සජිත් ගෝඨාභයට අභියෝගයක් ‍ ෙනමෙයි | සිළුමිණ

සජිත් ගෝඨාභයට අභියෝගයක් ‍ ෙනමෙයි

 

ජනා­ධි­ප­ති­­ව­ර­ණ­යට තව තියෙන්නේ මාස දෙක­ක­ටත් වඩා අඩු කාල­යක් පොදු ජන­පෙ­ර­මුණේ සුදා­නම කෙබ­දුද කිව්වොත්?

අපි ඉතා­මත් හොඳින් ‍සුදානම් වෙනවා. අපි මේ වන විට රට පුරා සියලු ක්ෂේත්‍ර­යන් හි නියෝ­ජ­නය වන ජන­තාව හමු­වෙ­නවා. ධීව­ර­යන්, සමූ­ප­කාර ක්ෂේත්‍රයේ කුඩා හා මධ්‍ය පරි­මාණ වතු හිමි­යන්, රණ­වි­රු­වන්, ගම්ම­ට්ට­මින් සහ ගෙයි­න්ගෙට යන වැඩ­පි­ළි­වෙළ මේ වන­විට සාර්ථ­කව ක්‍රියා­ත්මක වෙනවා. අපි අපේ අපේ­ක්ෂ­ක­යාව කලින්ම ඉදි­රි­පත් කළා. ඒ අනුව සියලු ම කේෂත්‍ර නියෝ­ජ­නය වන නියෝ­ජි­ත­යන් හමු­වී­මට අපි කට­යුතු කර­නවා. ඒ අනුව ඉදිරි මැති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කිරීමේ සාර්ථක වැඩ­පි­ළි­ව­ලක් අපි ක්‍රියා­ත්මක කරලා තියෙ­නවා.

බහු­ත­ර­ය­කගේ කැමැත්ත අනුව එජා­පයේ කෘත්‍යා­ධී­කාරී මණ්ඩ­ලය විසින් පසු­ගිය සතියේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා නම් කළා. බොහෝ දෙනා කිව්ව කාර­ණා­වක් තමයි ආණ්ඩු පක්ෂයේ ජනා­ධි­පති අපෙ­ක්ෂ­ක­ත්වය සම්බන්ධ ගැට­ලු­වේදී පක්ෂය අභ්‍ය­න්ත­රයේ ගැටලු නිසා පක්ෂය දෙකඩ වෙන ලකුණු තිය­නවා කියලා නමුත් එසේ වුණේ නැහැ. පසු­ගිය සතියේ ජනා­ධි­පති අපේක්ෂ­කයා බහු­ත­ර­ය­කගේ කැමැත්ත අනුව පත් කළා. සැබැ­වින්ම ඇමැති සජිත් ප්‍රේම­දාස මහතා අනෙක් අපෙ­ක්ෂ­ක­යන්ට අභි­යෝ­ග­යක්ද ?

කිසි­සේත් අපේ ජනා­ධි­පති අපෙ­ක්ෂ­ක­ ගෝඨාභය මහතාට සජිත් මහතා අභි­යෝ­ග­යක් වෙන්නෙ නැහැ. මැති­ව­රණ ඉති­හා­සයේ මේ රටේ එක පක්ෂ­යක් ඇතු­ළත එජාප‍ෙය් තරම් ප්‍රශ්න අභි­යෝ­ග­ තිබුණේ නැහැ. ඒ පක්ෂය ඇතුළේ සම­හර අය කිව්වා නොදු­න්නොත් පක්ෂය හැර යනවා; වෙනම ජන්ද­යක ට යනවා; නොදු­න්නොත් බල­හත් කාර­යෙන් ගන්නාවා කිව්වා. මේ රටේ මැති­ව­රණ ඉති­හා­සයේ අපෙ­ක්ෂ­ක­ත්ව­යක් බලෙන් උදු­රා­ගන්න තත්ත්ව­ය­කට ආවේ නැහැ. එයින් ම පේනවා පක්ෂය අභ්‍ය­න්තර තත්ත්වය කෙබදු අස­ම­ගි­ය­කින්ද ඉන්නේ කියලා. ගැටී­මක් ද කඹ ඇදි­ල්ලක් ද තියෙන්නේ. මෙවැනි තත්ත්ව­යක් උඩ එවැනි අය ඉදි­රි­යේදී ක්‍රියා­ක­රන්නේ කෙබදු ආකා­ර­යට ද කියල අපිට හිතා­ග­න්නට පුළු­වන්. අපි පෞද්ග­ලික ව කාට­වත් අප­හාස කරන්නේ නැහැ. නමුත් අපිට පේන කාර­ණා­වක් තමයි රටේ බැරැ­රුම් ප්‍රශ්න පිළි­බඳ ව සජිත් කිසිදු අව­ස්ථා­වක කතා කරන්නේ නැහැ. විදේශ ප්‍රති­පත්ති ආර්ථික ප්‍රති­පත්ති ඒ වගේම විශේ‍ෂ­යෙන් රටේ ජාතික ආර­ක්ෂාව වැනි කාර­ණා­ව­ලදී එතු­මාගේ කිසිදු වැඩ පිළි­වෙ­ලක් අපි දැකලා නැහැ. කිසිදු හර­යා­ත්මක මැදි­හ­ත්වී­මක් කිසිදු අව­ස්ථා­වක කරලා නැහැ. අද ර‍ට තීර­ණා­ත්මක සන්ධි­ස්ථා­න­ය­කට ඇවිල්ලා තියෙන්නේ. ඒ අතින් එතුමා ක්‍රියා කාරීව මැදි­හත් වෙලා නැහැ. පැහැ­දි­ලිව කිය­න්නට ඕන මේ අපේක්ෂ­කයා ආණ්ඩු­වෙ‍ ­පිට හිටපු කෙනෙක් නොවෙයි; මොකද එතුමා මේ යහ­පා­ලන රජයේ ප්‍රති­පත්ති තුළ සිට ක්‍රියා කළ කෙනෙක්. සමා­ජි­ක­යෙක් පම­ණක් නොවෙයි ඒ පක්ෂයේ නියෝජ්‍ය නායක තන­තුරේ සිටින කෙනෙක්. ඒ නිසා මේ යහ­පා­ලන රජය විවේ­ච­නය කිරී­මට එතු­මාට කිසිදු අයි­ති­යක් නැහැ. එතුමා සාමු­හික වග­කීම ගත යුතුයි. මහ බැංකු මංකො­ල්ලය සිදු වූ අව­ස්ථාවේ එතුමා එයට විරු­ද්ධව අඩුම තර­මින් කතා කළාද; නැහැ. සජිත් එක­ඟ­වෙලා තියෙ­නවා අග­මැති වරයා වන්නෙත් රනිල් මහ­ත්තයා කියලා. එත­කොට විධා­යක ජනා­ධි­පති ධූර අහෝසි කර­නවා කියලා යෝජ­නා­වත් ආවා. ජන­තාව බලා­පො­රොත්තු වෙන්නේ වෙන­සක්. අපි දන්නවා ‍ජනතාව බලා­පො­රොත්තු වෙන්නේ වෙන­සක්. එය අපි දන්න සරල කාර­ණා­වක් අපි රට පුරාම ගියා; ජන­තාව ඉල්ලන්නේ වෙන­සක්. ඒ බලා­පො­රොත්තු වෙන වෙනස කොහො­මද මේ අය පත් වීමෙන් සිදු­වෙන්නේ. කිසි­සේත් වෙන්නේ නැහැ.

ඔබ­තු­මා‍ලගේ පක්ෂයේ ජනා­ධි­පති අපේක්ෂ­කයා සම්බ­න්ධ­යෙන් ද විවිධ චෝදනා තිය­නවා.

මැති­ව­ර­ණ­ය­කදී ඉතා වැද­ගත් වෙන්නේ දේශ­පා­ලන තලයේ ‍තර්ක තමයි වැද­ගත් වන්නේ. එසේ නම් දේශ­පා­ලන තලයේ වැරදි ඉදි­රි­පත් කරන්න බැරි නිසා තමයි මේ වගේ ව්‍යාජ නීති තර්ක චෝද නා ඉදි­රි­පත් කරන්නේ. විදේශ ගමන් බල­ප­ත්‍රය ගැන පුර­වැසි භාවය ගැන එතු­මාගේ ජාතික හැඳු­නු­ම්ප­ත්‍රය ගැන තමයි මේ අය තර්ක ගෙන එන්නේ. මේවා දේශ­පා­ල­නික තර්ක‍ ­නො­වෙයි. එවැනි තර්ක නැති නිසා නිති ප්‍රශ්න මතු කර­නවා නමුත් ගෝඨා­භය මැති­තු­මාට මේ මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීමට කිසිදු නීති­මය ගැට­ලු­වක් නැහැ. එය අපි වග­කී­මේන් කිය­නවා. දේශ­පා­ලන ප්‍රශ්න මඟ හැර වෙනම දිශා­න­ති­ය­කට ජන­තා­වගේ අව­ධා­නය ‍යොමු කීරි­ම­ටයි මේ සියලු උප­ක්‍රම ශිලි වැඩ­පි­ළි­වෙ­ල­වල් මේ අය ක්‍රියා­ත්මක කරන්නේ. නමුත් ඒ වාට කිසිදු කෙනෙක් රැව­ටෙන්නේ නැහැ.

ශ්‍රිල­නිප සමඟ සන්ධා­න­ගත වීමේදී මේ වන විට මතු වෙලා තියන ගැට­ලුව බවට පත්වෙන්නේ පොහො­ට්ටුව සල­කුණ බව පසු­ගිය දින­වල කතා බහට ලක්වුණා පොහො­ට්ටුව සල­කුණ වෙනස් කිරී­මට ඔබ­තු­මාලා සුදා­නම්ද ?

නෙළුම් පොහො­ට්ටුව අපිට දේශ­පා­ලන වශ­යෙන් විශාල ශක්ති­යක්. කෙටි­කා­ල­යක් තුළ පිහි­ටු­වන ලද පොහො­ට්ටුව පක්ෂ­යට පුළු­වන් වුණා; පලාත් පාල­න­මැ­ති­ව­ර­ණ­ය­කදී පළාත් පාලන ආයතන වලින් සියයට හැත්තෑ එකක් දිනා ගන්න. මිනි­ස්සුන්ට කාවැ­දිලා තියන සල­කුණ තමයි පොහො­ට්ටුව. ජන­තාව කියන්නේ අපි පොහො­ට්ටුව ජය­ග්‍ර­හ­ණය කර­නවා කියලා. පොදු ‍ජන පෙර­මුණ ජය­ග්‍ර­හ­ණය කර­නවා කිය­න­වාට වඩා ජන­තාව හුරු­වෙලා තිය­නවා පොහො­ට්ටුව කියන වච­න­යට. මහින්ද රාජ­පක්ෂ මැති­තුමා සහ පොහො­ට්ටු­වයි අතර තියෙන්නේ ඉතා සමීප අන්‍ය­නොන්‍ය සම්බ­න්ධ­තා­වක්. මහින්ද කියන්නේ පොහො­ට්ටුව; පොහො­ට්ටුව කියන්නේ මහින්ද.

එජාප ආණ්ඩුව ගැන ජන­තා­වගේ වෛර­යක් තිය­නවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය දින­වන වැඩ­පි­ළි­වෙ­ල­කට ශ්‍රිල­නිප තල්ලු­ක­රන්න එපා කියලා ශ්‍රිල­නිප ඇතැම් මන්ත්‍රී­ව­රුන් කිය­නවා.?

ශ්‍රිල­නි­ප­ය­ටත් දොර විවෘ­තයි. සන්ධා­න­ගත වීමේදි ප්‍රති­පත්ති දෘෂ්ටි කෝණ­ය­කින් බල­නවා නම් කිසිදු අසී­රු­තා­ව­යක් නැහැ. අපේ පැත්තෙන් විශේෂ උත්ස­හ­යක් කරලා තිය­නවා ඒ සන්ධාන ගත­වීම සඳහා. ඒ අය හිත­න්නට ඕන, එක්සත් ජාතික පක්ෂ විරෝධි සියලු දෙනාගේ ජාතික අපේ­ක්ෂ­කයා තමයි ගෝඨා­භය රාජ­පක්ෂ මහතායි.

Comments