සිය දරු­වන් තිදෙනා හා බිරිය බේරා ගැනී­මට දිවි පර­දු­වට තැබූ රාම­නා­දන් ට ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා අතින් මුදල් පරි­ත්‍යා­ග­යක් | Page 2 | සිළුමිණ

සිය දරු­වන් තිදෙනා හා බිරිය බේරා ගැනී­මට දිවි පර­දු­වට තැබූ රාම­නා­දන් ට ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා අතින් මුදල් පරි­ත්‍යා­ග­යක්

තමන් විසූ මහල් නි‍ෙවසේ හට­ගත් ගින්නෙන් සිය දරු­වන් තිදෙනා හා බිරිය බේරා ගැනී­මට දිවි පර­දු­වට තබා කට­යුතු කළ මහ­නු­වර රාම­නා­දන් රාම­රාජ් මහතා වෙනු­වෙන් මුදල් පරි­ත්‍යා­ග­යක් සිදු කිරීම ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා අතින් ජනා­ධි­පති කාර්යා­ලයේ දී සිදු­කෙරිණි. වෘත්ති­යෙන් ස්වර්නාභරණවල රන් ආලේප කර­න්නකු වන රාම­නා­දන් මහ­තාගේ නි‍ෙවස ගිනි ගැනීම හේතු­වෙන් ඒ මහ­තාගේ ජීව­නෝ­පාය මාර්ග­යද ඇන හිටි අතර එය නගාසිටුවීම වෙනු­වෙන් ජනා­ධි­ප­ති­තුමා ඒ මහතා වෙත රුපි­යල් ලක්ෂ 10ක මුදල් පරි­ත්‍යා­ග­යක් සිදු කර තිබේ.

ඡායා­රූ­පය

- චන්දන පෙරේරා

Comments