තත්ත්ව සම්මාන උලෙ­ළේදී ඇට්ලස් රන් සම්මාන දිනයි | Page 2 | සිළුමිණ

තත්ත්ව සම්මාන උලෙ­ළේදී ඇට්ලස් රන් සම්මාන දිනයි

ඇට්ලස් ඇක්සි­ලියා ආය­ත­නය, ශ්‍රී ලංකා ප්‍රමිති ආය­ත­නය සංවි­ධා­නය කළ ජාතික තත්ත්ව සම්මාන උලෙ­ළේදී මහා පරි­මාණ නිෂ්පා­දන සඳහා වන ජාතික තත්ත්ව රන් සම්මා­න­යෙන් 2018 වසර සඳහා පිදුම් ලැබී­මට සමත් විය.

කළ­ම­නා­කාර අධ්‍යක්ෂ අසිත සම­ර­වීර සහ අධ්‍යක්ෂ (මෙහෙ­යුම්) විරාජ් ජය­සූ­රිය යන මහ­ත්ව­රුන් විසින් සමා­ග­මට හිමි සම්මා­නය පිළි­ගන්නා ලදී.

සම්මාන පිරි­නැ­මීම ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මැති­තු­මන් අතින් සිදු කෙරුණු අතර අමාත්‍ය සුජීව සේන­සිංහ මහ­තාද එම අව­ස්ථා­වට සහ­භාගී විය. 2017 වසර වෙනු­වෙන් නිෂ්පා­ද­නය සඳහා ජාතික තත්ත්වය කුස­ලතා සම්මා­න­යක් දිනා­ගැ­නී­ම­ටද ආය­ත­නය සමත් වූ අතර, එම සම්මා­න­යද එම සම්මාන උලෙ­ළේ­දීම පිරි­නැ­මිණි. කළ­ම­නා­කාර අධ්‍යක්ෂ අසිත සම­ර­වීර මහතා මෙසේ පැවසී ය.

“‍අපගේ නිෂ්පා­දන ඉහ­ළම තලයේ තත්ත්ව කළ­ම­නා­ක­රණ ක්‍රම­වේ­ද­යන්ට අනු­කූ­ලව නිප­ද­වන බවට අපගේ ගනු­දෙ­නු­ක­රු­වන් මෙන්ම පොදු මහ­ජ­න­තාව තුළ ඇති විශ්වා­සය තව­දු­ර­ටත් තහ­වුරු වීමට මෙය හේතු­වක් . සිය­යට සිය­යක් දේශීය සමා­ග­මක් වන අප අවු­රුදු 60 කට අධික කාල­යක් තිස්සේ ශ්‍රී ලාංකික වටි­නා­කම් පද­නම් කර­ග­නි­මින් රටේ දරු­වන්ගේ අධ්‍යා­ප­න­යට අත්වැ­ලක් වෙමින්, රටට විශිෂ්ට අනා­ගත නාය­ක­යන් බිහි­කි­රීමේ මෙහෙ­ව­රට උරදී සිටි­නවා.”‍

Comments