සීනි නසන-තෙල් බස්සන ඉංග්‍රීසි දොස්තරගේ කොළ කැඳ වට්ටෝරුව | Page 2 | සිළුමිණ

සීනි නසන-තෙල් බස්සන ඉංග්‍රීසි දොස්තරගේ කොළ කැඳ වට්ටෝරුව

කැඳ ශ්‍රී ලංකා­වට ආවේ­ණික පෝෂණ ගුණ­යෙන් යුක්ත ඖෂ­ධීය ආහා­ර­යකි. පුරා­ණයේ රජ­ව­රුන් ද කැඳ පානය කළ අතර භික්ෂු භික්ෂු­ණීන්ට පවා කැඳ පුජා කළ බවට අතීත තොර­තුරු දෙස් දෙයි. අනු­රා­ධ­පුර යුගයේ කැඳ ඔරු පිළි­යෙල කළේ අතී­තයේ විසූ ජන­තාව කැඳ පානය කළ නිසාය.

සහල් මූලික කර­ග­නි­මින් පිළි­යෙල කරනු ලබන කැඳ, ඊට එකතු කරන ද්‍රව්‍ය අනුව වෙන­ස් වේ. කොළ කැඳ, බැදි හාල් කැඳ, ලුණු කැඳ, කිරි කැඳ ආදි වශ­යෙන් කැඳ වර්ග වෙනස් වන්නේ ඊට එකතු කරන ද්‍රව්‍ය අනු­වය. කොළ කැඳ ද ඊ‍ට එක් කරන කොළ වර්ග අනුව, එනම් හාත­වා­රිය, පොල්පලා, ගොටු­කොළ, වැල් පෙනෙල ඉර­මුසු ආදී වශ­යෙන් හඳු­න්වනු ලැබේ. පොල් කිරි සමඟ කැඳ­ව­ලට යොදා ගන්නා මුං ඇට, කඩල, කුර­හන්, කිතුල් පිටි, මෙනේරි වැනි ධාන්‍ය වර්ග අනුව ද කැඳ හැඳි­න්වෙන නම් වෙනස් වේ. කෙසේ වුවද කොළ වර්ග, සහල් හෝ ධාන්‍ය වර්ග සමඟ පොල්කිරි එකතු කර පිළි­යෙල කර ගන්නා කැඳ පෝෂණ ගුණ­යෙන් ඉහ­ළය. දිය­වැ­ඩි­යාව වැළැ­ක්වීම, පිළිකා වැළැ­ක්වීම, හෘදය රෝග පාල­නය, කොලෙ­ස්ට­රෝල් පාල­නය, ශරී­රයේ ප්‍රති­ශ­ක්තිය වර්ධ­නය කිරීම, ශරී­රයේ විෂ ඉවත් කිරීම, වකු­ගඩු ආරක්ෂා කිරීම වැනි ගුණ රාශි­යක් කැඳ පානය කිරී­මෙන් ලබා ගත හැකිය.

වෛද්‍ය  නිරෝෂ් සම­ර­වි­ක්‍රම

“කැඳ සකස් කර ගැනී­මේදී ඊට එකතු කරන ද්‍රව්‍ය­වල ගුණා­ත්ම­ක­භා­වය ඉතා වැද­ගත්. කොළ වර්ග ගන්නා විට නැවුම් කොළ ගන්න ඕනෑ. වේළුණු, මැල­වුණු කොළ ගත්තොත් එහි ඖෂ­ධීය ගුණය අඩු වෙනවා. සහල් යොදා­ගැ­නී­මේදී පාර­ම්ප­රික සහල් ‍යොදා ගන්නවා නම් ඉතා හොඳයි. ඊට හේතුව වන්නේ පාර­ම්ප­රික සහ­ල්වල ඖෂ­ධීය සංඝ­ටක සහ ප්‍රති­ඔ­ක්සි­කා­රක සංයෝග ඉහළ අග­යක් ගැනීම.“

“ඖෂ­ධීය කැඳ­වල නියම ගුණය ලැබී­මට නම් එය සකස් කළ යුතු ආකා­ර­යට ම සකස් කළ යුතුයි. සට­හ­නක එය සකස් කළ යුතු ආකා­රය දැක්වෙ­නවා නම් එම සට­හ­න­ටම අනුව එය සකස් කළ යුතුයි. අද සමා­ජයේ හෘදය රෝග, දිය­වැ­ඩි­යාව, අධි රුධිර පීඩ­නය වැනි බෝ නොවන රෝග ඉහළ යෑමේ ප්‍රව­ණ­තා­වක් තිබෙ­නවා. එයට ප්‍රධාන වශ­යෙන් බල­පාන්නේ අද අප ගන්නා ආහාර. වර්ත­මා­නයේ එදි­නෙදා ගන්නා ආහා­ර­වල කෘෂි රසා­යන, කෘත්‍රිම රස­කා­රක, කෘත්‍රිම ආහාර කල් තබා ගන්නා ද්‍රව්‍ය වැනි ශරී­ර­යට අහි­ත­කර සංඝ­ටක රාශි­යක් අඩංගු වී තිබෙ­නවා. ඒ නිසා අපි හිතුවා කාලීන අව­ශ්‍ය­තා­වක් වෙනු­වෙන් ඖෂ­ධීය ගුණ­යෙන් සපිරි දේශීය කැඳ වර්ග සකස් කරන්න. මෙම කැඳ වර්ග සකස් කිරීම්දී පාර­ම්ප­රික සහල්, ඖෂ­ධීය කුළු­බඩු වර්ග , ඖෂ­ධීය ශාක වර්ග, තෙල් වර්ග, ඇට වර්ග යොදා ගන්නවා.” යනු­වෙන් ඖෂ­ධීය ගුණ­යෙන් යුක්ත විශේ­ෂිත කැඳ වර්ග පිළි­බඳ පැහැ­දිලි කළේ වෛද්‍ය නිරෝෂ් සම­ර­වි­ක්‍ර­මය.

බට­හිර වෛද්‍ය­ව­ර­යකු ලෙස සේවය කරන නිරෝෂ් සම­ර­වි­ක්‍රම ඇතුළු පිරි­සක් දේශීය හා පාර­ම්ප­රික ආහා­ර­වල වටි­නා­කම හඳු­නා­ගෙන ඒවා ජන­තාව අතර ප්‍රච­ලිත කිරීම සඳහා සංවි­ධා­න­ගත වූයේ හෙට දව­සට නිරෝගී පර­පු­රක් බිහි කිරීමේ පිවි­තුරු චේත­නා­වෙනි. ‘හෙළ සුව’ ලෙස නම් කර ඇති එම සංවි­ධා­නය ආහාර සම්බ­න්ධ­යෙන් විවිධ පර්යේ­ෂණ සහ අත්හදා බැලීම් සිදු කරයි. “හෙළ සුව කැඳ”එහි එක් ප්‍රති­ඵ­ල­යකි.

හෙළ සුව කැඳ වර්ග 4ක් තිබේ. මෙම කැඳ­වල පාර­ම්ප­රික සහල් වර්ග 5ක් අඩං­ගුය. එනම් කළු හීනටි, පච්ච­පෙ­රු­මාල්, මඩ­ත­වාලු, බට­පො­ලැල් සහ කුරුලු තුඩ වේ. කැඳ­ව­ලට එක් කළ ඖෂ­ධීය කුළු­බඩු වන්නේ කොත්ත­මල්ලි, මාදුරු, සූදුරු, ගම්මි­රිස් ඇට, කර­පිංචා, සුදු ලුනූ, රම්පෙ, උළු­හාල්, අබ, කරා­බු­නැටි, කුරු­ඳු ය. මුරුංගා කොළ, ගොටු කොළ, පොල්පලා, නීර­මු­ල්ලිය, ගම්මි­රිස් කොළ, වැල්පෙ­නෙල, රාබු කොළ, ඉර­මුසු, ඉරි­වේ­රිය, පැෂන් කොළ, මඤ්ඤොක්කා කොළ, කෝවක්කා කොළ, වරකා සිබිඩි, හීන් බෝවි­ටියා, තෙබු, කළු තල, සත­කුප්ප, තල, උඳු­පි­යලි, දෙහි, රණ­වරා මල්, බෙලි මල්, බෙලි කොළ, ඕලු හාල්, සව් සහ බාර්ලි යන ද්‍රව්‍ය ද එම කැඳ­වල අඩංගු කර ඇත. කැඳ­ව­ලට එක් කරන තෙල් වර්ග වන්නේ පොල්තෙල්, එළඟි තෙල් සහ බටර්ය. මීට අම­ත­රව මඩ­ත­වාලු පිටි, සහල් පිටි, කහ­වනු සහල් පිටි, මුං ඇට පිටි, කඩල පිටි සහ කිතුල් පිටි යන පිටි වර්ග ද රාබු, වට්ටක්කා, බණ්ඩක්කා, අළු කෙසෙල් යන එළ­වළු වර්ග ද මී පැණි ද මෙම කැඳ­ව­ලට එකතු කර ඇත. මේ අනුව මෙම කැඳ වර්ග 4ම පානය කිරී­මෙන් ඖෂධ වර්ග 60කට ආසන්න ප්‍රමා­ණ­යක් ශරී­ර­යට එකතු වේ.

මෙම කැඳ වර්ග 4 සම්බ­න්ධ­යෙන් පර්යේ­ෂණ කට­යුතු සිදු කළේ විශේ­ෂඥ වෛද්‍ය කේ. එස් දහ­නා­යක විසිනි. ඒ සඳහා ප්‍රියන්තා සේනා­නා­යක ඇතුළු ආයු­ර්වේද වෛද්‍ය­වරු රාශි­යක් සහ බට­හිර වෛද්‍ය­වරු කීප­දෙ­නෙක් එක් වී කට­යුතු කළහ. සාය­නික කට­යුතු සිදු කළේ වෛද්‍ය නිරෝෂ් සම­ර­වි­ක්‍රම, වෛද්‍ය සුජීවා වික්‍ර­ම­සිංහ, වෛද්‍ය මාලින් බට­ගොඩ යන පිරි­සය.

හෙළ සුව කැඳ පානය කිරී­මෙන් දිය­වැ­ඩි­යාව 90%කට වඩා සුව වූ බව සාය­නික පරී­ක්ෂණ වාර්තා මඟින් තහ­වුරු කර ඇත. කැඳ ආහා­ර­යට ගත් අයගේ සති 6කට පසුව රුධිර සාම්පල් පරීක්ෂා කළ විට සීනි මට්ටම ඉතා හොඳින් පාල­නය වී තිබූ බව ඔප්පු වී තිබේ. මෙට්ෆො­මින්, ඩය­නිල් හා ඉන්සි­යු­ලින් ඉහළ ප්‍රමා­ණ­ය­න්ගෙන් ගත් අයගේ ඒවා සම්පූ­ර්ණ­යෙන් නැවැ­ත්වී­මට හැකි වූ බව වෛද්‍ය නිරෝෂ් සම­ර­වි­ක්‍රම සඳ­හන් කළේ මෙම කැඳ වර්ග­වල ඖෂධීය ගුණ පිළි­බ­ඳව තව­දු­ර­ටත් පැහැ­දිලි කර­මිනි.

ගම්පහ රෝහලේ බට­හිර ඖෂධ ගැනී­මට අක­මැති දිය­වැ­ඩි­යාව ඇති ගැබිනි මවු­ව­රුන් පිරි­ස­කට දින­පතා එම කැඳ කෝප්ප 2ක් ලබා දෙනු ලැබීය. ඔවුන්ගේ රුධි­රයේ සීනි මට්ටම සති 2කදී සාමාන්‍ය තත්ත්ව­යට පත් විය. මෙම කැඳ කෝප්ප 2 බැගින් ආහා­ර­යට ගත් බොහෝ දිය­වැ­ඩියා රෝගීන්ගේ සීනි මට්ටම සති 6ක් වැනි කෙටි කාල­ය­කදී සාමාන්‍ය තත්ත්ව­යට පත් වී ඇත. එම කැඳ දිය­වැ­ඩි­යාව පාල­නය සඳහා ක්‍රියා කරනු ලබන්නේ මෙහි ඇති ප්‍රති­ඔ­ක්සි­කා­රක ගුණ නිසා අග්න්‍යා­ශයේ නිසි පරිදි ඉන්සි­යු­ලින් නිප­ද­වි­මෙනි. එනම් තෙබු, කෝවක්කා කොළ වැනි ශාක සෘජු­වම අග්න්‍යා­ශයේ ඉන්සි­යු­ලින් ශ්‍රාවය උත්තේ­ජ­නය කරයි. ඇතැම් ශාක රෝගී වූ ඇතැම් සංඝ­ටක පර්යන්ත ග්ලුකෝස් පරි­වෘ­ත්තීය වැඩි කරයි. එසේම කෝවක්කා ශාක­යට ආහාර මාර්ගය තුළ දී a – Amylase නම් එන්ස­යිම නිෂේ­ධ­නය කර­මින් පිෂ්ටය ග්ලුකෝස් බවට පත් වීම ප්‍රමාද කර­මින් දිය­වැ­ඩි­යාව පාල­නය කිරී­මට හේතු වේ.

කොළඹ ප්‍රධාන පෙළේ විදු­හ­ලක වාර විභා­ග­ව­ලදී ඉතා අඩු මට්ටමේ ලකුණු ලබා­ගත් ළම­යින් පිරි­සක් එම කැඳ පානය කිරී­මෙන් ලකුණු ඉහළ අග­යක් ලැබූ බව පර්යේ­ෂණ මඟින් සනාථ කර ඇත. ඊට හේතු වී තිබෙන්නේ ගොටු­කො­ළ­වල ඇති ස්වාභා­වික රසා­ය­නික සංඝ­ට­කය.

හෙළ සුව කැඳ ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආය­ත­නයේ පරීක්ෂිවට ලක් කර ඇත. එහිදී කැඳ මිලි ලීටර් 200ක ගුණ ඇග­යී­මට ලක් කරනු ලැබූ අතර දින­කට කැඳ මිලි ලීටර් 200ක් පානය කරන පුද්ග­ල­ය­කුට පහත සඳ­හන් ගුණ ලැබෙන බව තහ­වුරු කර තිබේ.

 

1) විට­මින් දෛනික අව­ශ්‍ය­තා­වෙන් 10%ක් සපිරේ.

2) විට­මින් B1තය­මින් වැඩිය.

එය දෛනික අව­ශ්‍ය­තා­වෙන් 30% කි.

3) විට­මින් B2 රයි­බො­ෆ්ලේ­වින් වැඩිය.

එය දෛනික අව­ශ්‍ය­තා­වෙන් 100%කි.

4) විට­මින් B3 නියැ­සින් වැඩිය.

එය දෛනික අව­ශ්‍ය­තා­වෙන් 100% කි.

5) විට­මින් B6 වැඩිය.

එය දෛනික අව­ශ්‍ය­තා­වෙන් 100% කි.

6) විට­මින් B12 වැඩිය.

එය දෛනික අව­ශ්‍ය­තා­වෙන් 100% කි.

7) විට­මින් D ඇත. විට­මින් E වැඩිය. එය දෛනික අව­ශ්‍ය­තා­වෙන් 30%කි.

8) පොස්ප­රස් වැඩිය.

එය දෛනික අව­ශ්‍ය­තා­වෙන් 100% කි.

9) ප්‍රෝටීන් ප්‍රමා­ණය ඉතා ඉහ­ළය.

12%ක් සැපයේ.

10) තන්තු දෛනික අව­ශ්‍ය­තා­වෙන් 25% කි

11) යකඩ දෛනික අව­ශ්‍ය­තා­වෙන් 10%ක් සැපයේ.

මෙවැනි ඉහළ ඖෂ­ධීය ගුණ­යෙන් හෙළ සුව කැඳ පානය කිරී­මෙන් ලැබෙන්නේ එහි අඩංගු ද්‍රව්‍ය නිසාය. මෙහිදී එම අඩංගු ද්‍රව්‍ය­වල ඖෂ­ධීය ගුණ විමසා බැලීම වටී.

කොත්ත­මල්ලි - Coriandrine, Dihydro Coriandrine නම් සංයෝ­ගය අඩංගු වීමෙන් ඖෂ­ධීය ගුණ ඉහ­ළය. Linoleic Acid; poly phenol සහ අත්‍ය­වශ්‍ය අම්ල ඉතා වැඩිය. විට­මින්B1,B2;B3;B5;B6 අඩං­ගුය. ප්‍රති­ඔ­ක්සි­කා­රක ගුණ ඉහ­ළය විට­මින් A; Carotine; මිට­මින් B සංයෝග සහ කැල්සි­යම් අධික වශ­යෙන් අඩං­ගුය.

කෝවක්කා - කෝවක්කා ශාකයේ Heptacosane; Cephalandrol; Alkaloids; Cephalandrin A; Cephalandrin B වැනි සංයෝග අඩං­ගුය. මෙහි අඩංගු Ascorbic acid Niyacin; Beta Sitosterolවල දිය­වැ­ඩියා මර්දන ගුණ ඇත. එසේම කෝවක්කා ශාකයේ ඇති Terphenoid;phenol; Flavonoid ද දිය­වැ­ඩියා පාල­නය කිරී­මට හේතු වේ.

කර­පිංචා - කර­පිං­චා­වල phe llandrene; Caryophyllene; D-sabinene; D-alfapinene; Mahanimbine; GirinimbineKoenimbine; Isomahanine; Mahanine යන සංයෝ­ගය අඩංගු වේ. මෙම සංයෝග බල­පෑ­මෙන් පිළිකා නාශක ගුණ, කොලෙ­ස්ට­රෝල් අඩු කිරීමේ ගුණ සහ දිය­වැ­ඩි­යාව මර්ද­නය කිරීමේ ගුණ ඇති වේ.

ගොටු­කොළ - ගොටු­කො­ළ­වල ක්ෂුද්‍ර ඛනිජ අයන වන ක්‍රෝමි­යම්, කොපර්, සින්ක්, කොබෝල්ට්, මැංග­නීස්, සෙලි­නි­යම්, සෝඩි­යම් බහු­ලය. බීටා කැරො­ටින් මයි­ක්‍රො­ග්‍රෑම් 3600 ක් අඩං­ගුය. විට­මින් C ඉතා ඉහ­ළය. ඇම­යිනෝ අම්ලය ඉතා වැඩිය. ගොටු­කො­ළ­වල ඇති Glycosides වන Asiaticoside - A, Brahmoside; Madecassoside සහ Brahminoside මඟින් මොළයේ ක්‍රියා­කා­රි­ත්වය වර්ධ­නය කරයි.

සුදු ලූනු - සුදු ලූනු Allicine; Ajoene; Diallyl Poly sulfides; Vinyldithiin; S-Allyl cystein යන සල්ෆර් අඩංගු සංයෝග සහ Enzymes; saponines; Flavonoids; Mailard prodact යන සල්ෆර් නොවන සංයෝග ද අඩංගු වී ඇත. මේ සියල්ල පිළිකා සහ හෘද­යා­බාධ වළ­ක්වයි.

ගම්මි­රිස් සහ ගම්මි­රිස් කොළ - ගම්මි­රි­ස්වල අඩංගු Piperine සං‍යෝගයේ ඖෂ­ධීය ගුණ ගණ­නා­වක් ඇත. එනම් ඉහළ ප්‍රති­ඔ­ක්සි­කා­රක ගුණ, ප්‍රති­ප්‍ර­දාහ ගුණ, ප්‍රති­ශ­ක්තිය වැඩි කිරීම යන ගුණ මෙහි ගැබ් වී ඇත. එසේම ආහාර මාර්ග­යෙන් Selinium; Vitamin B12 ;Beta Carotineඅව­ශෝ­ෂ­ණය වැඩි කිරීමේ හැකි­යා­වක් ද මෙම piperineවල තිබේ. මෙයින් ආහාර සහ ඖෂ­ධ­වල ක්‍රියා­කාරි බව වැඩි කරයි. ඖෂධ රුධි­රය තුළ පව­තින කාලය වැඩි කරයි. ඖෂ­ධ­වල ගුණ නොවෙ­නස්ව තබයි. ඖෂ­ධ­වල රසා­ය­නික සංයු­තිය ආරක්ෂා කරයි. අක්මාවේ සහ අග්න්‍යා­ශයේ යුෂ ශ්‍රාවය පාල­නය කරයි. ආහාර ජීර­ණය එයින් පහසු කරයි.

තෙබු - තෙබු­වල අඩංගු Disogenine වල දිය­වැ­ඩි­යාව මර්ද­නය කිරීමේ ගුණ ඉහ­ළය. තෙබු ‍පත්‍රවල Flavonoids; Isoflavons; Anthroquinone; proanthocyanine වැනි සංයෝග බහුල වීමෙන් ප්‍රති­ඔ­ක්සි­කා­රක ගුණ ඇත.

මුරුංගා කොළ - අධික විෂ­නා­ශක ගුණ සහි­තයි. විට­මින් A; විට­මින් C; කැල්සි­යම්, මැග්නී­සි­යම්, යකඩ බහු­ලව ඇත.

මේසා ඖෂ­ධීය ගුණ විශාල ප්‍රමා­ණ­යක් අඩංගු වන හෙළ සුව කැඳ පානය කිරී­මෙන් අත් වන ප්‍රති­ඵල රැසකි.

හෙළ සුව කැඳ පානය කිරී­මෙන් ලැබෙන ගුණ

1) ප්‍රති­ඔ­ක්සි­කා­රක සංයෝග අඩංගු වීමෙන්

ශරී­රයේ සෑම අව­ය­ව­යක්ම එම ඉන්ද්‍රී­ය­ය­න්වල නිය­මිත වූ කාර්ය­යන් ඉටු කිරීම

2) පිළිකා නාශක ගුණය

3) ශරී­රයේ ප්‍රති­ශ­ක්තිය වැඩි කිරීම

4) ශරී­රයේ විෂ ඉවත් කිරීමේ හැකි­යාව

5)ශරී­රයේ හෝමෝන සම­තු­ලි­ත­තාව ඇති කිරීම

6) දිය­වැ­ඩි­යාව පාල­නය කිරීමේ හැකි­යාව

7) කොලෙ­ස්ට‍රෝල් පාල­නය කිරීමේ හැකි­යාව

8) වකු­ග­ඩු­වල ක්‍රියා­කා­රි­ත්වය වර්ධ­නය කිරීම

9) ස්ථුල­තාව අඩු කිරීම

10) හන්දි­පත් ආබාධ සුව කිරීම

11) මන්ද­පෝ­ෂ­ණය දුරු කිරීම

12) තන්තු ප්‍රමා­ණය වැඩි බැවින් ක්ෂුද්‍ර­ජී­වින් ක්‍රියා කර ශරී­ර­යට හිත­කර කෙටි­දාම මේද අම්ල (Short chain Fatty Acids) නිප­ද­වීම

කැඳ සකස් කිරී­මේදී ‍පොල්කිරි කොටා මිරිකා ගත් පොල්කිරි විය යුතුය. කිසි සේත් පිටි කළ පොල්කිරි කැඳ සඳහා යොදා ගැනීම හිත­කර නැත. මක්නි­සාද මේවා ඉහළ උෂ්ණ­ත්ව­යේදී පිටි බවට පත්වන විට පොල්කි­රි­වල ඖෂ­ධීය සංඝ­ටක විනාශ වන නිසාය. එමෙන්ම පිටි කළ පොල්කි­රි­ව­ලට කෘත්‍රිම රස­කා­රක යොදන බැවින් අපේ­ක්ෂිත ප්‍රති­ඵල නොලැබේ. පොල් මිරි­කී­මේදී බ්ලෙන්ඩ­ර­යෙන් පොල් මිරි­කී­මෙන් වැඩි තන්තු ප්‍රමා­ණ­යක් ආහා­ර­යට එක් නොවේ. පොල්කුඩු සමඟ වැඩි තන්තු ප්‍රමා­ණ­යක් ඉවත් වේ. නමුත් පොල් අඹරා ගැනී­මේදී වැඩි තන්තු ප්‍රමා­ණ­යක් ආහා­ර­යට එක් කර ගත හැකිය.

නිසි පිළි­වෙ­ළට සට­හනේ ඇති ආකා­ර­යට හෙළ­සුව කැඳ පිළි­යෙල කර ගැනී­මෙන් ඖෂ­ධීය ගුණ රාශි­යක් අත් විඳ ගත හැකි වන අතර නිරෝගී දිවි­ය­කට උරු­ම­කම් කිව හැකිය.

 

Comments