ශ්‍රී ලංකා ටෙලි­කොම් 42%ක වර්ධ­න­යක් | සිළුමිණ

ශ්‍රී ලංකා ටෙලි­කොම් 42%ක වර්ධ­න­යක්

ශ්‍රී ලංකා ටෙලි­කොම් සමූ­හය 2019 පළමු භාගය සඳහා සිය මූල්‍ය­මය ප්‍රති­ඵල ප්‍රකා­ශ­යට පත් කළ අතර එහි පසු­ගිය වස­රට සාපේ­ක්ෂව 42%ක කැපී පෙනෙන වර්ධ­න­යක් වාර්තා කර­මින් මෙහෙ­යුම් ලාභය රුපි­යල් බිලි­යන 4.5 දක්වා ළඟා කර ගැනී­මට සමත් වී ඇත. මෙම වර්ධිත ප්‍රග­ති­යට මනා පිරි­වැය කළ­ම­නා­කා­රි­ත්වය සහ පසු­ගිය වස­රට වඩා 7.9%ක වර්ධ­න­යක් සහි­තව රුපි­යල් බිලි­යන 42.6ක ආදා­යම හේතු පාදක විය. සිය මූලික නිෂ්පා­දන කළඹ වන ජංගම දුර­ක­ථන බ්‍රෝඞ්බෑන්ඞ් සේවා, Career Domestic, Career

Global, Enterprise Business Solutions PEO TV සේවා, National Backbone සේවා සහ ඩිජි­ටල් සේවා­වන්හි කැපී පෙනෙන දාය­ක­ත්වය ආදා­යමේ වර්ධ­න­යට දායක විය . සිය ජංගම දුර­ක­ථන හස්තය වන මොබි­ටෙල් (පෞද්ග­ලික) සමා­ගම ඇතුළු අනු­බ­ද්ධිත සමා­ගම් නව­යක් සමූ­හ­යට අයත්ය. පසු­ගිය වස­රට සාපේ­ක්ෂව දළ ලාභය 13%කින් වර්ධ­නය වී රුපි­යල් බිලි­යන 18.8ක් ලෙස වාර්තා විය. වෙළඳ පොළෙහි දැඩි තර­ඟ­කා­රි­ත්වය සහ 2019 වසරේ මුල් භාගයේ රටේ ආර්ථි­කය සහ පොදු ආර­ක්ෂාව කෙරෙහි වූ පීඩ­නය මධ්‍යයේ වුවද පසු­ගිය වස­රෙහි මුල් මාස හයෙහි 30.9%ක් වූ පොලී, බදු, ක්ෂය වීම් හා ලියා හැරීම්වලට පෙර ඉපැ­යීම් ආන්ති­කය මෙම වස­රෙහි අදාළ කාලය තුල 33.4%ක් දක්වා ඉහළ යාමක් වාර්තා කිරී­මට සමූ­හය සමත් විය.

පොලී, බදු, ක්ෂය වීම් හා ලියා හැරීම්වලට පෙර ඉපැ­යීම් රුපි­යල් බිලි­යන 14.2ක් ලෙස වාර්තා විය. බදුවලට පසු ආදා­යම පෙර වස­රට වඩා 23%කින් වැඩි වී රුපි­යල් බිලි­යන 3.5 දක්වා ළඟා විය. රුපි­ය­ලෙහි ස්ථායී­තාව, ඵල­දායී ඉදිරි ආර­ක්ෂණ උපාය මාර්ග සහ විදේශ ව්‍යව­හාර මුදල් නාමික ණය අඩු වීම යනා­දි­යෙහි ප්‍රති­ඵ­ල­යක් වශ­යෙන් 2018 පළමු භාග­යෙහි රුපි­යල් මිලි­යන 550ක් වූ විදේශ විනි­මය අලා­භය රුපි­යල් මිලි­යන 15 දක්වා පහ­තට ගෙන ඒම බදුවලට පසු ආදා­ය­මෙහි වර්ධ­න­යට සාධ­නීය ලෙස දායක විය.

විම­ර්ෂ­ණ­යට ලක් කෙරෙන කාලය තුල බදුවලට පසු ආදා­ය­මෙහි ආන්ති­කය 2018 වසරේ එම කාලයේ වූ 7.2% සිට 8.2% දක්වා ඉහළ ගියේය. 2019 ජූනි 30 වන­දා­යින් අව­සන් වූ මාස හය සඳහා ශ්‍රී ලංකා ටෙලි­කොම් සමූ­හය සෘජු හා වක්‍ර බදු සහ අනෙ­කුත් ගෙවීම් වශ­යෙන් ශ්‍රී ලංකා රජ­යට රුපි­යල් බිලි­යන 13.9ක් ගෙවා ඇත.

Comments