ජනා­ධි­ප­ති­ව­රණ සට­නට මුහුණ දෙන ඇත්තන්ගේ වග­තුග | සිළුමිණ

ජනා­ධි­ප­ති­ව­රණ සට­නට මුහුණ දෙන ඇත්තන්ගේ වග­තුග

 

පේ රටේ මේ වන විට විධා­යක ජනා­ධි­ප­ති­ව­රුන් තෝරා පත්කර ගැනීමේ මැති­ව­රණ හතක් ම පවත්වා තිබේ. ඒ 1982, 1988, 1994,1999, 2005, 2010 සහ 2015 වර්ෂ­ව­ල­දීය. අට­වැනි ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වී­මට නිය­මි­තව ඇත්තේ නොවැ­ම්බර් 16 වෙනි­දා­ටය. එදි­නට ජන­තා­වගේ මනා­ප­යෙන් ජනා­ධි­ප­ති­ව­න්නට සූදා­න­මින් සිටින අපේ­ක්ෂ­ක­යින්ට මැති­ව­රණ කොමි­ස­මට නාම­යෝ­ජනා බාර­දී­මට දින නිය­මව ඇත්තේ එළ­ඹෙන සදු­දා­ට ය; එනම් හෙට දින ය. ඒ වෙනු­වෙන් ඉකුත් සිකු­රාදා වන විට දේශ­පා­ලන පක්ෂ­ව­ලින් සහ ස්වාධි­නව ඉදි­රි­ප­ත්වන අපේ­ක්ෂ­ක­යන් 30කට වැඩි පිරිසක් මැති­ව­රණ කොමි­ස­මට ඇප මුදල් තැන්ප­ත්කර තිබුණි.

මැති­ව­රණ කොමි­සම සද­හන් කරන ආකා­ර­යට අනුව අද (06) මධ්‍ය­හන 12.00 දක්වාම අපේ­ක්ෂ­ක­යන්ට ඇප මුදල් තැන්පත් කිරී­මට හැකි­යාව ඇත්තේය. ඒ අනුව ජනා­ධි­ප­ති­ව­ර­ණයේ අපේ­ක්ෂ­ක­ත්වය වෙනු­වෙන් ඇප මුදල් තැන්පත් කළ අපේ­ක්ෂ­ක­යන්ගේ ගණන වැඩි­වනු මිස අඩු නොවනු ඇත. සිකු­රාදා වන විට ජනා­ධි­පති ධුර­යට නාම යෝජනා බාර­දීමේ අපේ­ක්ෂා­වෙන් ඇප මුදල් තැන්පත් කළ අපේ­ක්ෂ­ක­යන්ගෙන් 14 දෙනෙකුට වැඩි පිරිසක් ඉදි­රි­පත් වන්නේ පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ වලිනි. 14කට වැඩි පිරිසක් ඉදි­රි­ප­ත් වන්නේ ස්වාධි­න­වය.

මුල්ම ඇප මුදල

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ස්වාධි­නව අපේ­ක්ෂ­ක­යන් ලෙස ඉදි­රි­ප­ත් වී­මට අව­ස්ථාව හිමි වන්නේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රු­න්ට ය. ඊට අම­ත­රව ලියා­ප­දිංචි නොකළ දේශ­පා­ලන පක්ෂ­ය­කින්ද අපේ­ක්ෂ­ක­යෙක් වෙනු­වෙන් මෙවර ඇප මුදල් තැන්පත් ඇත. එම අපේ­ක්ෂ­කයා වන්නේ ජනතා විමුක්ති පෙර­මුණේ නායක අනුර කුමාර දිසා­නා­යක මහ­තා ය. ඔහු වෙනු­වෙන් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ ජාතික ජන­බල වේගය නැමැති ලියා­ප­දිංචි නොවූ පක්ෂ­යෙනි.

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අපේ­ක­ෂ­ක­යෙක් ලෙස ඉදි­රි­පත් වීමට මුලින්ම ඇප මුදල් තැන්පත් කරන්නේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යෙක් වන කැට­ගො­ඩගේ ජයන්ත පෙරේරා මහ­තා ය. ස්වාධින අපේ­ක්ෂ­ක­යෙක් ලෙස ඔහු ඇප මුදල් තැන්පත් කිරී­මෙන් අන­තු­රුව හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යෙක් වූ සිරි­පාල අම­ර­සිංහ මහ­තා ද ස්වාධින අපේ­ක්ෂ­ක­යෙක් ලෙස ඇප මුදල් තැන්පත් කළේය. ශ්‍රී ලංකාවේ සමා­ජ­වාදී පක්ෂයේ අපේ­ක්ෂි­කා­වක් ලෙස ආචාර්ය අජන්තා විජේ­සිංහ පෙරේරා මහ­ත්මිය ඇප මුදල් තැන්පත් කර­න්නේද ඒත් සමඟ ම ය. මේ තිදෙ­නාම ඇප මුදල් තැන්පත් කරන්නේ මැති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත්කර පැය 24 ක් ඉක්ම යන්නට මත්තෙනි.

ආචාර්ය අජන්තා පෙරේරා මහ­ත්මි­යගේ අපේ­ක්ෂ­ක­ත්වය මෙවර විශේ­ෂි­තය. ඒ වසර 20 කට පසු ජනා­ධි­පති ධුර­යට අපේ රටේ කාන්තා­වක් තරග කරන්නේ මෙවර වන බැවිනි. අව­ස­න්ව­රට කාන්තා­වක් ජනා­ධි­ප­ති­ධු­ර­යට තර­ග­කර ඇත්තේ 1999 වස­රේ­දීය. ඒ චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මි­යයි. මෙවර භික්ෂූන් වහන්සේ දෙන­මක්ම ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග කිරී­මට අපේ­ක්ෂා­වෙන් ඇප මුදල් තැන්ප­ත්කර තිබේ. ඒ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යෙක් වන අප­රැක්කේ පඤ්ඤා­නන්ද සහ ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­රත්න යන හිමි­ව­රුන්ය. සීල­ර­තන හිමි­යන් මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­ප­ත්වන්නේ තෙවැ­නි­ ව­ර­ටය.

එක්සත් සමා­ජ­වාදී පක්ෂයේ මෙව­රත් ජනා­ධි­ප­ති­ධුර අපේ­ක්ෂ­කයා ලෙස ඇප මුදල් තැන්ප­ත්කර ඇත්තේ එම පක්ෂයේ නායක සිරි­තුංග ජය­සූ­රිය මහ­තාය. ඔහු මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­ක­යෙක් ලෙස ඉදි­රි­පත් වන්නේ සිව්වැනි වතා­ව­ටය. ඒ අනුව මෙවර මැති­ව­ණ­යෙන් පසු විධා­යක ජනා­ධි­ප­ති­ධූ­ර­යට ඉති­හා­සයේ වැඩිම වාර ගණ­නක් තරග කර ඇති අපේ­ක්ෂ­කයා වන්නේ සිරි­තුංග ජය­සූ­රිය මහ­තාය.

ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ ඒ.එස්.පී. ලිය­නගේ සහ නව සිහළ උරු­මයේ නායක සරත් මන­මේන්ද්‍ර යන මහ­ත්ව­රුන්ද මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඇප මුදල් තැන්ප­ත්කර ඇත්තේ තෙවැ­නි­ ව­ර­ටය. ප්‍රජා­ත­න්ත්‍ර­වාදී එක්සත් ජාතික පක්ෂයේ ආරි­ය­වංශ දිසා­නා­යක, සමා­ජ­වාදී සමා­නතා පක්ෂයේ වජි­ර­පානි විජේ­සි­රි­ව­ර්ධන සහ ස්වාධින අපේ­ක­ෂ­ක­යෙක් වන හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී අනු­රුද්ධ පොල්ග­ම්පොල යන මහ­ත්වරු මෙවර ජනා­ධි­පති ධුර අපේ­ක්ෂ­ත්ව­යට ඇප මුදල් තැන්ප­ත්කර ඇත්තේ දෙවැනි වර­ටත් ජනා­ධි­ප­ති­ධුර අපේ­ක්ෂ­ක­ත්වය වෙනු­වෙනි.

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඇප මුදල් තැන්පත් කර ඇති සෙසු ස්වාධින අපේ­ක්ෂ­ක­යන් වන්නේ හිටපු මන්ත්‍රී­ව­ර­යෙක් වන මිල්රෝයි ප්‍රනාන්දු, සම­න්සිරි හේරත්, විජිත කුමාර කීර්ති­රත්න,සම­ර­වීර වීර­වන්නි සහ අශෝක වඩි­ග­මං­ගාව යන මහ­ත්ව­රුන් ය. ඊට අම­ත­රව නව සම සමාජ පක්ෂ­යෙන් බැද්දේ­ග­මගේ නන්දි­මිත්‍ර, ජාතික සංව­ර්ධන පෙර­මු­ණෙන් රොහාන් පල්ලෙ­වත්ත සහ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණෙන් ගෝඨා­භය රාජ­පක්ෂ, අපේ ජන­බල පක්ෂ­යෙන් වැලි­සර ගමගේ ප්‍රසන්න පෙරේරා යන මහ­ත්වරු ද ඇප මුදල් තැන්පත් කර ඇත.

ප්‍රධාන අපේ­ක්ෂ­කයෝ

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී බොහෝ දෙනාගේ අව­ධා­න­යක් යොමුව ඇත්තේ ගෝඨා­හය රාජ­පක්ෂ සහ සජිත් ප්‍රේම­දාස යන මහ­ත්ව­රුන් දෙස­ටය. ජනා­ධි­පති ධුරය වෙනු­වෙන් තර­ගය ඇත්තේ ඔවුන් දෙදෙනා අත­රය. සජිත් ප්‍රේම­දාස මහතා වෙනු­වෙන් ඇප මුදල් තැන්පත් වූයේ ඉකුත් සිකු­රා­දා ය. මෙදිනම සිහලදීප ජාතික පෙරමුණේ ජයන්ත ලියනගේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මු­ණෙනි. ජාතික ජනතා ව්‍යාපාරය වෙනුවෙන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක, පෙරටුගාමි පක්ෂය වෙනුවෙන් දුමින්ද නාගමුව යන මහත්වරු ඇප මුදල් තැන්පත් කර ඇති අතර බසීර් සේගුදාවුද්, පියසිරි විජේනායක, මහාචාර්ය රජීවි විජේසිංහ යන මහත්වරු ස්වාධීන අපේක්ෂකයන් ලෙස දහවල් වන විට ඇප මුදල් තැන්පත් කර තිබේ. සවස් වන විට තවත් පිරිසක් ඇප මුදල් තැන්පත් කර තිබුණි. මැති­ව­රණ ඉති­හා­සය පිරි­ස්සී­මේදී පෙනී යන ආකා­ර­යට විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක අපේ­ක්ෂ­ක­ත්වය වෙනු­වෙන් වැඩිම පිරි­සක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේද මෙව­රය. එසේම වැඩිම ස්වාධින අපේ­ක්ෂ­ක­යන් පිරි­සක් ඇප මුදල් තැන්ප­ත්කර ඇත්තේද මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­ට ය. පෙනී යන ආකා­රය අනුව ජනා­ධි­ප­ති­ව­රණ ඉති­හා­සයේ වැඩිම අපේ­ක්ෂ­ක­යන් පිරි­සක් තරඟ කරන මැති­ව­ර­ණය බවට පත්වී­මට ඉඩ ඇත්තේ ද මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේ­දීය.

මැති­ව­රණ මහ ලේකම් කාර්යා­ලයේ තොර­තු­රු­ව­ලට අනුව මෙතෙක් වැඩිම අපේ­ක්ෂ­ක­යන් පිරි­සක් ජනා­ධි­ප­ති­ධු­ර­යට තරග කළ මැති­ව­ර­ණය ලෙස සැලකෙන්නේ 2010 වසරේ ජන­වාරි 26 වෙනිදා පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යයි. එම මැති­ව­ර­ණ­යට ජනා­ධි­ප­ති­ධුර අපේ­ක­ෂ­ක­යින් 22 දෙනෙක් ඉදි­රි­පත් වී තිබුණි. එක්සත් ජනතා නිද­හස් සන්ධා­න­යෙන් මහින්ද රාජ­පක්ෂ සහ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මු­ණෙන් සරත් ෆොන්සේකා එම මැති­ව­ර­ණ­යේදී දේශ­පා­ලන පක්ෂ අපේ­ක්ෂ­ක­යෝ වූහ.

ප්‍රබල ප්‍රති­වා­දීන්

එම මැති­ව­ර­ණය නිය­මිත ආකා­ර­යට පැවැ­ත්වී­මට නිය­මි­තව තිබුණේ 2010 වසර අග­දී ය. එහෙත් 2005 වස­රේදී පස්වැනි විධා­යක ජනා­ධි­ප­ති­ධු­ර­යට තේරී පත්වුණු මහින්ද රාජ­පක්ෂ මහතා ව්‍යව­ස්ථා­නු­කූ­ලව නවමු ජන­ව­ර­මක් එවර උරගා බලන්නේ වස­ර­කට පෙරය. එම ජනා­ධි­ප­ති­ව­ර­ණය 2009 වසරේ නොවැ­ම්බර් 23 වෙනිදා ප්‍රකා­ශ­යට පත්ක­රන අතර දෙසැ­ම්බර් 17 වෙනිදා නාම යෝජනා බාර ගන්නා ලදි. එම ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රබ­ල­තම ප්‍රති­වා­දියා බවට පත්වන්නේ ඔහු යටතේ සිටි හමු­දා­ප­ති­ව­ර­යෙක් වූ සරත් ෆොන්සේකා මහ­තා ය. එවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට එක්සත් ජාතික පක්ෂය අපේ­ක්ෂ­ක­යෙක් ඉදි­රි­පත් නොකළ අතර ඔවුන් සහය පළ­ක­රනු ලැබුවේ සරත් ෆොන්සේකා මහ­තා­ට ය. එබැ­වින් ජනා­ධි­ප­ති­ව­ර­ණය පුරා­ව­ටම තර­ගය පැවැ­තියේ ඔවුන් දෙදෙනා අත­ර ය. එවර ජනා­ධි­ප­ති­ව­ර­ණෙ­යෙන් මහින්ද රාජ­පක්ෂ මහතා සමස්ත ඡන්ද ප්‍රමා­ණ­යෙන් සිය­යට 57.88 ක් හිමි­ක­ර­ ග­නි­මින් නැව­තත් සිය බලය තහ­වු­රු­කර ගන්නා අතර සරත් ෆොන්සේකා මහ­තාට හිමි­වන්නේ සිය­යට 40.15ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් පමණි. සෙසු අපේ­ක්ෂ­ක­යන් විසි දෙනා­ගේම සමස්ත ප්‍රති­ශ­තය වූයේ 1.97 ක් පමණි.

2010 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ජය­ගත් මහින්ද රාපක්ෂ මහතා දෙවැනි ධුර කාල­යට දිවු­රුම් දෙන්නේ වසර හයක පළමු ධුර කාලය අව­සන් වූ 2010 නොවැ­ම්බර් 19 වෙනි­දාය. ඒ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ මත විම­සු­ම­කින් අන­තු­රු­වය. ඒ අනුව මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ දෙවැනි ධුර කාලය ආර­ම්භ­වූයේ 2010 වසරේ නොවැ­ම්බර් සිට ය. එතැන් සිට 2016 වසර දක්ව ජනා­ධි­ප­ති­ධු­රය වසර හයක් දැරී­මට මහින්ද රාජ­පක්ෂ මහ­තාට අව­ස්ථාව හිමි වූවත් ඔහු වසර දෙක­කට පෙර නැව­තත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් ප්‍රකා­ශ­යට පත් කරන්නේ 2014 වසරේ නොවැ­ම්බර් 24 වෙනි­දාය. ඒ සිය ජන­ප්‍රි­ය­භා­වය නැවත වරක් උරගා බැලී­ම­ටය. දෙව­රක් ම ජනා­ධි­පති ධුරය දරා සිටි ඔහුට ඒ සඳහා අව­ස්ථාව උදා­වන්නේ 18 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය හර­හා ය. ඒ එම සංශෝ­ධ­න­යෙන් ජනා­ධි­ප­ති­ධුර දැරී­මට තිබුණු සීමා ඉවත් කර තිබුණු බැවිණි.

මැති­ව­රණ මහ ලේකම් කාර්යා­ලය විසින් හත්වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වී­මට දින නියම කරන්නේ 2015 ජන­වාරි 08 වෙනි­දා­ටය. නාම­යෝ­ජනා භාර­ගන්නේ 2014 වසරේ දෙසැ­ම්බර් 08 වෙනි­දා ය. මෙතෙක් පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණ­ව­ලදී වැඩි­යෙන්ම දෙවැනි තැනට අපේ­ක්ෂ­ක­යන් ඉදි­රි­පත් වූ ජනා­ධි­ප­ති­ව­ර­ණය වන්නේ ඒ මැති­ව­ර­ණ­යයි. අපේ­ක්ෂ­ක­යඑන් 19 දෙනෙක් එවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් විය. මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ අර­මුණ වන්නේ එම ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ජය­ග්‍රහ­ණය ලබා එක දිගට වසර අටක් ජනා­ධි­පති ධුරයේ රැදී සිටි­න්න­ට ය. ඒ ඔහුට ඒ සදහා නීති­මය ප්‍රති­පා­දන හිමිව තිබුණු බැවිණි.

ජනා­ධි­ප­ති­ව­රණ ඉති­හා­සය

එවර ජනා­ධි­ප­ති­ව­ර­ණයේ මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රති­වා­දියා වූයේ ඔහු නියෝ­ජ­නය කළ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යේම මහ ලේක­ම්ව­ර­යාව සිටි මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාය. මහින්ද රාජ­පක්ෂ මහ­තාට එරෙ­හිව පොදු අපේ­ක්ෂ­ක­යෙක් ලෙස මෛත්‍රී­පාල සිරි­සේන මහතා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන්නේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මු­ණෙනි. මහින්ද රාජ­පක්ෂ මහතා ඉදි­රි­පත් වන්නේ සුපු­රුදු ලෙසම එක්සත් ජනතා නිද­හස් සන්ධා­න­යෙනි.

රටේ තීර­ණා­ත්මක මැති­ව­ර­ණ­යක් වූ එම ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් බොහෝ අය සිතුවේ මහින්ද රාජ­පක්ෂ මහතා විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් හිමි­කර ගනු ඇතැයි කියාය. එහෙත් අව­සා­නයේ ජනා­ධි­පති ධුරය හිමි­කර ගන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සිවිල් සංවි­ධාන විසින් ජනා­ධි­පති ධුර­යට ගෙන ආ පොදු අපේ­ක්ෂ­කයා වූ මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාය. හත්වැනි විධා­යක ජනා­ධි­ප­ති­ධු­ර­යට ඔහු පත්වන්නේ සිය­යට 51.28 ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා ගනි­මිණි. මහින්ද රාජ­පක්ෂ මහතා එ් මැති­ව­ර­ණ­යේදී හිමි­වන්නේ සිය­යට 47.58 ක ඡන්ද ප්‍රති­ශ­ත­යකි. සෙසු අපේ­ක්ෂ­ක­යන් 17 දෙනාට බෙදී යන්නේ සිය­යට 1.14 ක් තරම් සුළු ඡන්ද ප්‍රති­ශ­ත­යක් පමණි.

පළමු විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­ණය

මෙරට ඉති­හා­සයේ පළමු විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වෙන්නේ 1982 වර්ෂ­යේ­දීය. 1982 වසරේ සැත්තැ­ම්බර් 17 වෙනිදා නාම යෝජනා භාර ගන්නා අතර මැති­ව­ර­ණය පැවැ­ත්වෙන්නේ ඔක්තෝ­ම්බර් 20 වෙනි­දා ය. එක්සත් ජාතික පක්ෂ­යෙන් ජේ.ආර්. ජය­ව­ර්ධන මහ­තාත්, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යෙන් හෙක්ටර් කොබ්බෑ­ක­ඩුව මහ­තාත්, ජනතා විමුක්ති පෙර­මු­ණෙන් රෝහණ විජේ­වීර මහ­තාත්, සමස්ත ලංකා දෙමළ කොංග්‍ර­ස­යෙන් කුමාර් පොන්න­ම්බ­ලම් මහ­තාත්, ලංකා සම සමාජ පක්ෂ­යෙන් කොල්වින් ආර් ද සිල්වා මහ­තාත්, නව සම සමාජ පක්ෂ­යෙන් වාසු­දේව නානා­ය­ක්කාර මහ­තාත් ජනා­ධි­ප­ති­ධු­රය සදහා තරග කළහ. එම මැති­ව­ර­ණයේ ජය­ග්‍රා­හ­කයා ජේ.ආර්. ජය­ව­ර්ධන මහ­තාය. ඔහු සිය­යට 52.91ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් හිමි­කර ගත්තේය. හෙක්ටර් කොබ්බෑ­ක­ඩුව මහතා හිමි­කර ගන්නේ සිය­යට 39.07 ක ඡන්ද ප්‍රති­ශ­ත­යකි. රෝහණ විජේ­වීර මහතා හිමි­කර ගන්නේ සිය­යට 4.19 ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් පමණි. කුමාර පොන්න­ම්බ­ලම් මහ­තාට හිමි­වන්නේ සිය­යට 2.67 ක ඡන්ද ප්‍රති­ශ­ත­යකි. අඩුම ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලැබෙන්නේ කොල්වින් ආර්. ද සිල්වා සහ වාසු­දේව නානා­ය­ක්කාර යන මහ­ත්ව­රු­න්ටය. ඒ පිළි­වෙ­ලින් සිය­යට 0.90 සහ සිය­යට 0.26 වශ­යෙනි.

දෙවැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වෙන්නේ 1988 වස­රේ­දීය. එකල රටම පව­තින්නේ ගිනි ජාලා­ව­කට මැදි­වය. දෙවැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා නාම යෝජනා කැද­වන්නේ 1988 වසරේ නොවැ­ම්බර් 10 වෙනි­දාය. මැති­ව­ර­ණය පැවැ­ත්වෙන්නේ දෙසැ­ම්බර් 19 වෙනි­දාය. මෙතෙක් පැවැති විධා­යක ජනා­ධි­ප­ති­ව­රණ ඉති­හා­සයේ අඩුම අපේ­ක්ෂ­ක­යන් පිරි­සක් ඉදි­රි­පත් වූ මැති­ව­ර­ණය ලෙස සැල­කෙන්නේ මෙම ජනා­ධි­ප­ති­ව­ර­ණ­යයි. එක්සත් ජාතික පක්ෂ­යෙන් රණ­සිංහ ප්‍රේම­දාස මහ­තාත්, ශ්‍රීලංකා නිද­හස් පක්ෂ­යෙන් සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­ණි­යත්, ශ්‍රී ලංකා මහ­ජන පක්ෂ­යෙන් ඔසී අබේ­ගු­ණ­සේ­කර මහ­තාත් එදා මැති­ව­ර­ණ­යට තරග කරනු ලැබීය. ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් දෙදෙනා වූයේ රණ­සිංහ ප්‍රේම­දාස මහතා සහ සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­ණි­යත් ය. දෙදෙ­නා­ගේම ඡන්ද පොරො­න්දු­වක් වූයේ ඉන්දු ලංකා ගිවි­සුම අව­ලංගු කර­මින් ඉන්දීය හමු­දා­වන් මෙර­ටින් පිටත් කරන බවකි. එම මැති­ව­ර­ණ­යෙන් ජනා­ධි­ප­ති­ධු­ර­යට පත්වන්නේ රණ­සිංහ ප්‍රේම­දාස මහ­තාය. ඒ සිය­යට 50.43 ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා ගනි­මිනි. සිරි­මාවෝ බණ්ඩාර නායක මැති­ණිය විසින් ලබා­ගන්නේ සිය­යට 44.95 ක ඡන්ද ප්‍රති­ශ­ත­යකි. ඔසී අබේ­ගු­ණ­සේ­කර හිමි­වන්නේ සිය­යට 4.63 ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් පමණි. එම මැති­ව­ර­ණ­යේදී උතුරු නැගෙ­න­හිර එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේ­ශයේ වැසි­යන්ගේ ඡන්දය ප්‍රකාශ නොවීම විශේ­ෂ­ත්ව­යකි.

තෙවැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වෙන්නේ 1994 වස­රේ­දීය. එම ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වෙන විට විධා­යක ජනා­ධි­ප­ති­ධු­රය දරන්නේ ඩිංගිරි බණ්ඩා විජේ­තුංග මහ­තාය. ඒ රණ­සිංහ ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­ව­රයා ජනා­ධි­ප­ති­ව­රයා 1993 වසරේ මැයි 01 වෙනිදා පැවැති මැයි රැලිය අතර තුර ත්‍රස්ත­වා­දීන්ගේ බෝම්බ­ය­කට ගොදුර වන බැවිනි. එහිදී එව­කට හිටපු අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාවූ ඩිංගිරි බණ්ඩා විජේ­තුංග මහතා රණ­සිංහ ප්‍රේම­දාස මහ­තාගේ අභා­ව­යෙන් හිස්වූ ජනා­ධි­ප­ති­ධු­රය පත් කෙ­රෙන්නේ පාර්ලි­මේ­න්තුවේ බහු­ත­ර­ය­කගේ කැමැත්ත මතය. ඒ අනුව මෙරට තෙවැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා වූයේ ඩිංගිරි බණ්ඩා විජේ­තුංග මහ­තාය.

දෙවැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පත්වූ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ වසර හයක ධුර කාලය අව­සන් වන්නේ 1994 වස­රේ­දීය. ඩිංගිරි බණ්ඩා විජේ­තුංග ජනා­ධි­ප­ති­ව­රයා තීර­ණය කරන්නේ දේශ­පා­ල­න­යෙන් විශ්‍රාම ගන්න­ටය. එබැ­වින් සිව්වැනි විධා­යක ජනා­ධි­පති ධුර­යට තර­ග­ක­ර­න්නට එක්සත් ජාතික පක්ෂ­යෙන් අව­ස්ථාව හිමි­වන්නේ හිමි­වන්නේ එජා­පයේ පෙර­ලි­කා­ර­යෙක් වන ගාමිණි දිසා­නා­යක මහ­තා­ටය. ඔහුගේ ප්‍රබ­ල­තම ප්‍රති­වා­දියා වන්නේ චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මැති­ණි­යයි. සිය සැමියා වූ විජය කුමා­ර­තුංග මහ­තාගේ ඝාත­න­යෙන් පසු එංග­ල­න්තයේ වැඩි කාල­යක් ජීවත් වූ ඇය මෙර­ටට ගෙන්වා ගන්නේ ඒ වන විට වැටී සිටි ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට ජීව­යක් ගෙන දෙන්න­ට ය.

ඒ පැමිණි ඇය 1993 වසරේ පැවැති පළාත් පාලන මැති­ව­ර­ණයේ බස්නා­හිර පළාත් මහ ඇමති අපේ­ක්ෂි­කාව වන්නේ මෙරට ඉති­හා­සයේ කාන්තා­වක් මහ ඇම­ති­නිය බව­ටද පත්වෙ­මිනි. ඇගේ ඒ දේශ­පා­ලන ගමන මහ ඇමති ධුර­යෙන් නොනැ­ව­තුනි. 94 වසරේ අගෝ­ස්තුවේ පැවැති මහා මැති­ව­ර­ණයේ අග­මැති අපේ­ක්ෂි­කාව වූයේ ඇයය. ලෝකයේ ප්‍රථම අග්‍රා­මා­ත්‍ය­ව­රි­යගේ දිය­ණිය එම මැති­ව­ර­ණ­යෙන් ශ්‍රී ලංකාවේ අග්‍රා­මා­ත්‍ය­ධු­ර­යට පත් දෙවැනි කාන්තාව බවට පත්වන්නේ විශිෂ්ට ජය­ග්‍රහ­ණ­යක් ද සම­ගිනි. 1994 වසරේ නොවැ­ම්බර් 07 වෙනිදා පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඇය එන්නේ එකී ජය­ග්‍රහ­ණ­යන් ද සම­ඟිනි. චන්ද්‍රිකා සහ ගාමිණි හැරු­ණු­කොට තෙවැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග කළ අපේ­ක්ෂ­ක­යන් අතර තවත් අපේ­ක්ෂ­ක­යන් සිව් දෙනෙක් විය. ඒ අය අතර ශ්‍රී ලංකා ප්‍රග­ති­ශීලී පෙර­මුණේ නිහාල් ගල­ප්පත්ති, සිංහලේ මහා භුමි පුත්‍ර පක්ෂයේ හරි­ච්ච­න්ද්‍ ­වි­ජේ­තුංග යන මහ­ත්වරු දේශ­පා­ලන පක්ෂ­ව­ලින් ඉදි­රි­පත්ව සිටි අතර හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු වන ඒ.ජේ.රණ­සිංහ සහ හඩ්සන් සම­ර­සිංහ යන මහ­ත්වරු ස්වාධින අපේ­ක්ෂ­ක­යන් ලෙස ඉදි­රි­පත් ව සිටි­යහ. චන්ද්‍රකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මිය ඉදි­රි­පත් වන්නේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය කේන්ද්‍ර­ ක­ර­ග­නි­මින් බිහිවූ සංධා­න­යක් වන පොදු පෙර­මුණ යට­තේය.

එම මැති­ව­ර­ණ­යේදී චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මි­යගේ ප්‍රබ­ල­තම ප්‍රති­වා­දියා වූයේ ගාමිණී දිසා­නා­යක මහ­තාය. එහෙත් ඔහු කොළඹ තොට­ළ­ගදී 1994 වසරේ ඔක්තෝ­ම්බර් 24 වෙනිදා පැවැති මැති­ව­රණ වේදි­කා­ව­කදී ත්‍රස්ත­වා­දීන්ගේ ගොදු­රක් බවට පත්වී­මත් සමග ඇගේ ප්‍රති­වා­දියා බවට පත්වන්නේ ගාමිණි දිසා­නා­යක මහ­තාගේ බිරිඳ වජිරා ශ්‍රීමතී දිසා­නා­යක මහ­ත්මි­යයි. ඇයට එම අව­ස්ථාව ලැබෙන්නේ ජනා­ධි­ප­ති­ව­රණ පනතේ විධි­වි­ධා­න­යන්ට අනු­වය.

එම මැති­ව­ර­ණ­යෙන් චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­­තුංග මහ­ත්මිය ලබන්නේ විශිෂ්ට ජය­ග්‍රහ­ණ­යකි. දිව­යිනේ සිය­ලුම දිස්ත්‍රි­ක්වල බලය හිමි­ක­ර­ගන්නේ ඇය ය. ආසන 196 න් ඇයට ජය­ග්‍රහ­ණය හිමි­ක­ර­ග­න්නට නොහැකි වන්නේ මහි­යං­ග­නය ආස­නය පමණි. ඇය සිව්වැනි විධා­යක ජනා­ධි­ප­ති­ධු­ර­යට එ් මැති­ව­ර­ණයේ ජය­ග්‍රහ­ණ­යත් සමඟ පත්වන්නේ වාර්තා පිට වාර්තා රැසක්ද තබ­මිනි. ඒ අතර විශි­ෂ්ට­තම වාර්තාව වන්නේ ලෝකයේ ප්‍රථම විධා­යක ජනා­ධි­ප­ති­ධු­ර­යට පත් කාන්තාව ලෙස ඇය ඉති­හා­ස­යට එක්වී­මය. ඇය ඒ සඳහා ලබා­ගත් ඡන්ද ප්‍රති­ශ­තය වන්නේ සිය­යට 62.28 කි. වජිරා ශ්‍රීමතී දිසා­නා­යක මහ­ත්මිය ලබා­ගත් ඡන්ද ප්‍රති­ශ­තය වන්නේ සිය­යට 35.91 කි.

1994 වසරේ නොවැ­ම්බර් 11 වෙනිදා සිව්වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රිය ලෙස අග­වි­නි­සුරු ජී.පී.එස්.ද සිල්වා මහතා ඉදි­රියේ දිවු­රුම් දුන් චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­­තුංග මහ­ත්මි­යට වසර හයක් එම ධුරයේ රැදී සිටී­මට අව­ස්ථාව හිමිව තිබු­ණත් ඇය තීර­ණය කරන්නේ පස් වස­ර­කින් නැව­තත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කට යන්න­ටය. ඒ අනුව සිව්වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­ණය ඇය විසින් කැද­වන්නේ 1999 වසරේ ඔක්තෝ­ම්බර් 20 වෙනි­දාය. නොවැ­ම්බර් 15 වෙනිදා ජනා­ධි­ප­ති­ව­ර­ණය වෙනු­වෙන් නාම යෝජනා කැද­වන අතර ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වෙන්නේ දෙසැ­ම්බර් 21 වෙනි­දාය. එම මැති­ව­ර­ණයේ ඇගේ ප්‍රබ­ල­තම ප්‍රති­වා­දියා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාය. ඊට අම­ත­රව එම ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තවත් අපේ­ක්ෂ­ක­යන් 11 දෙනෙක්ම ඉදි­රි­පත්ව සිටි­යහ. එබැ­වින් ජය­ග්‍රහ­ණයේ වැඩි වාසිය තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ අපේ­ක්ෂ­කයා වූ රනිල් වික්‍ර­ම­සිං­හ­ටය. එහෙත් අන­පේ­ක්ෂිත ලෙස එම මැති­ව­ර­ණයේ අව­සන් රැළිය පැවැත්වූ කොළඹ පුර­හල් භුමි­යේදී දෙසැ­ම්බර් 18 වෙනිදා රාත්‍රි­යේදී එල්.ටී.ටී.ඊ.යේ මරා­ගෙන මැරෙන බොම්බ­කා­රි­ය­කගේ ප්‍රහා­ර­යෙන් තුවාල ලබන ඇයට එල්ල­ වන්නේ ජන­තා­වගේ අනු­ක­ම්පා­වය. ඒ නිසාම ඇගේ ජය­ග්‍රහ­ණයේ මාව­තද එළි­පෙ­හෙ­ළි ­වන අතර ඇය එම මැති­ව­ර­ණ­යෙන්ද ජය­ග්‍රහ­ණය ලබන්නේ සිය­යට 51.12 ක ඡන්ද ප්‍රති­ශ­තක් හිමි­කර ගනි­මිනි. රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට හිමි­වන්නේ සිය­යට 42.71 ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් පමණි.

කාන්තා­වක්

මෙරට පුද්ග­ලික විද්‍යුත් මාධ්‍ය වෙත ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කට අදා­ළව ප්‍රවෘත්ති පළ ­කි­රී­මට අව­ස­රය ලැබෙන්නේ මෙම ජනා­ධි­ප­ති­ව­ර­ණයේ වීම විශේ­ෂ­ත්ව­යකි. එම අව­ස්ථාව පුද්ග­ලික විද්‍යුත් මාධ්‍ය­යට උදා­කර දෙන්නේ චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මි­යයි. එදා පුර­හල් භුමි­යේදී එල්ල­වුණු ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් ඇගේ දකුණු ඇසට දරුණු ලෙස හානි සිදුව තිබුණු බැවින් වැඩි­දුර ප්‍රති­කාර සඳහා විදෙස් ගත­වන්නේ දෙසැ­ම්බර් 22 දාම එව­කට හිටපු අග­වි­නි­සුරු සරත් එන්.ද සිල්වා මහතා ඉදි­රියේ සිව්වැනි විධා­යක ජනා­ධි­පති ලෙස දිවු­රු­ම් දී­මෙන් අන­තු­රු­වය.

1994 වසරේ පැවැති තෙවැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ඇයට එම ධුරය දර­න්නට අව­ස්ථාව උදා­වන්නේ වසර හය­ක­ටය. ව්‍යව­ස්ථා­පිත ප්‍රති­පා­ද­න­යන්ට අනුව ඇය සිව් වැනි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන්ද ඇය ජය­ග්‍ර­හ­ණය කළේ නම් ඇයට පළමු ධුර කාල­යට හිමි සෙසු වස­රද හිමි­වනු ඇත. එම අව­ස්ථාව උදා­වන්නේ තෙවැනි ධුර කාලය අව­සන් වීමෙන් අන­තු­රුව සිව්වැනි ධුර කාල­යට ඇය විසින් දිවු­රුම් දීමෙන් පමණි. එහෙත් ඇය නැව­තත් ජනා­ධි­ප­ති­ව­රයා ලෙස දිවු­රුම් දෙන්නේ සිව්වැනි ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැති දිනට පසු­දි­නය. එබැ­වින් ඇයට පළමු ධුර කාලයේ වස­රක් අහිමි වන්නේ පස්වැනි විධා­යක ජනා­ධි­පති මැති­ව­ර­ණය 2005 වසරේ පැවැ­ත්වී­මට දින නියම වෙමිනි.

එවර ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රධාන ප්‍රති­වා­දීන් දෙදෙනා වූයේ මහින්ද රාජ­පක්ෂ සහ රනිල් වික්‍ර­ම­සිංහ යන මහ­ත්ව­රුන් ය. මහින්ද රාජ­පක්ෂ මහතා එක්සත් ජනතා නිද­හස් සන්ධා­න­යෙන් තරග කළ අතර රනිල් වික්‍ර­ම­සිංහ මහතා තරග කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ­යෙනි. එම මැති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­ක­යන් 13 දෙනෙක් ඉදි­රි­පත් වී සිටි­යහ. මුල සිටම එම මැති­ව­රණ සටනේ ඉදි­රි­යෙන්ම සිටියේ රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාය. එහෙත් අව­සා­න­යේදී තියුණු තර­ග­ය­කින් පසු පස්වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා ලෙස පත්වන්නේ මහින්ද රාජ­පක්ෂ මහ­තාය. ඔහු ලබා­ගත් ඡන්ද ප්‍රති­ශ­තය වූයේ සිය­යට 50.29 කි. රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට හිමි­වන්නේ සිය­යට 48.43 ක ඡන්ද ප්‍රති­ශ­ත­යකි. සෙසු අපේ­ක්ෂ­ක­යන් 11 දෙනා අතර බෙදී යන්නේ සිය­යට 1.28 ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් පමණි.

මෙරට විධා­යක ජනා­ධි­ප­ති­ව­රණ ඉති­හා­සය මෙසේ ලියැවී ඇතත් මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පසු එම ඉති­හා­සය වෙන­ස්වී­මට ඇති ඉඩ­කල බොහෝය. පෙනී යන ආකා­ර­යට අනුව වෙන කිසිදු ජනා­ධි­ප­ති­ව­ර­ණය නොදුටු ආකා­රයේ තියුණු තර­ඟ­යක් මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී අපේක්ෂා කළ හැකිය. මැති­ව­රණ කොමි­ස­මක් යටතේ පැවැ­ත්වෙන පළමු විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­ණය වන්නේද මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යයි. මැති­ව­රණ කොමි­සම සිය බලය භාවි­ත ­ක­රන ආකා­ර­ය ද මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට දැඩි ව බල­පානු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වා­ස­යයි.

Comments