“භූමි” ඔක්තෝබර් 05 | සිළුමිණ

“භූමි” ඔක්තෝබර් 05

“ආදරය” යන වචනය නිර්වචනය කිරීම පහසු කාර්යයක් නොවේ. එයට හේතුව එය විවිධ පරාසයන් ඔස්සේ ගමන් කරන පුළුල් හැඟීමක් වීමයි. වර්තමාන සමාජ ක්‍රමය තුළ පටු සහ ආත්මාර්ථකාමී ස්වරූපයක් ගෙන ඇති ආදරය අතීතයේ සොබාදහම සතා සීපාවා ගහකොළ වටා පැතිර ගොස් තිබූ බවට ජනශ්‍රැති සාක්ෂි දරයි. ජන කතා සහ කවි තුළින් අපට මුණ ගැහුණේ හාවුන්, මුවන්, කොටි, නයි මුගටි නොව හා හාමිලා, නයි හාමිලා කොටි අප්පුලා, වඳුරු මුත්තලා ය. පරිසරයට වූ මිනිසාගේ ඥාතීත්වය පහදන්නට වෙන උදාහරණ අවශ්‍ය නොවේ.

ශිෂ්ටාචාරයේ ආදරය මිනිස් කටහඬින් බෙදා දෙමින් අප සතුව තිබූ අදටත් සැඟවී තිබෙන දයාව හා සත්ත්ව කරුණාව උද්දීපනය කරමින් ඔබව ආනන්දයෙන් ප්‍රඥාවට කැන්දා ගෙන යන ගමනක මිහිරියාව විඳ ගන්නට ඔක්තෝබර් 05 වන සෙනසුරාදා සවස 6.00ට

රුහුණු විශ්වවිද්‍යාලයීය “රබීන්ද්‍රනාත් තාගෝර්” ශ්‍රවණාගාරයේදී හැකියාව ලැබේ.

ජන සංගීතයේ වර්තමාන හැඩය සමන් ලෙනින් සහ නිලක්ෂි හැලපිටියගේ හඬින් හැඩවෙන “භූමි” ප්‍රසංගය ඔබව අතීතයට කැන්දාගෙන යන මාවතක් වනු ඇත.

 

Comments