සාම­ණේර හිමි­ව­රුන්ට පහර දුන් තිරි­ස­නාට කළ ­කම් පල ­දුන් හැටි | සිළුමිණ

සාම­ණේර හිමි­ව­රුන්ට පහර දුන් තිරි­ස­නාට කළ ­කම් පල ­දුන් හැටි

බිනර පොහොය ලබ­න්නට තිබුණේ දින දෙක තුනකි. පොහොය සඳ මෝදු වෙමින් තිබුණ මොහො­තක බෞද්ධ­යන්ගේ පම­ණක් නොව සිත්-පිත් ඇති ඕනෑම අයෙ­කුගේ සිතට පිළි­කු­ලක් දන­වන ජුගු­ප්සා­ජ­නක සිදු­වි­මක් සමාජ මාධ්‍ය පුරා පැතිරි යෑමට ගත වූයේ කෙටි කාල­යකි. ඒ කුඩා සාම­ණේර හිමි දෙන­ම­කට අධම පුද්ග­ල­යකු විසින් අනු­කම්පා විර­හිත ලෙස පහර දෙන තත්පර 60 ක වීඩි­යෝ­වකි. සමාජ මාධ්‍යයේ පළවී මඳ වේලා­වක් ඉක්ම යද්දී පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක කාර්යා­ලය සඳ­හන් කර සිටියේ චමින්ද ගල­බොඩ හෙවත් උටියා නමැති හොරො­ව්පො­තානෙ මැද­ගම වෙසෙන පහර දීම සිදු­කළ එම පුද්ග­ලයා අත්අ­ඩං­ගු­වට ගත් බවයි.

හොරො­ව්පො­තානේ ශ්‍රී ස්වර්ණ­ති­ල­කා­රා­මයේ, ශ්‍රී සිද්ධා­ර්ථෝ­දය පිරි­වෙනේ ඉගෙ­නුම ලබන 10 හැවි­රිදි සෝරත සහ 14 හැවි­රිදි රේවත නමැති කුඩා සාම­ණේර හිමිවරු මෙසේ පහර කෑමට ලක්වූහ. මේ සාම­ණේර හිමි දෙනම පසු­ගිය හත්වැ­නිදා සවස් යාමයේ විහා­ර­ස්ථා­නය අසල පිහිටි 'ගමේ කඩේ' නමැති කුඩා වෙළෙ­ඳ­ස­ලට ගියේ යමක් මිලදී ගැනී­ම­ටයි. එම වෙළෙ­ඳසල් හිමියා බෞද්ධ­යෙකු වුවද ගමේ කා අත­රත් සිත්පිත් නැත්තෙකු සේ පිළි­ගන්නා මත්වතුර පානය කර­මින් ජීව­ත්වන උටි­යාය.

උටියා

“සාම­ණේර දෙනම රුපි­යල් සීයක් අරන් එදා කඩේට ගිහින්... ඒ යෝගට් එක­කුයි කිරි පැකට් එක­කුයි ගන්න. පස්සෙ එක් නමක් චොක­ලට් එකක් හොර­කම් කළා කියලා තමයි කඩේ මිදු­ලේ­දීම ඔය පුද්ග­ලයා ගහලා තියෙන්නෙ. අපිට ඔය සිදු­වීම ගැන එදාම දුර­ක­තන ඇමැ­තු­මක් ආවා. පස්සෙ මිනිහා අත්අ­ඩං­ගු­වට ගත්තා. ඒත් දායක සභාවේ ඉල්ලීම මත මුදා­හැ­රියා. පස්සෙ සමාජ මාධ්‍යය හරහා රට තුළ කැල­ඹී­මක් ඇති­කළ නිසා නැව­තත් පහු­ගිය 10 වැනිදා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළා.“ එදින සිදුවී ඇත්තේ කුමක්ද යන්න පැවැ­සුවේ හොරො­ව්පො­තාන පොලි­සියේ ඉහළ නිල­ධා­රි­යෙකි.

දරු­වන් තිදෙ­නෙ­කුගේ පියෙකු වන 37 හැවි­රිදි උටි­යාගේ බිරි­යද පිළි­කා­ව­කින් පෙළෙ­න්නීය. සාම­ණේර හිමි දෙන­මට අමා­නු­ෂික ලෙස වෙළෙ­ඳ­සල ඉදි­රි­පිට දීම පහර දෙන ආකා­රය ජංගම දුර­ක­ත­න­ය­කින් වීඩියෝ ගත කර පසුව අන්ත­ර්ජා­ල­යට මුදා­හැර තිබුණේ ඒ අස­ලම බලා සිටි පුද්ග­ල­යෙකි. කුඩා සාම­ණේර හිමි දෙනම පොලි­සි­යට කියා තිබුණේ, කිසි­වක් හොර­කම් නොකළ බවත්, එහෙත් කඩේ මාමා පහර දුන් බවත්ය.

“අපේ පිරි­වෙනේ සාම­ණේර හිමි­වරු 85ක් පමණ ඉගෙන ගන්නවා. ඔය මනු­ස්ස­යගේ කඩේ තියෙන්නෙ විහා­ර­ස්ථා­නය ඉදි­රි­පිට. ඒ පුද්ග­ලයා නිත­රම මත්පැන් පානය කර­නවා. මං සාම­ණේර හිමි­ව­රුන්ට කියලා තියෙන්නෙ කිසිම අව­ස්ථා­වක ඔය කඩේට යන්න එපා කියලා. ඔය සිද්ධිය වූ දින­යේත් මං දන්නෙ නැහැ මේ සාම­ණේර හිමි­වරු දෙනම කඩේට ගිය බව. ඒ වගේම ඔය විදි­හට පහර දුන් බවක් හෝ මම දැනන් හිටියේ නෑ. පොඩි දෙන­මත් කිසි­වෙ­කුට මේ විත්ති­යක් කියලා නෑ. ඒත් පහු­වදා කවු­රු­හරි මේ ගැන කියලා පොලි­සි­යට ඇම­තු­මක් දීලා. ඊට පස්සෙ පොලි­සි­යෙන් මිනිහා අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණා. මම කියන්නෙ බෞද්ධ රටක් වන අ‍පේ රටේ මෙවැනි දේවල් සිදු නොවිය යුතුයි. සංඝයා වහ­න්සේ­ලාට අත උස්සන්න ගියොත් අපේ ජාතිය මහත් පිරි­හී­ම­කට ලක්වෙ­නවා. එම නිසා මේ ගැන සෑම වග­කි­ව­යුතු කෙනෙ­කු­ගේම අව­ධා­නය යොමු විය යුතුයි. ඒ වගේම මං රටේ සෑම බෞද්ධ­යෙ­ක්ගෙන්ම මේ මොහොතේ ඉල්ලී­මක් කර­නවා “දාන­මාන දෙන­කොට පොඩි­ඇ­ත්තන්ට පැණි රස වැනි මොන­වා­හ­රිත් දෙන­වා­නම් හොඳයි කියලා. මොකද ඔය කුඩා සාම­ණේ­ව­රුන් ටොෆි චොක­ලට් කෑමට ප්‍රියයි... ඒක­යිනේ මේ ප්‍රශ්නෙ වුණෙත්...,, “ සාම­ණේර දෙන­මට පහර දීම පිළි­බ­ඳව ස්වර්ණා­ති­ල­ක­රාම විහා­ර­ස්ථා­නයේ නායක වැලි­මු­ව­පො­තානේ පිය­ර­තන හිමියන් පවසා සිටියේ ඒ අයු­රිනි.

හොරො­ව්පො­තාන පොලිස් ස්ථානා­ධි­පති, පොලිස් පරී­ක්ෂක රොෂාන් සංජීව මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු­කළ පරී­ක්ෂණ අනුව චමින්ද ගල­බොඩ හෙවත් උටියා පසු­ගිය 11 වැනිදා පද­විය අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කෙරිණි. ඒ කැබි­ති­ගො­ල්ලෑව මහේ­ස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහ­තාගේ නියෝ­ග­යක් අනු­වයි.

ස්වර්ණා­ති­ල­ක­රාම විහා­ර­ස්ථා­නය

මේ සිදු­වීම සමාජ මාධ්‍ය­යන්හි පළ­වී­මත් සමඟ විවිධ පුද්ග­ල­යන් විසින් පහර දුන් නරු­ම­යාගේ යැයි සඳ­හන් කර­මින් චමින්ද ගල­බොඩ නමැති මුහුණු පොතේ අයෙ­කුගේ ඡායා­රූ­ප­යක් පළ කර­මින් එම පුද්ග­ල­යාට දෝෂා­රෝ­ප­ණය එල්ල කෙරිණි. එහෙත් මහ­නු­වර වැසි­යෙකු වන එකී පුද්ග­ලයා වත්ම­නෙහි කටාර් රාජ්‍යයේ රැකි­යාවේ නිරත වන්නෙකි. ඔහු තමාට වූ අසා­ධා­ර­ණය ගැන කටාර්හි රැකි­යාව කරන අත­රේම සමාජ මාධ්‍ය­යට වීඩි­යෝ­වක් නිකුත් කර­මින් එම අව­න­ඩුව පවසා සිටි­යේය.

මෙවැනි අමා­නු­ෂික සිදු­වීම් රට දැන ගත්තේ සමාජ මාධ්‍ය වලට පින්සිදු වන්න­ටය. එහෙත් සමාජ මාධ්‍ය නිවැ­රදි පුද්ග­ල­යින්ට හානි­යක් නොක­ර­න්න­ටද වග බලා ගත යුතුය.

Comments