ඊපී­එෆ් වංචා වාර්තාව දෙම­ස­කින් | Page 2 | සිළුමිණ

ඊපී­එෆ් වංචා වාර්තාව දෙම­ස­කින්

සේවක අර්ථ­සා­ධක අර­මු­දලේ (ඊපී­එෆ්) සිදුව ඇතැයි කියැ­වෙන වංචා හා දූෂණ පිළි­බඳ සොයා බැලෙන වෝහා­රික පරී­ක්ෂණ වාර්තාව තව මාස 2ක් ඇතු­ළත නිකුත් කෙරෙනු ඇතැයි මුදල් ඇමැති මංගල සම­ර­වීර මහතා පැවසීය.

මුදල් ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේ ඉකුත්දා මුදල් අමා­ත්‍යාං­ශයේ පැවැති විශේෂ මාධ්‍ය හමු­වේ­දීය. සේවක අර්ථ­සා­ධක අර­මු­දලේ මුදල් අව­භා­විත වී ඇත්දැයි යන්න මේ පරී­ක්ෂ­ණ­යෙන් පසු කරුණු අනා­ව­ර­ණය වනු ඇතැ­යිද මංගල සම­ර­වීර මහතා සඳ­හන් කළේය. මේ පිළි­බ­ඳව අවස්ථා ගණ­නා­ව­කදී සැක­සංකා පළ ­වන ආන්දෝ­ල­නා­ත්මක තොර­තුරු චෝදනා ඇතැ­මකු රටට ඉදි­රි­පත් කොට තිබිණි. ඒ කෙරේ අව­ධා­නය යොමු කළ රජය මේ පිළි­බ­ඳව සොයා බැලී­මට ස්වාධීන හා අප­ක්ෂ­පාතී විග­ණ­න­යක් සිදු කිරී­මට පසු­ගි­යදා පිය­වර ගෙන තිබේ.

Comments