රණ­විරු පේටන්ට් අයි­ති­කා­රයෝ | සිළුමිණ

රණ­විරු පේටන්ට් අයි­ති­කා­රයෝ

යහ­පා­ලන ආණ්ඩුව බල­යට පැමිණ වස­රක් යන්නට පෙර එක්තරා උද්ගෝ­ෂ­ණ­යක් කොටුවේ පැවැ­ත්විණි.

එය හැඳි­න්වූයේ 'ආබා­ධිත රණ­විරු' උද්ඝෝ­ෂ­ණය කියා ය.

'අපි යුද්ධ කළා; අත­පය පූජා කළා; හැබැයි 2008 ඉඳලා අපිට විශ්‍රාම වැටුප් නෑ. මහි­න්ද­ලාත් අපිව තමන්ගේ වාසි­යට පාවිච්චි කළා'

2016 උද්ඝෝ­ෂ­ණය වෙලාවේ සෙබලු එහෙම කීවේය.

මේ දින­ව­ලත් ආබා­ධිත සෙබලු උද්ඝෝ­ෂ­ණ­යක යෙදී සිටියි.

'මේ ආණ්ඩු­වට සාප වෙනවා; අර රණ­වි­රුවෝ මහ පාරේ උද්ඝෝ­ෂ­ණය කර­නවා'

කියා විප­ක්ෂය චෝදනා කරති.

'සර් ආවම ප්‍රශ්නෙට විස­ඳුම් දෙනවා'

එතැ­නට එන කමල් ගුණ­රත්න කියයි.ඔහු කියන 'සර්' ගෝඨා­භ­යයි. හැබැයි 2008 සිය 2016 දක්වා අවු­රුදු අටක් වැටු­ප­වත් නැතිව ඒ සෙබලු දුක් විඳි­න­කොට ඔය කියන සර් හිටියේ කොහෙද කියා දන්නේ නැත.

ශ්‍රී ලංකාවේ ආර­ක්ෂක බල­ධා­රීන් තමන්ට හිමි මාසික දීමනා ගෙවීම වසර ගණ­නක් තිස්සේ ප්‍රති­ක්ෂේප කරන බවට චෝදනා කර­මින් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය හමුවේ යුක්තිය පතා යුද්ධ­යෙන් ආබා­ධිත වූ යුද හමුදා සෙබ­ළුන් සංඛ්‍යාව 292ක් ණඩු මඟට පිවි­සියේ මහින්ද ජනා­ධි­ප­තිව සිටින විට ය. එත­කොට ආර­ක්ෂක ලේකම් ගෝඨා­භය ය. කමල් ගුණ­ර­ත්නලා 'සර් ආවම කිය­න්නම්' කියා ගැල­වු­ම්ක­රු­වා­නන් එන බවට හඳුන්වා දෙන්නේ ගෝඨා­භය ය. එදා අධි­ක­ර­ණ­යට ගිය සෙබ­ලුන් විසින් වග උත්තර කරු­වන් ලෙස නම් කළේ ආර­ක්ෂක ලේකම් ඇතුළු බල­ධා­රීන්ව ය. ඒ කියන්නේ ගෝඨා­ටා­භය ඇතුළු පිරිස ය.

එදා රාජ­ප­ක්ෂලා ඒ සෙබ­ලුන්ගේ ප්‍රශ්නය පාප­න්දු­වක් කර­ග­නිද්දී කවු­රු­වත් 'හ්ම්' කීවේ නැත. අද මොහො­තින් මොහොත අප්ඩේට්ස් දෙන අය එදා හිටි­යේ­වත් නැත. අද ඒ සෙබ­ලුන්ගේ ප්‍රශ්න­යට මැදි­හත්ව සිටින රතන හිමි එදා රාජ­පක්ෂ ආණ්ඩුවේ බලය නිසාදෝ මීක් නැතිව සිටි­යහ.

2008 සිට ආ ප්‍රශ්නය 2016දී මහ­පා­රේදී විසඳා ගන්නට සෙබලු කල්පනා කළහ. සේවා විශ්‍රාම වැටුප” ඉල්ල­මින්, උප­වා­ස­යෙහි යෙදුණු ආබා­ධිත ආර­ක්ෂක අංශ සාමා­ජි­ක­යන් පිරි­ස­කට එදා(2016 ) එල්ල කළ පොලිස් ප්‍රහා­රය ඒකා­බද්ධ විප­ක්ෂය යැයි කියා­ගන්නා කණ්ඩා­ය­මට “ඔක්සි­ජන්” සැපයූ පුව­තක් විය.

ඔවුන්ගේ ප්‍රකා­ශ­ක­යන්ගේ හා ආධා­ර­ක­රු­වන්ගේ ශ්‍රීමු­ඛ­ය­න්ගෙන් වැඩි­පුර පිට­ව­නුයේ “රණ­වි­රු­වන්ට” කළ ඒ මහා “අප­රා­ධය”ට අදාළ විස්තර පිළි­බඳ ව ය. ඒ සිදු­වීම, උත්ක­ර්ෂ­යට නැංවී­මට හෝ එය අලෙවි කිරී­මට හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාව ප්‍රව­ර්ධ­නය කර­මින් සිටින කණ්ඩා­ය­මට ඇති අයි­තිය දේශ­පා­ල­නි­කව අප ප්‍රශ්න නොක­ර­න­මුත් එය කෙත­රම් “අහිං­සක” ද යන්න නම් ගැට­ලු­වක් ම ය. “අනේ ‍අපොයි!” කිය­මින් මේ ගැන හැඟී­ම්බර වීම වෙනු­වට මේ සමස්ත සිදු­වීම පිටු­පස වැඩ කළ “දේශ­පා­ල­නය” ප්‍රවේ­ශ­මෙන් යුතුව කිය­වීම මොළ­යට පාඩු­වක් නොවේ.

මූලි­ක­වම ගත් විට “ආබා­ධිත රණ­වි­රු­වන්” පිරි­සක් අර­භයා පොලිස් නිල­ධා­රීන් “අවම බලය” යෙද­වූයේ තම අත­පයේ හිරි ඇර ගැනී­මට නොවේ. ඔවුන් තම මැදි­හත් වීම සිදු කළේ රටේ රාජ්‍ය නාය­ක­යාගේ කාර්යා­ලය ‘වැට­ලී­මට’ උත්සාහ කළ පිරි­ස­කට එරෙ­හි­වය. “රණ­වි­රු­වෙක්” වීම තුළ එසේ තම­න්වම හඳුනා ගැනීම තුළ රටේ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ කාර්යා­ලය වැට­ලී­මට යම­කුට බල­ප­ත්‍ර­යක් ලැබෙන්නේ නැත. “රණ­වි­රු­ව­කුට” කියා විශේෂ මුක්ති­යක් එවැනි අව­ස්ථා­ව­කදී හිමි වන්නේ නැත. භේද­ය­කින් තොරව එවැනි අව­ස්ථා­ව­කදී අදාළ වනුයේ රටේ මූලික නීති­යයි. සුපැ­හැ­දි­ලි­වම මෙහිදී සිදුව ඇත්තේ එ් පොදු නීතිය ක්‍රියා­ත්මක කිරීම පමණි. අනිත් අතට රටේ සිවිල් නීති කැඩීම “රණ­වි­රු­වකු” යන ගරු යෙදු­මෙන් හඳු­න්වන පුද්ග­ල­ය­කුට කිසි­සේත්ම තරම් නොවේ. යමෙ­කුට “රණ­විරු” මුද්‍රාව ඉදි­රි­යෙන් යොද­නුයේ රට ජාතිය වෙනු­වෙන් එම පුද්ග­ලයා කළ සුවි­ශේෂ සේවාව, අප­රි­මිත කැප­වීම ශික්ෂ­ණය හේතු­වෙනි. එබඳු සුවි­ශේෂ පුද්ගල කොට්ඨා­ස­යක් බජාර් එකේ චණ්ඩින් මෙන් හැසි­රීම කිසි­සේත්ම තමන්ගේ තත්ත්ව­යට නොගැ­ළපේ. කෙසේ වෙතත් මේ ආබා­ධිත හමුදා සාමා­ජි­ක­යන් පිරිස මතු කළ ගැටලු, ඔවුන් සමා­ජ­ගත කළ කාර­ණය බැහැර කළ යුතු යැයි ඉන් අද­හස් නොවේ. ඒවා ආම­න්ත්‍ර­ණය කිරීම පාල­ක­යන්ගේ රාජ­කා­රි­යකි.

“සේවා විශ්‍රාම වැටුප” ඉල්ල­මින්, අර­ගල කර තිබුණේ 2008 වස­රට පෙර හමුදා සේව­යෙන් ඉවත්ව ගිය කණ්ඩා­ය­මකි. “රණ­වි­රු­වන්” ගැන දවසේ පැය විසි­හ­ත­රේම කථා කළ ඔවුන්ව තම දේශ­පා­ල­නයේ කොට­සක් කර­ගත්, රාජ­පක්ෂ සමයේ තම ඉල්ලීම් පිළි­බඳ කටක් නොඇරි මේ කණ්ඩා­යම තම සේවා විශ්‍රාම වැටුප් අර­ග­ලය, දියත් කිරී­මට මෛත්‍රී­පාල සිරි­සේන මහතා බල­යට පැමි­ණෙන තෙක් “පස් මහ බැලුම්” බැලු­වේය. රාජ­පක්ෂ පාලන සමයේ මෙබඳු වීදි බැසී­මක් සිදු කළ හොත් ප්‍රති­ඵල “දරුණු” විය හැකි බවට තිබු ගණන් බැලීම තුළ ඇතැම් විට ඔවුහු එසේ සිටියා වන්නට ඇත. සාම­කාමී උද්ඝෝ­ෂණ සම්බ­න්ධ­යෙන් ප්‍රති­චාර දැක්වී­මේදී රාජ­ප­ක්ෂ­ව­රුන් අනු­ග­ම­නය කළ ක්‍රමය කිසි­වෙ­කුට රහ­සක් නොවීය. අධි­ක­රණ නියෝග ලබා­ගෙන නතර කර නොහැකි නම් මර්ද­නය හරහා ඒවාට තිත තැබීම රාජ­පක්ෂ සමයේ විලා­සි­තාව විය.

වැලි­වේ­රිය රතු­ප­ස්ව­ලදී පානීය ජලය ඉල්ලා අර­ග­ලය කළ ජන­තා­වට තුව­ක්කු­වෙන් සැලකු රාජ­ප­ක්ෂ­වරු කටු­නා­යක හා හලා­ව­තදී ප්‍රදේ­ශ­වල පැවැති මහ­ජන නැගි­ටී­ම්ව­ලදී රොෂෙන් චාන­කලා, ඇන්ටන්ලා බිලි­ගත් ඒ ඉති­හා­සය මත­ක­යෙන් ඈත්වී­මට තරම් ලාංකි­ක­යන්ගේ මත­කය දුර්වල නැත. ඒ නිසා­වෙන්ම ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය වැට­ලී­මට ඉදි­රි­පත් නොවී මේ “රණ­වි­රු­වන්” ඒ මොහොතේ නිහඬ ව සිටි­න්නට ඇත.

යුද හමු­දා­වට අයත් විශ්‍රාම වැටුප් හා පාරි­තෝ­ෂික දීම­නා­ව­ලට අදාළ නෛතික තත්ත්වය අනුව සෙබ­ළකු විශ්‍රාම ගැනී­මට හෝ ඉල්ලා අස්වී­මට හෝ වසර 12ක සේවා කාල­යක් සපුරා තිබිය යුතුය. ඉහළ නිල­ධා­රි­ය­කුට අදා­ළව නම් එම කාලය වසර දහ­යක් සම්පූර්ණ වී පැව­තීම ප්‍රමා­ණ­වත් ය. පිට­කො­ටුවේ වීදී බට හමුදා සෙබ­ළුන් තර්ක කළේ ඒ කාලය වසර 8ක් දක්වා අඩු කළ යුතු බව ය. මේ විරෝ­ධ­තා­වට එක්වූ හමුදා සෙබ­ළුන්ගේ ඉති­හා­සය දෙස බලන විට ඔවුන් 2008 වස­රේදී වන්දි ලබා ගනි­මින් සේව­යෙන් ඉවත් වූ පිරි­සක් විය. මේ උද්ඝෝ­ෂ­ණයේ ප්‍රති­ඵ­ල­යක් ලෙස හමුදා විශ්‍රාම වැටුප් හා පාරි­තෝ­ෂි­ක­ව­ලට අදාළ නෛතික තත්ත්වය සංශෝ­ධ­නය කිරී­මට රජ­යට සිදු වූයේ පෙර පැවැති ඇතැම් වගන්ති උල්ලං­ඝ­නය කර­මිනි. ඒ තීර­ණය තුළ වසර 12ක කාල­යක් සේවය කිරී­මෙන් පසු විශ්‍රාම වැටුප් ලැබු අයට යම් අසා­ධා­ර­ණ­යක් සිදුවූ බවට යම­කුට සාධා­රණ තර්ක­යක් මතු කළ හැකිය. ආබා­ධිත හමුදා සෙබ­ළුන් සඳුදා කොළ­ඹදී කළ උද්ඝෝ­ෂ­ණයේ ‘සැර’ ඒ තරම් වැඩි කළේ පිට­ස්තර බල­වේ­ග­යක් බව පැහැ­දි­ලිව පෙනෙ­න්නට තිබිණි. ආර­ක්ෂක අංශ කිහි­ලි­කරු කර­ග­නි­මින් දේශ­පා­ල­නයේ නිරත සිංහල ජාති­ක­වාදී සංවි­ධාන රැසක ප්‍රධා­නීහු එදා ගාලු මෝදර පිටිය අසල කඳ­වුරු ලා සිටි­යහ. බෙංග­මුවේ නාලක, ඉත්තෑ­කන්දේ සද්ධා­තිස්ස, මැඬිල්ලේ පඤ්ඤා­ලෝක, මාග­ල්කන්දේ සුදන්ත යන ප්‍රකට සිංහල ජාති­වාදි භික්ෂුහු එහි වූහ. ඔවුන් එහි පැමිණ සිටියේ තම සහා­යක බළ­ඇණි ද කැටු­වය. ආර­ක්ෂක ලේක­ම්ව­රයා හා රණ­විරු අයි­ති­වා­සි­කම් සුරැ­කීමේ ජාතික බල­වේ­ගයේ නියෝ­ජි­ත­යන් අතර සාක­ච්ඡා­වක් පැවැ­ත්වෙ­මින් තිබි­යදී දහ­වල් 12.20 ට පමණ ඉහත කී හිමි­වරු කණ්ඩා­යම ශබ්ද විකා­ශන යන්ත්‍ර­යක් ඔස්සේ රැස්ව සිටි පිරිස අම­ත­මින් තමන් සමඟ ඉදි­රි­යට යාමට ආරා­ධනා කළහ. ඒ භික්ෂු කණ්ඩා­යම ඒ වන විටත් මේ උද්ඝෝ­ෂ­ණය “හයි­ජැක්” කර තිබිණි. ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වූයේ පොලිස් මාර්ග බාධක බිඳ­ල­මින් ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය බලා යෑමට සැර­සුණු අව­ස්ථා­වේදී ය. මේ අවා­ස­නා­වන්ත සිදු­වීම සිදු වූයේ ඒ ආකා­ර­යට ය. සැබැ­වින් ම එය ඉල්ලන් කෑමක් ම විය. කඳුළු ගෑස් කෑමේ දැඩි අව­ශ්‍ය­තා­වක් ඉහත කී භික්ෂුන් වහ­න්සේලා තුළ විය.

රණ­වි­රු­වන්ට කඳුළු ගෑස් ගැසූ බව කිය­මින් අද කිඹුල් කඳුළු වගු­රු­වන මේ ඒකා­බද්ධ විප­ක්ෂය යැයි කියා ගන්නා කණ්ඩා­යමේ මහ­ත්ව­රුන්ගේ හා ඇතැම් භික්ෂූන්ගේ හැසි­රීම දෙබිඩි එකකි.එය හොඳින් ම පැහැ­දිලි වූයේ වරක් ලොව හොඳම හමු­දා­පති ලෙස මහි­න්ද­ලා­ගේම ප්‍රශං­සා­වට ලක් වූ හිටපු හමු­දා­පති සරත් ෆොන්සේකා ජනා­ධි­ප­ති­ව­රණ සට­නට අව­තීර්ණ වූ අව­ස්ථා­වේය. ඒ අව­ස්ථාවේ ගෝඨා­භය හැසි­රුණේ ජනා­ධි­ප­ති­ව­රණ සටනේ සරත් ෆොන්සේ­කාගේ ප්‍රති­වා­දියා තමන් යැයි සිත­මින් බව පැහැ­දි­ලිව පෙනෙ­න්නට තිබිණි. ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රති­ඵල ලැබී අව­සන් වීම­ටත් ප්‍රථම සරත් ෆොන්සේකා රැඳී සිටි සින­මන් ලේක්ස­යිඩ් හෝට­ලය හමුදා ක්‍රියා­න්වි­ත­යක් පරි­ද්දෙන් වට කොට ෆොන්සේ­කාගේ ආර­ක්ෂා­වට සිටි හමුදා සෙබ­ළුන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට කට­යුතු කළේ ගෝඨා­භය ආර­ක්ෂක ලේකම් ධුරයේ කට­යුතු කර­මින් සිටි­ය­දීය. මර්ද­නය එතැ­නින් නතර නොවිණි. ෆොන්සේ­කාගේ හිත­ව­තුන්ට එරෙ­හිව දිග­ටම එය ක්‍රියා­ත්මක විණි.

ගෝඨා­භය හමු­දාව තුළ තමන් කැමැති නිල­ධා­රීන්ට පම­ණක් විශේ­ෂ­යෙන් සැල­කී­මට කට­යුතු කළේය. විශේ­ෂ­යෙන්, ඩෙන්සිල් කොබ්බෑ­ක­ඩු­ව­ගෙන් පසු මෙරටේ බිහි වූ දක්ෂ­තම සාංග්‍රා­මික යුද සෙන්ප­ති­යෙක් ලෙස ප්‍රකට ජානක පෙරේරා ඔස්ට්‍රේ­ලි­යාවේ මහ කොම­සා­රිස් ලෙස සිට නැවත ශ්‍රී ලංකා­වට පැමිණි පසු තම ආර­ක්ෂා­වට පිස්තෝ­ල­යක් ලබා දෙන ලෙස ඉල්ලී­මක් ඉදි­රි­පත් කළ අව­ස්ථාවේ ඔහුට ආර­ක්ෂාව සඳහා පිස්තෝ­ල­යක් ලබා දීම ගෝඨා­භය ප්‍රති­ක්ෂේප කළේය. අන­තු­රුව පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂ දේශ­පා­ල­නය හා එක් වූ පසු ඊටත් වඩා දරුණු ප්‍රති­වි­පාක වලට මුහුණ දීමට ඔහුට සිදු විණි. ‘අපි වෙනු­වෙන් අපි’ කිය­මින් රණ­වි­රු­වන් ගැන කතා කිරීමේ පේටන්ට් අයි­තිය පසු­ක­ලෙක තමන් සතු කර­ගත් රාජ­ප­ක්ෂ­ලාගේ දේශ­ප්‍රේමී රජය ජානක පෙරේරා තම­නට නිසි ආර­ක්ෂා­වක් ලබා දෙන ලෙස ඉල්ලූ මොහොතේ එය අලු­යම ලූ කෙළ පිඬක් සේ බැහැර කළේය. ත්‍රස්ත්‍ර­වා­දීන්ගේ ඉල­ක්ක­යක් වන තමන්ට නිසි ආර­ක්ෂා­වක් ලබා­දෙන ලෙස ඉල්ල­මින් පෙරේරා මහතා අධි­ක­ර­ණය හමු­වට යෑමෙන් අන­තු­රුව ඔහුට සත් දෙන­කු­ගෙන් සම­න්විත පොලිස් ආර­ක්ෂා­වක් ලබා­දෙන ලෙස තීන්දු­වක් හිමි වූ මුත් 2008 වසරේ පැවති උතුරු-මැද පළා­ත්සභා ඡන්දය අව­සන් වී දින හතක් ගත වීම­ටත් පෙර එය ඉවත් කිරී­මට කට­යුතු කළේය. ප්‍රමා­ණ­වත් ආර­ක්ෂා­වක් කීර්ති­මක් රණ­වි­රු­වාට හිමි නොවීම ඝාත­ක­යාගේ රාජ­කා­රිය පහසු කළේය. මිය­ගිය පසුද ජානක පෙරේ­රා­ගෙන් පළි ගැනී­මට එව­කට සිටි දේශ­ප්‍රේමී රජය කට­යුතු කළේය. ජානක පෙරේරා මහ­තාගේ මෘත දේහය අනු­රා­ධ­පු­රය බලා රැගෙන යෑමට රත්ම­ලාන ගුව­න්තො­ටු­ප­ළට රැගෙන ගිය අව­ස්ථාවේ ගුවන් යාන­යක් ලබා නොදෙ­මින් පැය පහක රස්ති­යා­දු­වක් සිදු කිරී­මට වග­කි­ව­යුත්තෝ හිතා­මතා කට­යුතු කළහ.

තමන්ට එරෙහි දේශ­පා­ල­නය තෝරා­ගැ­නී­මෙන් පසු ජානක පෙරේරා හා සරත් ෆොන්සේකා වැනි දක්ෂ යුද සෙනෙ­වි­යන්ට හමුදා කඳ­වු­රු­ව­ලට ඇතුළු වීම පවා වැළකූ රාජ­ප­ක්ෂලා, කලා­ක­රු­වන් යැයි කියා­ගත් නලා­ක­රු­වන් පිරි­ස­කට, තමන්ගේ සහෝ­ද­ර­යාගේ දේශ­පා­ල­නය වෙනු­වෙන් පෙනී සිටීම වෙනු­වට යුද හමු­දාව හරහා මාසික වේතන, වාහන, දීමනා ආදිය ගෙවී­මට කට­යුතු කර තිබීම නින්දා සහ­ග­තය.

මට ලැබුණෙ අතු­ගාන වැඩේ. හැබැයි එතැන අනික් අය ඉන්න පැත්තට මට යන්න දුන්නේ නෑ. ඒ අසල තව කාර්යා­ල­යක් තිබුණා. ඒක සුද්ධ කිරීම ඒ කණ්ඩා­ය­ම­ටම අයිති වුණා. මම ඉතින් එතැ­නට පුරු­දු­වුණා. බිම නිදා­ගන්න සිද්ධ වෙනවා පළ­වැනි දව­සෙම. මම යන­කොට මුල්ලක වතුර බෝත­ල­ය­කුයි බෙලෙක් පිඟානේ රෑ කෑම එක තියලා තිබුණා. ඒක කූඹි පිරිලා තිබුණේ එත­කොට. කූඹි අයින් කරල මම ඒක කෑවා. එවෙලේ ඉඳලා මම දැන­ගත්තා මේක කරන්න ඕන. මේක සම­හ­ර­විට අවු­රු­ද්දක්ද දෙකක්ද 10 ක්ද දන්නෑ. කරන්න ඕන කියලා මම තීර­ණය කළා...

මේ කතාව කියන්නේ ලෝකයේ හොඳ ම හමු­දා­පති ය. එහෙ­මත් නැත්නම් වසර 30ක යුද්ධය නිමා කරන්න නාය­ක­ත්වය දුන්න හමු­දා­පති ය. යුද්දේ නිමා කරන්න මුල් වූ නිය­මුවා කියා ජය­ග්‍ර­හ­ණ­යේදී කේක් ගෙඩිය කපන්න අව­ස්ථාව ලද නිය­මුවා ය.

හමු­දා­වෙන් ඉවත්ව, ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අයි­තිය පාවිච්චි කර­මින් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉල්ලීමේ 'මහා පාප­ක­ර්මය' හේතු­වෙන් ඔහුට හිර­ගෙ­දර උරුම විය. ලෝක ඉති­හා­සයේ ජනා­ධි­ප­ති­ව­රණ සට­නට ආ ප්‍රති­වා­දි­යාව හිර­ග­ත­කොට නැත. එහෙත්,මේ රටේ එය සිදු විය.

භීම සමයේ තීන්දු එහෙ­මය.

'යහ­පා­ලන ආණ්ඩුව රණ­වි­රු­වන් විනාශ කලා.ජාතික ආර­ක්ෂාව නැති කළා. හමු­දා­වෙන් පලි ගත්තා.'

කියා අද කෑ ගසන ඊනියා දේශ­ප්‍රේ­මීන්ට ඉක්ම­නින්ම ඉති­හා­සය අම­ත­කය.

යුද්ධය දිනවූ හමු­දා­ප­තිට බෙදූ හැන්දෙන්ම එකල තවත් බොහෝ දෙනෙ­කුට බෙදූ හැටි සම­හ­රුන්ට මතක නැත. ඉති­හා­සයේ වැඩිම හමුදා නිළ­ධා­රීන් පිරි­සක් එක­වර සේව­යෙන් නෙරපා හරිනු ලබන වාර්තාව හිමි­වන්නේ රාජ­පක්ෂ ආණ්ඩු­ව­ටය. මේජර් ජෙන­රා­ල්වරු 5,බ්‍රිගේ­ඩි­ය­ර්වරු 5,කර්න­ල්වරු1,ලුති­නන් කර්න­ල්වරු 1,කපි­තා­න්වරු 2ක් රට හැර යන තැනට පත් කළේ ඔවුන්ය.මේජර් ජන­රාල් මහේෂ් සේනා­නා­යක, බ්‍රිගේ­ඩි­ය­ර්වරු පස් දෙනෙක් වන බිමල් ඩයස්, දුමින්ද කැප්පෙ­ටි­ව­ලාන, ජානක මොහො­ට්ටිථ අතුර හෙන්න­පි­ටිය, වසන්ත කුමා­ර­ප්පෙ­රුම, කර්නල් උඹය සිරි­ව­ර්ධන, ලුති­නන් කර්නල් පී. ජය­සු­න්දර, කපි­තා­න්ව­රුන් වන ආර්. රණ­වීර, හා ක්‍රිෂාන්ත යනාදී නිළ­ධා­රීන් ඒ අතර විය. අද මහි­න්ද­වාදී සම­හරු වත්මන් යුද හමු­දා­පති ගැන උජා­රු­වෙන් කතා කරයි. හැබැයි ඔහු එලවා දැම්මේත් රාජ­ප­ක්ෂලා ය. තමන්ට එරෙහි දේශ­පා­ල­නය තෝරා­ගැ­නී­මෙන් පසු ජානක පෙරේරා හා සරත් ෆොන්සේකා වැනි දක්ෂ යුද සෙනෙ­වි­යන්ට හමුදා කඳ­වු­රු­ව­ලට ඇතු­ළු­වීම පවා වැළකූ පසු­ගිය රජය, කලා­ක­රු­ව­න්යැයි කියා­ගත් නලා­ක­රු­වන් පිරි­ස­කට, යුද හමු­දාව හරහා මාසික වේතන, වාහන, දීමනා ආදිය ගෙවී­මට කට­යුතු කර තිබීම නින්දා සහ­ගත ය.

රාජ­පක්ෂ යුගයේ ක්‍රෑර පලි­ගැ­නී­ම­කට ලක්වූ තවත් හමුදා නිළ­ධා­රි­යෙක් වූයේ කොමාන්ඩෝ බල­කායේ මේජර් ජෙන­රාල් සමන්ත සූරි­ය­බ­ණ්ඩාර ය.

අව­සන් යුද්ධය ආර­ම්භ­යේදී 53 වන සේනාං­කයේ සේනාං­කා­ධි­පති ලෙස මුහ­මලේ සටන් පෙර­මුණ මෙහෙ­යැ­වූයේ මේජර් ජෙන­රාල් සමන්ත සූරි­ය­බ­ණ්ඩා­රය.

ඔහු ඇම­රි­කාවේ ද පාකි­ස්ථා­නයේ ද චීනයේ ද කොමාන්ඩෝ පුහු­ණුව ලැබූ­වෙකි. වරක් ඔහු වොෂි­න්ට­නයේ මිලි­ටරි ඇටෑචී ලෙසද සේවය කෙළේය. එමෙන්ම ඔහු අති දක්ෂ පැරි­ෂූට් භට­යකි. පළ­මු­ව­රට පැරි­ෂුට් පිමි පුහුණු වූ කණ්ඩා­ය­මට ඔහුද අයත් විය. ඔහු පෑ දස්කම් ඇම­රි­කානු හමු­දාව පවා විස්ම­යට පත් කරනු සුළු විය .

බිහි­සුණු ජය­සි­කුරු මෙහෙ­යු­මේදී එල්ටී­ටීඊ සටන් කරු­වන් විසින් සූරි­ය­බ­ණ්ඩාර ගමන් කළ හෙළි­කො­ප්ට­ර­යට වෙඩි තැබීය. හෙළි­කො­ප්ට­රය සම්පූ­ර්ණ­යෙන් විනාශ වී එහි ගමන් කළ සියලු දෙනාම මිය ගිය නමුත් සූරි­ය­බ­ණ්ඩාර පම­ණක් දිවි බේරා­ගත්තේ ය. ඊටද උදව් කර තිබුනේ දෙමළ ජාතික ධීව­ර­යන් ය. ඔහු පැළැඳ සිටි රන් මාලය ධීව­ර­යන්ට එවෙ­ලේම පරි­ත්‍යාග කළ සූරි­ය­බ­ණ්ඩාර මහතා දිවි තිඛෙන තුරු ඒ ධීව­ර­යන් අම­තක කෙළේද නැත.

සමන්ත සූරි­ය­බ­ණ්ඩා­රගේ පියා­ණන් ද හමුදා නිල­ධා­රි­යෙක් වූවා පම­ණක් නොව සුදු හමු­දා­වෙන් පසු ශ්‍රී ලංකා හමු­දා­වට බැඳුණු පළමු ශ්‍රී ලංකාවේ ආධු­නික සෙබළා ඔහු විය. ඔහුගේ ශ්‍රී ලංකා හමු­දාවේ අංකය 0001 විය. සමන්ත කුඩා කාල­යේම පියා මිය ගිය අතර ඔහු ද සීඑ­ල්අයි ඒක­කයේ කපි­තාන් වර­යෙක් විය. වසර 10 කටත් වැඩි සේවා කාල­යක් තිබි­යදී බලෙන් විශ්‍රාම ගැන්වූ නිළ­ධා­රි­යෙක් ලෙස ඔහු රටින් පිට විය. ඕස්ට්‍රේ­ලි­යා­වේදී හෘද­යා­බා­ධ­ය­කින් අභා­ව­ප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවු­රුදු 50කි. මේ ජ්‍යෙෂ්ඨ රණ­වි­රු­වාට අයත් විශ්‍රාම වැටුප හෝ ඔහු මිය යන­තුරු ගෙවා නැත.

රණ­වි­රු­වන්ගේ පේටන්ට් අයි­තිය ගන්න හදන ඊනියා දේශ­ප්‍රේ­මීන්ගේ වැඩ එහෙ­මය.

හැබැයි දේශ­ප්‍රේමී නෑ කියා හතර අත මඩ ගහන මේ ආණ්ඩුව ඒ සෙබ­ලුන් වෙනු­වෙන් කරන දේ මුදල් ඇමති කීවේය.

පාරට බැස්ස අය සමඟ මම කතා කරන්න සූදා­නම් නැහැ. අර­ග­ල­ව­ලින් පාරට බැහැලා මේ ප්‍රශ්නය විස­ඳන්න බැහැ. සාකච්ඡා මඟින් මේක විස­ඳන්න ඕනේ. ආණ්ඩුව ධනා­ත්මක ප්‍රති­චා­ර­යක් රණ­වි­රු­වන්ට ලබා­දෙන්න යන­කොට රණ­වි­රු­වන්ට විස­ඳුම් ලබා­දුන්නේ අපි.

ඔවුන්ට තිබෙන්නේ සාධා­රණ දුක්ගැ­න­වි­ල්ලක්. රජය මෙතෙක් සලකා බලා තිබුණේ පූර්ණ ආබා­ධිත රණ­වි­රු­වන් ගැන පම­ණයි. එහෙත් අර්ථ ආබා­ධිත තත්ත්ව­යට පත් වූ රණ­වි­රු­වන් ද විශාල දුක් ගොඩක ඉන්නේ. සම­හ­රුන්ගේ බුලට් කෑලි ඇඟ ඇතුලේ. නමුත් ඔවුන් බැලූ බැල්මට ආබා­ධි­ත­යන් නොවෙයි. ඔවුන්ට රැකි­යා­වක් කර­ගන්න බැහැ. ජීවිත කාල­යම ඖෂධ ලබා­ගන්න රණ­වි­රු­වන් ඉන්නවා. ඔවුන්ට තනි­යෙන් ජීවත් වෙන්න බැහැ.

තව කෙනෙ­කුගේ සහාය ගන්න වෙනවා. එය­ටත් මුදල් වැය වෙනවා. ඔවුන්ගේ ජීවිත කාලය කෙටියි. මේ දුක් ගැන­විල්ල අහපු මම එදි­නම ලේකම් ආචාර්ය සම­ර­තුංග මහ­තාට කතා­කර යෝජ­නා­ව­ලි­යක් ඉදි­රි­පත් කළා. මොවුන් ලබන විශ්‍රාම වැටු­පට අම­ත­රව ලබා­ගත් වැටු­පෙන් සිය­යට 75ක් ජීවිත කාල­ය­ටම ලබා­දෙන්න යෝජ­නා­වක් ඉදි­රි­පත් කළා.

ඉතින් තවත් මොන කතාද?

මානාභරණ

Comments