රජයේ සියලු සේවකයන්ගේ වත්කම් තොර­තුරු අල්ලස් කොමි­ස­මට | සිළුමිණ

රජයේ සියලු සේවකයන්ගේ වත්කම් තොර­තුරු අල්ලස් කොමි­ස­මට

මැති-ඇමැ­ති­ව­රුන් සහ සියලු රාජ්‍ය සේව­ක­යන්ගේ වත්කම්-බැර­කම් ප්‍රකාශ ඉදි­රි­යේදී අන්ත­ර්ජා­ලය ඔස්සේ (Online ක්‍රම­යට) ඍජුව අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභා­වට එවී­මට නව නීති සකස් කර­මින් යන බවත්, ඒ අනුව ඉදි­රි­යේදී වත්කම්-බැර­කම් ප්‍රකාශ ලබා නොදෙන හෝ ව්‍යාජ ලිය­විලි ඉදි­රි­පත් කරන අයට එරෙ­හිව ඉතා ඉක්ම­නින් නීතිය ක්‍රියා­ත්මක කළ හැකි වනු ඇති බවත් ඒ කොමි­ෂන් සභාව පව­සයි. මේ වන තෙක් මැති-ඇමැ­ති­ව­රුන් ඇතුළු සියලු රාජ්‍ය සේවා නිල­ධා­රීන්ගේ වත්කම්-බැර­කම් ප්‍රකාශ අතින් පුරවා යැවෙන්නේ නිර්දේ­ශිත ඒ ඒ ආය­ත­න­ව­ල­ටය. මේ පිළි­බඳ සිළු­මි­ණට අද­හස් දැක්වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ අධ්‍යක්ෂ ජන­රාල් ජනා­ධි­පති නීතිඥ සරත් ජය­මාන්න මහතා පැව­සුවේ ඉදි­රි­යේදී Online ක්‍රම­යට ලැබෙන මේ වත්කම්-බැර­කම් ප්‍රකාශ ලබා­ගැ­නී­මට නව මෘදු­කාං­ග­යක් සක­සන බවත්, ඒ වෙනු­වෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ වෙනම අංශ­යක් ස්ථාපිත කරන බවත්ය. එසේ ලබා­දෙන ප්‍රකා­ශ­වල අඩු­පාඩු හෝ වැරදි තොර­තුරු ඇතු­ළත්ව ඇත් නම් ඊට ස්වයං­ක්‍රි­යව සංඥා­වක් නිකුත් කරන අතර, ඉන් පසු අදාළ ආය­තන සමඟ Online ක්‍රම­යට සම්බන්ධ වී ඒවා විම­ර්ශ­නය කෙරෙනු ඇත. ජනා­ධි­පති නීතිඥ සරත් ජය­මාන්න මහතා සඳ­හන් කරන පරිදි සෑම වස­ර­කම ජූනි 30ට පෙර අනි­වා­ර්ය­යෙන් මේ වත්කම්-බැර­කම් ප්‍රකාශ Online ක්‍රම­යට අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභා­වට එවිය යුතු වන අතර, ප්‍රමාද වන සැම මාස­යක් සඳ­හාම නිශ්චිත දඩ මුද­ලක් ගෙවිය යුතු වේ. ඒ අනුව ප්‍රමාද වන මුල් මාසයේ සෑම දින­යක් සඳ­හාම වැටු­පින් 30න් 1ක අධි­භා­ර­යක් අය කෙරෙන අතර, දෙවැනි මාස­යේද ප්‍රකා­ශය ලබා නුදුන හොත් මාස 6ක වැටු­පක් දඩ මුදල් වශ­යෙන් අය කෙරේ. තුන්වැනි මාස­යේ­දීද ප්‍රමාද කළ හොත් වත්කම්-බැර­කම් නීතිය යටතේ නඩු පැවැ­රී­මට බලා­පො­රොත්තු වන බවත්, එහිදී දඩය ලෙස වස­රක පඩිය හෝ සිර­ද­ඬු­ව­මක් නියම කිරීමේ හැකි­යාව ඇති අතර, හෙළි­ද­රවු නොකෙ­රුණු වත්කම් රාජ සන්නක කිරීමේ හැකි­යා­වද පව­තින බවත් සරත් ජය­මාන්න මහතා පැව­සීය.

Comments