ජයශ්‍රී ඇමැතිතුමා මංගල දර්ශනය දා | සිළුමිණ

ජයශ්‍රී ඇමැතිතුමා මංගල දර්ශනය දා

ජනිත මාරසිංහගේ නවතම නිෂ්පාදනය, ‘ජයශ්‍රී ඇමැතිතුමා’ චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා කොළඹ රීගල් සිනමාහලේදී පැවැත්විණි. නිශාන්ත වීරසිංහගේ අධ්‍යක්ෂණයක් වූ මේ සිනමා පටයේ කැමරා අධ්‍යක්ෂණය අයේෂ්මන්ත හෙට්ටිආරච්චිගෙනි. හාස්‍යෝත්පාදක කතා පුවතක් රැගත් මෙම චිත්‍රපටයට ශ්‍රියන්ත මෙන්ඩිස්, ටෙනිසන් කුරේ, කුසුම් රේණු, දමිතා අබේරත්න, ජීවන් හඳුන්නෙත්ති, ගයාත්‍රි ඩයස්, ආරියසේන ගමගේ, ඩී.බී. ගංගොඩතැන්න, ලක්ෂ්මන් අමරසේකර ඇතුළු නළු නිළියන් රැසක් දායකත්වය ලබා දී තිබුණි. එදින චිත්‍රපටය නැරැඹීමට සිනමාපටයට දායක වූ ශිල්ප ශිල්පීන් ඇතුළු සිනමා කර්මාන්තයට සම්බන්ධ විශේෂ ආරාධිතයෝ සහ මාධ්‍ය සගයෝ රැසක් පැමිණ සිටියහ.

සටහන / සේයාරූ - 

Comments