අපරාධකරුවන් කොටුකරන්නට සාක්කි කියන ගස් වැල් | Page 3 | සිළුමිණ

අපරාධකරුවන් කොටුකරන්නට සාක්කි කියන ගස් වැල්

සු­ගිය අප්‍රේල් 21 වැනි දින එල්ල වූ මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­යන් සඳහා නාය­ක­ත්වය දුන් සහ­රාන් නිශ්චි­තව ම මිය ගියාද යන සැකය බොහෝ දෙන­කුට ඇති වූයේ සාමා­න්‍ය­යෙන් නාය­ක­ත්වය දෙන කෙනකු මරා­ගෙන මැරෙන ප්‍රහා­ර­ය­කට නොයන නිසා ය. එහෙත් සහ­රාන් නිශ්චි­තව ම මිය ගිය බව විද්‍යා­ත්ම­කව තහ­වුරු විය. එය විද්‍යා­ත්ම­කව තහ­වුරු කරනු ලැබුවේ සහ­රාන්ගේ බිරි­ය­ගේත් දිය­ණි­ය­ගේත් රුධිර සාම්පල ගෙන ඩී.එන්.ඒ. පරී­ක්ෂා­වට ලක් කිරී­මෙනි. එප­ම­ණක් නොවේ. මෙකී බෝම්බ ප්‍රහා­ර­ව­ලින් මිය ගොස් හඳු­නා­ගත නොහැ­කිව තිබූ මළ­සි­රුරු සහ කොටස් ඩී.එන්.ඒ. පරී­ක්ෂාව මඟින් අන­න්‍ය­තාව තහ­වුරු කරනු ලැබීය. මීට අම­ත­රව සුනාමි ව්‍යස­න­යේදී මවු­ව­රුන් කීප­දෙ­නකු විසින් උරු­ම­කම් පෑ අභි­ලාෂ් සිඟිති දරු­වාගේ සැබෑ මවු­පි­යන් සොයා ගෙන අභි­ලාෂ්ව භාර දෙනු ලැබුවේ ඩී.එන්.ඒ. තාක්ෂ­ණ­යට පින්සිදු වන්න­ටය. මේ අනුව ඩී.එන්.ඒ. ජාන තාක්ෂ­ණය අපේ රටට නුහුරු නුපු­රුදු දෙයක් නොවේ.

2002 වර්ෂයේ මෙර­ටට හඳුන්වා දුන් ඩී.එන්.ඒ. තාක්ෂ­ණය උප­යෝගි කර ගනි­මින් අන­න්‍ය­තාව තහ­වුරු කිරීම මුලින් ම ආරම්භ කළේ කොළඹ ජීන්ටෙක් ආය­ත­න­යයි. මේ වන විට මෙය රජයේ රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ද සිදු කෙරේ. ඉන්ප­සුව ඩී.එන්.ඒ. මඟින් සත්ව­යින්ගේ අන­න්‍ය­තාව තහ­වුරු කිරීම ජීන්ටෙක් ආය­ත­නය විසින් මීට වසර 5කට පමණ පෙර ආරම්භ කළේය. විශේ­ෂ­යෙන් ගව­යන්ගේ අන­න්‍ය­තාව තහ­වුරු කර අයි­ති­ක­රු­වන්ට භාර­දීම, අලි හඳු­නා­ගැ­නීම වැනි අධි­ක­ර­ණ­මය කට­යුතු සඳහා සතුන්ගේ ඩී.එන්.ඒ. පරී­ක්ෂණ යොදා ගැනිණි.

මේ වන විට ජීන්ටෙක් ආය­ත­නය තවත් පිය­ව­රක් ඉදි­රි­යට තබා තිබේ. ඒ ශාක විශේෂ හඳුනා ගැනීම සඳහා ඩී.එන්.ඒ. තාක්ෂ­ණය යොදා ගැනී­මයි. මාස 3කට අධික කාල­යක් තිස්සේ සිදු කළ පරී­ක්ෂණ කට­යුතු දැන් සාර්ථක අයු­රින් අව­සාන අදි­ය­රට පැමිණ තිබේ. තව නොබෝ දින­කින් ඩී.එන්.ඒ. තාක්ෂ­ණය මඟින් ශාක අන­න්‍ය­තාව තහ­වුරු කිරීමේ ක්‍රම­වේ­දය අධි­ක­රණ කට­යුතු සඳහා යොදා ගත හැකිය. මෙය ලංකාවේ සිදු කෙරෙන්නේ ප්‍රථම වතා­ව­ටය. එහෙත් ලෝකයේ මෙම තාක්ෂ­ණය උප­යෝගි කර ගනි­මින් නඩු විසඳා තිබේ.

1992 ඇමෙ­රි­කාවේ ඇරි­සෝනා ප්‍රාන්තයේ භූමි­යක කාන්තා මළ­සි­රු­රක් හමු විය. ඇය දූෂ­ණය කර මරා දමා තිබිණි. එහෙත් කවු­රුන් විසින් මෙය සිදු කළා­දැයි සොයා ගැනී­මට කිසිදු හෝඩු­වා­වක් තිබුණේ නැත. එය අබි­ර­හ­සක් ම විය. මළ­සි­රුර තිබූ ස්ථානයේ කරල් සහිත ගසක් පම­ණක් තිබිණි. මේ අත­ර­වා­ර­යේදී ට්‍රක් රථ­යක තිබී එකී ගසේ ඇති කර­ල්ව­ලට සමාන කරල් 2ක් හමු විය. ට්‍රක් රථයේ රියැ­දුරු පොලිස් භාර­යට ගෙන ප්‍රශ්න කළ විට ඔහු කිසිම විටෙක මළ­සි­රුර තිබූ ප්‍රදේ­ශ­යට නොගිය බවත් ඔහු ඒ ගැන කිසි­වක් නොදන්නා බවත් පුන පුනා පවසා තිබිණි. අව­සා­න­යේදී එරට අධි­ක­ර­ණය විසින් ට්‍රක් රථ­යෙන් හමු වූ කරල් සහ මළ­සි­රුර අසල ගසේ ඇති කරල් සංස­න්ද­නය කිරී­මට ඩී.එන්.ඒ. තාක්ෂ­ණය යොදා ගන්නා ලෙස උප­දෙස් දෙනු ලැබිණි. එම කරල් කදි­මට ගැළ­පුණි. ශාක විශේ­ෂ­වල අන­න්‍ය­තාව තහ­වුරු කිරීම සඳහා ඩී.එන්.ඒ. තාක්ෂ­ණය උප­යෝගි කර ගත් ලෝකයේ ප්‍රථම අව­ස්ථාව ලෙස මෙය ඉති­හා­ස­ගත විය. එයින් මිනී­ම­රුවා කොටු කර ගැනී­මට ද හැකි­යාව ලැබිණි.

“ඩී.එන්.ඒ මඟින් ශාක හඳු­නා­ගැ­නීමේ තාක්ෂ­ණය ලෝකයේ තිබු­ණත් ඒ තරම් ව්‍යාප්ත වෙලා නැහැ. වැඩි­පුර සිද්ධ වෙන්නේ ඩී.එන්.ඒ. මඟින් මනුෂ්‍ය අන­න්‍ය­තාව තහ­වුරු කිරීම. සම­හර වෙලා­වට අපිට මනුෂ්‍ය අන­න්‍ය­තාව තහ­වුරු කරන්න ගස්වල පත්‍ර මත වැටුණු රුධිර බින්දු ගෙනත් දෙනවා. එහෙම වෙලා­වට මට හිතෙන දෙයක් තමයි රුධි­ර­යට අම­ත­රව ගහේ පත්‍ර­වල ඩී.එන්.ඒ. පරීක්ෂා කරලා අපිට අප­රා­ධය ගැන තොර­තුරු හොයා ගන්න පුළු­වන් නම් කොයි තරම් හොඳ ද කියලා. උදා­හ­ර­ණ­යක් හැටි­යට මළ­සි­රු­රක ඇඳු­ම්වල තණ­කොළ තිබුණා කියලා හිතමු. ඒ තණ­කොළ මළ­සි­රුර තිබුණ ස්ථානයේ තණ­කොළ එක්ක සංස­න්ද­නය කරලා බලන්න හැකි නම් ඒ තැනැ­ත්තාව මරා දාලා තියෙන්නේ එතැ­න­මද වෙනත් තැනක මරලා මෙතැ­නට දැම්මාද වගේ තොර­තුරු හොයා ගන්න පුළු­වන්. ඒ නිසයි අප­රාධ පරී­ක්ෂ­ණ­ය­කදී ශාක­වල විද්‍යා­ත්මක භාවි­තය ගැන පරී­ක්ෂණ කළොත් හොඳයි කියලා හිතුවේ. ලංකාවේ මේ සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ කරලා නැහැ. අපි තමයි ලංකාවේ ප්‍රථම වතා­වට ශාක­වල ඩී.එන්.ඒ. ගැන පරී­ක්ෂණ කරන්නේ.” යනු­වෙන් සඳ­හන් කළේ ජීන්ටෙක් ආය­ත­නයේ අණුක වෝහා­රික අංශයේ විද්‍යාඥ, ආචාර්ය රුවන් ඉලේ­පෙ­රුම ය.

ආචාර්ය රුවන් ඉලේ­පෙ­රුම මෙම පරී­ක්ෂණ කට­යුතු අණුක වෝහා­රික අංශයේ සේවය කරන විද්‍යාඥ දුලාන් තාර­කට භාර දුන්නේ, දුලාන් උද්භිද විද්‍යාව වි‍ෂයෙන් විශේෂ උපාධි ලබා ඉන් අන­තු­රුව එම අංශ­යෙන් වැඩි­දුර උසස් අධ්‍ය­යන කට­යුතු සිදු කර තිබෙන නිසා ය.

අප­රාධ පරී­ක්ෂ­ණ­ය­කදී ශාක­වල විද්‍යා­ත්මක භාවි­තය හඳු­න්වනු ලබන්නේ වෝහා­රික උද්භිද විද්‍යාව (Forensic Botany) යනු­වෙනි. පරාග විද්‍යාව, රුක්ව­ළලු කාල නිර්ණය කිරීමේ විද්‍යාව, ශාක වර්ගී­ක­රණ විද්‍යාව, අණුක ජීව විද්‍යාව යනාදි වශ­යෙන් අංශ ගණ­නා­වක් වෝහා­රික උද්භිද විද්‍යා­වට අයත් වේ. ශාක­මය අප­රාධ විද්‍යාව හෙවත් ශාක­වල ඩී.එන්.ඒ. පරීක්ෂා කිරීම අයත් වන්නේ අණුක ජීව විද්‍යා­වට ය. මේ සඳහා ඩී.එන්.ඒ. ඇඟිලි සල­කුණු තාක්ෂ­ණය (DNA Finger printing) සහ ඩී.එන්.ඒ. තීරු කේත­ක­ර­ණය (DNA Barcoding) යොදා ගනී. ඩී.එන්.ඒ. මඟින් ශාක විශේෂ හඳු­නා­ගැ­නීම ප්‍රයෝ­ජ­න­වත් වන ප්‍රධාන අවස්ථා 3ක් හඳුනා ගත හැකිය. ඒවා නම්

(I) මත්ද්‍ර­ව්‍ය­වල ප්‍රභ­වය හඳු­නා­ගැ­නීම

(II) ශාක­සාර යොදා නිෂ්පා­දිත භාණ්ඩ­වල ශාක කොටස් හඳුනා ගැනීම

(III) අප­රාධ විද්‍යා­වේදී ශාක­මය කොටස් හඳුනා ගැනීම

මීට අම­ත­රව පරි­සර විද්‍යා­ඥ­යන්ට ශාක හඳුනා ගැනී­ම­ටත් වර්ගී­ක­ර­ණය කිරී­ම­ටත් ශාක­මය අප­රාධ විද්‍යාව ප්‍රයෝ­ජ­න­වත් වේ.

“ශාක­වල අණුක ජීව විද්‍යා­ත්මක පරී­ක්ෂණ කරන විට මම ප්‍රමු­ඛ­ත්වය දුන්නේ මත්ද්‍ර­ව්‍ය­වල ප්‍රභ­වය හඳු­නා­ගැ­නීම කියන කාර­ණා­වට. එයින් අද­හස් කරන්නේ නැහැ ශාක­මය අණුක කොටස් හඳු­නා­ගැ­නී­මෙන් අනෙක් ප්‍රයෝ­ජන ලබා ගන්න බැහැ කියලා. අපට ඒ දේව­ලුත් කරන්න පුළු­වන්. ඒත් අපේ රටේ වැඩි වශ­යෙන් කතා­බ­හට ලක්වෙන කාර­ණා­වක් තමයි කංසා හේන් වැට­ලුවා, ගිනි තිබ්බා, ගංජා ළඟ තියා ගත්තා වගේ දේවල්. සාමා­න්‍ය­යෙන් කංසා හේන් හඳුනා ගන්නේ රූප­මය වශ­යෙන්. ඒ හැර රසා­ය­නික සංයු­තිය අනුව රසා­යන විද්‍යා­ත්මක පරී­ක්ෂ­ණ­යක් කරලා හඳුනා ගන්නවා. ඒත් වේළුණු කොළ ටිකක් කුඩු ටිකක් ගෙනා­වොත් කොහො­මද හඳු­නා­ගන්නේ කියන ගැට­ලුව පැන නගි­නවා. රසා­ය­නික සංයු­තිය අනුව විද්‍යා­ත්මක පරී­ක්ෂ­ණ­යක් කර­න්න­නම් වැඩි ප්‍රමා­ණ­යක් අවශ්‍ය වෙනවා. ඒත් අණුක ජීව විද්‍යා­ත්මක පරී­ක්ෂ­ණය, නැති­නම් ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යට චූටි කෑල්ලක් තිබු­ණම ප්‍රමා­ණ­වත්. ඒ නිසා මත්ද්‍රව්‍ය හඳුනා ගැනී­මේදී ඩී.එන්.ඒ. පරී­ක්ෂණ යටතේ හඳු­නා­ගැ­නීම වඩාත් පහ­සුයි. එය 100%ක් නිවැ­ර­දියි. මේ වන විට අපේ පරී­ක්ෂණ සාර්ථක වී තිබෙ­නවා.” යනු­වෙන් පැව­සුවේ ජීන්ටෙක් ආය­ත­නයේ අණුක වෝහා­රික අංශයේ විද්‍යාඥ දුලාන් තාර­කය.

ආචාර්ය රුවන් ඉලේ­පෙ­රු­මගේ අධී­ක්ෂ­ණය යටතේ කට­යුතු කරන විද්‍යාඥ දුලාන් තාරක, ප්‍රථ­ම­යෙන් ම සිදු කළේ ඩී.එන්.ඒ. ඇඟිලි සල­කුණු තාක්ෂ­ණය මඟින් ශාක­වල ඩී.එන්.ඒ. ඛණ්ඩ රටා­වක් ලබා ගැනී­මයි. ඉන් අන­තු­රුව තීරු කේතක තාක්ෂ­ණය මඟින් ශාක­වල අණුක ජීව විද්‍යා­ත්මක තොර­තුරු විශේෂ මට්ටම දක්වා හඳුනා ගැනී­මට පරී­ක්ෂණ කට­යුතු සිදු කරනු ලැබීය. මෙහිදී පරී­ක්ෂණ කට­යුතු සඳහා අවශ්‍ය උප­දෙස් සහ සහාය, ශාක­මය අප­රාධ විද්‍යාව සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ කළ විදේ­ශීය විද්‍යා­ය­තන මඟින් ලබා ගැනී­මට අම­තක කළේ නැත. ‍ෙම් වන විට එම පරී­ක්ෂ­ණයේ සාර්ථක ප්‍රති­ඵල ළඟා කර ගැනී­මට හැකි වී තිබේ. කංසා, කේරළ ගංජා සම්බ­න්ධ­යෙන් සිදු කළ මෙම පරී­ක්ෂණ කට­යුතු වලට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය උදව් කළ බව විශේ­ෂ­යෙන් සඳ­හන් කළ යුතුය.

ශාක­මය ප්‍රභ­ව­යන් සහිත නීති විරෝධි මත්ද්‍රව්‍ය හඳු­නා­ගැ­නී­මට අම­ත­රව කැපී­මට තහ­නම් කර ඇති වල්ල­පට්ටා වැනි ශාක හඳුනා ගැනීම, මෙර­ටින් පිට­ර­ටට ගෙන­යන දුර්ලභ ශාක කොටස් හඳු­නා­ගැ­නීම, වඳ වී යන ශාක කොට­ස්වල අන­න්‍ය­තාව තහ­වුරු කර ගැනීම යනාදි විවිධ අව­ස්ථා­ව­ලදී ශාක­මය ප්‍රභ­වය හඳු­නා­ගැ­නීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂා කිරීම යොදා ගත හැකිය.

අප­රාධ පරී­ක්ෂ­ණ­ය­කදී අප­රාධ ස්ථානය, සැක­කරු හා වින්දි­තයා සම්බන්ධ කර ගැනීම සඳහා ශාක­මය සාක්ෂි යොදා ගත හැකිය.

“අද වෙ‍ෙළ­ඳ­පොළේ ශාක­සාර අඩංගු නිෂ්පා­දන රාශි­යක් අලෙවි වෙනවා. ඒවායේ ඇත්ත­ටම ඒ කියන ශාක­මය ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙ­න­වාද, එහෙම නැති­නම් ජාන වික­ර­ණය කරලා සකස් කරපු නිෂ්පා­ද­න­යන් ද කියලා අපිට අණුක ජීව විද්‍යාව මඟින් ඔප්පු කරන්න පුළු­වන්. ශාක­මය අන­න්‍ය­තාව ඩී.එන්.ඒ. මඟින් සනාථ කිරීමේ තාක්ෂ­ණය අපේ රටට හඳුන්වා දීමෙන් ලබා ගත හැකි තවත් එක් ප්‍රයෝ­ජ­න­යක් හැටි­යට එය සඳ­හන් කරන්න පුළු­වන්.” යනු­වෙන් විද්‍යාඥ දුලාන් තාරක පෙන්වා දුන්නේය.

එහෙත් ශාක­මය ප්‍රභ­ව­යන්ගේ ඩී.එන්.ඒ. හඳුනා ගැනී­මේදී මුහු­ණ­දී­මට සිදු­වන එක් අභි­යෝ­ග­යක් තිබේ. ඒ, ගස් දෙමු­හුන් වීමේ අව­දා­නම් තිබීම ය. එහෙත් කලා­තු­ර­කින් සිදු වන ගස් දෙමු­හුන් වීම ගැන සිතා ශාක­වල ඩී.එන්.ඒ. පරී­ක්ෂාව මඟින් අන­න්‍ය­තාව තහ­වුරු කිරීමේ විද්‍යාව බැහැර කළ යුතු නැත. එය අධි­ක­ර­ණ­යට, පරි­සර විද්‍යා­ඥ­යන්ට, වෙළෙඳ ප්‍රජා­වට සහ පාරි­භෝ­ගි­ක­යන්ට ඉතා වැද­ගත් වනු නො අනු­මා­නය.

Comments