මැති­ව­රණ නීති කැඩු­වොත් ප්‍රජා අයි­තිය අහෝ­සියි | සිළුමිණ

මැති­ව­රණ නීති කැඩු­වොත් ප්‍රජා අයි­තිය අහෝ­සියි

 

මෙවර ජනා­ධි­ප­ති­ව­රණ සම­යේදී මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කර­මින් ප්‍රචණ්ඩ ක්‍රියා­ව­ලට සම්බන්ධ වන දේශ­පා­ල­න­ඥ­යන්ට සහ ආධා­ර­ක­රු­වන්ට එරෙ­හිව මැති­ව­රණ පන­තින් හැකි තාක් නඩු පැව­රී­මට අවශ්‍ය පිය­වර ගැනී­මට මැති­ව­රණ කොමි­සමේ අව­ධා­නය දැඩිව යොමුව ඇතැයි මැති­ව­රණ කොමි­සමේ උසස් නිල­ධා­රි­යෙක් සිළු­මි­ණට පැව­සීය.

ඉදි­රි­යේදී මැති­ව­රණ කොමි­සම රැස් වී මීට අදාළ තීන්දු ගනු ඇති බවත්, මැති­ව­රණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බ­න්ධ­යෙන් ක්ෂණි­කව ක්‍රියා­ත්මක වීමට විශේෂ අංශ­යක් පවා මේ වන විට මැති­ව­රණ මහ ලේකම් කාර්යා­ලයේ ස්ථාපිත කර ඇති බවත් ඔහු කියා සිටි­යේය.

 

මැති­ව­රණ පන­තින් යම් පුද්ග­ල­යකු දඬු­ව­ම­කට යටත් වුව හොත් ඡන්ද අයි­තිය අහිමි කිරීම ඇතුළු ප්‍රජා අයි­තීන් අහෝසි කිරී­මට හැකි­යා­වක් ඇති බවත්, මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කරන සහ ප්‍රචණ්ඩ ක්‍රියා­වල නිරත වන අයට එරෙ­හිව අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කිරී­මට මෙන්ම නීතිය ක්‍රියා­ත්මක කිරී­මට සහ­කාර සහ අති­රේක මැති­ව­රණ කොම­සා­රි­ස්ව­රුන්ට 'සාම නිල­ධාරී' බලය ලබා­ගැ­නී­මට අවශ්‍ය පිය­වර මේ වන විට ගනි­මින් ඇති බවත් ඒ නිල­ධා­රියා කීය.

Comments