සජිත්ට විරුද්ධ වුණු අයත් දැන් එජාපය වටා එකතු වෙලා | සිළුමිණ

සජිත්ට විරුද්ධ වුණු අයත් දැන් එජාපය වටා එකතු වෙලා

 ජන­පති අපේ­ක්ෂක සටන නම් සජිත් ප්‍රේම­දාස මහතා ජය ගත්තා. ජන­ප­ති­ව­ර­ණය ජය ගන්න ඔබ පක්ෂ­යට තිබෙන සැල­සුම් මොන­වාද?

සජිත් ප්‍රේම­දාස මහ­තාට ජන­පති අපේ­ක්ෂ­ක­ත්වය ලබා­දිය යුතුයි කියන අද­හස ඇති වුණේ මේ ර‍ෙට් පොදු ජන­තාව අත­රි­න්මයි. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී කණ්ඩා­යම, කෘත්‍යා­ධි­කාරී මණ්ඩ­ලය ඇතුළු තීන්දු තීරණ ගන්නා සිය­ලුම දෙනා මේ ජනතා මත­යට ප්‍රජා­ත­න්ත්‍ර­වා­දීව ඇහු­ම්කන් දුන්නා. මේ එක­මු­තුව ඉතා වැද­ගත්. අතී­තයේ මේ වගේම ජන­පති අපේ­ක්ෂ­ක­යන් තෝරපු සෙසු පක්ෂ අපි උදා­හ­ර­ණ­යට ගත්තොත් 1994 දී සිරි­මාවෝ මැති­නිය චන්ද්‍රිකා කුමා­ර­තුංග මැති­නි­යට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ජන­පති අපේ­ක්ෂ­ක­ත්වය ලබා දුන් අව­ස්ථාවේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය දෙද­රලා කැඩිලා බිඳිලා ගියා. චන්ද්‍රිකා මැති­නි­යට අපේ­ක්ෂ­ක­ත්වය දෙන­කොට ඊට විරුද්ධ වී එයා­ගේම මල්ලී අනුර බණ්ඩා­ර­නා­යක තවත් දාස­ය­දෙ­නෙකු සමඟ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යෙන් එළි­යට බැස්සා. ඒ අතින් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය අනු­වත්, සාමූ­හි­ක­ත්වය අනු­වත්, එක­මු­තු­කම අනු­වත් එජා­පය ඉතා­මත් ඉහළ තැනක ඉන්නවා. සජිත් ජන­පති අපේ­ක්ෂ­කයා ලෙස නම් කළ පසු ඊට කලින් ඔහුට අපේ­ක්ෂ­ක­ත්වය නොදිය යුතුයි කියා සිටි පිරිස් පවා එක රොද­කට එක මිට­කට ඒක­රාශි වී සජිත්ගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් උර දීම තමයි එජා­පයේ තියන සුවි­ශේ­ෂ­ත්වය. පක්ෂ නාය­ක­තු­මාගේ යෝජ­නාව සියලු කෘත්‍යා­ධි­කාරි මණ්ඩල සාමා­ජි­ක­යන් ඒක­ම­ති­කව අනු­මත කරලා තිය­නවා. එය පසු­ගිය 03 වැනිදා පැවැති එජාප සමු­ළු­වෙ­නුත් සම්මත වුණා.

ඒ වගේම සජිත්ට අපේ­ක්ෂ­ක­ත්වය ලැබුණු පසු විවිධ ‍හේතු මත මීට කලින් පක්ෂ­යෙන් කැඩී බිඳී ගිය විවිධ තරා­ති­ර­ම්වල පිරිස් දැන් යළිත් එජා­පය වටා එක්රොක් වෙන්න පටන් අරන් තිය­නවා. ඒක විශාල ජය­ග්‍ර­හ­ණ­යක්.

සජිත් ජන­පති අපේ­ක්ෂ­ක­ත්ව­යට නම් කිරී­මත් සමඟ මේ ර‍ෙට් දුක් විඳින පීඩිත ජන­තා­වට යම් බලා­පො­රො­ත්තු­වක් ඇති­වෙලා තිය­නවා. අස්වැ­සි­ල්ලක් ඇතිවී තිබෙ­නවා. ඒකට හේතුව තමයි සජිත්ගේ පියා රණ­සිංහ ප්‍රේම­දාස හිටපු ජන­ප­ති­ව­රයා පීඩිත අව වර­ප්‍ර­සා­දිත ජන­තාව වෙනු­වෙන් සිදු කළ අති විශාල මෙහෙ­වර. ‘ජන­ස­විය’ වැනි වැඩ­ස­ට­හන් පසුව වෙනත් නම් වලින් හැඳි­න්වු­වත් එජා­පයේ නිර්මාණ. එවැනි මෙහෙ­ව­රක් ජන­තාව සජි­ත්ගෙ­නුත් බලා­පො­රොත්තු වෙනවා. ඒ බලා­පො­රො­ත්තුව දකු­ණ­ටත්, උතු­ර­ටත්, වතු­ක­ර­ය­ටත් එක සේ බල­පා­නවා. ඒ නිසා සජිත් ජන­පති වන තුරු මේ රටේ සතර දිග් භාග­යේම ජන­තාව දෑස් අයා බලා සිටි­නවා.

ජන­ප­ති­ව­ර­ණය සජිත් ප්‍රේම­දාස මහ­තාට ජය ගන්න නම් එජා­ප­යට අම­ත­රව වෙනත් දේශ­පා­ලන පක්ෂ, බහු­ජන සංවි­ධාන, සිවිල් ක්‍රියා­කා­රින්, උග­තුන් බුද්ධි­ම­තුන් ඒක­රාශි කර­ගන්න ඕනෑ. ඒ සඳහා තිබෙන වැඩ­පි­ළි­වෙළ මොකක්ද?

පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන එක්සත් ජාතික පෙර­මුණේ සහෝ­දර පක්ෂ එජා­පය සජිත් ජන­පති අපේ­ක්ෂ­කයා ලෙස තෝරා­ග­න්නත් කලින් ඒ පක්ෂ සජිත්ව අපේ­ක්ෂ­කයා ලෙස තෝරා ගත්තා. 2015 දි මහින්ද රාජ­පක්ෂ මහ­තාට එරෙහි වූ අනෙ­කුත් සිය­ලුම පක්ෂ බහු­ජන සංවි­ධාන උග­තුන් බුද්ධි­ම­තුන් වෘත්ති­ය­වේ­දින් සජිත්ගේ ජය­ග්‍ර­හ­ණය සඳහා එක්ව සිටි­නවා. ජය­ග්‍ර­හ­ණය ලබා ගැනී­මට අවැසි ජනතා පවුර දැන් සජිත් වටා ඒක­රා­ශිවී අව­සන්.

සජිත් ජන­පති අපේ­ක්ෂ­කයා ලෙස තෝරා­ගත් පසු එජා­පයේ පිල් බෙදීම් දෙද­රීම් ඇතිව තිබෙන බව මහින්ද රාජ­පක්ෂ විපක්ෂ නාය­ක­ව­රයා කිය­නවා. ඔබ ඔහුට ‍ලබාදෙන පිළි­තුර කුමක්ද?

එජාප‍යේ කිසිම බෙදී­මක් නෑ. අපි කට­යුතු කරන්නේ සාමූ­හි­ක­වයි. එක­මු­තු­වයි. එජා­පයේ නායක, උප­නා­යක, ජාතික සංවි­ධා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රි­ව­රුන් පළාත් සභා මන්ත්‍රි­ව­රුන්, ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රි­ව­රුන් හා පාක්ෂි­ක­යන් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දිව හිතන පතන පුර­වැ­සි­යන් සමඟ අපි මැති­ව­රණ සටන ඉදි­රි­යට ගෙනි­ය­නවා. සියලු දෙනාම සක්‍රීය ලෙස ඊට දායක වෙනවා. දිනෙන් දින විවිධ පිරිස් අප හා එක්වෙ­නවා.

සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ජන­ප­ති­ව­රණ ප්‍රචා­රක රැස්වීම් ආරම්භ වන්නේ කව­දාද? කොහේ­දිද? ‍

සජිත් හැම­දාම හිටියේ ජන­තා­වත් එක්කයි. ඒ නිසා ඔහු මේ ජන­ප­ති­ව­රණ සටන දීර්ඝ කාල­යක සිට අරඹා තිබුණා. සජිත් පූර්ණ කාලී­න­වම සිටියේ ජනතා ගැටලු සම­ඟයි. මේ මැති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත් කිරී­ම­ටත් පෙර සිටම සජිත් ප්‍රේම­දාස මහතා ජන­ප­ති­ව­ර­ණ­යට සූදා­නම් වී සිටි බවයි මගේ හැඟීම.

සජිත් නාම යෝජනා බාර දුන් පසුව මහ­නු­ව­රට ගොස් දළදා වහන්සේ වැඳ පුදා­ගෙන ආශි­ර්වාද ලබා ගන්නවා. ඒ වගේම මල්වතු අස්ගිරි උභය විහා­ර­ස්ථා­න­ව­ලට ගොස් අති­පූජ්‍ය මහා­නා­යක ස්වාමින් වහ­න්සේලා බැහැ­දැක ආශි­ර්වාද ලබා ගන්නවා. පසුව අනෙ­කුත් ආග­මික සිද්ධ­ස්ථා­න­ව­ලට ගොස් ඒ ඒ ආග­මා­නු­කූල වත් පිළි­වෙ­ත්වල යෙදෙ­නවා. ඉන්ප­සුව දහ­වෙ­නිදා ගාලු මුව­දොර පිටි­යේදී දැවැන්ත ජන­රැ­ලි­යක් පව­ත්ව­නවා. එතැ­නින් තමයි ජන රැලි අර­ඹන්නේ. ඉන් අන­තු­රුව දිව­යිනේ අස්සක් මුල්ලක් නෑරම යෑමට බලා­පො­රොත්තු වෙනවා.

එජා­ප­යට එරෙ­හිව ජන­ප­ති­ව­රණ තර­ග­බි­මට එන ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට නඩු හබ හා විවිධ කකුල් මාට්ටු දමා ජන­ප­ති­ව­රණ තරග බිමෙන් ඉව­ත්කි­රීමේ ක්‍රියා­ව­ලි­යක ඔබ පක්ෂය නියු­තුව සිටින බවට ප්‍රබල චෝද­නා­වක් තිබෙ­නවා.

එක්සත් ජාතික පක්ෂ­යෙන් ගෝඨාට කොහෙ­වත් නඩු දාලා නෑ. ඔහු­ට‍ ­ඡ­න්දය ඉල්ලන්න පුළු­වන්ද බැරිද කියා නඩු­දමා තිබෙන්නේ වෙනත් පිරිස් මිස එජා­පය නෙවේ. ගෝඨා­භය රාජ­පක්ෂ කියන්නේ අපේ අපේ­ක්ෂ­කයා එක්ක හැරෙ­න්න­වත් පුළු­වන් කෙනෙක් නෙවෙයි. ඔහු ප්‍රාදේ­ශීය සභා­ව­ක­වත් මන්ත්‍රී­ව­ර­යෙක්ව සිට නෑ. තමන්ගේ අයියා ජන­පති වූ පසු ආර­ක්ෂක ලේකම් ලෙසයි ඔහු වැඩ කළේ. එයා නිල­ධා­රි­යකු මිස මහ­ජන නියෝ­ජි­ත­යකු නෙවේ.

ගාමිණි විය­න්ගොඩ හා චන්ද්‍ර­ගුප්ත තේනු­වර 2015 දී අප දුටුවේ එජාප වේදි­කාවේ සිටි එජාප හිත­වා­දින් ලෙස­ටයි.

නෑ. නෑ. ඔවුන් එජා­ප­යට කිසි­සේත් සම්බන්ධ නෑ. 2015 මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ ඒකා­ධි­පති පාල­න­යට එරෙ­හිව මේ අය හඬ නැඟුවා. එයාලා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සඳහා වූ පුර­වැසි කණ්ඩා­ය­මක්. මා හිතන්නේ එයාලා පෞද්ග­ලි­කව ගත්ත­හම සම­ස­මාජ වැනි පක්ෂ­ව­ලට සම්බන්ධ අය. එජා­ප­යට සම්බන්ධ නෑ. ඒ වුණත් මේ රාජ­පක්ෂ පවුල නැවත වතා­වක් බල­යට එන්න හද­නවා. මේ ඒකා­ධි­ප­ති­වා­ද­යට නැවත ඉඩ ලබා­දිය යුතු නෑ කියලා ඔවුන් හිත­නවා ඇති. අධි­ක­ර­ණ­යට යන්න ඕනෑම කෙනෙ­කුට අයි­ති­යක් තිය­නවා. එයාලා හිත­නවා නම් ගෝඨා­භය ඇම­රි­කානු පුර­වැ­සි­යෙක් කියා. ඒ ප්‍රශ්නය විසඳා ගන්න ඇත්ත යුක්තිය දිනා ගන්න ඕනෑම පුර­වැ­සි­යෙ­කුට අධි­ක­ර­ණ­යට යන්න පුළු­වන්. අපිට නම් ගෝඨා­භය තර­ග­යක් නොවේ.

ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට යම් ලෙස­කින් ජන­ප­ති­ව­ර­ණ­යට තරග කළ නොහැකි වුණොත් ඔවුන්ගේ ඊළඟ තේරීම් චමල් රාජ­පක්ෂ මහ­තායි. ඔහුට මුහුණ දෙන්න එජා­පය සූදා­නම්ද?

පොදු­ජන පෙර­මු­ණට ඔය රාජ­ප­ක්ෂ­ලා­ගෙන් තොරව අපේ­ක්ෂ­ක­යෙක් නෑ. කෑම මේස­යේදී සාකච්ඡා කරලා එයාලා එක එක වෙලා­වට එක එක රාජ­ප­ක්ෂලා ඉදි­රි­පත් කර­නවා. මේ පවු­ල්වාදී දේශ­පා­ල­නය අව­සන් කරන්න ඕනෑ. 2015ට පෙර ඔය රාජ­පක්ෂ පවුල ජන­පති, කතා­නා­යක, ඇමැති තන­තුරු ආදී තන­තුරු ගණ­නා­වක් දැරුවා. එජා­පය පවු­ල්වාදී පක්ෂ­යක් නොවේ. එජා­පය ඩී.එස්. ගෙන් පටන් ගෙන ඩඩ්ලි සේනා­නා­යක, සර් ජෝන් කොත­ලා­වල, ජේ.ආර්. ජය­ව­ර්ධන, ආර්. ප්‍රේම­දාස, ඩී.බී, විජේ­තුංග වගේම අපි ගිය වර මෛත්‍රි­පාල සිරි­සේන මහතා පොළො­න්න­රුවේ ගොවි­යෙ­කුට සහාය දුන්නා. රනිල් වික්‍ර­ම­සිංහ මහතා පක්ෂයේ නාය­කයා ලෙස කට­යුතු කර­නවා. අපේ අය පවු­ලෙන් තෝරපු නාය­කයෝ නෙවේ. ජනතා මත­යෙන් තේරුණු නාය­කයෝ. අද සජිත් ප්‍රේම­දාස මහ­තාට ජන­පති අපේ­ක්ෂ­කයා වරම් ලැබී තියෙන්නේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ජනතා ඉල්ලී­ම්ව­ලට අ‍ෙප් පක්ෂය හිස නමන නිසයි.

මේ දින­වල වර්ජන රැල්ලක් රට පුරා ක්‍රියා­ත්මක වෙනවා. මේ වර්ජන රැල්ල විස­ඳී­මට ඇයි ආණ්ඩුව පිය­ව­රක් නොගන්නේ?

මේ වෙලාවේ වර්ජන රැල්ලක් ඇති කරලා තියෙන්නේ පොදු­ජන පෙර­මු­ණට පක්ෂ­පාතී වෘත්තීය සමි­තියි. මේ වෘත්තීය සමි­ති­ව­ලට වර්ජ­නය කරන්න තිබුණේ මහින්ද රාජ­පක්ෂ බලයේ ඉන්න කාලෙයි. මහින්ද රාජ­පක්ෂ ඇතුළු කණ්ඩා­ය­මයි මේ වර්ජ­නය මෙහෙය වන්නේ. වර්ජන කරලා ආණ්ඩු වෙනස් කරන්න හද­නවා නම් ඒක එයා­ලට වෙච්ච වැර­දී­මක්. රටේ ජන­තාව දන්නවා වර්ජන පිටු­පස ඉන්නෙ කවුද කියලා. වර්ජ­න­ව­ලින් අප­හ­සු­තා­වට පත්වන්නේ රටේ මහ­ජ­න­තා­වයි. මහ­ජ­න­තාව අස­රණ කරලා ඡන්දය ගන්න ඉන්නවා නම් ඒක වැර­දී­මක්. අනික රාජ්‍ය සේව­යට සීයට එක­සි­ය­හ­තක වැටුප් වැඩි කළේ එජාප රජ­යයි. මේ රජය තරම් පඩි වැඩි කළ රජ­යක් නෑ.

වර්ජන රැල්ලට එරෙ­හිව ජන­තාව විරෝ­ධය පළ කළත් ඒ විරෝ­ධ­යට ආණ්ඩුව වේදි­කා­වක් හදලා නැත්තේ ඇයි?

මහින්ද රාජ­ප­ක්ෂලා වගේ අපි ඒකා­ධි­පති පාල­න­යක් ගෙනි­යන්නේ නෑ. සාධා­රණ ඉල්ලී­ම්ව­ලට අපි ඇහු­ම්කන් දෙනවා. ඒත් එදා මහින්ද පාලන සමයේ රතු­ප­ස්වල පිරි­සුදු වතුර ඉල්ලපු ජන­තා­වට වෙඩි තියලා මැරුවා. අර්ථ­සා­ධක අර­මු­දල ආරක්ෂා කර­ගන්න උද්ඝෝ­ෂණ කළ රොෂේන් චාන­කට වෙඩි තියලා මැරුවා. අඩු මිලට භූමි­තෙල් ටිකක් ඉල්ලපු ඇන්ටනී නැමති ධීවර කාර්මි­ක­යාව වෙඩි තබා මැරුවා. එහෙම පාල­න­යක් අපි ගෙනි­යන්නේ නෑ. වර්ජ­ක­යන්ට අපි කියන්නේ දේශ­පා­ලන අත­කොළු වෙන්න එපා. අපි ලබා දී ඇති නිද­හස වැරදි විදි­යට භුක්ති විඳින්න එපා කිය­ලයි.

 

Comments