PIM විද්‍යා­ර්ථීන්ගේ නව නිල­ධාරි මණ්ඩ­ලය | Page 2 | සිළුමිණ

PIM විද්‍යා­ර්ථීන්ගේ නව නිල­ධාරි මණ්ඩ­ලය

කළ­ම­නා­ක­රණ පශ්චාත් උපාධි ආය­ත­නයේ PIM ආදි විද්‍යා­ර්ථීන්ගේ සංග­මයේ 18 වැනි මහා සභාව පසු­ගි­යදා පැවැති අතර එහි සභා­ප­ති­ත්වය ජය­ලාල් හේවා­ව­සම් මහ­තාට පිරි­න­මන ලදී. ව්‍යාපාර පරි­පා­ලන පශ්චාත් උපා­ධි­ධා­රි­යකු වන හේවා­ව­සම් මහතා බ්‍රිතා­න්‍යයේ වර­ලත් අලෙ­වි­ක­රු­වන්ගේ සංග­මයේ හා වර­ලත් රක්ෂණ සංග­ම­යේද, ශ්‍රී ලංකා වර­ලත් රක්ෂණ වෘත්ති­ක­යන්ගේ සභා­වේද සාමා­ජි­ක­යෙකි. වර­ලත් අලෙ­වි­ක­රු­වකු හා වර­ලත් රක්ෂණ වෘත්ති­ක­යකු ලෙස වසර 22ක පළ­පු­රු­ද්දක් ඇති ඔහු දැනට ඇස­ට්ල­යින් ඉන්ෂු­ව­රන්ස් බ්‍රෝකර්ස් සමා­ගමේ කළ­ම­නා­ක­රණ අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස කට­යුතු කරයි.

කළ­ම­නා­ක­රණ පශ්චාත් උපාධි ආය­ත­නයේ ආදි විද්‍යා­ර්ථීන්ගේ සංග­මය සිය නාය­ක­ත්වය යටතේ විශ්ව­වි­ද්‍යාල, විද්වත් ආය­තන, පෞද්ග­ලික සමා­ගම් හා රජයේ ආය­තන වෙනු­වෙන් උසස් මට්ටමේ වැඩ­මුළු හා බුද්ධි­මය වැඩ­ස­ට­හන් සඳහා වැඩි වශ­යෙන් යොද­ව­න්නට අපේක්ෂා කරන බව හේවා­ව­සම් මහතා පැව­සීය. විවිධ ක්ෂේත්‍ර හා විශේ­ෂ­ඥතා නියෝ­ජ­නය කරන සාමා­ජි­ක­යන් 3000කින් පමණ සම­න්විත PIM විද්ව­තුන්, සමා­ගම්, විදේ­ශි­ක­යන් සහ රාජ්‍ය අංශය එක්තැන් කරන ජාතික වැද­ග­ත්ක­ම­කින් යුතු අවස්ථා සංවි­ධා­නය කරයි.

Comments