අවුරුදු එකහමාරකට පසු කොටු වුණ රත්නපුරේ මිනිමරුවෝ | Page 3 | සිළුමිණ

අවුරුදු එකහමාරකට පසු කොටු වුණ රත්නපුරේ මිනිමරුවෝ

ගිය වසරේ මාර්තු මස එකො­ළොස් වැනි දා රත්න­පුර පොලි­සි­යට පැමි­ණියේ බළ­න්ගොඩ වෙසෙන සෝමා­වතී නමැති වයෝ­වෘද්ධ කාන්තා­වකි. ඇගේ දුක්අ­ඳෝ­නා­වෙන් කියැ­වුණේ මෙවැ­න්නකි.

“මගේ බාල කොල්ලා... දැන් ටික දොහොක ඉඳන් ආගිය අතක් නෑ... ඌට මොකද වුණේ කියල කිසිම කෙනෙක් දන්නෙ නෑ... අනේ මගේ කොල්ලා කොහොමහරි හොයලා දෙන්න සර්...“ ලැබුණු පැමි­ණිල්ල පොලිස් පොතේ සට­හන් විණි.

ඊට දින කීප­ය­කට පසු තවත් කාන්තා­වක් මාර්තු විසි­පස් වැනි දා නැව­තත් එම දුක්ගැ­න­වි­ල්ලම බළ­න්ගොඩ පොලි­සි­ය­ටද ඉදි­රි­පත් කළාය. ඇය චන්ද්‍ර­කාන්ති නමැති කාන්තා­වකි. ඇය කියා සිටියේ මෙවැ­න්නකි.

“මගේ මල්ලි රුවන් කුමාර... පසු­ගිය පෙබ­ර­වාරි 08 වැනි දා අන්ති­මට ගෙද­රින් ගියේ... එදා ඉඳන් අතු­රු­දන්... දැන් මල්ලිට වෙච්ච දෙයක් නෑ...“

ඇගේ දුක්මුසු පැමි­ණි­ල්ලද බළ­න්ගොඩ පොලිස් පොතේ සට­හන් විය. එහෙත් මාස ගණ­නා­වක් ඉක්ම ගියද බළ­න්ගොඩ පොලිස් පැමි­ණිල්ල හෝ රත්න­පුර පොලිස් පැමි­ණිල්ල සම්බ­න්ධව සාධා­ර­ණ­යක් ඉටු වන වගක් නොපෙ­නිණි. සෝමා­වතී අම්මාට තම පුත්‍රයා සම්බ­න්ධ­වත් චන්ද්‍ර­කා­න්තිට සිය සහෝ­ද­රයා සම්බ­න්ධ­වත් කිසිදු තොර­තු­රක් ලැබුණේ නැත. ඒ අතරේ නොයෙක් කතා­න්ද­රද පැතිර ගියේය.

අතු­රු­දන් බවට පොලිස් පොතේ ලියැ­වුණු රුවන් කුමාර 29 හැවි­රිදි තරු­ණ­යෙකි. බළ­න්ගොඩ, උඩ­කන්ද, වෙලේ­ගොඩ විසූ රුවන් තේ දලු නෙළීම ඇතුළු නොයෙක් රැකි­යා­වල නිරත වෙමින් විසු­වෙකි. සහෝ­දර, සහෝ­ද­රි­යන් හත්දෙ­නෙ­කු­ගෙන් යුත් පවුලේ බඩ­පිස්සා රුවන්ය.

2013 වස­රේදී රුවන්ට රත්න­පුර, බටේ­වෙල, ගන්ගො­ඩ­ගම වෙසෙන ප්‍රිය­ද­ර්ශනී මුණ­ගැ­සෙන්නෙ අහ­ම්බෙනි. ඒ ප්‍රිය­ද­ර්ශ­නීගේ යෙහෙ­ළි­ය­කගේ දුර­ක­ත­නයේ තිබූ අංක­යක් රුවන් කුමා­රට ලැබී­මෙන් ඇති වූ කතා­බහ ප්‍රේම සබ­ඳ­තා­වක් දක්වා දුර­දිග යෑමෙනි. අන­තු­රුව වසර කීප­ය­කට පසු දෙදෙනා නීති­යෙන් එක් නොවූ­වත් එකම වහ­ලක් යට වෙසෙ­න්නට වූහ. ඒ ප්‍රිය­ද­ර්ශ­නීගේ වෙලේ­ගොඩ නිවෙ­සේය. ඒ අතරේ දෙදෙ­නාට දාව දරු පැටි­යෙ­කුද මෙලොව එළිය දුටු­වේය. රුවන් කුමාර වෙනත් නිවෙ­සක ජීවත් වන බව ඔහුගේ ඥාතින්ට සැල වූයේ රුවන් අතු­රු­දන් වූ පසු­වය.

රුවන් 2018 පෙබ­ර­වාරි 8 වැනිදා සවස් යාමයේ මාපි­යන්ගේ සුව­දුක් විමසා බළ­න්ගොඩ මහ­ගෙ­ද­රින් නික්මි වෙලේ­ගොඩ නිවෙ­සට ගියේය. ඒ රුවන් ජීවි­තයේ අව­සන් වරට මාපි­යන්, සහෝ­ද­රි­යන් දැකී­මට බළ­න්ගො­ඩට ගිය ගමන බව ඔවුන් දැන සිටියේ නැත. එදින සිට රුවන් අතු­රු­දන් වූයේය. ආගිය අතක් නැති ඔහු ගැන සොයා බල­න්නට ඔහුගේ මාපියෝ සහ සහෝ­ද­රියෝ සෑම විටෙ­කම උනන්දු වූහ.

එහෙත් තම සහෝ­ද­ර­යාට, පුත්‍ර­යාට සිදු වූයේ කුමක්ද යන්න නීතියේ පිහිට පත­මින් රුවන්ගේ මව සෝමා­වතී සහ සහෝ­ද­රිය චන්ද්‍ර­කාන්ති පැමි­ණිලි කර තිබුණේ රත්න­පු­රට සහ බළ­න්ගොඩ පොලිස් ස්ථාන­ව­ල­ටය. එහෙත් එම පැමි­ණිලි කිසි­ව­කට සාධා­ර­ණ­යක් නොවූ­යෙන් රුවන්ගේ තවත් සහෝ­ද­රි­යක වන ස්වර්ණා පුෂ්ප­කු­මාරි පසු­ගිය ජූලි 11 වැනි දා කොළඹ පොලිස් මූල­ස්ථා­නයේ පිහිටි පොලි­ස්පති සහන මැදි­රිය වෙත පැමි­ණියේ තම සහෝ­ද­ර­යාගේ අතු­රු­ද­න්වීම පිළි­බඳ කිසි­යම් හෝ සහ­න­යක් බලා­පො­රො­ත්තු­වෙනි.

ඊට ක්ෂණික ප්‍රති­චා­ර­යක් දක්ව­මින් පොලි­ස්පති සහන මැදි­රි­යට ලැබුණු පැමි­ණිල්ල යොමු කෙරුණේ රත්න­පුර කොට්ඨාස බාර පොලිස් අධි­කාරි සුදත් මාසිංහ මහතා වෙත­ටයි. පොලිස් අධි­කා­රි­ව­රයා ඍජු අධී­ක්ෂ­ණය මත පැමි­ණිල්ල යොමු කෙරුණේ රත්න­පුර නීතිය බල­ගැ­න්වීමේ ඒක­කය වෙතය. එහි ස්ථානාධිපති ලයනල් ඇතුළු කණ්ඩා­යම පොලිස් අධි­කා­රි­ව­ර­යාගේ උප­දෙස් මත පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කළේය.

රුවන්ගේ අතු­රු­දන් වීම ගැන දීර්ඝ විම­ර්ශ­න­යක ප්‍රති­ඵ­ල­යක් ලෙස මුලින්ම පසු­ගිය දෙවැ­නිදා විජේ­නා­යක නමැ­ත්තෙක් අත්අ­ඩං­ගු­වට ගැනිණි. පසුව ලලන්ත, ඔහුගේ බිරිය උදේනි මාලා සහ, සමන් කුමාර හෙවත් ලොකු සමන් යන තිදෙනා සම්බන්ධ බවත් හෙළි විය. දැන් ඔවුන් පසුවන්නේද පොලිස් අත්අ­ඩං­ගු­වේය.

පොලි­සිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ මේ වන විට රුවන් කුමා­රට වූයේ කුමක්ද යන්න සැක­ක­රු­ව­න්ගෙන් අනා­ව­ර­ණය වී අව­සා­නය. ඒ අනා­ව­ර­ණ­යන්ට අනුව සිදු වී තිබුණේ මෙවැ­න්නකි.

ගිය වසරේ පෙබ­ර­වාරි 08 වැනිදා බළ­න්ගොඩ මහ­ගෙ­ද­රින් නික්මුණු රුවන්, වෙලේ­ගොඩ නිවෙ­සට පැමි­ණී­මෙන් පසු ප්‍රිය­ද­ර්ශනී රුවන් සමඟ ආර­වු­ලක් ඇති කර­ගෙන තිබිණි. එදින ප්‍රිය­ද­ර්ශ­නී­ලාගේ නිවෙස ආස­න්නයේ වූ සාලි­යගේ නිවෙසේ ඔහුගේ දිය­ණිය වැඩි­විය පත් වීම පිළි­බඳ වූ ප්‍රිය­සා­ද­යකි. ප්‍රිය­ද­ර්ශනී සහ රුවන් අතර බහි­න්බස් වීම සිදු වන අතර ප්‍රිය­ද­ර්ශ­නීගේ මව සාලි­යගේ නිවෙ­සට දිව ගොස් ඒ බව පවසා තිබුණාය. ඊට ප්‍රති­චා­ර­යක් ලෙසින් ප්‍රිය­සා­ද­යට එක්ව සිටි පහ­ළො­වක, විස්සක පමණ පිරි­සක් දිව­ගොස් තිබුණේ රුව­න්ගේත්, ප්‍රිය­ද­ර්ශ­නී­ගේත් අඬ­ද­බ­රය විස­ඳී­ම­ටය. ඒ මැදි­හත් වීමෙන් පසුව සිදු වුණේ ඒ පිරිස නොසෑ­හෙන ලෙස රුවන්ට පහර දීමය.

“සර්.. අපි රුවන්ට හොඳ­ටම ගැහැව්වා. පොලු­ව­ලින් පම­ණක් නෙවේ අහු­වෙන අහු­වෙන එකෙන් ගැහැව්වා. අන්ති­මට රෙදි ගල­වලා ගැහැව්වා... ඊට පස්සෙ බිම දාගෙන ඇද­ගෙන ගියා.... මීටර් පන­හක් පමණ ඈතින් තියෙන ගමේ ප්‍රධාන පාර­ටම. ගෑනුත් ආවා රුවන්ට ගහන්න... “ඒ අත්අ­ඩං­ගුවේ පසු වන සැක­ක­රු­ව­කුගේ පාපෝ­ච්චා­ර­ණ­යකි.

මර­ණා­සන්න තුවාල ලත් රුවන් මාර්ගයේ වැටී සිටි­යදී ඒ අස­ලින් ගොස් තිබුණේ කොළඹ රැකි­යා­වට ගොස් ප්‍රිය­සා­ද­යට සහ­භාගි වීමට ගමට එමින් සිටි රුවන්ගේ බිරි­යගේ වැඩි­ම­හල් සහෝ­ද­රයා වන විජේ­නා­ය­කයි. ඔහු තම මස්සිනා වැටී සිටින අයුරු දුටු­වත් කිසි­වක් නොවි­මසා නිවෙ­සට ගොස් සැණින් පැමි­ණියේ ප්‍රිය­සා­ද­යට එක් වීම­ටය. එහෙත් විජේ­නා­යක නිවෙසේ සිට පැමි­ණෙන මොහොතේ රුවන් එම ස්ථානයේ නොසි­ටි­යේය.

ප්‍රිය­සා­ද­යට සහ­භාගි වී කා-බී පැයක පමණ වේලා­වක් එම ස්ථානයේ සිටි විජේ­නා­යක නැව­තත් පැමිණ තිබුණේ මාර්ග­ය­ටය. ඔහු සිය මස්සිනා ගැන ඒ මොහොතේ මාර්ගයේ ගමන් කර­මින් සිටි ලොකු සමන් නමැ­ත්තා­ගෙන් විමසා තිබුණේ, “කෝ... අර යකා... පාරේ වැටිලා හිටි­යනේ... දැන් නෑනේ...“ යනු­වෙනි.

පසුව දෙදෙනා විසින් මුලින් රුවන් වැටි සිටි ස්ථාන­යට මීටර් තුන්සි­ය­යක් පමණ එපි­ටින් මාර්ගය අසල ඉදි කර­මින් පව­තින නිවෙ­සක් ඉදි­රි­පිට වැටි සිටි රුවන් දුටු­වේය. දෙදෙනා විප­රම් කොට බැලු­වත් ඒ වන විට රුවන් මෙලොව හැර ගොස් සිටි බව දෙදෙ­නා­ටම ඒත්තු ගියේය.

රුවන්ට පහර දීමට සම්බ­න්ධව සිටි බවට පොලි­සිය මේ වන විට අනා­ව­ර­ණය කර­ගෙන සිටින පොඩි සමන්, බණ්ඩාර, කපිල සහ ලලන්ත යන සිවු­දෙනා ඒ මොහොතේ එම ස්ථාන­යට පැමි­ණි­යේය. ඔවු­නට විජේ­නා­යක කීවේ, “ඒයි මේ යකා මැරි­ලනේ“යනු­වෙනි.

“මැරිල නම් වළ දාමු... මං දන්නවා තැනක්... එතැ­නට ගෙනි­හින් වළ­ලමු....“ ඒ පොඩි සමන්ගේ පිළි­තු­රයි.

ඔවුන් සියලු දෙනා තීන්දු කොට තිබුණේ ඊට කිලෝ­මී­ටර් අටක් පමණ ඈතින් පිහිටි හෙට්ටි­කන්දෙ කරු­ව­ල­කැලේ නමැති රක්ෂිත වන­යට ගොස් රුවන්ගේ නිසල සිරුර පොළො­වට පස් කිරී­ම­ටයි.

අන­තු­රුව කපි­ලගේ ත්‍රිරෝද රථ­යෙන් විජේ­නා­යක සහ කපිල ගොස් තිබුණේ කරු­ව­ල­කැ­ලේට ළඟ­පාත තේව­ත්ත­කින් උදැ­ල්ලක් සොයා ගැනී­ම­ටයි. පොඩි සමන්, බණ්ඩාර සහ ලලන්ත තිදෙනා ඩීසල් ත්‍රීරෝද රථ­යක බක්කි­යට පට­වා­ගත් රුවන්ගේ සිරුර රැගෙන කරු­ව­ල­කැලේ රක්ෂි­තය මායි­මට ගියහ. පසුව තිදෙනා මහ කැලයේ පා ගම­නින් කිලෝ­මී­ටර් දෙක­හ­මා­රක් පමණ ඝන අන්ධ­කා­රයේ අති­දු­ෂ්කර ගම­නක යෙදු­ණාහ. ඒ රුවන්ගේ සිරුර කරේ තබා­ගෙ­නය.

උදැල්ල රැගෙන ආ විජේ­නා­යක සහ ලලන්ත පැය කීප­යක් ගත­කොට වළක් කපා රුවන්ගේ සිරුර දමා යට කළහ. ඔවුන් වළ උඩින්ම ගලක් තැබී­මට අම­තක නොකළේ කිසි­යම් සල­කු­ණක් ලෙසිනි.

එදා සිදු කළ එම අප­රා­ධයේ සුල­මුල වසර එක­හ­මා­ර­කට අධික කාල­ය­කට පසු මේ වන විට අනා­ව­ර­ණය වී අව­සා­නය. සැක­ක­රු­වන්ගේ පාපෝ­ච්චා­ර­ණ­යන් අනුව රුවන්ට මෙවන් අප­රා­ධ­යක් කිරී­මට දායක වූ 20කට ආස­න්නට පිරි­සක් සිටින බවට හෙළිවේ.

පසු­ගිය හතර වැනිදා රක්ෂිත වන­යට ඇතුළු වූ රත්න­පුර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ජනිතා පෙරේරා මහ­ත්මි­යගේ නියෝ­ග­යක් අනුව රත්න­පුර ශීක්‍ෂණ රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී කේ එම් කුඩා­ගම මහ­තාගේ අධී­ක්‍ෂ­ණ­යෙන් රුව­න්කු­මාර සිරුර ‍ගොඩ ගැනිණි.

ඡායා­රූප - එන් පී.රාජ­දොරේ රත්න­පුර විශේෂ වාර්තා­කරු

Comments