2015 පෙබරවාරි 8 වන දින ස්ථාපිත වූ රජය යම් යම් දේ සඳහා ඇප කැප වන බවට පොරොන්දු විය. නීතියේ ආධිපත්‍ය, ප්‍රතිචාර දැක්වීම, වගවීම, විනිවිදභාවය, සමානාත්මතාව , ඵලදායීබව සහ කාර්යක්ෂමතාව, පුරෝකථනය සහ සහභාගිත්වය යහපාලනයේ මූලික ගුණාංග විය.
තාරතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වන සංවර්ධිත සමාජයක් අපට නොතිබීමට හේතුව නම් නිදහස ලබාගත් දින සිට ප්‍රචණ්ඩත්වයෙන් උපන් වාර්ගික බෙදීම්, ජාති ආගම් ගැටුම් රටම වෙළාගෙන සිටීමයි.
තිස් වසරක යුද්ධය පමණක් නොව ජාතීන් ආගම් අතර ඇති වූ ගැටුම් ඡන්ද වගා කරන නිජබිම් බවට පත් කරගත් අප රටේ ඇතැම් දේශපාලන පක්ෂ සහ ඇතැම් දේශපාලන චරිත මේ රට අගාධයකට ඇද දැමීය. එවන් වාතාවරණයක් තුළ උතුරේ දකුණේ අපගේම සහෝදර සහෝදරියන් ප්‍රශ්නවලින්ද දුකින්ද මිරිකී ගිය තත්වයක් උදා විය. ඒ ප්රචණ්ඩත්වයේ ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් අතුරුදහන් වූ අතර අදටද මිනිස් හිස්තැන් දැකගත හැකි වෙයි. අදටද ඇතැම් බිරින්දෑවරු තම සැමියන් ගෙදර එන තෙක්, දරුවන් තම මවුපියන් සොයන තත්ත්වයක් රට තුළ නිර්මාණය විය.
ඒ කිසිවක් මාධ්‍යට නිසි ලෙස නිරාවරණය නොවිණි. ඒ වෙන හේතුවක් නිසා නොව ඒවා මාධ්‍යට නිරාවරණය කරන මාධ්‍යවේදීහුද අතුරුදහන් වූහ. ප්‍රදීප් එක්නැලිගොඩ, ලසන්තවික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් රැසක් ඝාතනය, කීත් නොයාර්ට සහ උපාලි තෙන්නකෝන්ට පහරදීමත් සමඟම මාධ්‍ය නිදහසද මිහිදන් විය. නීතිය සහ අනෙකුත් රජයේ ආයතනවල ස්වාධීනත්වයට අත්වූ ඉරණමද එසේම විය.
සාමය උදෙසා යන යන ගමනේ යහපාලන ආණ්ඩුව, රජයේ වගකිවයුතු ආයතන ස්වාධීන කිරීමේ සිට ලබාදුන් දායාද රැසකි. මැතිවරණ කොමිසම, අල්ලස් සහ දුෂණ විමර්ශන කොමිසම, මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, මුල්‍ය කොමිසම, සීමා නිර්ණය කොමිසම, ගිණුම් සේවා කොමිසම හා ජාතික ප්රතිසම්පාදන කොමිසම, තොරතුරු දැනගැනීමේ පනත මඟින් ජනතාවට හිමි බලය ජනතාව අතට පත් විය.
තම ජංගම දුරකථනයෙන් ෆේස්බුක් වට්ස්ඇප් යන සමාජ ජාල ඔස්සේ විශාල ලෙස ප්රචණ්ඩත්වය වපුරවන තරුණ පරපුර නිකුත් කරන වෛරී ප්‍රකාශ පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතා අප්‍රසාදය පළ කර අතර වෛරී ප්‍රකාශ සඳහා දැන් අවකාශය ඇහිරී ඇත. ආගමක් ජාතියක් වෙත ගැරහීම විශාල ලෙස අවම වී ඇත. එය අලුත්ගම සහ පාස්කු ඉරුදින වූ ප්රහාරයන්ගෙන් දැඩි ලෙස දැකගත හැකි විය.
අප ඉදිරියේ තියන අභියෝගය සාමය දිනාගැනීමයි. වින්දිතයන්ගේ ප්‍රශ්නවලට සාධාරණ විසඳුම් ලබාදිය යුතුය. ඒ සඳහා විසඳුමක් ලබාදීම පරම යුතුකම ලෙස සලකා ආණ්ඩුව ඒ සඳහා ක්‍රියාත්මක විය. රටට උදාවෙන ස්ථිරසාර සාමය මඟින් මේ රටට හිමි විය යුතු ආර්ථික සංවර්ධනය හා ජාත්‍යන්තර පිළිගැනීම ළඟා වන බව අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අදහසයි. අප නිවැරදිව සංවිධානය වී ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය නැවතත් ලබාගෙන ජාති ආගම් භේදයෙන් තොරව එක්විය යුතු බව එ් මහතා පසක් කෙළේය.
ඒ අනුව යමින් අතුරුදහන් වූ තැනැත්තන් සඳහා වන කාර්යාලය පිහිටු විය. එපමණක් නොව ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් විපතට පත්වූ වින්දිතයන්ට සාධාරණයක් ඉටු වීමට සහ එවන් ප්‍රචණ්ඩකාරී සිදුවීම් නැවත ඇති වීම වැළක්වීම උදෙසා යහපාලන රජය ගෙන ඇති යෝධ පියවර පහත පරිදිය:
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යලය:
ඔවුන් සිටින්නේ කොහිද? කෙදිනක හෝ දැකගත හැකි වේවිද? මේ තම ආදරණීයන් අතුරුදන් වූවන්ගේ හද ගැස්මයි. තම ආදරණීයන්ට කුමක් වුවේදැයි තතු දැනගැනීමට බලාපොරොත්තුව සිටි වින්දිතයන්ට අස්වැසිල්ලක් විය. 2018 සැප්තැම්බර් 5 වන දින, අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින්, නිර්දේශ මාලාවකින් යුක්ත වූ අතුරු වාර්තාව ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් වෙත පිරිනමන ලදී. 2018 පෙබරවාරි මස සිට සය මසක් ගත වූ තැන එම කාර්යාලය ලබා ඇති ප්‍රගතිය, ඔවුන්ගේ අදහස් යෝජනා එම අතුරු වාර්තාවෙන් ප්‍රකාශ විය.
මෙම කාලය තුළ අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වින්දිතයන් හමුවීමේ වැඩසටහන් රාශියක් පවත්වා ඇති අතර ඔවුන් ප්‍රාදේශීය කාර්යාල 12ක් රට පුරා පිහිටවීමට නියමිතය. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල රට පුරා ජීවත් වන අතුරුදන්වීම් නිසා විපතට පත් සියලු ජනකොටස්, ජනවර්ග, ආගම් හෝ කලාපීය වශයෙන් කිසිදු භේදයකින් තොරව සේවය ලබාදීමට බැඳී සිටී.
හානිපූරණය සඳහා වන කාර්යාලය
හානිපූරණය සඳහා වන කාර්යාලය පිළිබඳ පනත, යුද ගැටුම්, සිවිල් කෝලාහල සහ දේශපාලන කැලඹිලිවලින් විපතට පත්වූ තැනැත්තන්ට හානිපූරණය කිරීම සදහා සහන සැලසීම වෙනුවෙන් 2018 ඔක්තෝම්බර් මස 09 දින සම්මත කරන ලදි. හානිපූරණය සදහා කාර්යාලය පනත මඟින් සිදු වූ හානි පූරණය කිරීමට කටයුතු කිරීම, උල්ලංඝනය කිරීම්වලට ලක්වූ විපතට පත් තැනැත්තන්ට නිල පිළිගැනීමක් ලෙස දැකිය හැකි බැවින් එය විපතට පත් තැනැත්තන්ට සහන සැලසීම පිළිබඳ සංධිස්ථානයකි. එමෙන්ම විපතට පත් තැනැත්තන් සඳහ මූල්‍යමය අනුග්‍රහ සහ මනෝ සමාජීය අධාර හානිපූරණය කිරීම හරහා සැපයීම ඔවුන්ගේ වේදනා සන්සිඳවීම සදහා උපකාර වේ. 2019 අප්‍රේල් මස ස්ථාපිත වූ හානිපූරණය සඳහා වන කාර්යාලය පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වුවන්ටද කඩිනම් සහන සැලසීම විශේෂ වේ.
මරණ ලියාපදිංචිකිරීමේ (තාවකාලික විධිවිධාන-සංශෝධන පනත)
දක්නට නොමැති බවට වූ සහතිකයක් (CoA) නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඒකමතිකව 2016 අංක 25 දරණ මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත පනවන ලදි. දක්නට නොමැති බවට වූ සහතිකය , ශ්‍රී ලංකා රජය විසින් තවදුරටත් සැලකිය යුතු පුද්ගලයන් පිරිසක් අතුරුදහන්ව ඇති බවට පිළිගන්නා බව පෙන්වන නිල ලියවිල්ලකි.
ඒ සහතිකය විපතට පත් තැනැත්තන්ට අතුරුදන්වූ ඔවුන්ගේ ආදරණීයන්ගේ දේපළ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සහ අනෙකුත් විවිධ නීතිමය හා පරිපාලන කටයුතු සදහා අතිශයින් වැදගත් වන ලියවිල්ලකි.
වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව විමර්ශනය කිරීමට වර්ෂ 1993 සිට ශ්‍රී ලංකාවේ රජය අවස්ථානුගතව විවිධ ජනාධිපති කොමිෂන් සභා පිහිටුවන ලද අතර දහස් ගණනක් වින්දිතයන් එම කොමිෂන් සභා වෙත වාචික සාක්ෂි ලබාදුන් නමුත් වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට එකදු යාන්ත්‍රණයක් හෝ නීතියක් ස්ථාපිත කර නැත. වින්දිතයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සම්බන්ධයෙන් නීති පැනවීමේ අවශ්‍යතාව "ප්‍රවීණ පුද්ගලයන්ගේ අන්තර්ජාතික ස්වාධීන කණ්ඩායම" මඟින් අවධාරණය කරන ලද අතර 2007 වර්ෂයේදී එවකට සිටි ජනාධිපතිවරයා විසින් උදාලගම කොමිෂන් සභාවේ විමර්ශන නිරීක්ෂණය කිරීම සඳහා ආරාධනා ඔවුන්ට ආරාධනා කරන ලද නමුත් මේ සම්බන්ධයෙන් නීති පැනවීම සදහා ක්‍රියා මාර්ගයක් ගැනීම සිදු නොවුණි. කෙසේ නමුත් ශ්‍රී ලංකා රජය විසින් 2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත පනවන අවස්ථාවේදී මෙම දීර්ඝ කාලීන අසාර්ථකත්වය සම්බන්ධව අවධානය යොමු කරන ලදි.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම අපරාධයක් ලෙස සලකනු ලබන , බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරිම සඳහා වූ අන්තර්ජාතික සම්මුති පනත ශ්‍රී ලංකා රජය විසින් 2018 මාර්තු මාසයේදී බලාත්මක කරන ලදි. දශක තුනකට අධික කාලයක් තිස්සේ "අතුරුදන්වීම්" දීර්ඝකාලීන මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස දිවයිනේ පවතින බැවින් මෙම නීති සම්පාදනය කිරීම මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධව සංධිස්ථානයක් ලෙස සැලකිය යුතුය.