සෙලාන් සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එක් වී සුවි­ශේෂ ලීසිං ප්‍රති­ලාභ පිරි­න­මයි | සිළුමිණ

සෙලාන් සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එක් වී සුවි­ශේෂ ලීසිං ප්‍රති­ලාභ පිරි­න­මයි

ශ්‍රී ලංකාවේ නොසැ­ලෙන විශ්වා­ස­යක් දිනූ මූල්‍ය සේවා සමා­ග­මක් වන සෙලාන් බැංකුව සහ රථ­වා­හන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමා­ග­මක් වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අතර විශේෂ ගිවි­සු­ම­කට පසු­ගි­යදා අත්සන් තැබිණි. මේ යටතේ, තමන් මෙතෙක් සිහින දුටු වාහ­නය ඉතා­මත් පහ­සු­වෙන් මිලදී ගැනී­මට අපේක්ෂා කරන ඕනෑම කෙනෙ­කුට සහ­න­දායී ලීසිං සේවා­වන් පිරි­නැ­මී­මට නිය­මි­තය.

මෙම එක­ඟ­තාව යටතේ ගනු­දෙ­නු­ක­රු­වන්ට විශේෂ පොලී අනු­පාත, නොමිලේ වාහන ලියා­ප­දිං­චිය, තමන් කැමති රක්ෂණ සමා­ග­ම­කින් රථ­වා­හන රක්ෂණ ලබා­ගැ­නී­මේදී වාරික සඳහා වට්ටම්, නොමිලේ ජීවිත රක්ෂ­ණා­ව­ර­ණ­යක් සහ නොමිලේ රථ­වා­හන උපාංග හිමි­වීම වැනි ප්‍රති­ලාභ රැසක් හිමි­වනු ඇත. එප­ම­ණක් නොව සෙලාන් බැංකුවේ සිය­ලුම ගනු­දෙ­නු­ක­රු­වන් සහ එම බැංකුවේ කාර්ය මණ්ඩල සාමා­ජික සාමා­ජි­කා­වන් සඳහා විශේෂ වට්ටම් පිරි­නැ­මී­ම­ටද ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමා­ගම කට­යුතු යොදා තිබේ.

Comments