ශ්‍රී ලංකා පුව­ත්පත් මණ්ඩල සාමා­ජි­ක­ත්ව­යට සෙන්දිල් වේල්වර් පත් වෙයි | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා පුව­ත්පත් මණ්ඩල සාමා­ජි­ක­ත්ව­යට සෙන්දිල් වේල්වර් පත් වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේ­දි­යකු වන දේව­දා­සන් සෙන්දිල් වේල්වර් තොර­තුරු තාක්ෂණ මාධ්‍ය අමා­ත්‍යාං­ශය යටතේ ඇති ශ්‍රී ලංකා පුව­ත්පත් මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යකු ලෙස ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා විසින් වහාම ක්‍රියා­ත්මක වන පරිදි පත් කරනු ලැබ ඇත.

මොහු තින­ක­රන්, තිනක­රන් වාර­මං­ජරී, වණ්ණ වාන­විල් යන පුව­ත්පත් පළ කරන ලේක්හ­වුස් ආය­ත­නයේ ජ්‍යෙෂ්ඨ කතු­ව­ර­යකු ලෙස සේවය කර­මින් සිටියි. මේ පත්වීම පෙරේදා (01) ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ දී ජනා­ධි­පති ලේකම් උදය ආර්. සෙනෙ­වි­රත්න මහතා වේල්වර් මහතා වෙත ප්‍රදා­නය කළේය.

පසු­ගිය වසර 30ක කාල­යක සිට ලේක්හ­වුස් ආය­ත­නයේ සේවය කරන සෙන්දිල් වේල්වර් හිටපු ජනා­ධි­පති රණ­සිංහ ප්‍රේම­දාස විමුක්ති කොටි සංවි­ධා­නය සමඟ පැවැත්වූ සාකච්ඡා, අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ විදේ­ශ­ය­න්හිදී කොටි සංවි­ධා­නය සමඟ පැවැත් වූ සාකච්ඡා වට හය, ඇතුළු දේශීය හා විදේ­ශීය වැද­ගත් සිදු­වීම් රැසක් පිළි­බඳ ඒවා පැවැ­ත්වුණු ස්ථාන­වල සිට සෘජු­වම ප්‍රවෘත්ති රැස් කර අත්දැ­කීම් ලැබූ­වෙකි.

මොහු කොළඹ තරුණ හින්දු සංග­මයේ සභා­පති ලෙසත්, ලෝක දෙමළ සංස්කෘ­තික සංවි­ධා­නයේ උප සභා­පති ලෙසත්, ලංකා දෙමළ කලා­ක­රු­වන්ගේ මණ්ඩ­ලයේ මහ ලේකම් ලෙසත් කට­යුතු කර­මින් පොදු කට­යු­තු­වල ක්‍රියා­ශී­ලීව යෙදී සිටී.

Comments