පොහොට්ටුවේ නීතිඥයන්ට විනිසුරුවන්ගේ අප්‍රසාදය | Page 2 | සිළුමිණ

පොහොට්ටුවේ නීතිඥයන්ට විනිසුරුවන්ගේ අප්‍රසාදය

 

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ශ්‍රී ලාංකික පුර­වැ­සි­යකු ලෙස පිළි­ගැ­නීම සහ කට­යුතු කිරීම වළ­ක්වන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම අභි­යා­ච­නා­ධි­ක­ර­ණය විසින් සිකු­රාදා (4) නිෂ්ප්‍රභ කරන නියෝ­ගය ප්‍රකාශ කළ අව­ස්ථාවේ අධි­ක­රණ ශාලාවේ සිටි පිරි­සක් අත්පො­ළ­සන් දෙමින් ජය­ඝෝෂා නැඟූ අතර, විනි­සුරු මඬුල්ල එය අප්‍ර­සා­ද­යට ලක් කළේය.

මේ ක්‍රියා­වට කිසි­යම් නීති­ඥ­යකු සම්බන්ධ වී ඇති නම් ඔහුට එරෙ­හිව පිය­වර ගන්නා බව සභා­පති විනි­සුරු යසන්ත කෝදා­ගොඩ මහතා ප්‍රකාශ කළේය.

පසු­ගිය සිකු­රාදා සවස මේ පෙත්ස­මට අදාළ තීන්දුව අභි­යා­ච­නා­ධි­ක­රණ සභා­පති විනි­සුරු යසන්ත කෝදා­ගොඩ සහ මහින්ද සම­ය­ව­ර්ධන, අර්ජුන ඔබේ­සේ­කර යන විනි­සුරු මඬුල්ලේ ඒක­ම­තික තීර­ණය මත නිෂ්ප්‍රභ කෙරුණු අතර, පෙත්ස­මෙහි වග­උ­ත්ත­ර­ක­රු­වන්ට නොතීසි නිකුත් කිරී­මද ප්‍රති­ක්ෂේප කරන ලදි. පෙත්සම සම්බ­න්ධ­යෙන් ඉදි­රි­පත් කළ කරුණු සලකා බැලී­මෙන් පසු මේ නියෝග කරන ලදි.

පුර­වැසි බලය සංවි­ධා­නයේ සම-කැඳ­වු­ම්ක­රු­වන් වන ගාමිණී විය­න්ගොඩ සහ මහා­චාර්ය චන්ද්‍ර­ගුප්ත තේනු­වර විසින් මේ පෙත්සම ගොනු කර තිබිණි. ආග­මන විග­මන පාල­ක­ව­රයා, පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ කොම­සා­රි­ස්ව­රයා, රාජ්‍ය පරි­පා­ලන සහ අභ්‍ය­න්තර කට­යුතු ඇමැ­ති­ව­රයා, ඒ අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා, නීති­ප­ති­ව­රයා පෙත්ස­මෙහි වග­උ­ත්ත­ර­ක­රුවෝ වූහ.මේ පෙත්සම ඉකුත් 2-3 දෙදින අභි­යා­ච­නා­ධි­ක­ර­ණය හමු­වෙහි කැඳවූ අතර, පෙත්ස­ම්ක­රු­වන් වෙනු­වෙන් විදා­න­ප­ති­රණ නීතිඥ සමා­ගමේ උප­දෙස් මත නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහ­තාද, 1, 2 වග­උ­ත්ත­ර­ක­රු­වන් වෙනු­වෙන් නියෝජ්‍ය සොලි­සි­ටර් ජෙන­රාල් නෙරින් පුල්ලේ මහ­තාද, ඇමැ­ති­ව­රයා වෙනු­වෙන් නීතිඥ චානක ද සිල්වා මහ­තාද, ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ රොමේෂ් ද සිල්වා මහ­තාද කරුණු ඉදි­රි­පත් කළහ.

Comments