ග­ලින්ම සකස් කළ උළු­වහු හා ජනෙල් ද ලෙන් කුටියේ වහල ද පුරාණ ඉංජි­නේ­රු­වන්ගේ තාක්‍ෂ­ණික ඥානය කදි­මට ලොවට කියා­පාන නිද­සු­නක් වැනිය. ගුහා කටා­ර­මට පහ­ළින් ඉදි කර ඇති එවැනි විශිෂ්ට ගණයේ ලෙන් විහාර ලංකාවේ දැක­ගත හැක්කේ ඉතා අල්ප­වය. මීළ­ඟට තනා ඇති මාල­කය තුළ ස්ථාන ගත කර ඇත්තේ වන­වාසී සම්ප්‍ර­දායේ ආරා­ම­යක් වන පධා­න­ඝ­ර­යකි. මීටර් 15X 10 ප්‍රමා­ණයේ වේදි­කාව මීටර් 2 පමණ වන මීටර් 1.50ක් පමණ දිග පළ­ලින් යුත් ගල් පාල­ම­කින් සම්බන්ධ කර තිබේ. එසේම එතැන සිට ආරම්භ වන ආනෙ­යි­කුට්ටි කන්දේ ලෙන් රාශි­යක් දැක­ගත හැකිය.

ඒ අනුව ලෙන් ආරාම සංකී­ර්ණ­ය­කින් ආරම්භ වූ මිහි­න්තලා සංඝා­රා­මය ක්‍රමා­නු­කූ­ලව ඓන්ද්‍රීය විහා­ර­යක් බවට පත් වෙමින් ආගමේ ඇති වන සංව­ර්ධ­නය සමඟ පබ්බ­තා­රා­ම­යක් දක්වා දියුණු වී අව­සන් වශ­යෙන් වන­වාසී බවුන් වඩන පධා­න­ඝර සම්ප්‍ර­දායේ ආරා­ම­යක් දක්වා සංව­ර්ධ­නය වූ බව මිහි­න්ත­ලාව පිළි­බඳ කෙරෙන ඓති­හා­සික හා පුරා­විද්‍යා විම­ර්ශ­න­ය­කින් පැහැ­දිලි වේ.

Comments