යාප­නය දිනා­ගත් එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා | සිළුමිණ

යාප­නය දිනා­ගත් එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා

න්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රද­ර්ශ‍නයේ තුන්වැනි අදි­යර පසු­ගිය සති­යේදී යාප­න­යේදී සාර්ථ­කව පැවැ­ත්විණි. රාජ්‍ය සහ පෞද්ග­ලික අංශයේ ප්‍රද­ර්ශන කුටි ගණ­නා­ව­කින් සම­න්විත වූ මේ ප්‍රද­ර්ශ­නය යාපන අර්ධ­ද්වී­ප­යට නවමු අත්දැ­කී­මක් ගෙන දෙන්නක් වූ අතර, අති­වි­හාල ජන­තා­වක් මේ ප්‍රද­ර්ශ­නය දැක බලා ගැනී­මට පැමි­ණි­යහ. මෙහිදී යාපන වැසි­යන්ට රජයේ ව්‍යව­සා­ය­ක­යන් ලක්ෂ­යක් බිහි කර­ලීමේ යෝධ වැඩ­ස­ට­හන මඟින් ලැබෙන ප්‍රති­ලාභ පිළි­බඳ ජන­තා­වට දැනු­වත් වීමට අව­ස්ථා­වක් ලැබුණු අතර, ඔවුන්ට නූතන ලෝක­යට ගැළ­පෙන නව ව්‍යව­සාය අවස්ථා පිළි­බඳ අව­බෝ­ධ­යක්ද ලබා­ගත හැකි විය.

අග්‍ර­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා අතින් විවෘත වූ මේ ප්‍රද­ර්ශ­නය මුදල් අමාත්‍ය මංගල සම­ර­වීර මහ­තාගේ මූලි­ක­ත්ව­යෙන් එම අමා­ත්‍යාං­ශය මඟින් සංවි­ධා­නය කළ අතර යාප­නයේ ජන­තා­වගේ ජීවන රටා­වට සහ ඒ පරි­ස­ර­යට ගැළ­පෙන අයු­රින් ප්‍රද­ර්ශ­නය සංවි­ධා­නය කිරී­මට සංවි­ධා­ය­ක­යන් කට­යුතු කර තිබිණි. ලක්ෂ හත­ර­කට ආසන්න ජන­තා­වක් මේ ප්‍රද­ර්ශ­නය නැර­ඹි­මට පැමිණි අතර තවත් දින­කින් හෝ දෙක­කින් ප්‍රද­ර්ශ­නය දීර්ඝ කරන ලෙසද යාප­නයේ ජන­තාව ඉල්ලම් කොට තිබිණි. යාප­නය දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලය මේ සඳහා විහේෂ සහ­යෝ­ග­යක් ලබා දුන්නේය.

එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය මඟින් දැනට නව ව්‍යව­සා­ය­ක­යන් 53,000කට රු. මිලි­යන 90,000ක මුද­ලක් පිරි­නමා ඇති අතර, එම­ඟින් තම ව්‍යාපාර සාර්ථක කර­ගත් ව්‍යව­සා­ය­ක­යන් රැසක් දැක­ගත හැකිය. මේ ප්‍රද­ර්ශ­න­යට කලක් එල්ටී­ටීඊ සංවි­ධා­න­යට සම්බන්ධ වී ක්‍රියා කොට පුන­රු­ත්ථා­ප­නය වූ සාමා­ජි­ක­යන් ගණ­නා­ව­කට නව ව්‍යව­සාය ආරම්භ කිරී­මට ණය ලබා දුන් අතර, යුද්ධය නිසා වැන්ද­ඹු­වන් බවට පත් කාන්තා­ව­න්ටද ණය ලබා දීමේ කට­යුතු සිදු කෙරිණි.

Comments