Browns TAFE රත්තරං ගත්තා වගේ | සිළුමිණ

Browns TAFE රත්තරං ගත්තා වගේ

මෙරට ගොවි ජනයා විසින්ම ‘රත්ත­රන් ට්‍රැක්ට­රය’ යන නමින් කිරුළු පැළැන්දූ 'Browns TAFE ට්‍රැක්ට­රය හඳුන්වා දුන්නේය. කෘෂි යාන්ත්‍රී­ක­ර­ණයේ සහ ­වෙ­ළ­ඳ­පළ ප්‍රමු­ඛයා වන බ්‍රවුන්ස් සහ සමා­ග­මෙහි ‘බ්‍රවුන්ස් කෘෂි අංශය’සිය­පා­රි­භෝ­ගික ගොවි ජන­තාව කෙරෙහි ඇති සුවි­ශේෂී සමාජ සත්කා­රක ව්‍යාපෘ­ති­යක් ලෙස ‘බ්‍රවුන්ස් ටැෆේ ට්‍රැක්ටෙක් කෑම්ප්’ නමින් ටැෆේ ට්‍රැක්ටර් අලු­ත්වැ­ඩියා සහ සේවා සැප­යුම් කඳ­වුරු සෑම කන්න­යක් පාසාම පවත්වයි.

එක් ප්‍රදේ­ශ­යක දින 03ක් පුරා පැවැ­ත්වෙන ‘බ්‍රවුන්ස් ටැෆේ ට්‍රැක්ටෙක් කෑම්ප්’හි තවත් අදි­ය­රක් ලෙස පසු­ගිය ජූලි සහ අගෝස්තු මාස­ව­ලදී බිංගි­රිය, වැල්ලව, ගල්නෑව, පෙම­ඩවු , සීප්පු­කු­ලම, පරා­ක්‍ර­ම­පුර, මුතූර්, කල්මුණේ, ඇති­මලේ, සෙව­ණ­ගල යන කෘෂි­කා­ර්මික ප්‍රදේ­ශ­වල කඳ­වුරු කිහි­ප­යක් අති සාර්ථ­කව පැවැ­ත්වීය. මෙම ‘බ්‍රවුන්ස් ටැෆේ ට්‍රැක්ටෙක් කෑම්ප්’ හිදී වග­කීම් කාලය ඉක්ම වූ ට්‍රැක්ටර් සඳහා විශේෂ අව­ධා­න­යක් යොමු කළ අතර එය බ්‍රවුන්ස් ටැෆේ හිමි­ක­රු­ව­න්හට මහඟු අව­ස්ථා­වක් විය. ඒ අනුව වග­කීම් කාලය ඉක්ම වූ ට්‍රැක්ටර් සඳහා ප්‍රධාන නඩත්තු සේවා ඇතු­ළුව සිය­ලුම ආකා­රයේ අලු­ත්වැ­ඩියා කට­යුතු කර­දෙනු ලැබූවේ කිසිදු ගාස්තු අය කිරී­ම­කින් තොර­වය. මෙම ටැෆේ ට්‍රැක්ටර් අලු­ත්වැ­ඩියා සහ සේවා සැප­යුම් කඳ­වුරු පැවැ­ත්වීමේ අර­මුණ වන්නේ කිසිඳු ආබා­ධ­ය­කින් තොරව ඊළග කන්නය සඳහා ගොවි­ජ­න­තාව සූදා­නම් කිරී­ම­ටයි.

‘බ්‍රවුන්ස් ටැෆේ ට්‍රැක්ටෙක් කෑම්ප්’ පිළි­බ­ඳව අද­හස් දක්ව­මින් බ්‍රවුන්ස් කෘෂි අංශයේ සාමා­න්‍යා­ධි­කාරී සංජය නිශ්ශංක මහතා පැව­සුවේ “තත්ත්ව­යෙන් උසස් බව කල් පැවැත්ම, කාර්ය­ක්ෂ­ම­තාව වගේම විශේ­ෂ­යෙන්ම ගොවි ජන­තා­වගේ දියු­ණුව, අලෙ­වි­යෙන් පසු සේවාව සහ අම­තර කොටස් සුලභ බව බ්‍රවුන්ස් සහ සමා­ගම තම මූලික වග­කී­මක් ලෙස සල­ක­න බවයි.

Comments