නිමාව දකින වතු­ක­රයේ කඳුළු කතාව... | සිළුමිණ

නිමාව දකින වතු­ක­රයේ කඳුළු කතාව...

මෙරට ආර්ථි­කය උදෙසා සිය­වස් දෙක­කට අධික කාල­යක් දහ­දිය, කඳුළු වැගිරූ වතු කම්කරු ජන­තා­වගේ ජීවන තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය හා ආර්ථික තත්ත්වය වැඩි දියුණු කර­මින් ඔවුන්ට වඩා යහ­පත් ජීවන තත්ත්ව­යක් ළඟා කර දීම අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ අපේ­ක්ෂා­වයි.

ඒ සඳහා ම වෙන් වූ කැබි­නට් අමා­ත්‍යාං­ශ­යක් පිහි­ටුවා, පස් අවු­රුදු ක්‍රියා­කාරී සැලැ­ස්මක් හඳුන්වා දෙමින් මේ වන­වි­ටත් ක්‍රියා­වට නංවා තිබෙන සංව­ර්ධන කට­යුතු රාශි­යකි.

මෙරට ඉන්දි­යානු දමිළ වතු කම්කරු ජන­තා­වගේ ඉති­හා­සය හා මෙරට වතු ආර්ථි­කයේ අතී­තය පිළි­බඳ සංක්ෂි­ප්තව කරුණු සඳ­හන් කිරීම මෙහිදී වැද­ගත් වනු ඇත. මහා­චාර්ය චර්ල්ස් සර්වන්ට අනුව මුලින්ම ඉන්දි­යානු දෙමළ කම්ක­රු­වන් පිරි­සක් මෙර­ටට සංක්‍ර­ම­ණය වී ඇත්තේ උඩ­රට ගිවි­සුම අස්සන් කොට දෙව­ස­රක් ගතවූ 1817 වසරේ ය. ඒ කොළඹ - නුවර මාර්ගය (ඉපැ­රණි කරත්ත මාර්ගය) ඉදි­කි­රීම පිණිස ය.

විශාල කණ්ඩා­යම් වශ­යෙන් ඉන්දි­යා­වෙන් මෙර­ටට කම්ක­රු­වන් ගෙන්වීම ආරම්භ වූයේ කෝපි වගාවේ ආර­ම්භ­යත් සමඟ ය. මෙරට වැවිලි ආර්ථි­කය පොහො­සත් කිරීම පිණිස මෙරට ප්‍රථම වතු කම්කරු පිරිස දකුණු ඉන්දි­යාවේ තිරු­නෙ­ල්වෙලි, තිරුචි, මදු­රෙයි සහ තන්ජෝර් යන නග­ර­වල සිට බෝට්ටු ආධා­ර­යෙන් රැගෙ­න­විත් තලෙ­යි­ම­න්නා­රම වරාය ඔස්සේ කුරු­ණෑ­ගල, මාතලේ ඔස්සේ මධ්‍යම කඳු­ක­රයේ ඉතා අඩු පහ­සු­ක­ම්ව­ලින් යුත් ලැයින් කාම­ර­වල නවා­තැන් සපයා දෙන ලදී.

1870 දශ­ක­යේදී දිලීර රෝග­යක් හේතු­වෙන් කෝපි වගාව විනා­ශ­යට පත්වීම ආරම්භ වීමත් සමඟ තේ වගාව ආරම්භ විය. ඒ කම්කරු ප්‍රජා­වගේ අප්‍ර­ති­හත වෙහෙස මහ­න්සි­යෙන් ‘තේ’ ලංකාවේ ප්‍රධාන අප­න­යන බෝගය බව­ටත්, වැඩිම විදේශ විනි­ම­යක් ගෙන එන වගාව බව­ටත් පත් විය.

තේ වගා­වෙන් නොනැ­වතී මේ පිරිස රබර් හා පොල් වගා­ව­ටත් යොද­වනු ලැබූහ. ප්‍රථම වරට බ්‍රිතාන්‍ය රජය ඉන්දීය වතු ප්‍රජා­වගේ ජන සංග­ණ­න­යක් සිදු­ක­රනු ලැබුවේ 1871 වස­රේ­දීය. 1911 වසරේ කරන ලද සංග­ණ­න­යට අනුව මෙරට වතු ප්‍රජා­වගේ ජන­ග­හ­නය 531,000 ක් විය. අද එය 842,323කි. එය ශ්‍රී ලංකාවේ ජන­ග­හ­නයේ ප්‍රති­ශ­ත­යක් ලෙස සිය­යට 4.2 කි. එයින් වැඩිම ජන සංඛ්‍යා­වක් වෙසෙන්නේ මධ්‍යම පළාතේ ය. එය සංඛ්‍යා­වෙන් 484,429. දෙවැනි වැඩිම පිරිස 154,252 ඌව පළා­තෙනි. තුන්වැනි වැඩිම පිරිස සබ­ර­ගමු පළා­තෙනි. (104,063).

දිගු කලක් මේ පිරිස මෙරට ආර්ථි­ක­යට අප­රි­මිත මෙහෙ­යක් සිදු කර­මින් ජීවත් වූයේ මූලික අයි­තීන් පවා අහිමි ජන කොට­සක් ලෙසිනි. ඒ පිරි­සට ඡන්ද අයි­තිය පවා ලබා­දෙන ලද්දේ 1949 වසරේ එක්සත් ජාතික පක්ෂ රජ­යක් යටතේ ය. බ්‍රිතාන්‍ය පාල­ක­යන් යටතේ ද ඉතා දුක්ඛිත ජීවි­ත­යක් ගත කළ මේ ප්‍රජා­වගේ නිද­හ­සින් පසු­වද ජීවන තත්ත්වයේ කැපී පෙනෙන වෙන­සක් සිදු නොවිණි.

ඒ ප්‍රශ්නය ඉතා සංවේදී මන­සින් වට­හා­ගත් රනිල් වික්‍ර­ම­සිංහ මහතා කඳු­රට නව ගම්මාන, යටි­තල පහ­සු­කම් හා ප්‍රජා සංව­ර්ධන කැබි­නට් අමා­ත්‍යාං­ශය පිහි­ටු­ව­මින් එහි වග­කීම පලනි දිග­ම්බ­රම් ඇම­ති­ව­ර­යාට පැව­රු­වේය.

වතු ප්‍රජා­වගේ ජීවන තත්ත්වය නංවා­ලීමේ ප්‍රධාන අංශය ලෙස සෞඛ්‍ය, පෝෂ­ණය, අධ්‍යා­ප­නය, මුල් ළමා විය සංව­ර්ධ­නය, නිපු­ණතා සංව­ර්ධ­නය, වෘත්තීය පුහු­ණුව, කාන්තා­වන් හා තරු­ණ­යන් සවි­බල ගැන්වීම, නිවාස, පානීය ජලය, සනී­පා­ර­ක්ෂ­ණය හඳු­නා­ගෙන තිබෙන අතර ඒ ක්ෂේත්‍ර­යන්ගේ සංව­ර්ධ­නය මේ සුවි­ශේෂ පස් අවු­රුදු සැලැ­ස්මට අන්ත­ර්ගත වේ.

‘අප­ටම අයිති ඉඩ­මක් - අප­ටම අයිති නිව­සක්’ යන තේමාව යටතේ ලයින් කාම­ර­වල ජීව­ත්වන පවුල් 172,700කට නව නිවාස ඉදි­කර දීමට කට­යුතු කෙරේ. මේ වන­විට ඉන් නිවාස 8133ක් ඉදි­කර අව­සන්ය.

‘අප­ටම අයිති ඉඩ­මක් - අප­ටම අයිති ගම්මා­න­යක්’ යන සංක­ල්පය පෙර­දැ­රිව නිවෙස් හා නව ගම්මාන ඉදි­කි­රීම සිදු කෙරේ. මේ අනුව වර්ග අඩි 550 කින් සම­න්විත, කාමර දෙකින්, මුළු­තැ­න්ගෙ­යින්, විසිත්ත කාම­ර­ය­කින් හා වැසි­කි­ළි­ය­කින් සම­න්විත අලං­කාර කුඩා නිව­සක් ඉදි­කෙරේ. එම ව්‍යාපෘ­තිය ද නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්ක­යෙන් ආර­ම්භවී, මහ­නු­වර, රත්න­පුර, කෑගල්ල, මාතලේ, බදුල්ල, මොන­රා­ගල, කුරු­ණෑ­ගල, කළු­තර, මාතර, ගාල්ල, කොළඹ යන දිස්ත්‍රි­ක්ක­වල ද මේ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කෙරේ.

ඉන්දියා රජයේ ආධාර ඇතිව වැවිලි ප්‍රජාව වෙනු­වෙන් නව නිවාස 14,000 ක් ඉදි­කෙරේ. ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේ තවත් නිවාස 10,000 ක් ඉදි­කි­රීම සඳහා ආධාර ලබා­දෙන බවය. එහි පළමු නිවාස 4000 දැන­ට­මත් ඉදි­කර අව­සන්ය. පර්චස් හතක භූමි භාග­යක ඉදි­කෙ­රෙන මේ නව නිවාස සඳහා නිර­වුල් හිමි­කම් ඔප්පු ලබා­දීම ද සිදු කරයි. වසර දෙසී­යක දිගු ඉති­හා­ස­යක් සතු මෙරට වතු ප්‍රජා­වට ඉඩ­මක හා නිව­සක නීත්‍ය­නු­කූල හිමි­කම ලැබෙන්නේ ප්‍රථම වතා­ව­ටය.

වතු­ක­රයේ වයස අවු­රුදු 3 - 5 අතර, දරු දැරි­යන් වෙනු­වෙන් ආරම්භ කර ඇති පූර්ව ළමා­විය සංව­ර්ධන වැඩ­ස­ට­හන් රැසකි. ඒ පස් අවු­රුදු සැලැස්ම සඳහා සමස්ත ආයෝ­ජ­නය ඇම­රි­කානු ඩොලර් මිලි­යන 10කි. මේ අනුව හා ළමා සංව­ර්ධන මධ්‍ය­ස්ථාන 140ක් ස්ථාපිත කිරී­මට නිය­මි­තය. නව ක්‍රීඩා පිටි 175ක් ඉදි­වෙන අතර, නවී­ක­ර­ණය කරන ක්‍රීඩා පිටි සංඛ්‍යාව 210කි. ළම­යින්ගේ පෝෂණ තත්ත්වය වැඩි­දි­යුණු කිරීම සඳහා ‘ටිකිරි ශක්ති’ නමින් වැඩ­ස­ට­හ­නක් ද අරඹා තිබේ. ඒ යටතේ ළම­යින් සඳහා අධි­පෝ­ෂණ බිස්කට් ලබා දෙයි.

වැවිලි ප්‍රජා­වට පිරි­සුදු පානීය ජලය ලබා­දීම සඳහා පවුල් 15,800ක් ඉලක්ක කර ගනි­මින් ජල සම්පා­දන ව්‍යාපෘති 130ක් ක්‍රියා­ත්මක අතර ඒ සඳහා වැය­වන මුදල රුපි­යල් මිලි­යන 1500කි.

වැවිලි ප්‍රජා­වගේ සනී­පා­ර­ක්ෂක පහ­සු­කම් වැඩි­දි­යුණු කිරීම සඳහා සනී­පා­ර­ක්ෂක වැසි­කිළි 7300ක් ඉදි­කි­රී­මට පිය­වර ගෙන ඇති අතර 2020 වන විට නව වැසි­කිළි 10,000 ක් ඉදි­කි­රී­මට නිය­මි­තය. ඒ සඳහා ආයෝ­ජ­නය කරන මුදල මිලින 240කි.

මේ අතර, වතු­ක­රයේ මාර්ග සංව­ර්ධ­නය කිරී­මට ද දැවැන්ත වැඩ­පි­ළි­වෙළ රැසක් ක්‍රියා­ත්මක කර­මින් පවතී.

අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ වතු­කර ජන­තා­වගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ සංක­ල්පය ක්‍රියා­ත්මක කිරීම සඳහා පලනි දිග­ම්බ­රම් ඇම­ති­ව­රයා සහ කඳු­රට නව ගම්මාන, යටි­තල පහ­සු­කම් හා ප්‍රජා සංව­ර්ධන අමා­ත්‍යාං­ශය ඉටු­ක­රන කැප­කි­රීම් ප්‍රශං­ස­නීය ය.

 

Comments