දේව වර­මක් ගන්න දේවා­ල­යට ගිය වාසු­කීගේ සිරු­රට කපුවා භූත­යකු රිංග­වයි | සිළුමිණ

දේව වර­මක් ගන්න දේවා­ල­යට ගිය වාසු­කීගේ සිරු­රට කපුවා භූත­යකු රිංග­වයි

සී­මිත තණ්හා­වෙන් පෙළෙන මිනිසා සාධා­ර­ණව ඉටු කර ගත නොහැකි අව­ශ්‍යතා ඉටු කර ගන්නට විවිධ උපාය මාර්ග සොයති. ධන­යෙන් බල­යෙන් ලබා­ගත නොහැකි දේ දිනා ගන්නට නොපෙ­නෙන බල­වේ­ග­වල පිහිට ද සොයා යති.

එවැ­න්නන්ගේ ඉල්ලු­මට අනුව සැප­යීම සඳහා සම­හරු දෙවි­යන්ගේ නමින් දේවාල අට­වා­ගෙන සිටිති. තමන්ගේ මළ­ගිය ඥාති ප්‍රේත­යන් ළං කර­ගෙන කට­යුතු කරති. හොඳින් සාධා­ර­ණව දිනා­ගත නොහැකි දේ දිනා ගන්නට දේවාල කරා පැමි­ණෙන අය ද බොහෝ­මය. මහා උග­තුන් බුද්ධි­ම­තුන් සේ පෙනී සිටි­මින් රටේත් ජන­තා­ව­ගේත් වග­කීම භාර­ගත් අය ද දේවාල පස්සේ යෑම ප්‍රසිද්ධ රහ­සකි. දේවාල කපු­වන්ට රැවටී අමා­රුවේ වැටෙ­න්නෝද බොහෝය.

පිළි­ය­න්දල චමිල හත­ළිස් හැවි­රිදි ව්‍යාපා­රි­ක­යෙකි. ඔහුගේ බිරිය වාසූකී තිස් පස් හැවි­රි­දිය. ඔවුන්ගේ පුතා විරාජ් පහ­ළොස් හැවි­රිදි පාසල් සිසු­වෙකි. එහෙත් දැන් ඔහු පාසල් යන්නේ නැත. හොඳින් කීක­රුව ඉගෙ­නුම ලැබූ ඔහු දැන් හිතු­ව­ක්කාර වී ඇත. පාප­මිත්‍ර සේව­න­යට යොමු වී සිග­රට්, අරක්කු භාවිතා කරයි. මාස දෙක තුනක සිට කෑම අප්‍රි­යා­වෙන් පෙළෙයි. මුහුණ ‍සේදීම හා නෑම පිරි­සුදු වීම අත­හැර ඇත. ළඟින් දුගඳ හමයි. මවු­පි­යන් නුරු­ස්සයි. ඔවුන්ට පහර දෙයි.

වෛද්‍ය ප්‍රති­කාර, මනෝ වෛද්‍ය ප්‍රති­කාර කළත් සුව­යක් වෙන­සක් නොවීය. මේ අතර අම්මා වාසු­කීට තමන්ගේ මිය­ගිය නැග­ණිය හීනෙන් පෙනෙ­න්නට විය. හීනෙන් පෙනී සිට පත්තිනි වරම ගන්නැයි බල­ක­රයි. වාසුකී චමි­ලට හොරෙන් දේවාල ගාණේ යන්නට වූවාය. මීගොඩ ප්‍රදේ­ශයේ දේවා­ල­ය­කට ගොස් පත්තිනි වරම ගන්නට කට­යුතු කර­මින් සිටි­යදී දේවාල කපුවා සමඟ අනි­යම් සම්බ­න්ධ­යක් ද ඇති කර ගත්තාය. ඒ බව ආරංචි වූ චමිල බිරි­යට පහර දී දේවා­ල­යට ගොස් කපු­වාට බැණ වැදු­ණේය. කපුවා චමි­ලට තර්ජ­නය කර උඹට පුළු­වන් නම් නතර කර­පන් යැයි අභි­යෝග කළේය. ඉන් පසු වාසුකී පිස්සු­වෙන් කපුවා සොයා‍ගෙන ගියාය. එවර චමිල දේවා­ල­යට ගොස් කපු­වාට පහර දී පූජා­සන පවා කඩා බිඳ ආවේය. වාසුකී නිවාස අඩ­ස්සියේ තැබු­වේය.

ඒ කිසි­වක් නොදන්නා විරාජ් වෙන­ස්ව­න්නට වූයේ එතැන් සිටය. කපුවා හූනි­ය­මක් කළා දැයි දැන­ග­න්නට චමිල බිරිය පුතාත් සමඟ ඇතුල් කොට්ටේ ගුප්ත ගවේ­ෂණ මධ්‍ය­ස්ථා­නය කරා ආවේය. අධ්‍යා­ත්මික උප­දේ­ශ­ක­ව­රයා මුණ ගැසී සියලු විස්තර අනා­ව­ර­ණය කළේය.

ගවේ­ෂ­ක­ව­ර­යාගේ රෝග පරී­ක්ෂා­වේදී වාසු­කීත් විරාත් පුතාත් ගැහෙ­න්න­ටත්, අඬ­න්න­ටත් වූහ. ඔවුන්ට අම­නුෂ්‍ය දෝෂ­යක් ඇතැයි දැන­ගත් ගවේ­ෂ­ක­ව­රයා දින 21ක් ගමේ පන්සලේ දී බෝධි පුජා පවත්වා නැවත එන්නැයි නියම කළේය.

බෝධි පුජා අව­සන් කොට නැවත ප්‍රති­කාර සඳහා පැමිණි දිනයේ වාසු­කීගේ ශරී­ර­යට භූතා­ත්ම­යක් ආවිෂ්ට විය. ගවේ­ෂ­ක­ව­රයා ඒ භූතා­ත්මය සමඟ සාකච්ඡා කළේය.

‘‘කව්ද මේ ශරී­ර­යට ඇතු­ළු­වෙලා ඉන්නේ?”ඇසීය.

‘‘නම දන්නේ නෑ භූතයා උත්තර දුන්නේය.

‘‘කවුද එව්වේ?

‘‘මේ පවුල අවුල් කර පළි­ගන්නÓ

‘‘මොන වර­දක් කළාට ද පළි­ගන්නේ?”

‘‘මේ චමිල කපු­වාට ගහපු පළිය ගන්න. මේ පවුල විනාශ කරන්න.”

‘‘කොහො­මද මේ ගෙද­රට ආවේ.”

‘‘මේ වාසුකී පිස්සු­වෙන් දේවා­ල­යට ගිය වේලා­වක කපුවා කෑමක් දුන්නා. ඒ කෑම එක්ක වාසු­කීගේ ශරී­ර­යට ඇතුළු වුණා”. යි භූතයා කීවේය.

වාසුකී පියවි සිහි­යට පත් කළ ගවේ­ෂ­ක­ව­රයා දේවාල කතාව කුම­ක්දැයි ඇසීය.

“මගේ අක්කා තමරා. අක්කා පත්තිනි මෑණි­යන් ඇද­හුවා. පත්තිනි වර­මක් ගන්න පුද පූජා කළා. පත්තිනි දේවිය ගැන බොහෝම විශ්වා­ස­යෙන් කට­යුතු කළ කෙනෙක්. මර­ණ­යෙන් පස්සේ පත්තිනි දේව පාර්ශ්වයේ දේව­තා­වි­යක් වෙන්න අධි­ෂ්ඨාන කර­ගෙන පින් දහම් කළා. ඒත් අක්කා හදි­සියේ මැරුණා. මැරු­ණාට පස්සේ මට නිතර හීනෙන් පෙනිලා පත්තිනි වර­මක් ගන්න කියලා බල කළා. මමත් පත්තිනි වරම ගන්න හිතා­ගෙන දේවාල ගානෙ ගිහින් පුද පූජා කළා. මීගොඩ දේවාලෙ කපුවා පත්තිනි වරම අර­ගෙන දෙන­වාය කියලා මාව රැව­ටුවා. මට වශී ගුරු­ක­මක් කරලා මගෙන් ප්‍රයෝ­ජන ගත්තා. චමිල බුද්ධි­මත්ව කට­යුතු කළ නිසා මමත් අපේ පවු­ලත් යම්තම් බේරුණා යැයි වාසුකී කීවාය.

ගවේ­ෂ­ක­ව­රයා ඊළ­ඟට වාසු­කීගේ මිය­ගිය අක්කාගේ ප්‍රාණ­කා­රිය ඇගේ ශරී­ර­යට දිෂ්ටි ගැන්වීය.

“කවුද මේ” යැයි ඇසීය.

“මම වාසු­කිගේ අක්කා තමරා”. යැයි භූතා­ත්මය කීවාය.

“ඔබට මොකද වුණේ.”

මම ජීවත්ව ඉන්දිද්දී පත්තිනි වර­මක් ගන්න පුද පුජා පැවැ­ත්වුවා. ඒත් මම හදි­සියේ මැරුණා. ඊට පස්සේ මට වුව­මනා වුණා පත්තිනි මෑණි­යන් ළඟ දේවි­තා­වි­යක් වෙන්න. ඒක මේ නංගි වාසුකී ලවා ඉෂ්ට කරවා ගන්න උත්සාහ කළා. නංගි පත්තිනි වරම ගන්න දේවා­ල­යට ගියාම ඒ දේවා­ලයේ කපුවා නංගිව යාළු කර ගත්තා. අන්ති­මට ඌ මට ගහලා පන්නලා නංගිගේ ඇඟට රිංගුවා. යි ප්‍රේතිය කීවාය.

“හිතන හිතන හැටි­යට දේව­තා­වි­යන් වෙන්න බැහැ. ඔබ ජීවත්ව ඉන්න කොට මිත්‍යා­ව­කට රැව­ටිලා. ඒ මනෝ­භා­ව­යෙන් මැරිලා අක්කා ලවා දේව­ත්ව­ය­කට යන්න උත්සාහ කළා. ඒවා හරි­යන්නේ නෑ. මිත්‍යා­වෙන් වැඳ වැඳ පුද පුද යැද යැද දිව්‍ය ලෝක­යට යන්න බැහැ. ත්‍ර‍ිහේ­තුක කුසල චිත්ත­යක් මර­ණා­සන්න චුති සිතට පහළ වෙන්න ඕනෑ. ඔබේ හීනය යථා­ර්ථ­යක් කර ගන්න ගිහින් ඔබේ උගු­ලට අහු­වෙලා මේ පවුල අවුල් වෙලා චමිල බුද්ධි­මත් කෙනෙක් නිසා යම්තම් බේරුණා. ඔබ දැන් ප්‍රේති­යක්. දැන් කරු­ණා­කර මේ අය අත හැර යන්න ඕනෑ. දේව­තා­වි­යක් වෙන්න නම් පින් දහම් කරන තැන­කට යන්න” යැයි ගවේ­ෂ­ක­ව­රයා පැව­සීය. “දැනුයි මට ඇත්ත වැට­හුණේ. ඒ වගේ හොඳ තැන­කට මාව යව­න්නැයි” ප්‍රේතිය කීවාය. ඊළ­ඟට නැව­තත් කපුවා එවු ප්‍රේතයා වාසු­කීට දිෂ්ටි ගැන්වීය.

“තම­නුත් දැන් ඉවත් වෙලා යන්න ඕනෑ” යි ගවේ­ෂක වරයා භූත­යාට කීවේය.

“බැහැ....බැහැ.. මට යන්න බැහැ. මට පව­රපු කට­යුත්ත ඉෂ්ට කරලා මිසක් මට යන්න බැහැ”

“මොකක්ද පව­රපු කට­යුත්ත”.

“මේ ගෑනි කපුවා දීපු කෑම කෑවා. කපු­වාගේ කීමට කොට­සක් පුතා­ටත් කන්න දුන්නා. මම දැන් මේකි­වත් මරලා ඒ කොලු­වත් මර­නවා. ඒක ඉටු නොක‍ෙ­ළාත් කපුවා මට දඬු­වම් කර­නවා. මේ වැඩේ වැරදි බව මටත් තේරෙ­නවා. ඒත් කරන්න දෙයක් නෑ. කපු­වාගේ කීම ඉෂ්ට නොක­ළොත් ඌ පන්ද­මෙන් මාව පුච්ච­නවා”. ප්‍රේතයා කීවේය.

ප්‍රේතයා අව­නත නොවන බව වට­හා­ගත් ගවේ­ෂ­ක­ව­රයා ශක්ති කිරණ එල්ල කොට ප්‍රේතයා දවා පුළුස්සා දුර්වල කොට ශරී­ර­යෙන් එළි­යට ඇද පන්නා දැම්මේය. අක්කාගේ භූතා­ත්මය පල­තුරු වට්ටි­ය­කට සම්බන්ධ කොට පත්තිනි දේවා­ල­ය­කට ඔවුන් අතම යැවීය. අසී­මිත අව­ශ්‍යතා ඉටු කැර ගන්නට දේවාල ගණනේ යන අය ප්‍රවේ­ශම් විය යුතුය. කප­ටින්ට අසු වී පවුල් අවුල් වන බව නුව­ණින් සිහි කට­යු­තුය.

Comments