මහ­නු­වර අප-ජල ව්‍යාපෘ­ති­යෙන් ලක්ෂ 2කට සෙත | සිළුමිණ

මහ­නු­වර අප-ජල ව්‍යාපෘ­ති­යෙන් ලක්ෂ 2කට සෙත

හ­නු­වර නග­රයේ ජීවත් වන හා එයට පිට­තින් යන-එන පුද්ග­ල­යන් ලක්ෂ 2කට සෙත සැල­සෙන මහ­නු­වර නාග­රික අප-ජල කළ­ම­නා­ක­රණ ව්‍යාපෘ­තිය දැන් ඉදි කිරීම් නිම වෙමින් පවතී.

ජල සම්පා­දන හා ජලා­ප­ව­හන ඇමැති රවුෆ් හකීම් මහ­තාගේ උප­දෙස් මත ජාතික ජල­ස­ම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලය රු. කෝටි 2,200කින් ක්‍රියා­ත්මක කරන මේ අප-ජල ව්‍යාපෘ­තිය මඟින් මහ­නු­වර වැවේ හා මහ­වැලි ග‍ඟේත්, මහ­නු­වර මැද ඇළේත් පරි­සර දූෂ­ණය වළක්වා සුපි­රි­සුදු තත්ත්ව­යට පත් කරන බව මණ්ඩ­ලයේ නියෝජ්‍ය සාමා­න්‍ය­ධි­කාරි ධනේෂ් ගුණ­ති­ලක මහතා පව­සයි.

ග්‍රාම නිල­ධාරි වසම් 26කට සෙත සල­සන මේ ව්‍යාපෘ­තිය 2022දී අව­සන් වීමට නිය­මි­තය.

ව්‍යාපෘ­තිය මගින් නිවාස 10,000ක අප­ද්‍රව්‍ය හා ව්‍යාපාර හා ගොඩ­නැ­ඟිලි 12,600ක අප­ද්‍රව්‍ය ප්‍රධාන පොම්පා­ගාර 9කට එකතු කර ගන්නො­රුවේ ප්‍රධාන පවි­ත්‍ර­ගාර මඟින් පිරි­සුදු කරනු ලැබේ. විශේ­ෂ­යෙන් මෙහිදී නග­රයේ සියලු ආග­මික ස්ථාන, පාසල් ආදි­යද මීට සම්බන්ධ කෙරේ. ප්‍රධාන පවි­ත්‍ර­ගා­රය මඟින් දින­කට අප ජලය හා කළු ජලය ඝන මීටර් 14,000ක් පිරි­සුදු කරන අතර, ව්‍යාපෘ­තිය සඳහා කි.මී. 232ක් අප-ජල නළ නග­රය තුළ එළ­මින් පව­තින බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජි­නේරු ඒ.එම්.ඒ. රෆික් මහතා පව­සයි.

Comments