දස දිසා මෛත්‍රිෙ­යන් කෙලෙස් නස­න්නට පුළු­වන් | සිළුමිණ

දස දිසා මෛත්‍රිෙ­යන් කෙලෙස් නස­න්නට පුළු­වන්

 

ද අපි සාකච්ඡා කරන්නේ අට්ටක නාගර සූත්‍ර දේශ­නා­වයි.අට්ටක නාගර නම් මේ සූත්‍ර­යෙන් දේශනා කරන්නේ කෙනෙ­කුගේ වාස­ස්ථා­න­යක් පිළි­බ­ඳ­වයි. අට්ටක කියන නග­රය කෙනෙ­කුගේ වාස­ස්ථා­න­යක් නැති නම් නග­ර­යක වාසය කරන කියන අද­හ­සයි මෙයින් කිය­වෙන්නේ. මේ අට්ටක නග­රයේ සිටියා දසම කියලා ගෘහ­පති කෙනෙක්. මේ ගෘහ­පති ආනන්ද ස්වාමි­න්ව­හන්සේ හමු­වී‍මට ගිහිල්ලා ආනන්ද ස්වාමී­න්ව­හ­න්සේ­ගෙන් බොහොම වටිනා ප්‍රශ්න­යක් ඇසුවා.

සියල්ල දන්න අරි­හත් සම්මා සම්බුදු රජා­ණන් වහන්සේ විසින් එක ම එක ගුණ ධර්ම­යක් දේශනා කරලා තිය­න­වාද; ඒ ගුණ­ධ­ර්මය යම් කිසි කෙනෙක් ගෘහ ජීවි­තය තුළ ඇති කර­ගෙන අප්ප­ම­ත්ත­ස්සව, අප්‍ර­මා­දීව කට­යුතු කර­නවා ද? සිහි­යෙන් යුතුව ආතා­පිනෝ කෙලෙස් තවන වීර්යෙන් යුතු ව අකු­සල් ප්‍රහා­ණය කර කුසල ධර්ම ඇති කර­ග­න්නට ඔහු කට­යුතු කර­නවා, ඒ ගුණ ධර්මය ජිවි­ත­යට එකතු කර­ගෙන. අහි­අ­ත්තස්ස කියන්නේ කාය ජීවිත නිර­පේ­ක්ෂව; කය ගැන ජීවි­තය ගැන අත­හැ­රලා කට­යුතු කර­නවා කිය­නවා කියන අද­හ­සයි. එසේ ජිවත් වන විට කෙලෙස් වලින් නිද­හස් නොවුණ සිත කෙලෙස් වලින් නිද­හස් වෙනවා නම්, කෙලෙස් ප්‍රහී­න­වෙ­නවා නම්, නූප­න්නාවූ අර­හ­ත්ත­යට පත්වෙ­නවා නම් එබඳු එකඳු ගුණ ධර්ම­යක් තිය­න­වාද කියලා ප්‍රශ්න­යක් නැඟුවා.

ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා ඔව් ගෘහ­ප­ති­තු­මණි, එකම එක ගුණ ධර්ම­යක් තිය­නවා. ඉන් පසුව මේ ගෘහ­පති තුමා ඇහුවා, මොකක්ද ඒ ගුණ ධර්මය කියලා. අර කෙලෙස් වලින් යුතු සිත කෙලෙස් නැති­වන ගුණ ධර්මය තමයි ඒ. යම් කිසි කෙනෙක් භාවනා ප්‍රථම ධ්‍යාන­යක් උප­දවා ගන්නවා නම්; යම් කිසි භාව­නා­වක් කර­නවා නම් අපි ඒ භාව­නාව වඩ­නවා නේ. උදා­හ­ර­ණ­යක් ලෙස ගත්තොත් අපි භාවනා කිරී­මේදි මේ නිවසේ සිටින අය නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුව­පත් වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා කියලා කිය­නවා. මෙය දෙව­තා­වක් තුන්ව­තා­වක් කිය­නවා.

මේ ආකා­ර‍යට මුළු ලෝකයට මෛත්‍රි කර­නවා. ඉස්සර අය එක්කො­ට­සක් තෝර­ග­ත්තාම ඒ අයට පම­ණක් දිර්ඝ වෙලා­වක් මෛත්‍රි කර­නවා. මෛත්‍රී වඩ­න­කොට සම­හර අව­ස්ථා­ව­ලදී කාම සංක­ල්පනා වලට යනවා; කරන්න හිතෙ­නවා. ඉන්පසු ඒ අව­ස්ථා‍වේදී අපි එහි ටික වෙලා­වක් ඉන්නවා, ඒ කල්ප­නාවෙ ම. ඒඅ­ව­ස්ථා­වෙදි සිහි කළත් කමක් නැහැ, කාම සංක­ල්ප­නා­වක්. කාම සංක­ල්ප­නා­වක් කියන දේ භාව­නා­වට අර­මුණු කර­ග­ත්තත් කමක් නැහැ. ආයෙ­මත් කාම සංක­ල්පනා එන­විට ඒ ආකා­ර­යට ම මෛත්‍රි­යට සිත ගන්නවා. ඉන්ප­සුව අපේ සිතට ව්‍යාපාද සංක­ල්පනා එන්නත් බැරි නැහැ . බනින්න ඕන, ගහන්න ‍ඕන, ගෙවල් කුඩු කරන්න ඕන වගේ දරුණු දේවල් හිතට එන්නේ නැහැ; භාව­නාවේ යෙදෙන වෙලා­වට. නමුත් ඇසෙන ශබ්ධත් සමඟ සංක­ල්පනා එනවා. දැන්වු­ණත් අපි ශබ්ධ­යත් සමඟ ගැටෙ­නවා.

සම­හර වෙලා­වට භාව­නාවේ යෙදෙද්දි අපිට රස්නෙයි. රස්නේ කර­ද­ර­යක් කියලා හිතෙ­නවා. කකු­ල්‍‍ ­රි­දෙ­නවා, තුන­ටිය රිදෙ­නවා කියලා හිතෙ­නවා; බෙල්ල රිදෙ­නවා කියලා හිතෙ­නවා; අක­මැ­ත්තක් ඇති­වෙ­නවා; ඒවෙ­ලාවෙ ටිකක් අපිට එපා වෙනවා. භාවනා කරද්දි අපිට සියුම් ව්‍යාපාද ශබ්ධ,වේද­නා­වට වැනි සියුම් දෙවල් ඇති­වෙ­නවා. එය ව්‍යාපා­ද­යක් කියලා තේරුම් ගන්නට ඕන, එයම භාව­නා­වේදි සිහි­පත් කර­න්නට ඕන. හුඟක් වෙලා­වට සිහි­වෙන්නේ නැහැ; වෙන ලෝක­යක වගේ ඉන්නවා. ටික වෙලා­ව­කින් තමයි සිහි­පත් වෙන්නේ.

දැන­ගත්ත මොහො‍තේ සිහි­පත් කර­න්නට ඕන ව්‍යාපා­ද­යක් කියලා. නැවත අර­මු­ණට පැමිණ මේ නිවසේ සිටින සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා..... කියලා මෛත්‍රී වඩ­න්නට ඕන. ඉන්ප­සුව එන සංක­ල්පනා ඉවත් කරන්න; එවිය අපේ සිත භාවනා අර­මුණ තුළම පිහි­ට­න්නට පටන් ගන්නවා.

කාම සංක­ල්පනා වලට යන එක අඩු වෙලා ව්‍යාපාද සංක­ල්පනා වලට යන එක අඩු වෙලා භාවනා අර­මුණු වලම සිත පිහි­ට­න්නට පටන් ගන්නවා. එසේ භාවනා අර­මුණ තුළ සිත පිහි­ටන විට අපට විර්යය ඇති­වෙ­නවා. අපිට කායික විර්යය විත­රක් මදි; සිත සමා­ධි­ගත වෙන්න ; මාන­සික වීර්යය අව­ශ්‍යයි සිත සමා­ධි­ගත වෙන්න. මාන­සික විර්යෙන් කරන්නේ කුමක්ද; භාවනා කරන වෙලාවේ සිතට එන අකු­සල ධර්ම හඳු­නා­ගෙන ඉවත් කිරි­මයි සිදු­වන්නේ. අකු­ස­ලනං ධම්මා­නම් පහා­නාය.. කාම සංක­ල්පනා ව්‍යාපාදා සංක­ල්පනා නොවෙයි මෙහි දි නිදි­ම­තක් ආවොත්, අලස කමක් ආවොත් ඒවා ප්‍රහා­නය කිරී­මයි; මෙහිදි සිදු­වෙන්නෙ. හිත එක අර­මු­ණක නැතිව සිතු­වි­ලි­වල ගමන් කර­නවා නම් එයත් ඉවත් කර­නවා නම් එයට අපි කියන්නේ උද්දච්ඡ කුකුච්ඡ කියලා. එයත් මේ මඟින් ඉවත් කර­නවා.

බුද්ධ­ර­ත්නය ධම්ම රත්නය ගැන ඇති­වෙන සැකය ඉවත් කර­න්නට පුළු­වන් මෙම­ඟින්. මේ මාන­සික විර්යෙන් කට­යුතු කරන විට අපේ සිතේ පංච නීව­රණ යට­පත් වෙලා කාම සංක­ල්පනා ව්‍යාපාද වගේම නිදි­මත, අල­ස­කම යට­පත් වෙනවා. හිත එක එක සිතු­වි­ලි­වල විසි­රෙන ස්වභා­වය නැති­වෙලා යනවා; තුනු­රු­වන් කෙරේ සැකය නැති­වෙ­නවා; පංච නීව­රණ යට­පත් වෙලා ප්‍රීතිය හට­ග­න්නවා. ඒ ප්‍රීතිය නිරා­මිස ප්‍රිති­යක්.

ඒ කියන්නේ ලෞකික දේව­ල්ව­ලින් තොරව ලබන ප්‍රීති­යක් නිසා. ඒ ප්‍රීතිය නිසාම කයට සැප­යක් මන­සට සැප­යක් දැනෙ­නවා.

එයට සුඛය කියන වච­නය යොද­නවා. මනස සැහැල්ලු වෙනවා; කය සැහැල්ලු වෙනවා. මනස කය දෙකම වලා­කු­ළක් උඩ ඉන්නවා වගේ සැහැ­ල්ලු­වක් ඇති­වෙ­නවා. ආකාසෙ ඉන්නවා ව‍ගේ දැනෙ­නවා. මේ කය සැබ­වින්ම වද­යක් බරක්. ඒ කෙලෙස් ප්‍රහීන වුණ දාට එය සැහැල්ලු වෙනවා. ඒ කායික මාන­සික සැහැ­ල්ලු­වත් සමඟ එනම් පස්ස­ද්ධි­යත් සමඟ අපේ කය සැහැල්ලු වෙනවා. ඒ නිසා සමාධි ගත­වීම සමාධි කියලා හැඳි­න්වෙ­නවා.

මේ ආකා­ර­යට සමා­ධි­ගත වීමට කිය­නවා බුද්ධ සාස­නය තුළ ප්‍රථම ධ්‍යානය කියලා. මෙහි කියපු කරු­ණු­ව­ලම ලක්ෂණ අපි පෙළ ගස්වලා බලමු. කාම සිතු­වි­ලි­ව­ලින් සිත ඉවත් වීම , විවි­ච්ඡේව කාමෙහි කාම­යක් නැත; විවිච්ඡ අකු­ස­ලෙහි ධම්මෙහි ව්‍යාපාද තීන­මිත්ත උද්දච්ඡ කුකුච්ඡ විචි­කිච්ඡා කියන අනිත් නීව­රණ හත­රින් හිත නිද­හස් වෙනවා; සවි­ථක්කං සවි­චාරං කියලා කියන්නේ විතර්ක සහි­තයි, විචාර සහි­තයි කියන අද­හ­සයි. විචාර කියන්නේ අර­මුණ තුළ හිත තිය­නවා කියන අද­හ­සයි.

භාවනා අර­මුණ තුළම හිත පව­ති­නවා. ඒ වගේ ම මෛත්‍රී වාක්‍ය­යට ම හිත යොමු වනවා කියන අද­හ­සයි. ඉන් පසුව විවේ­කඡං පිති සුතං, පංච නිව­රණ දුරු­වීම නිසා හිතට විවේ­ක­යක් දැනෙ­නවා, කායික විවේ­ක­යක් දැනෙ­නවා. ඉන්ප­සුව විවේ­කය නිසා ම විවේ­කය තිය­නවා. සුඛං කියලා කිය­න්නේ‍ ­සැ­පය තියෙ­නවා.

සිත සමාධි ගත­වීම ප්‍රථම ධ්‍යාන­යයි. මෛත්‍රී භාව­නා­වෙන් සිත සමා­ධි­ගත කර­ග­නි­මින් ඉන්ප­සුව ඒ තැනැ­ත්තාට පුළු­වන් ප්‍රථම ධ්‍යානය වඩා­ගෙන විද­ර්ශනා වඩන්න. ඉන්ප­සුව උන්ව­හන්සේ කිය­නවා නුව­නින් කල්පනා කර­නවා. ඒ කෙසේද කිය­නවා නම් ඉද­ම්පිකෝ පඨ­මින් ප්‍රථම ධ්‍යානයං අභි­සං­කතං අභි­සං­චේත ඉතං මේ ප්‍රථම ධ්‍යානය සකස් වූවකි; කවු­රුත් මවපු එකක් නොව හේතු­න්ගෙන් හට ගත් එකකි. අභි‍සං­චේත ඉතං චේත­නා­වෙන් සකස් වූවකි. ප්‍රථම ධ්‍යානය චේතනා විප්ල­ව­ය­කින් සිදු වූ දෙයක්. අපි දැන් මෛත්‍රි­යෙන් සිත පිහි­ට­ව­නවා. එය කළ­යුතු වන්නේ ධර්මයේ ඇති විදි­හට කාම සංක­ල්පනා එනවා. ව්‍යාපාද ඉවත් කර­නවා, නිදි­මත සැක සංකා ඉවත් කර­නවා. ධර්මයේ තියෙන විදි­හට අපේ චේත­නාව පව­ත්වා­ගෙන යනවා

ඉන් පසුව යංකෝ පන කිංචි අභි­සං­කතං අබි­සං­චේත ඉතං යද නිච්චං ‍නිරෝධ අබි­සං­චේත ඉතං පජා­නා­තීති යමක් හේතු­න්ගෙන් හට ගත්තා­නම් චේත­නා­වෙන් සක­ස්වුණා නම් යද නිච්චං එය අනි­ත්‍යයි. හේතුවෙන් හට­ගත්තා නම් අනි­වා­ර්යෙන් ම අනි­ත්‍යයි. ප්‍රථම ධ්‍යානය හට­ගත්තා නම් හේතුන්ගෙන් හට­ගත්ත ඒ දෙය ඒ වෙලා­වේම ප්‍රථම ධ්‍යානය නැති­වෙ­නවා. නිරෝධ ධම්මං කියලා කියන්නේ නිරුද්ධ වෙලා යන‍ ­දෙ­යක්. මෙන්න මේ විදි­හට ඔහු කෙලෙස් දුරු කිරී­මට හිත යොමු කර­නවා. සම­හර කෙන­කුට විද­ර්ශනා ව දියුණු කළාම ප්‍රහා­නය නොවු කෙලෙස් ප්‍රහා­ණ­නය වෙනවා. ඒ වගේම සම­හර අය බඹ­ලොව උපත ලබ­නවා. සියල්ල දන්න සියල්ල දත් සර්ව­ඥ­යන් වහන්සේ ඒවගේ තව දෙයක් දේශනා කරලා නැද්ද මේ කෙලෙස් නැති කරන්න කියලා. ඒ අව­ස්ථා­වේදි ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා ගෘහ­පති තුමනි දුතිය ධ්‍යානය වඩලා ‍කෙලෙස් නැති කර­න්නට පුළු­වන්. තුන්වැනි ධ්‍යානය ලබා­ගෙ­නත් කෙලෙස් නැති කරන්න පුළු­වන්; ඒව­ගේම හත­ර­වැනි ධ්‍යානය ලබා­ගෙන විද­ර්ශනා වඩ­න්නට පුළු­වන්, ගෘහ­පති තුමනි කියලා උන්ව­හන්සේ පිළි­තුරු දුන්නා. ධ්‍යාන හතර ම දේශනා කළා.

ඉතින් ආයෙත් ගෘහ­පති කිය­නවා; තවත් ක්‍රම­යක් තියෙ­නවා, ගෘහ­පති තුමනි මෛත්‍රී කරලා විද­ර්ශනා වඩ­න්නට පුළු­වන් . දස දිසා මෛත්‍රි­යයි මෙහිදී පැහැ­දිලි කරලා දෙන්නේ. දස දිසා­වට මෛත්‍රි කර­ලත් පුළු­වන් කෙලෙස් නැති කර­න්නට. දස දිසා මෛත්‍රිය කියන්නේ නැගෙ­න­හිර දිසා, නැගෙ­න­හිර අනු දිසා, දකුණු දිසාව, දකුණු අනු දිසාව, බට­හිර දිසාව, බට­හිර අනු දිසාව, උතුරු දිසාව, උතුරු අනු දිසාව, දිසා තියෙන්නේ. හරස් අතට පම­ණයි යට දිසාව, උඩ දිසාව යනු­වෙන් දිසා යන දිසා­ව­ලට හිත යොමු කර­නවා. වෛර නෙ‍ාවෙත්වා, තරහා නොවෙත්වා, සුවසේ ජිවත් වෙත්වා කියලා මෛත්‍රි ‍වඩනවා. මෛත්‍රී වඩ­න්නට පුළු­වන් මේ ආකා­ර­යට. අායෙත් අහ­නවා ධ්‍යාන වඩ­න්නට පුළු­වන්, මෛත්‍රී කර­න්නට ඕන කාම සංක­ල්පනා ඉවත් කර­මින් ව්‍යාපාද ඉවත් කර­මින් සැක සංකා මැලි­කම් ඉවත් කර­මින් ඒ මුළු දිසා­වට ම මෛත්‍රී කර­නවා. අන­න්ත­යට මෛත්‍රිය පැතිර යන හැටි පෙනී යනවා අපිට. කොච්චර දුරට තිය­නවා ද කිය­නවා ද කියල තමන්ට දැනෙන් පටන් ගන්නවා. දැනෙන්න පටන් ගන්නා තෙක් මෛත්‍රී වඩන්න පුළු­වන් නම් ඒ අව­ස්ථා­වේදි ප්‍රථම ධ්‍යාන­යට හිත යොමු වෙනවා. ඒ දිසා­වට හිත යොමු වෙනවා කියලා කියන්නේ මෛත්‍රි වඩලා ධ්‍යාන­යක් ලබා­ගන්න. එක දිසා­ව­කට එක දිගට පැය භාග­ය­ක්වත් මෛත්‍රී වඩ­න්නට ඕන. මෛත්‍රී වැඩී­මෙිදී ද්වේශයේ අඩු­වක් නැහැ.

මෛත්‍රී වඩන කොට මෛත්‍රිය පිහි­ටන තුරු එය කළ යුතුයි. බොහොම සැහැ­ල්‍ලු­වෙන් කය තබා­ගෙන මෛත්‍රී වඩ­න්නට ඕන. මෛත්‍රිය ගැන මේ විදි­හට කියලා දුන්නා කරු­ණා­වෙන් මුදි­තාව සහ උපෙ­ක්ෂා­වෙන් මෙය කළ හැකි ආකා­සා­නං­චා­ය­ත­නය, ආකිං­චා­ය­ත­නය විඥා­සා­ය­චා­ය­ත­නය ආකිං­චා­ය­ත­නය මේ තුළ සිට විද­ර්ශනා වඩන්න අමා­රුයි. ඉන්පසු කිය­නවා, ස්වාමීනි තොටු­ප­ලක් ළඟට එනවා නාන්න කෙනෙක්; ඇවිල්ලා අහ­නවා නාන තොටු­ප­ලක් කොහෙද තියෙන්නේ කියලා. තොටු පල­වල් එකො­ළ­හක් පිළි­බඳ ව කිය­නවා. ඕන තැන­කින් නාන්න කියලා යම් කිසි මාලි­ගා­ව­කට යන්න දොර­ටු­වක් විම­ස­නවා.

දොරටු කිහි­ප­යක් කිය­නවා. ඒවගේ ඔබ වහන්සේ මට එක නිවන් මඟක් ඇසුවා; මට එකො­ළ­හක් දේශනා කළා කියලා කිය­නවා. ඔහු කිය­නවා මේ දස­මට පම­ණක් නොවෙයි සමස්ත බෞද්ධ­යා­ටම මේ සූත්‍ර දේශ­නාව ඉතා වැද­ගත් වන්නේ ඒ නිසයි.

Comments