මිනී මරා හිරේ ගිහින් ඇප පිට ඇවිත් මිනී මරන ඌරු ජුවාගේ ඌරු රංචුව | සිළුමිණ

මිනී මරා හිරේ ගිහින් ඇප පිට ඇවිත් මිනී මරන ඌරු ජුවාගේ ඌරු රංචුව

ම­යංගේ ඝාත­න­යත් සමඟ ඔහුගේ තැන ගන්නට ඌරු ජුවා, චමියා, ඉන්ද්‍ර සහ ගොත අසංක තර­ග­ය­කට වැටු­ණාහ. ඌරු ජුවා සිය හයිය පෙන්වන්නේ පිඩලි තුෂාර තම ගෝල­යන් කිහිප දෙනෙකු යොදා ඝාත­නය කර­ව­මිනි. පිඩලි තුෂාර යනු පිඩලි කැපීම හා ගෙවතු අලං­ක­රණ කට­යුතු සිය වෘත්තිය කර­ගත් අයෙකි. කඩු­වෙල කොත­ලා­ව­ලදී ඔහු ඝාත­නය කරන්නේ 2017 වසරේ සිංහල අලුත් අවු­රුදු උදා­වට හෝරා කිහි­ප­යක් තිබි­ය­දීය. එම ඝාත­න­යට ඌරු ජුවා සමඟ චමි­යාද සම්බන්ධ වී සිටි­යේය. චමියා මුල් කාලයේ ඌරු ජුවාට එක් වී සිටි­යත් දැන් ඔහු සිටින්නේ ගොත අසං­කගේ පැත්තේය. දැන් ගොත අසංක සිය එල්.ටී.ටී.ඊ වෙඩි­ක්ක­රු­වන් ජාල­යද සමඟ මාකිං­ල­ග­මුවේ සංජීව සමග එක් වී සිටී.

බන්ධ­නා­ගා­රයේ රැඳෙ­මින් මත්කුඩු ජාවා­ර­මත් පාතාල අප­රා­ධත් මෙහෙ­ය­ව­මින් සිටින ගොත අසං­කත් මාකි­ලං­ග­මුවේ සංජී­වත් දැන් සිටින්නේ කොළඹ අප­රාධ කොට්ඨාස භාර­යේය. ඒ ඔවුන් හිටපු එල්.ටී.ටී.ඊ. සාමා­ජි­ක­යන් සමඟ එක්ව ආයුධ ජාවා­ම්ව­ර­ම්වල නිරත වෙමින් ප්‍රභූ ඝාත­න­ය­කට කළ සැල­සු­මක් රාජ්‍ය බුද්ධි සේවය විසින් හෙළි කර­ගත් නිසාය.

සම­යංගේ තැන ගන්නට දැන් ඌරු ජුවා සහ ඉන්ද්‍ර අතර සට­නකි. ඉන්ද්‍ර සිය බලය හංවැල්ල කේන්ද්‍ර කර­ග­නි­මින් ගොඩ නඟන විට ඌරු ජුවා කඩු­වෙල පැත්තේ බලය ඇල්ලු­වේය.

ඌරු ජුවා සිය පාතාල බලය පතු­රු­වන්නේ දැඩි­ග­මුව කේන්ද්‍ර කර­ගෙ­නය. ජුවා සිහින මවන්නේ පාතා­ලයේ ගෝඩ් ෆාද­ර්ව­ර­යෙකු වන්න­ටය. ඒ වෙනු­වෙන් ඔහු වැඩි වැඩි­යෙන් ගෝල බාල­යන් රැස් කළේය. එම ගෝල­යන් රැක බලා­ග­න්නට මුදල් උව­මනා විය. ඒ නිසා ඉවක් බවක් නැතිව කප්පම් ගැනී­මට පෙල­ඹු­ණේය.

ජුවාගේ කප්පම් ගැනි­ල්ලට එරෙ­හිවූ එකල නව­ග­මුව පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාව සිටි අහං­ගම පොලි­සියේ වත්මන් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මංජුල ද සිල්වාට මර­ණිය තර්ජන එල්ල කර­න්නට හයි­යක් ජුවාට තිබිණි. ජුවාගේ තර්ජ­න­ව­ලට ඔහු බිය වූයේ නැත. මංජුල ද සිල්වා විශේෂ කාර්ය බළ­කායේ පාතාල මර්දන ඒක­කයේ සේවයේ නිර­තව සිටි නිල­ධා­රි­යෙකි. ඔහු ජුවාට කප්පම් ගන්නට ඉඩක් තැබුවේ නැත. එහෙත් නව­ග­මු­වෙන් පිටත පැති­වල ජුවා ජය­ටම කප්පම් ගත්තේය. ඒ නිසාම ඇතැම් පැති­වල වසා දැමූ කඩ සාප්පු ගණන බොහෝය.

කඩු­වෙල, නව­ග­මුව, රණාල සහ දැඩි­ග­මුවේ සිය පාතාල කට­යු­තු­වල නිරත වී සිටි ජුවා හංවැල්ල දක්වා සිය බල ව්‍යාප්ති­යට මුල පුරන්නේ හංවැල්ලේ ව්‍යාපා­රි­ක­ය­න්ටද මර­ණීය තර්ජන එල්ල කර­මින් කප්පම් ඉල්ල­මිනි. ඌරු ජුවා හංවැ­ල්ලට රිංගා ව්‍යාපා­රි­ක­ය­න්ගෙන් කප්පම් ගැනීම ඉන්ද්‍රාට රිස්සුවේ නැත. සම­යං­ට­වත් හංවැ­ල්ලෙන් කප්පම් ගැනී­මට ඉඩ නුදුන් ඉන්ද්‍රා එය නව­ත්වන මෙන් ඌරු­ජු­වා­ගෙන් ඉල්ලා සිටි­යේය. එම දැනුම් දීම ඌරු ජුවා තඹ සතේ­කට මායිම් කළේ නැත.

වැලි ව්‍යාපා­රයේ නිර­තව සිටින ඉන්ද්‍රාගේ හිත­ව­තකු වන රාජු­ගෙන් කප්පම් ඉල්ලා උරු ජුවා­ගෙන් ඇම­තු­මක් ලැබෙන්නේ ඒ අතර තුර­දීය. සෙසු ව්‍යාපා­රි­ක­යන් මෙන් මරණ බියෙන් ඌරු ජුවාට කප්පම් දෙන්නට රාජු සූදා­නම් වූයේ නැත. ඌරු ජුවා බන්ධ­නා­ගා­රයේ සිට දුර­ක­ත­න­යෙන් ඉල්ලා සිටි කප්පම ලබා­ගැ­නී­මට පැමිණි ජුවාගේ ගෝල­යන් දෙදෙ­නෙ­කුට පන්න පන්නා රාජු පහ­ර­දු­න්නේය. ඒ ඉන්ද්‍රාගේ හයි­යද ඇඟට ගෙනය.

ඊට ප්‍රති­ප්‍ර­හා­ර­යක් රාජුට එල්ල වන්නට එත­රම් කාල­යක් ගත නොවීය. ජුවාගේ ගෝල­ය­න්ගෙන් ප්‍රහා­ර­යක් එල්ල වන්නේ රාජුගේ හංවැල්ලේ හේන්පිට පිහිටි සුඛෝ­ප­භෝගී නිව­ස­ටය. එම පාතා­ලයේ මැර ප්‍රහා­රය හමුවේ අනා­ර­ක්ෂිත වන වැලි රාජු සිය බිරිය සහ දරු­වන්ද සමඟ සුවි­සල් නිවස අත­හැර හංවැ­ල්ලෙන් පලා ගියේය.

එදා වැලි රාජු මරා­දැ­මී­මට නොහැකි වූ තැන එම පාතාල මැර­යන් නිවසේ සිටි සුන­ඛයා මරා දැම්මේය. ඉන් නොනැ­ව­තුණු උරු ජුවා වැලි රාජුගේ බැකෝ යන්ත්‍රයේ ක්‍රියා­කරු ලෙස කට­යුතු කළ තාරක මධු­සංක නැමැති විසි දෙහැ­වි­රිදි අහිං­සක තරු­ණයා ජල්තර වොලි­බෝල් පිටිය ආස­න්න­යේදී සිය ගෝල­යන් යොදා මරා දැමු­වේය. ඒ ඉකුත් වසරේ ඔක්තෝ­ම්බර් 28 වෙනිදා සවස 5.30 ට පම­ණය.

එම ඝාත­නය ඉන්ද්‍රාට තදින්ම දැනිණි. ඔහු ඊට ප්‍රති­චාර දක්වන්නේ එදින රාත්‍රී 9.30ට පමණ හංවැල්ල ඇඹු­ල්ගම හන්දියේ පිහිටි හෝට­ල­ය­කට සිය ගෝල­යන් සමඟ කඩා වැදී එහි රැදී සිටි ඌරු ජුවාගේ ගෝල­යෙකු බව කියන ජීවන් කුමාර නැමැ­ත්තාව කපා කොටා මරා දම­මිනි.

තාර­ක­ගේත් ජීව­න්ගේත් ඝාත­න­ව­ලට සැක­පිට දෙපැ­ත්තේම දහ­ප­හ­ළොස් දෙනෙක් පොලිස් අත්අ­ඩං­ගු­වට පත් වූහ. ඒ අය අතර ඉන්ද්‍රාද සිටි­යේය. බන්ධ­නා­ගාර ගත කර සිටි ඉන්ද්‍රා ඇතුළු දෙපැ­ත්තේම ගෝල බාල­යන් ඇප­මත නිද­හස ලබන්නේ මෑත­ක­දීය. ඌරු ජුවා ඇස යොමු වී තිබුණේ ඉන්ද්‍රා දෙස­ටය. ඉන්ද්‍රා මරා දැමී­මට සැල­සුම් කළ ජුවා ඒ වැඩේ පව­රන්නේ තාරක මරා දැමු­වාට බන්ධ­නා­ගා­ර­ග­තව සිට ඇප ලැබූ සිය ගෝල­ය­න්ට­මය.

එදා සැප්තැ­ම්බර් 15 වැනි දා ඉරි­දාය. ඉන්ද්‍රා පෞද්ග­ලික කට­යු­ත්ත­කට අවි­ස්සා­වේ­ල්ලට ගියේය. ඔහු ගම­න්ගත් රථයේ රිය­දුරු අසුනේ සිටියේ ඉන්ද්‍රාය. ජීවන්ගේ ඝාත­න­යට ඉන්ද්‍රා සමඟ බන්ධ­නා­ගා­ර­ග­තව සිට ඇප ලබා එළි­යට ආ සුරේෂ්ද ඔහු සමඟ සිටි­යේය. ඒ රිය­දුරු අසු­නට යාබ­දය. පිටු­පස ආසන දෙකේ තවත් දෙදෙ­නෙක් උන්හ. ඒ වන විටත් ඌරු ජුවාගේ ගෝල­යන් සිටියේ ඉන්ද්‍රාට ඉව අල්ල­මිනි.

බිය­ගම පැත්තේ ඇති වාහන කුලි­යට දෙන තැන­කින් කුඩා වෑන් රථ­යක් එදා උදේ ඔවුන් කුලි­යට ගන්නේ රුපි­යල් තුන් දහ­සක දවසේ කුලි­ය­ටය. ඒ රුපි­යල් දස දහ­සක අත්ති­කා­ර­මක් ගෙවාය. අවි­ස්සා­වේල්ල පැත්තේ ඉන්ද්‍රා කරක් ගසන බව දැන­ගත් ඌරු ජුවාගේ ගෝල­බා­ලයෝ වෑන් රථ­යට අම­ත­රව යතුරු පැදි දෙක­කද නැඟී ඉන්ද්‍රා ඝාත­න­යට පිටත් වූහ. ඌරු ජුවා ඔවුන්ට උප­දෙස් දෙන්නේ ඉන්ද්‍රා වෙඩි තබා මරා ඔහුගේ හිස කඳින් වෙන් කර කඳ මත හිස තබන ලෙසය. ඒ භීෂ­ණ­යක් ඇති කර­ව­න්න­ටය.

ඌරු ජුවාගේ ගෝල­යන්ට කොස්ගම පැත්තේදී ඉන්ද්‍රා ඝාත­න­යට අව­ස්ථාව උදා වුවත් ඔවුන් එය අත­හ­රින්නේ ඉන්ද්‍රා හංවැ­ල්ලේ­දීම ඝාත­නය කිරීමේ අද­හ­සිනි. මෝටර් රථයේ පිටු­පස සිටි දෙදෙනා කොස්ග­මට කිට්ටුව පාත­කින් බැස යන විට ඉතිරි වන්නේ ඉන්ද්‍රාත් සුරේ­ෂුත් පමණි. අත­ර­ම­ඟදී මෝටර් රථයේ රියැ­දුරු අසුන භාර­ගන්නේ සුරේෂ්ය.

එවිට වේලාව රාත්‍රී 9.00 පසු වී විනාඩි කිහි­ප­යකි. වඩ­යක් කෑමේ අද­හ­සින් දෙදෙනා මෝටර් රථය ඇඹු­ල්ගම පිහිටි වඩේ කර­ත්ත­යක් අසල නතර කළහ. ඒත් එක්කම මෝටර් රථය අසල යතු­රු­පැ­දි­යක් නතර කෙරිණි. යතු­රු­පැ­දි­ක­රු­වෙක් මෝටර් රථයේ රියැ­දුරු අසුන දෙසට වෙඩි වර්ෂා­වක් එල්ල කළේය. ඒ රියැ­දුරු අසුනේ සිටින්නේ ඉන්ද්‍රා­යැයි සිතාය. ඉන්ද්‍රා­යැයි සිතා සුරේෂ්ට වෙඩි තබන විට ඉන්ද්‍රා මෝටර් රථයේ පැති දොර විවර කර­ගෙන වෙඩි කාගෙ­නම දිව ගියේය. ඒ පලා­යන්නේ ඉන්ද්‍රා බව නොදැන වෑන් රථයේ පැමිණි ජුවාගේ ගෝලයෝ සුරේෂ්ගේ බෙල්ලට මන්නා­ව­ලින් කොටා හිස කඳින් වෙන් කර­න්නට උත්සාහ කළහ.

සුරේෂ් එතැ­නම මිය­ගි­යේය. වඩේ වෙළෙන්දා සිටියේ වෙඩි කිහි­ප­යක් වැදී බිම ඇද වැටීය. මද වේලා­ව­කට පසු තමන්ගේ ඉල­ක්කය වැරදී ඇති බව වෑන් රථ­යෙන් පැමිණ සුරේෂ්ට මන්න­යෙන් කෙටූ අප­රා­ධ­ක­රුට තේරිණි. ඒ ඔහු ඉන්ද්‍රාව මුහු­ණින් දැන සිටි බැවිනි. ඉල­ක්කය වැර­දුණු ඔවුහු පලා­ගි­යහ. නමුත් පැය විසි හත­රක් යන්නට මත්තෙන් අප­රා­ධ­ක­රුවෝ ගිනි අවි සහ මන්නා පිහි සමඟ පොලි­සි­යට කොටු වූහ.

අප­රා­ධ­ක­රු­වන් කොටු වන්නේ වෑන් රථයේ අංකය යම් පුද්ග­ල­යෙකු විසින් නව­ග­මුව පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාගේ කනේ තැබී­මෙනි. එම අංකය ඔස්සේ කළ විම­ර්ශ­න­යේදී හංවැල්ල පොලි­සි­යට පෙනී යන්නේ වෑන් රථය කොලොන්නේ කාන්තා­ව­කට අයත් එකක් බවකි. ඇය විසින් රුපි­යල් හත­ලිස් දහ­සක මාසික කුලි­යට බිය­ගම වාහන කුලී ආය­ත­න­යට එම වෑන් රථය ලබා දී තිබිණි. කුලී ආය­ත­නය රථයේ ආර­ක්ෂා­වට රහ­සි­ග­තව ජී.පී.එස්. සවි කර තිබිණි. ඒ බව දැන­ගන්නේ මහා රෑම පොලි­සිය එම වාහන කුලී ආය­ත­නයේ හිමි­කරු සොයා ගිය විට­දීය.

ජී.පී.එස්. උප­ක­රණ ඔස්සේ වෑන් රථය ඒ වන විට ඇති ස්ථානය හඳු­නා­ගත් හංවැල්ල පොලි­සිය ඒ ඔස්සේ වැට­ලී­මක් කළේය. එය නවතා තිබුණේ තලං­ගම කුමා­රගේ වත්තේ පිහිටි ඉදි කර­මින් ඇති ගොඩ­නැ­ගිලි සංකී­ර්ණ­ය­කය. පොලි­සිය ඒ තැන වට­ලන විට එහි සිටි පස් දෙනෙක් පොලිස් ඇස­ටද වැලි ගස­මින් පලා ගියහ. පොලිස් අත්අ­ඩං­ගු­වට පත් වන්නේ දෙදෙ­නෙකු පමණි. ඒ එක් අයෙක් ඉන්ද්‍රාට වෙඩි තැබූ කල්ලියේ සිටි­යෙකි. අනෙකා එම වැඩ බිමේ සිටි පෙද­රේ­රු­වෙකි. ඔවුන් දෙදෙ­නාම රණාලේ ජල්තර පදිං­චි­ක­රු­වෝය.

පලා ගිය පස් දෙනා­ගෙන් සිවු දෙනෙ­කු­ටද වැඩි කාල­යක් සැඟවී සිටි­න්නට ඉඩක් නොලැ­බිණි. පොලිස් විශේෂ කාර්ය බළ­කායේ සංවි­ධා­නා­ත්මක අප­රාධ විම­ර්ශන ඒක­ක­යට ඔවු­න්ගෙන් දෙදෙ­නෙක් 16 වෙනිදා සවස කොටු වූහ. ඒ කඩු­වෙල නගර සභාව ආස­න්නයේ ඇති පෙරේරා පටු­ම­ඟේ­දීය. ඔවුන් දෙදෙ­නාද ජල්තර පැත්තේ පදිං­චි­ක­රු­වෝය. ඔවුන් සතුව තිබී මෙරට නිෂ්පා­දිත රිවො­ල්ව­ර­යක් මෙන්ම සුරේෂ්ට කෙටූ මන්නා පිහි­යද සොයා ගනු ලැබීය. අන­තු­රව සංවි­ධා­නා­ත්මක අප­රාධ විම­ර්ශන ඒක­කයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නදීක සිල්වා ඇතුළු නිල­ධා­රීන් දැල එළන්නේ පලා ගිය සෙසු සැක­ක­රු­වන් වෙතය. ඒ අය­ගෙන් දෙදෙ­නෙකු අල්ලා­ගන්නේ දොම්පේ පාළු­ගම නිව­සක සැඟවී සිටි­ය­දීය. ඔවුන්ද ජල්තර පැත්තේ පදිං­චි­ක­රු­වෝය. ඒ අල්ලා­ගත් සිවු දෙනාම තාරක ඝාත­න­යට බන්ධ­නා­ගා­ර­ග­තව ඊට සති දෙක තුන­කට පෙර නිද­හස ලැබූ­වෝය.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බළ­කායේ බුද්ධි අංශයේ උප පොලිස් පරී­ක්ෂක කේ.ඒ ප්‍රේම­ලාල්ට ලද තොර­තු­ර­කට අනුව බුද්ධි අංශ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඊ.එස්.ධර්ම­ප්‍රිය ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් නව­ග­මුවේ දැඩි­ගම ජය­මා­වතේ පිහිටි බුදු මැඳු­රක් පිටු­ප­සින් හංවැල්ලේ වෙඩි ප්‍රහා­ර­යට යොදා­ගත් මයික්‍රෝ වර්ගයේ ගිනි අවි­යක් සොයා­ග­ත්තේය. ඉන්ද්‍රාට වෙඩි තැබූ අවිය මෙන්ම ඊට සම්බන්ධ වූ ඌරු ජුවාගේ ගෝල­යන් කොත­රම් අත්අ­ඩං­ගු­වට ගත්තද මේ දෙදෙනා අතර ඇති ගැටු­මට ඉන් නැව­තීමේ තිත තැබෙන්නේ නැත. තමා මරා දැමී­මට සූදා­නම් වූ ඌරු ජුවා ඝාත­න­යට තැත් නොකර ඉන්ද්‍රා අත් බඳ­ගෙන ඉන්නේ නැත. අපේක්ෂා කළ හැකි වන්නේ නිමක් නැති පාතා­ලයේ ඝාතන වැලක ආර­ම්භ­යක් පමණි.

Comments