ඩර්ඩන්ස් රෝහලෙන් පූර්ණ දන්ත වෛද්‍ය සේවා­වක් | Page 2 | සිළුමිණ

ඩර්ඩන්ස් රෝහලෙන් පූර්ණ දන්ත වෛද්‍ය සේවා­වක්

දත් රෝග සදහා ප්‍රති­කාර ලබා ගැනීම ප්‍රමාද කිරීම එම තත්ත්වය උත්සන්න වීමට හේතු වේ. උදා­හ­ර­ණ­යක් ලෙස සුළු දත් කුහ­ර­යක් කාල­යක් පුරා නොස­ළකා සිටි­ය­හොත් එය විශාල දත් කුහ­ර­යක් බවට පත් වී දැඩි වේද­නා­වක් ඇති කරන අතර අව­සා­නයේ අනි­වා­ර්යෙන්ම දන්ත වෛද්‍ය­ව­ර­යෙකු වෙත යාමේ අව­ශ්‍ය­තා­වය ඇති කරයි. සිය­ළුම පහ­සු­ක­ම්ව­ලින් පරි­පූර්ණ ඩර්ඩන්ස් දන්ත සාය­නය, සංකීර්ණ දන්ත විස­දුම් මෙන්ම ඔබගේ සිනාව වඩාත් අලං­කාර කර­වන දත් නැවත පිහි­ටු­වීමේ සේවා­වන් ද පිරි­න­මයි. ඔබේ සිනාව ඔබේ රූප­සො­බාව සහ ආත්ම­වි­ශ්වා­සය වර්ධ­නය කරයි. ඔබේ සිනාව සුන්දර කරන දත් සුදු­පැහැ ගැන්වීම, දත්වල හැඩය සකස් කිරීම සහ හිඩැස් පිර­වීම යනාදි රූපා­ලං­කාර දන්ත වෛද්‍ය සේවා­වන් රැසක් ඩර්ඩන්ස් දන්ත සාය­නය පිරි­න­මයි.

මුඛ සෞඛ්‍ය සදහා නිසි අව­ධා­නය යොමු කිරීමේ වැද­ග­ත්කම අව­ධා­ර­ණය කර­මින් ඩර්ඩන්ස් දන්ත සාය­නයේ දන්ත ශල්‍ය වෛද්‍ය රොනි­බර්ට් රේයර් මහතා මෙසේ පැව­සු­වේය.

Comments