මා ගිය අධ්‍යාපන චාරිකාව | සිළුමිණ

මා ගිය අධ්‍යාපන චාරිකාව

අපි අධ්‍යාපන චාරිකාව යෑමට සුදානම් කර ගත් දින පාන්දර පහට පාසලට ගියෙමු. තට්ටු දෙකේ බසයේ නැගි අපි පළමුවෙන්ම කැලණිය රජමහ විහාරයට ගියෙමු. මල් පහන් පූජා කර බුදුන් වැන්දෙමු. ඉන් පසුව අප මාළු හා කුරුල්ලන් බැලීමට උද්‍යානයට ගියෙමු. ලොකුම කුරුල්ලා වන පැස්බරා හා ඌගේ බිත්තරයක් ද දැක්කෙමු. පැස්බරාගේ බිත්තර ගොඩාක් ලොකුයි. ඉන් පසුව අපි අපේ ගම බලන්නට ගියෙමු. එහි දි අපි මැටිගෙවල් දුටුවෙමු. නිලමෙලාගේ ඇඳුම් දුටුවෙමු. ඉන් පසුව අප ගියේ ග්‍රහලෝකාගාරයටය. ග්‍රහලෝකාගාරය එක් වරම කළුවර විය. එය දැක මට පුදුම සිතුණි. අහසේ තරු, සඳ දැක ගත්තෙමු. සඳ මත මිනිසුන් ඇවිදිනවා ද දුටුවෙමු.

මේ ගමනේදී අපි බොහෝ සතුටු වූවෙමු.

කේ. කේ. කේ. මෙතුනි ආකර්ෂා

2 ශ්‍රේණිය ‘සී’,

සාරාලංකාර කනිෂ්ඨ විද්‍යාලය,

කිඳෙල්පිටිය

Comments