ජන­තා­වට දැන් තේරෙනවා, වෙනස මාරයි; රට හමා­රයි කියලා | සිළුමිණ

ජන­තා­වට දැන් තේරෙනවා, වෙනස මාරයි; රට හමා­රයි කියලා

ශ්‍රි ලංකාවේ හත්වැනි ජනා­ධි­ප­ති­­ව­ර­ණය නොවැ­ම්බර් 16වැනිදා පැවැ­ත්වීම්ට නිය­මි­ත­යි‍.­පොදු ජන­පෙ­ර­මුණු පක්ෂයේ සුදා­නම කෙබ­ඳුද ද?

අපි ජනා­ධි­පති මැති­ව­ර­ණයේ පළ­මු­වැනි අදි­යරේ පක්ෂ සම්මේ­ල­නය පවත්වා නාම­යෝ­ජනා ස්ථීර කළා. අපි සමඟ සන්ධාන ගත­වන සියලු ම දේශ­පා­ලන පක්ෂ අපේ අපේ­ක්ෂ­ක­යාට ප්‍රසා­දය පළ කළා. ඉන්පසු සියලු ම ආග­මික නාය­ක­යන්ගේ ආශී­ර්වා­දය ලබා ගත්තා. විවිධ සංවි­ධා­යක පිරිස් කැඳවා සම්මේ­ලන පව­ත්ව­නවා පළ­මු­වැනි වටය මේ වන විට අව­සන් කර තියෙ­නවා. ගම්ම­ට්ට­මින් සහ බිම් මට්ට­මින් මේ වන විට සියලු ම කට­යුතු සිදු කර­මින් ජාතික නාය­ක­ත්වය වෙනු­වෙන් පෙළ­ගැ­සෙ­නවා. ජන­තා­වට අපි කියන ප්‍රධාන දේ තමයි, මේ ජනා­ධි­පති මැති­ව­ර­ණ­යට මනාප නැහැ; කිසිම මනා­ප­යක් ප්‍රකා­ශ­යට පත් කරන්න එපා. නියත වශ­යෙන් සිය­යට හැට පහක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ඉලක්ක කර­ගෙන අපි මේ ජන්ද­යට මුහුණ දෙනවා. සිය­යට හැට­ප­හක ජන්ද ප්‍රති­ශ­ත­යක් ගන්න අපි උත්සාහ කර­නවා. අපිට නියත ජය­ග්‍ර­හ­ණය ලැබෙ­නවා.‍

ඔබ­තුමා එසේ කිව්වත් ජනා­ධි­පති මැති­ව­ර­ණ­යට කවුරු ආවත් ශ්‍රිල­නිප නැතිව දිනන්න බැහැ කියලා ශ්‍රිල­නි­පයේ මන්ත්‍රී­ව­රුන් කිය­නවා.?

ශ්‍රිල­නිප කියලා කියන්නේ එහි ‍බෝඩ් ලෑල්ල­ට­වත් මධ්‍යම කාරක සභාව හෝ හිටපු ඇමැ­ති­වරු නොවෙයි; එහි පාක්ෂි­ක­ය­න්ටයි. ඒ පාක්ෂි­ක­යන් වැඩිම ආද­රය කරන කෙනා තමයි එහි ස්වර්ණ­මය යුගය බිහි කරපු මහින්ද රාජ­පක්ෂ මහතා. ඒ පාක්ෂි­ක­යන් ඡන්දය වේලා­වේදි ශ්‍රිල­නිප කියන බෝඩ් ලෑල්ල දිහා බලන්නේ නැහැ. වැඩි­යෙන් ආද­රය කරන නාය­ක­යා වෙනුවෙන් ඉදිරිපත් කරන ගෝඨාභය මහතාට ඡන්දය ලබා දේවි.

ශ්‍රිල­නි­පයේ සමා­ජි­ක­යන්ට අවශ්‍ය නැහැ, මේක පොහො­ට්ටු­වද ශ්‍රිල­නිප කියලා. මේක මව්බිම සම්බන්ධ තීර­ණා­ත්මක වෙලා­වක්. ඒ අව­ස්ථාවේ පක්ෂ­ය­කට වඩා ජන­තාව පෙළ ගැසෙන්නේ මේ රටේ ජන­තා­වගේ විශ්වා­සය වැඩි­යෙන් දිනා ගත් නාය­කයා සම­ඟයි.‍මව්බිම සම්බන්ධ තීර­ණා­ත්මක පැ‍යේදි රට බේර ගන්න අපේ­ක්ෂ­ක­යාට ඡන්දය දෙනවා.

මේ වන විට ශ්‍රිල­නිප සහ පොදු ජන පෙර­මුණ අතර සාකච්ඡා සාර්ථ­කයි. ඉදි­රි­පත් වන ලකුණ සම්බන්ධ පම­ණක් මත­වාද තියෙ­නවා කිව්වත්, එවැනි සුළු කාරණා මත තව­මත් සන්ධාන ගත­වීම ප්‍රමාද වෙන්නේ ඇයි.?

අපිට අවශ්‍ය වෙන්නේ රට පාවා නොදෙන, රට පැත්තේ හිට ගන්න, රටේ සම්පත් මත සහ ජන­තාව මත විස්වා­සය තබන අලුත් ම පෙර­ළි­කාර සංව­ර්ධන මාව­ත­කට ගමන් කරන්න යි. අපිට ඕන එන සියලු දෙනාම ‍පළිගැ­නී­මෙන් තොරව පිළි­ග­න්නවා. සෑම කෙනෙක් ම රට එකට තියලා ඡන්දය පාවිච්චි කළ යුතුයි; පුද්ග­ලික පිරි­වැය නොතැ­කිය යුතුයි. මාතෘ භූමිය පිළි­බ­ඳ­වයි කට­යුතු කළ­යුතු වන්නේ; වඩා වැද­ගත් වෙන්නේ තන­තුරු, ලකු­ණු‍ ­නො­වෙයි. පුද්ගල තරා­ති­රම් කිසි දෙයක් අදාළ නැහැ . සිය­ලු­දෙනා ඒක­රාශි වුණ ගම­නක් යන්න අපිට ඕන.

මේ තත්ත්වය මත ජන­තා­වට ජනා­ධි­පති මැති­ව­ර­ණ­යට පෙර සන්ධාන ගත වීම සිදු වෙයිද කියලා සැක­යක් තිය­නවා?

ජනා­ධි­පති මැති­ව­ර­ණ­යට පෙර සන්ධා­න­ගත වීමක් සිදු වුණා නම් එය හොඳයි. ගම් මට්‍ටමේ බිම් මට්ටමේ සියලු දෙනා අපි සමඟ සන්ධාන ගත­වෙලා හමා­රයි .

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා නිර්පා­ක්ෂික අපේ­ක්ෂ­ක­යකු ලෙස ඉදි­රි­පත් කෙරෙන බව­ටත් අව­සා­නයේ දී වෙනත් අපේ­ක්ෂ­ක­යකු පොදු ජන පෙර­මු­ණින් පත් කෙරෙන බව­ටත් නොයෙ­කුත් මත පළ වෙලා තිය­නවා නේද?

පක්ෂ‍ය­කින් මිසක කොහො­මද ජනා­ධි­පති අපෙ­ක්ෂ­ක­යකු පත්වෙන්නේ; එසේ නොව­න්නට ස්වාධින අපේ­ක්ෂ­ක­යෙකු ‍ලෙසයි ඉදි­රි­ප­ත්වෙන්ට ඕන. එතුමා පක්ෂයේ අපේ­ක්ෂ­කයා ලෙස ඉදි­රි­පත් වෙනවා. අපි කියන්නේ එතුමා ජාතියේ අපේ­ක්ෂ­කයා කියන කාර­ණා­වයි. සියලු සංවි­ධාන සහ මේ රටේ ජන­තාව පිළි­ග­න්නවා ගෝඨා­භය මහත‍ා ජාතියේ නාය­ක­ත්වය කියලා‍. ඒ අනුව ඒ නාය­ක­ත්වය ඉදි­රි­පත් වෙන්නේ පොහො­ට්ටුව කියන පක්ෂ­යෙන්.

විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධ යෝජ­නා­වක් මේ වන විට ආණ්ඩු පක්ෂය විසින් නැවත කර‍ලි­යට ගෙන විත් තියෙ­නවා ?

ජාතියේ ආර­ක්ෂා­වත් ජාතියේ අනා­ගත පැවැ­ත්මත් උදෙසා 13වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා යටතේ විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි නොකළ යුතුයි. එයයි අපේ පැහැ­දිලි ස්ථාර­ව­රය. මේව­න­විට විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කළ­හොත් උතුරු නැගෙ­න­හිර පෙඩ­රල් රාජ්‍ය­යක් බිහි වෙනවා. එය කිසිදු කෙන­කුට නතර කර­න්නට බැහැ. අව­ශ්‍ය­යෙන් ම විධා­යක ක්‍රමය අහෝසි කර­න්නට පාර්ලි­මේ­න්තුවේ තුනෙක් දෙකක ඡන්ද­යක් අව­ශ්‍යයි. ඒ වගේම ජන­මත විම­සු­මක් අ‍වශ්‍යයි.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ අපේ­ක්ෂ­කයා ඉදි­රි­පත් වෙලා නැහැ . නියත වශ­යෙන් ම ඉදි­රි­පත් කරන ඒ අපේ­ක්ෂ­කයා පොදු­ජන පෙර­මුණු පක්ෂයේ අපෙ­ක්ෂ­කයා වන ගෝඨා­භය මහ­තාට ‍අභියෝ­ග­යක් වන බව බොහෝ දෙනාගේ අද­හස වෙලා තිය­නවා?

ඒ අය විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කරලා පෙඩ­රල් රාජ්‍ය­ය­කට යන්න උත්සාහ කර­න­ජ­න­තා‍වගේ විශාල විරෝ­ධ­යක් මතු­වෙලා තියන කණ්ඩා­ය­මක් . ඒ වගේම අන්ත­වාදි කොට­ස්ව­ලින් යුතු අශූද්ධ සන්ධා­න­යක් ලෙසයි පෙළ ගැසෙන්නේ.‍ ඒනිසා කොයි අපේ­ක්ෂ­ක­යත් අපිට අභි­යෝ­ග­යක් නොවෙයි. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සඳහා නිරෝගී තර­ග­යක් තියෙ­න්නට ඕන; ඒ සඳහා අභි­යෝ­ගා­ත්මක අපේ­ක්ෂ­ක­යන් ඕන; නිරෝගී ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සඳහා සාම­කාමී නිද­හස් තර­ග­යක් තිබෙ­න්නට ඕන. 89 වසරේ ජනතා විමුක්ති පෙර­මුණු භිෂණ කාල­යේදි ඡන්දය දෙන්නට යන පළ­මු­වැනි පස්දෙනා මර­ණවා කියලා මරලා දණ­හි­සින් පහ­ළට දාලා වළ­ල­නවා කියලා තමයි නිවේ­ද­නය කළේ. ඒ නිසා ඒ අව­ස්ථාවේ භිෂ­ණය තමයි එන්නේ. ඒ නිසා එජා­පය හොඳ අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් කළ යුතුයි. ඒ බලා­පො­රො­ත්තු­වෙන් තමයි අපි ඉන්නේ. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සඳහා නිරෝගී තර­ග­යක් තියෙ­න්නට ඕන.

මේ වසර පහ තුළ බිහි­වුණ අලුත් ජන්ද විශාල ප්‍රමා­ණ­යක් නිර්මා­ණය වෙලා තියෙ­නවා ‍ඒ තරුණ පෙළ දේශ­පා­ල­නික වශ­යෙන් නිවැ­රදි දිශා­න­ති­ය­කට යොමු කිරී­මට යම් පිය­ව­රක් ගෙන තිබෙ­න­වාද.

89 භිෂ­ණය සහ උතුරු නැගෙ­න­හිර භිෂ­ණය පිළි­බ­ඳව තරුණ පර­පු­රට විශාල අත්දැ­කීම් තියෙ­නවා. අතී­ත­යේදි වගේ නොවෙයි; අන්ත­ර්ජා­ලය හරහා ඔවුන් ඉතා දැනු­වත් වෙලා ඉන්නවා. ඒ නිසා අපේ තරුණ පර­පුර සටන් පාඨ දේශ­පා­ල­න­යෙන් මුලා කර­න්නට බැහැ. ඒ නිසා සට­න්පාඨ වලින් කතා පව­ත්වලා බෙහෙත් තෙල්වෙ­ලෙන්දො වගේ ගෙවල් ගානේ ගිහින් මුලා කර­න්නට බැරි පර­පු­රක් තමයි අද ඇති­වෙලා තියෙන්නේ. තාරු­ණ්‍යයේ පිරිස් ඉතා පැහැ­දිලි තේරීම් අ‍රගෙන තියෙ­නවා. ඒ දේශ­පා­ල­නික වශ­යෙන් නගර සභා­ව­ක­වත් හිටිය නැති නැවුම් පරි­පා­ල­ක­යෙක් ජනා­ධි­පති කළ යුතුයි කියලා තමයි ඔවුන් කියන්නේ. ඒ අනුව ඔවුන්ගේ නිවැ­රුදි තේරීම ගෝඨා­භය රාජ­පක්ෂ මහතා බව අපි ඉතා පැහැ­දි­ලි­වම දන්නවා.

බොහෝදෙ­නාගේ මත­යක් වෙලා තිය­නවා සුළු ජාතික ජන්ද ගෝඨා­භය මහ­තාට ලැබෙන්නේ නැහැ කියලා‍.

යුද්ධ මෙහෙ­යපු හමුදා පති­ව­ර­යෙක් වන සරත් ෆොන්සේ­කාට ඡන්දය දුන්නා නම් ආර­ක්ෂක ලේකම් වර­යෙක් වෙලා හිටිය ගෝඨා­භය මහ­තාට නොදෙන්න හේතුවක් නැහැනේ.

Comments