ඔබාමා ඇතුළු ඇමෙ­රි­කානු ජ්‍යෙෂ්ඨ­යන් බලා­සි­ටිද්දී ලොව බිහි­සු­ණුම ත්‍රස්ත­වා­දියා මරා දැමූ මෙහෙ­යුම | සිළුමිණ

ඔබාමා ඇතුළු ඇමෙ­රි­කානු ජ්‍යෙෂ්ඨ­යන් බලා­සි­ටිද්දී ලොව බිහි­සු­ණුම ත්‍රස්ත­වා­දියා මරා දැමූ මෙහෙ­යුම

(අව­සන් කොටස)

බින් ලාඩන් අල්ලා­ගැ­නීමේ ක්‍රියා­න්වි­තය සැල­සුම් කිරීම ඇම­රි­කානු නාවික හමු­දා­වට බාර වුව ද ඒ සඳහා ඇමෙ­රි­කානු ආර­ක්ෂක අංශ­වල විවිධ ආය­තන රාශි­යක් නන් අයු­රින් සහ­භාගී වූයේ ය. භූමියේ ක්‍රියා­න්වි­තය මෙහෙ­ය­වීමේ වග­කීම සහ සැල­සුම් සකස් කිරීම පැවැරී තිබුණේ වයිස් අද්මි­රාල් විලි­යම් මැක්රෙ­වන්ට ය. ඔහු මේ භාර­ධුර ක්‍රියා­න්වි­තය “නෙප්චූන් ස්පියර්” නමින් හැඳින්වූ අතර ඒ සඳහා නාවික හමු­දාවේ සීල් බළ­කා­යට අයත් රතු බළ­ග­ණයේ අතිවිශේෂ දක්ෂතා සහිත නාවි­ක­යන් 24 දෙනෙකු තෝරා­ගෙන ඔවුන්ට අවශ්‍ය පුහු­ණුව ­දීම සිදු කරන ලද්දේ ය.

එහෙත් ඔවුන් සූදා­නම් වන්නේ කව­රකු අල්ලා ගැනී­මට ද යන්න අව­සන් මොහොත තෙක්ම ඔවුන්ට රහ­සක්ව පැවැ­තිණි. බින් ලාඩන් වාසය කළ නිවෙ­සට සමාන නිවාස ආකෘ­ති­යක් ගොඩ­නඟා උතුරු කැර­ලි­නාවේ දී ප්‍රහා­ර­යට තෝරා­ගත් භට­යන් සඳහා අවස්ථා ගණ­නා­වක දී ම පුහුණු සැසි පව­ත්වන ලද්දේ ය.

එම ක්‍රියා­න්වි­තය ඇෆ්ග­නි­ස්තා­නයේ ජලා­ලා­බාද්හි සිට මෙහෙ­ය­වී­මට අවශ්‍ය සියලු කට­යුතු රහ­සි­ග­තව සංවි­ධා­නය කිරීම ද ඇමෙ­රි­කානු බුද්ධි අංශ විසින් සිදු­ක­රන ලද්දේ ය. පාකි­ස්තාන රේඩාර් පද්ධ­ති­යට හසු නොවී තම හෙලි­කො­ප්ටර් යානා පාකි­ස්තා­නය තුළට යැවීම ඇමෙ­රි­කානු ආර­ක්ෂක අංශ­ව­ලට තිබූ ප්‍රබල අභි­යෝ­ග­යක් වූයේ ය. එහෙත් එම අභි­යෝග ජය­ගැ­නී­මට පාකි­ස්තාන රේඩාර් පද්ධ­තිය පිළි­බඳ ඇම­රි­කාව සතුව තුබූ දැනුම මෙහි දී ප්‍රයෝ­ජ­න­වත් වූයේ ය.

ප්‍රහා­ර­යට අවශ්‍ය සීල් භට­යන් 24 දෙනා රැගෙන යෑමට “බ්ලැක් හෝක්” වර්ගයේ හෙලි­කො­ප්ටර් යානා දෙකක් නවී­ක­ර­ණය කළ අතර රේඩාර් පද්ධ­ති­යට හසු­වීම වැළැ­ක්වී­මට අවශ්‍ය තාක්ෂ­ණික මෙව­ලම් ද ඒවාට එක් කෙරිණි.

බින් ලාඩන් වාසය කළ නිවා­ස­යට කි.මී. 1.3 ගිනි­කොන දෙසින් පාකිස්තාන ආර­ක්ෂක අභ්‍යාස විද්‍යා පීඨය ද පිහිටා තුබූ බැවින් ක්‍රියා­න්වි­තය මැද දී පාකි­ස්තාන හමුදා මැදි­හ­ත්වීමේ අව­දා­න­මක් ද වූයේ ය. එසේ වුව­හොත් පාකි­ස්තාන යුද­හ­මු­දා­පති ජන­රාල් පර්වෙස් කයාන් සමඟ සාකච්ඡා කිරී­මට ඇම­රි­කානු ඒකා­බද්ධ මෙහෙ­යුම් අධ්‍යක්ෂ අද්මි­රාල් මයික් මුලන්ට බැරක් ඔබාමා ජනා­ධි­ප­ති­ව­රයා විසින් උප­දෙස් දෙනු ලැබී ය. ජීව ග්‍රහ­යෙන් බින් ලාඩන් අල්ලා­ගත හැකි වුව­හොත් ඇති විය හැකි නෛතික අභි­යෝග පිළි­බඳ අධ්‍ය­ය­නය කිරී­මට නීති විශා­ර­දයෝ කට­යුතු කළහ. අවශ්‍ය වුව­හොත් පාකි­ස්තාන හමුදා සමඟ ගැටී­මට යෝග්‍ය අති­රේක හමුදා ඛණ්ඩ­යක් ද ඇෆ්ග­නි­ස්තාන පාකි­ස්තාන දේශ සීමාවේ රැඳ­වී­මට ඇමෙ­රි­කානු නාවික හමු­දාව කට­යුතු සම්පා­ද­නය කළේ ය.

2011 අප්‍රේල් 30 දින රාත්‍රිය, එම ප්‍රහා­ර­යට මුල දී තෝරා­ගත්තේ ඒ වන විට සඳ එළිය එම ප්‍රදේ­ශ­යට වැ­ටෙ­මින් තිබූ නිසා ය. එහෙත් එදින අන­පේ­ක්ෂිත ලෙස අහසේ වලා­කුළු විශාල වශ­යෙන් එක් රොක් වීම නිසා යෝජිත මෙහෙ­යුම පසු­දාට කල් දමනු ලැබී ය. ඇෆ්ග­නි­ස්තා­නයේ දී ද අව­සන් මොහොතේ දී ප්‍රහා­රක සෙබ­ළුන් යළිත් පෙර­හුරු කිහි­ප­යක්ම සිදු කළේ ක්‍රියා­න්වි­තයේ තිබූ බැරෑ­රු­ම්කම නිසාම ය. විනාඩි 40කින් සමස්ත ක්‍රියා­න්වි­ත­යම නිම කොට ගුව­න්ගත වීම සැලැස්මේ මූලික අංගය විය.

බ්ලැක් හෝක් හෙලි­කො­ප්ටර් දෙක බින් ලාඩන්ගේ නිවෙස සමී­ප­යට පැමි­ණෙන විට ප්‍රදේ­ශයේ විදුලි බලය විසන්ධි කිරී­මට ද ඇම­රි­කානු බුද්ධි අංශ කට­යුතු සූදා­නම් කොට තිබිණි. අවශ්‍ය වුව­හොත් පාවිච්චි කිරීම සඳහා ද්විත්ව එන්ජින් සහිත විශාල චිනූක් (Chinooks) හෙලි­කො­ප්ටර් යාන­යක් ද දේශ­සී­මාවේ රහ­සි­ගත ස්ථාන­ය­කට රඳවා තිබිණි.

2011 සැප්තැ­ම්බර් 02 දින පාකි­ස්තා­නයේ වේලා­වෙන් අලු­යම 12.30 සැල­සුම් කළ ලෙස සීල් භට­යන් රැගත් පළමු බ්ලැක් හෝක් හෙළි­කො­ප්ට­රය ගන අඳු­රේම බින් ලාඩන්ගේ මිදු­ලට ගොඩ­බ­සි­න්නට උත්සාහ කළේ ය. ඒ අව­ස්ථාවේ දී හෙලි­කො­ප්ට­රයේ සුළං පෙත්තක් තාප්පයේ ගැටීම නිසා එය වේග­යෙන් විසි වී ගොස් පාල­න­ය­කින් තොරව බිම පතිත විය. යාන­යට විශාල අලා­භ­යක් සිදු වුව ද එහි තුළ සිටි සීල් භට­යන්ට කිසිදු අන­තු­රක් සිදු නොවී ය.

ඒ සම­ඟම එහි පැමිණි දෙවැනි හෙලි­කො­ප්ට­රය අසල වූ කුඹු­ර­කට ගොඩ බස්වා නිමේ­ෂ­ය­කින් එහි සිටි ප්‍රහා­රක භටයෝ බින් ලාඩන්ගේ ගෙව­ත්තට ඇතුළු වූහ. දොර කඩා නිවෙ­සට ඇතුළු වූ සීල් භට­යන් 24 දෙනා­ගෙන් පිිරි­සක් තම සැලැ­ස්මට අනුව පහළ තට්ටුවේ සියලු කාමර පරීක්ෂා කිරීම ආරම්භ කළ අතර ඉතිරි පිරිස ඉහළ මාල­ව­ලට දිව ගියහ. එම අව­ස්ථාවේ දී අඳුරේ ම සීල් භට­යන් වෙතට වෙඩි ප්‍රහා­ර­යක් එල්ල වූයේ ය.

සීල් භටයෝ වෙඩි ප්‍රහා­රය එල්ල කළ පුද්ග­ල­යා ක්ෂණි­කව දර්ශ­නය කොට­ගෙන වෙඩි තබා මරා­දැ­මූහ. සෑම සීල් භට­යෙ­කුම අඳුරේ දැකිය හැකි ආර­ක්ෂක කන්නාඩි පැලඳ සිටීම එහි දී ප්‍රයෝ­ජ­න­වත් විය. පසුව කළ පරී­ක්ෂ­ණ­වල දී එම ප්‍රහා­ර­යෙන් මිය­ගිය තැනැත්තා බින් ලාඩන්ගේ සමී­ප­ත­මයා වූ අල් කුවෙ­යිටි බව හඳු­නා­ගන්නා ලද්දේ ය.

දෙවැනි මහලේ කාමර එකින් එක පරීක්ෂා කළ සීල් භට­යන්ට එක් කාම­ර­යක සිටි යුව­ළක් පැන­යෑ­මට උත්සාහ කරනු දැක­ගත හැකි විය. ඒ අව­ස්ථාවේ දී එක් සීල් භට­යෙකු ප්‍රහා­ර­යක් එල්ල කළ අතර පැන යෑමට තැත් කළ යුවළ එතැ­නම මිය ගියහ. එම යුවළ අල් කුවෙ­යි­ටිගේ සොහො­යුරා හා ඔහුගේ බිරිය ලෙස පසුව හඳුනා ගනු ලැබූහ.

තෙවන මහ­ලට ප්‍රවේශ වීමට උත්සාහ කළ සීල් භට­ය­නට ප්‍රති­රෝ­ධය පෑ එක් තරු­ණයෙක් ද වෙඩි­තබා මරා දමනු ලැබී ය. පසුව කළ හඳුනා ගැනී­ම්වල දී මිය ගිය තරු­ණයා බින් ලාඩන්ගේ පුතකු වූ කලීඩ් බින්ලා­ඩන් බව හෙළි විය. තෙවන මහ­ලට ගොඩ වූ සීල් භට­යන්ට අඩක් විවෘ­තව තිබූ දොර­කින් කාම­ර­යක් තුළට දිව යෑමට උත්සාහ කළ පුද්ග­ල­යකු දැක­ගත හැකි විය. වහා ක්‍රියා­ත්මක වූ සීල් භටයෝ ප්‍රහාර කිහි­ප­යක් ම එල්ල කළහ.

පසුව එම කාම­ර­යට ඇතුළු වූ සීල් භට­යන්ට දැක­ගත හැකි වූයේ වම් ඇසට ඉහ­ළින් වැදුණු වෙඩි පහ­ර­කින් හා පපු ප්‍රදේ­ශ­යට වැදුණු තවත් වෙඩි පහ­ර­කින් මැරී වැටී සිටි, ඇමෙ­රි­කාව අවු­රුදු දහ­යක් පුරා මුළු ලෝක­යම පෙර­ළ­මින් සෙවූ ඔවුන්ගේ මහා සතුරා බින් ලාඩන් ය.

බින් ලාඩන්ගේ දේහය ළඟ හඬා වැටෙ­මින් සිටි නව යොවුන් කාන්තා­වක වූවා ය. ඒ බින් ලාඩන්ගේ හය වැනි බිරි­යය. බින් ලාඩන් රැඳී සිටි කාම­රයේ දොර අසල උණ්ඩ පිරවූ ගිනි අවි දෙකක් තුබුණ ද ඒවා පාවිච්චි කිරී­මට ඔහුට අව­ස්ථා­වක් නොවී ය. එලෙස මෙහෙ­යුම ආරම්භ වී විනාඩි 9ක දී ඇම­රි­කාව සිය අර­මුණ ඉටු කොට­ගැ­නී­මට සමත් වූයේ ය.

ධවල මන්දි­රයේ “සිටු­වේ­ෂන් රූම්” නම් වූ කාම­ර­යක සිට ඒ සියල්ල සජීවී ව නර­ඹ­මින් සිටි ඇම­රි­කානු ජනා­ධි­පති බැරක් ඔබාමා ඇතුළු රාජ්‍ය ප්‍රධා­නීන් තුළ මේ වන විට යම් ධනා­ත්මක හැඟී­මක් ඇති වුවද භූමි­යෙන් තහ­වුරු කිරීමේ පණි­වි­ඩය ලැබෙන තුරු බින් ලාඩන් මර­ණ­යට පත් වූ බව පිළි­ගැ­නී­මට ඔවුහු ඉක්මන් නොවූහ.

බින් ලාඩන් මරා­දැ­මී­මෙන් පසු සීල් භටයෝ මුළු නිවෙ­සම පරීක්ෂා කොට මතු පර්යේ­ෂණ සඳහා අවශ්‍ය වීඩියෝ පට, සී.ඩී. තැටි, පරි­ග­ණක දත්ත ඇසු­රුම්, ලැප්ටොප් පරි­ග­ණක යන්ත්‍ර ගණ­නා­වක් ද තම භාර­යට ගත්හ. එම නිවෙසේ බින් ලාඩන්ගේ දරු­වන් 26 දෙනා අත­රින් කිහි­ප­දෙ­නකු ම සිටි අතර ඔවුන්ට සහ එහි රැඳී සිටි අනෙක් නිවැ­සි­යන්ට කිසිදු කර­ද­ර­යක් සිදු නොකි­රී­මට සීල් භටයෝ පරිස්සම් වූහ. ක්‍රියා­න්වි­තය අව­සන් වන විට අබ­ලන් වූ හෙලි­කො­ප්ට­රය වෙනු­වට අති­රේක හෙලි­කො­ප්ට­ර­යක් ද එහි ළඟා වී තිබිණි. සමස්ත ක්‍රියා­න්වි­තය සඳහා සැල­සුම් කළ කාලය වූ විනාඩි 40ට විනාඩි දෙකක් ඉති­රිව තිබිය දී බින් ලාඩන්ගේ සිරුර ද ආර­ක්ෂක උර­යක බහා­ගත් සීල් සෙබළු ගුවන්ගත ­වූහ. ඊට පෙර අබ­ලන් වූ තම හෙලි­කො­ප්ට­රය පුපු­රවා හැරී­මට ද සීල් භටයෝ අම­තක නොක­ළහ.

එම ක්‍රියා­න්වි­තය මෙත­රම් සූක්ෂ­්මව සැල­සුම් කොට ක්‍රියා­ත්මක කළ ද ඔසාමා බින් ලාඩන්ගේ උස මැන­ගැ­නී­මට අවශ්‍ය ටේප් පටි­යක් රැගෙන යෑමට සීල් භට­ය­නට අම­තක වී තිබිණි. එම නිසා අඩි 6 උසැති සීල් භට­යකු මළ සිරුර අසල සැතපී මිය ගිය පුද්ග­ල­යාගේ උස අඩි 6.4 විය හැකි බව තහ­වුරු කළේ ය. ඩොලර් මිලි­යන 60ක් වන අතිනවීන හෙලි­කො­ප්ට­ර­යක් විනාශ කිරී­මට වත්ක­මක් ඇති ඇමෙ­රි­කා­වට ටේප් පටි­යක් මිල දී ගැනී­මට නොහැකි වූ බව ඔබාමා තමන් සමඟ සිටි ආර­ක්ෂක ප්‍රධා­නීන්ට සින­හ­මු­සුව පැවැ­සුවේ ය. එහෙත් ඒ තුළ ගැබ්ව තුබූ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සැබෑ අද­හස වටහා ගැනී­මට ඔවුන්ට අප­හසු නොවී ය.

සීල් භට­යන් ක්‍රියා­න්වි­තය අව­සන් කොට ගුවන්ගත ­වී­මට ආසන්න අව­ස්ථාව වන විට අස­ල්වා­සීන් එම ස්ථාන­යට පැමි­ණීම ආරම්භ වී තිබිණි. එහෙත් සැල­සුම් කළ ලෙස පාකි­ස්තාන ආර­ක්ෂක අංශ ක්‍රියා­ත්මක වීමට පෙර සියලු හෙලි­කො­ප්ටර් යානා ඇෆ්ග­නි­ස්තාන - පාකි­ස්තාන දේශ­සී­මාව පසු කොට ඇෆ්ග­නි­ස්තානයේ ජලා­ලා­බාද් නග­රය වෙත පියා­සර කර­මින් තිබිණි. ගුවනේ දී ම ඇම­රි­කානු නාවික හමු­දාවේ වෛද්‍ය­වරු ඩී.එන්.ඒ. පරී­ක්ෂණ සඳහා අවශ්‍ය පටක කොටස් හා ඇටමිදු­ලු­වල කොටස් ද බින් ලාඩන්ගේ මළ සිරු­රෙන් ඉවත් කර­ගත්හ.

ඇමෙ­රි­කානු ප්‍රධා­නීන් “සිටු­වේ­ෂන් රූම්” හි රැඳී සිටි­මින් පුල පුලා බලා සිටි මෙහෙ­යුම් ප්‍රධානී වයිස් අද්මි­රාල් මැක්රේ­වන්ගේ සංකේ­තා­ත්මක ප්‍රති­චා­රය ලැබෙන විට ක්‍රියා­න්වි­තය අව­සන් වී විනාඩි 10ක් ගත වී තිබිණි. “ජෙර­නිමෝ, ජෙර්නිමෝ” එම දෙව­දන ශ්‍රව­ණය වීමත් සමඟ බැරක් ඔබාමා තමන් අවට සිටි හිලරි ක්ලින්ටන් මහ­ත්මිය සහ හමුදා ප්‍රධා­නීන් සියලු දෙනා­ටම ස්තූති කළේ ය. ඔසාමා බින් ලාඩන් මිය ගිය බව දැන්වීම සඳහා යොදා­ගනු ලැබූ රහස්‍ය වච­නය “ජෙර­නිමෝ” විය.

ඔසා­මාගේ ඩී.එන්.ඒ. නියැදි ඔහුගේ පවුලේ සාමා­ජි­ක­යන්ගේ නියැදි සමඟ සැස­ඳීමේ දී මිය­ගිය පුද්ග­ල­යාගේ අන­න්‍ය­තාව පිළි­බඳ කිසිදු අඩ­මා­න­යක් නොවීය. එදින රාත්‍රියේ ජාතිය ඇම­තී­මට පෙර බැරක් ඔබාමා ඇම­රි­කාවේ හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් වූ බිල් ක්ලින්ටන් හා ජෝර්ජ් බුෂ් යන මහ­ත්ව­රුන්ට තමන්ගේ ජය­ග්‍ර­හ­ණය ගැන පෞද්ග­ලි­ක­වම දන්වා සිටියේ ය. බැරක් ඔබා­මාට ඔවුන්ගේ උණු­සුම් සුබ­පැ­තුම් හිමි­වූයේ ය.

ජලා­ලා­බාද් සිට විශේෂ ගුව­න්යා­න­ය­කින් උතුරු අරාබි මුහුදේ රඳවා තුබූ ඇම­රි­කානු නාවික හමුදා යාත්‍රා­වක් වෙත බින්ලා­ඩන්ගේ සිරුර සන්ධ්‍යාවේ රැගෙන යන ලද්දේ ය. එහි දී ඉස්ලාම් ආග­මා­නු­කූල සියලු වතා­වත් පවත්වා දේහය විශේෂ උර­යක තැන්පත් කොට සාග­රයේ භූම­දාන කිරී­මට කට­යුතු සම්පා­ද­නය විය. රාත්තල් 300ක් බරැති යකඩ දම්වැල් ද එම උරය තුළට බහා­ලූයේ මළ සිරුර මුහුදේ පාවී­මට තුබූ සියලු අවස්ථා වළ­කා­ලී­මට ය. අව­සා­නයේ ඔසා­මාගේ සිරුර සාග­ර­යට පතිත කළ නිමේ­ෂ­ය­කින් එය ජලයේ නොපෙනී ගියේ ය.

රාත්‍රී 11.30ට ඇමෙ­රි­කානු මාධ්‍ය ඔස්සේ ජනා­ධි­පති බැරක් ඔබාමා ජාතිය අමතා තමන්ගේ ජය­ග්‍ර­හ­ණය විස්තර කළේ ය. 2001 වසරේ දී හිටපු ඇම­රි­කානු ජනා­ධි­පති ජෝර්ජ් බුෂ් මහතා ඇම­රි­කානු ජන­තා­වට වූ පොරො­න්දුව වසර 10කට පසුව තමන් සපුරා ලූ බව ඔබාමා එහිදී පැවැසී ය.

2011 සැප්තැ­ම්බර් 06 දින අල් කයිඩා සංවි­ධා­නය තම නාය­කයා මිය­ගිය බව පිළි­ගත් අතර ඇම­රි­කා­වට එරෙ­හිව තමන් සට­නට පිවි­සෙන බව ද ප්‍රකාශ කළේ ය. පාකි­ස්තාන අන්ත­වාදී කණ්ඩා­යම් ඇම­රි­කා­වට මෙන් ම එම ක්‍රියා­න්වි­තය වළ­කා­ගැ­නී­මට නොහැ­කි­වීම පිළි­බඳ පාකි­ස්තාන රජ­යට ද දෝෂා­රෝ­ප­ණය කළේ ය. පාකි­ස්තාන ජන­යා­ගෙන් 2/3 ක් ද එම ප්‍රහා­රය හෙළා දැක්කේ ය. ඔවුන්ගේ ප්‍රධාන චෝද­නාව වූයේ ඇමෙ­රි­කා­වට බින් ලාඩන් නොමරා අල්ලා ගැනී­මට හැකි­යාව තිබියදීත් ඝාත­නය කිරීම පිළි­බඳ ය.

නේටෝ සංවි­ධා­නය, යුරෝපා සංග­මය හා ලෝකයේ තවත් බොහෝ රට­වල් බින් ලාඩන් මරා­දැ­මීම පිළි­බඳ ඇම­රි­කා­වට සිය සතුට පළ කළේ ය. පාකි­ස්තා­නය තමන්ගේ ආර­ක්ෂක සංවි­ධා­න­වල අකා­ර්ය­ක්ෂ­ම­තාව පිළි­බඳ දැඩි ලෙස කම්ප­න­යට පත් වූ අතර ඒ පිළි­බඳ සොයා බැලී­මට විශේෂ පරී­ක්ෂණ මණ්ඩ­ල­යක් ද පත් කළේ ය.

බින් ලාඩන්ගේ මර­ණය සිදු වූ ආකා­රය පිළි­බඳ අද­ටත් මත­භේද රාශි­යක් වේ. ඔහුගේ සිරුර මැකා නුවර දෙසට හිස සිටින සේ මිහි­මත භූම­දාන නොකොට සාග­රයේ භූම­දාන කිරීම ගැන විරෝ­ධය දක්වන ලෞකික හා ආග­මික නාය­කයෝ ද වන්නාහ. එහෙත් සියල්ල සිදු වී හමා­රය. වර්ත­මා­නය හා අනා­ග­තය අපට වෙනස් කළ හැකි වුවද අතී­තය වෙනස් කළ නොහැකි ය. බින් ලාඩන්ගේ සමස්ත ජීවි­ත­යත්, කාර්ය­සා­ඵ­ල්‍ය­යත් ඔහුගේ අව­සා­න­යත් අයත් වන්නේ අතී­ත­ය­ටය. අද­ටත් බින් ලාඩන් ඇම­රි­කා­නු­වන්ට අමා­නු­ෂික ත්‍රස්ත­වා­දි­යෙකි. එහෙත් අන්ත­වාදී ලෝක මුස්ලිම් ප්‍රජා­වට අනු­හා­සා­ත්මක නාය­ක­යෙකි. තවත් අවු­රුදු සිය ගණ­නක් යන ­තුරු ඔසාමා බින් ලාඩන් පිළි­බඳ ඇති අපගේ මත­කය නොමැ­රෙනු ඇත. ඔහු විමු­ක්ති­කා­මි­යෙකු ද, කුරිරු ත්‍රස්ත­වා­දි­යෙ­කුද යන්න තීර­ණය කිරීම ඔබට පව­රමු.

Comments