1979 – 2018 විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෝ | සිළුමිණ

1979 – 2018 විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෝ

රන්ජන් මඩුගල්ලේ (1979) දකුණත් පිතිකරුවෙකි. දකුණතින් පිට දඟ පන්දු යැවීය. 1979 - 88 අතර අන්තර්ජාතිකව ක්‍රීඩා කළේය. ටෙස්ට් තරග 21 - ලකුණු 1029 - උඩපන්දු 09 - එක්දින ජගත් තරග 63 - ලකුණු 950 - උඩපන්දු 18කි. ඔහු 1993 වසරේ සිට අයි.සී.සී. තරග තීරකවරයෙක් ලෙසට ක්‍රියා කරයි. දැනට ටෙස්ට් තරග 189 - එක්දින ජගත් තරග 359 සහ 20 - 20 තරග 99කි. 1988 වසරේදී ශ්‍රී ලංකා නායකත්වයත් දැරීය.
රන්ජන් මඩුගල්ලේ (1979) දකුණත් පිතිකරුවෙකි. දකුණතින් පිට දඟ පන්දු යැවීය. 1979 - 88 අතර අන්තර්ජාතිකව ක්‍රීඩා කළේය. ටෙස්ට් තරග 21 - ලකුණු 1029 - උඩපන්දු 09 - එක්දින ජගත් තරග 63 - ලකුණු 950 - උඩපන්දු 18කි. ඔහු 1993 වසරේ සිට අයි.සී.සී. තරග තීරකවරයෙක් ලෙසට ක්‍රියා කරයි. දැනට ටෙස්ට් තරග 189 - එක්දින ජගත් තරග 359 සහ 20 - 20 තරග 99කි. 1988 වසරේදී ශ්‍රී ලංකා නායකත්වයත් දැරීය.

1) 1979

රන්ජන් මඩුගල්ලේ - රාජකීය විද්‍යාලය

 

2) 1980

අර්ජුන රණතුංග - ආනන්ද විද්‍යාලය

 

3) 1981

රොහාන් බුල්ජන්ස් - ශා. පීතර විද්‍යාලය

 

4) 1982

අර්ජුන රණතුංග - ආනන්ද විද්‍යාලය

 

5) 1983

රොෂාන් මහානාම - නාලන්ද විද්‍යාලය

 

6) 1984

රොෂාන් මහානාම - නාලන්ද විද්‍යාලය

 

7) 1985

අසංක ගුරුසිංහ - නාලන්ද විද්‍යාලය

 

8) 1986

රොෂාන් ජුරම්පති - රාජකීය විද්‍යාලය

 

9) 1987

රොහාන් වීරක්කොඩි - ශා. ජෝශප් විද්‍යාලය

 

10) 1988

සංජීව රණතුංග - ආනන්ද විද්‍යාලය

 

11) 1989

කුමාර් ධර්මසේන - නාලන්ද විද්‍යාලය

 

12) 1990

මාවන් අතපත්තු - ආනන්ද විද්‍යාලය

 

13) 1991

මුත්තයියා මුරලිදරන් - ශා. අන්තෝනි විද්‍යාලය

 

14) 1992

සජිත් ප්‍රනාන්දු - ශා. අන්තෝනි විද්‍යාලය

 

15) 1993

නවීඩ් නවාස් - ඩී.එස්. සේනානායක විද්‍යාලය

 

16) 1994

තිලාන් සමරවීර - ආනන්ද විද්‍යාලය

 

17) 1995

තිලාන් සමරවීර - ආනන්ද විද්‍යාලය

 

18) 1996

නිමේෂ් පෙරේරා - ශාන්ත සෙබස්තියන් විද්‍යාලය

 

19) 1997

චින්තක ජයසිංහ - ධර්මපාල විද්‍යාලය

 

20) 1998

ප්‍රදීප් හේවගේ - ශා. බෙනඩික්ට් විද්‍යාලය

 

21) 1999

මුතුමුදලිගේ පුෂ්පකුමාර - ආනන්ද විද්‍යාලය

 

22) 2000

කෞශල්‍ය වීරරත්න - ත්‍රිත්ව විද්‍යාලය

 

23) 2001

කෞශාල් ලොකු ආරච්චි - ශා. පීතර විද්‍යාලය

 

24) 2002

සහන් විජේරත්න - වේල්ස් කුමර විද්‍යාලය

 

25) 2003

ෆර්විස් මහරුෆ් - වෙස්ලි විද්‍යාලය

 

26) 2004

ළහිරු පීරිස් - ශා. පීතර විද්‍යාලය

 

27) 2005

ළහිරු පීරිස් - ශා. පීතර විද්‍යාලය

 

28) 2006

ගිහාන් රූපසිංහ - නාලන්ද විද්‍යාලය

 

29) 2007

මලිත් ගුණතිලක - ආනන්ද විද්‍යාලය

 

30) 2008

උමේෂ් කරුණාරත්න - තර්ස්ටන් විද්‍යාලය

 

31) 2009

දිනේෂ් චන්දිමාල් - ආනන්ද විද්‍යාලය

 

32) 2010

භානුක රාජපක්ෂ - රාජකීය විද්‍යාලය

 

33) 2011

භානුක රාජපක්ෂ - රාජකීය විද්‍යාලය

 

34) 2012

නිරෝෂන් දික්වැල්ල - ත්‍රිත්ව විද්‍යාලය

 

35) 2013

කුසල් මෙන්ඩිස් - වේල්ස් කුමර විද්‍යාලය

 

36) 2014

සදීර සමරවික්‍රම - ශා. ජෝශප් විද්‍යාලය

 

37) 2015

චරිත් අසලංක - රිච්මන්ඩ් විද්‍යාලය

 

38) 2016

චරිත් අසලංක - රිච්මන්ඩ් විද්‍යාලය

 

39) 2017

නිපුන් රන්සික - පී.ද එස්. කුලරත්න විද්‍යාලය

 

40) 2018

හසිත බෝයගොඩ - ත්‍රිත්ව විද්‍යාලය

අර්ජුන රණතුංග (1980 / 82)
වමත් පිතිකරුවෙකි. දකුණතින් මද වේග පන්දු යැවීය. 1982 - 2000 අතර අන්තර්ජාතිකව ක්‍රීඩා කරනු ලැබීය. ටෙස්ට් තරග 93 - ලකුණු 5105 - උඩපන්දු 47 - කඩුලු 16 කි. එක්දින ජගත් තරග 269 - ලකුණු 7456 - උඩපන්දු 63 - කඩුලු 79 කි. අර්ජුන 1988 - 99 අතර ශ්‍රී ලංකා නායකයාය. ඔහුට 1999 විස්ඩන් වසරේ ක්‍රීඩක සම්මානයත් හිමි වූයේය.
කුසල් මෙන්ඩිස් (2013)
දකුණත් පිතිකරුවෙකි. කඩුලු රැකීමටත් හැකියාව ඇත. 2015 වසරේ සිට අන්තර්ජාතිකව ක්‍රීඩා කරයි. ටෙස්ට් තරග 40 - ලකුණු 2754 - උඩපන්දු 63 - කඩුල්ලකි. එක්දින ජගත් තරග 73 - ලකුණු 1973 - උඩපන්දු 36 කි. 20 - 20 තරග 21 - ලකුණු 459 - උඩපන්දු 05 කි.
දිනේෂ් චන්දිමාල් (2009)
දකුණත් පිතිකරුවෙකි. එමෙන්ම කඩුලු රකින්නෙකි. 2010 වසරේ සිට අන්තර්ජාතිකව තරග කරයි. ටෙස්ට් තරග 53 - ලකුණු 3768 - උඩපන්දු 76 - ස්ටම්ප් කිරීම් 10 කි. එක්දින ජගත් තරග 146 - ලකුණු 3599 - උඩපන්දු 59 - ස්ටම්ප් කිරීම් 07 කි. 20 - 20 තරග 54 - ලකුණු 800 - උඩපන්දු 32 - ස්ටම්ප් කිරීම් 05 කි. චන්දිමාල් ශ්‍රී ලංකා නායකත්වයත් දැරීය.
ෆර්වීස් මහරුෆ් (2003)
තුන් ඉරියව්වෙන් ම දක්ෂතා දැක්විය. ඒ දකුණත් පිතිහරඹයෙන් සහ දකුණත් මද වේග පන්දු යැවීමෙනි. ඔහුගේ ජගත් තරග කාලය 2004 - 16 අතරය ටෙස්ට් තරග 22 - ලකුණු 556 - උඩපන්දු 07 - කඩුලු 25 - එක්දින ජගත් තරග 109 - ලකුණු 1113 - උඩපන්දු 26 - කඩුලු 135 කි. 20 - 20 තරග 08 ලකුණු 33 - උඩපන්දු 02 - කඩුලු 07 කි.
අසංක ගුරුසිංහ (1985)
වමත් පිතිකරුවෙකි. දකුණතින් මද වේග පන්දු යැවීය. අන්තර්ජාතිකව ක්‍රීඩා කළේ 1985 - 96 අතරය. එහිදී ටෙස්ට් තරග 41- ලකුණු 2452 - උඩපන්දු 33 - කඩුලු 20කි. එක්දින ජගත් තරග 147 - ලකුණු 3902 - උඩපන්දු 49 - කඩුලු 26 කි.

 

Comments