අප කරන සියලු දේ මෛත්‍රි­යෙන් කළොත් සිත කය නිවෙ­නවා.... | Page 3 | සිළුමිණ

අප කරන සියලු දේ මෛත්‍රි­යෙන් කළොත් සිත කය නිවෙ­නවා....

 

ද අපි සාකච්ජා කරන්නේ සනි­දාන සූත්‍ර­දේ­ශ­නා­වයි. සනි­දාන නම් මේ සූත්‍රය තියෙන්නේ සංයුක්ත නිකායේ දාතු සංයු­ක්තය තුළයි. මෙහිදි ‍ උන්ව­හන්සේ මෙසේ දේශනා කළා; මහ­ණෙනි නිදා­න­යක් ඇති­ව­මයි නෙක්ඛම්ම විත­ර්කය ඇති­වෙන්නේ කියලා. නිදා­නය කියන වච­නය දෙවි­දි­හ­කට ලියා දක්වන්න පුළු­වන්. මහ­ප්‍රාණ ‘ධ‘ යෙදු­වොත් තැන්පත් කරන වස්තු­වට කියන නමක්; අල්ප ‘ ද‘ යන්න යොදා ලිව්වොත් මූලික හේතුව කියන අද­හ­සයි යෙදෙන්නේ. රෝග­ය­කදි වෛද්‍ය­ව­රුන් ප්‍රති­කා­ර­ක­රන්නේ රෝග ලක්ෂණ වලට නෙමෙයි. පරික්ෂා කරලා බලන්නේ රෝග නිදා­නය. නිදා­න­යක් ඇතු­ව­මයි මේ දේශ­නාව වදාළේ. නෙක්ඛම්ම විතර්ක උප­දින්නේ නිදා­න­යක් ඇතු­ව­මයි. මොකක්ද මේ නෙක්ඛම්ම කියලා කියන්නේ.

කාම­යෙන් නික්මීම නෙක්ක­ම්මයි නැති­නම් අත­හැ­රී­ම­ටයි; නෙක්ඛ­ම්මය කියලා කියන්නේ. කාම­යෙන් නික්මීම අත­හැ­රී­මට වගේම සංකප්ප කියලා කියන්නේ සංක­ල්පනා එනම් සිතු­විලි වල­ටයි. චේතනා, අද­හස්, හැඟීම්, නෙක්ඛම්ම සිතු­විලි ඇති­වෙන්නේ හේතු­වක් ඇති­ව­මයි. හේතු­වක් නැතුව කිසිදු දෙයක් ඇති­වෙන්නේ නැහැ. හේතු­වක් ඇතු­ව­මයි අව්‍ය­පාද සිතු­විලි ඇති­වෙ­න්නෙත්. අව්‍ය­පාද විතර්ක ඇති­වෙන්නේ අව්‍යා­පාද කියන්නේ මෛත්‍රි­යයි .

මේ මෛත්‍රි සහ­ගත සිතු­විලි ඇති­වෙන්නේ නිදා­න­යක් ඇතු­ව­මයි නිදා­න­යක් නැතුව ඇති­වෙන්නේ නැහැ. උන්ව­හන්සේ දේශනා මහ­ණෙනි , අවි­හිංසා සිතු­විලි ඇති­වන්නේ නිදා­න­යක් ඇති­ව­මයි හිංසා කියන්නේ අනුන්ට හිංසා පීඩා කිරීම; අවි­හිංසා කියන්නේ අනුන්ට හිංසා පීඩා නොකි­රීම; තවත් වච­න­ය­කින් කිව්වොත් අවි­හිං­සාව කියන්නේ කරු­ණා­වට යි. අනුන් දුකින් නිද­හස් කර­ගන්නා අද­හස කරුණා කියන ගුණ­ධ­ර්ම­යයි.

මේ සිතු­විලි ඇති­වෙන්නේ නිදා­න­යක් ඇති­ව­මයි. නිදා­න­යක් නැතිව ඉප­දෙන්නේ නැහැ කියලා බුදු­ර­ජා­න­න්ව­හන්සේ මේ සුත්‍ර දෙශ­නා­වෙන් දේශනා කළා. ඉන් පසුව උන්ව­හන්සේ ප්‍රශ්න­යක් අහ­නවා, ම‍හණෙනි නිදා­න­යක් අැතිව නෙක්ඛම්ම විත­ර්කය ඇති­වෙන්නේ කොහො­මද කියලා... උන්ව­හන්සේ වදාළා; මේ ලෝකයේ තියෙ­නවා නෙක්ඛම්ම ධාතුව කියලා දෙයක්; කාම­යෙන් වෙන්වී­ම­ටයි නෙක්ඛ­ම්මය කියන්නේ. ධාතු­වක් කියලා කියන්නේ පුද්ග­ල­යෙක් නොවන, ආත්ම­යක් නොවන දෙයක් කියන අද­හ­ස­ටයි. එනම් සත්ත්ව­ය­යෙක් නොවන අාත්ම­යක් නොවන මාන­සික ස්වභා­ව­ය­ක­ටයි. එයින් අපිට ලොකු පාඩ­මක් උග­න්ව­නවා.

තමන් තුළ අත­හැ­රීමේ අද­හස් තිබු­ණත්, ත්‍යාග සිතු­විලි තිබු­ණත්, ධාතු වශ­යෙන් දකි­න්නට ඕන. අපි දකින්නේ නැහැ, මේ කිසිම දෙයක් ධාතු වශ­යෙන්.ධාතු අරන් ‍තියෙන්නේ කොහො­මද? සත්ත්ව­ය­යෙක්, පුද්ග­ල­යෙක් යන හැඟීම් වලින් අරන් තියෙ­නවා; මා තුළ පව­ති­නවා; මගේ කියලා හිත­නවා; මගේ කියලා මට අයි­තියි කියලා සල­කන්න බැරි ස්වභා­ව­යක්. ඒ නිසයි ධාතු වශ­යෙන් දකි­න්නට බැරි‍. නෙක්ඛම්ම සංක­ල්පනා තියන අය තේරුම් ගන්න ඕන, නෙක්ඛම්ම සංක­ල්පනා ධාතුන් කියලා සත්ත්ව­යෙක් නොවන, පුද්ග­ල­යෙක් නොවන, අාත්ම­යක් කියන දේ තේරුම් ගන්නට ඕන. නේක්ඛම්ම ධාතු කියලා කියන්නේ අත­හ­රින ස්භාව­ය­ටයි. සත්ත්වයා, පුද්ග­ලයා යන දේ අත­හැ­රිමේ ස්වභා­ව­යයි.

මේ නෙක්ඛම්ම ධාතුව නිසා හට ගන්නවා නෙක්ඛම්ම සඤ්ඤා. නෙක්ඛම්ම සංඥා කියලා කියන්නේ හඳු­නා­ගැ­නීම් වල­ටයි. හඳුනා ගැනිමේ ස්වභා­ව­යක් අපි තුළ තියෙ­නවා. ඒ නිසා තමයි නෙක්ඛම්ම සංඥා කියන්නේ; අත­හැ­රීමේ සිමා­වල් ඇති වෙන්නේ; නේක්ඛම්ම ධාතු­වක් අපි තුළ තියන නිසයි. උදා­හ­ර­ණ­යක් බලමු, යමෙක් ඉන්නවා සිල් ගන්නට කැමැති. මේ කෙනා සිල් සමා­දන් වීමට කැමැති කියන්නේ එ් කෙනා ළඟ නෙක්ඛම්ම සඤ්ඥා තියන නිසායි. පෝයට සිල් ගන්නවා කියන්නේ කාමය අත­හ­රි­නවා අපි පැය ගණ­නා­ව­කට; කාම වස්තුන් අත­හ­රි­නවා පැය කිහි­ප­ය­කට.

සමහර අය ජංගම දුර­ක­තන විසන්ධි කරන්නෙ නැතිව විවේ­ක­යක් ලැබුණ ගමන් ගෙද­රට කතා කරන්න; කෑවද; බිව්වද කියලා අහ­නවා නම් සීලයෙන් වැඩක් නැහැ. අඩු­ම­ත­රමෙ අත­හැ­රීම පැය ගණ­න­ක­ට­වත් සිමා වෙලා නැහැ . නෙක්ඛ­ම්ම­යෙන් යුතුව කට­යුතු කරන්න ඕන; සිල් ගන්න කෙනා ‍කරන්නට ඕන‍ ­නො­කළ යුතු දේ ඉගන ගන්න ඕන. කතා කරන්න ඉගෙන ගන්න ඕන, යන එන විදිහ ඉගෙන ගන්න ඕන, වච­නය පරි­ස්සම් කර­ගන්න ඕන, පරුෂ වචන, මුසා­වාද, කේලාම් කියන එක, හිස්ව­චන වලින් මිදීම කර­න්නට ඕන. ඒනිසා ඒවා හ ඳුනා­ග­න්නට ඕන. නෙක්ඛම්ම සංඥා­ව­ලින් පසුව නෙක්ඛම්ම සංක­ල්පනා හට ගන්නවා. ඒ කියන්නේ සිතු­වි­ලි­ව­ලට යි. නෙක්ඛම්ම සංක­ල්පනා කියන්නේ අත­හැ­රිමේ සිතු­වි­ලියි.

නෙක්ඛම්ම සංක­ල්පනා එක්ක හට­ග­න්නවා නෙක්ඛම්ම ඡන්දය. නෙක්කම්ම සංක­ල්පනා වර්ධ­නය වන විට ඒ සිතු­විලි වලින් හිත තුළ හට­ග­න්නවා නෙක්ඛම්ම ඡන්දය. ඒ කියන්නෙ ආසාව අැති වෙනවා . දන්දී­මට, සිල් ගැනී­මට ඇති ආසාව, මල් පහන් පුජා­වට අැති ආසාව, භාවනා කිරී­මට ඇති ආසාව, භාව­නාව කරන අව­ස්ථා­ව­ලදී නෙක්ඛ­ම්මය ඡන්දය ඉතා හොඳින් වැඩෙ­නවා. දාන­යක් දෙන්න කැමැති නම් ඉතා හොඳින් වැඩෙ­නවා. එයත් නෙක්ඛම්ම ඡන්ද­යක්; එය කාම­යක් නොවෙයි. කාම­යෙන් වෙන්වී­මක් නෙක්ඛම්ම ඡන්දය නිසා උප­දි­නවා; නෙක්ඛම්ම පරි­දා­හය උප­දි­නවා; පරි­දා­හය කියන්නේ නෙක්ඛ­ම්ම­යෙන් දැවෙ­නවා; කාම පරි­දා­හය කියන්නේ කාම­යෙන් දැවෙ­නවා . ඒවගේ නෙක්ඛ­ම්ම­යෙන් දැවෙ­නවා. කාමයේ දැඩි අව­ශ්‍ය­තා­වක් දැනෙ­නවා; පිච්චෙ­නවා; නෙක්ඛම්ම ඡන්දය නිසා. නෙක්ඛ­ම්ම­යට කැමැති වුණාම ‍ඒ නෙක්ඛ­ම්මය දැඩි අව­ශ්‍ය­තා­වක් ව දැනෙන්න ගන්නවා.

මේ නෙක්ඛම්ම පරි­දා­හය නිසා නෙක්ඛම්ම පරි­යේ­ෂණ හට­ග­න්නවා. ඒ කියන්නෙ සෙවී­මට පටන් ගන්නවා. නෙක්ඛම්ම පර්යේ­ෂණ කරන ධර්මය පිළි­බඳ දන්න බුද්ධ ශ්‍රාව­කයා තුන් තැනක යහ­පත් සේ පිළි­ප­දි­නවා. කයින් පින් කර­නවා, වච­න­යෙන් පින් දහම් රැස් කර­ග­න්නවා, භාවනා කර­න්නට පටන් ගන්නවා; ඒ තමයි නෙක්ඛ්ම්මය වඩන කෙනා. වර­දවා වටහා ගත්තොත් භාවනා කිරීම පම­ණක් සිදු කර­න්නට පුළු­වන්. නමුත් එසේ බැහැ, අනෙක් දේව­ලුත් කර­න්නට ඕන. අපේ අනත්ත සංසා­රයේ කුසල ධර්ම පරි­පු­ර්ණය වෙලා තිය­න­වාද කියලා අපි දන්නෙත් නැහැ. නමුත් මේ කුසල ධර්ම පරි­පුර්ණ කර­ගැ­නී­මට අපිට ලැබෙන කුසල ධර්ම පුරන්න උත්සහ කර­න්නට ඕන.

හැම දින­ය­කම විනාඩි විස්සක් තිහ­ක්වත් භාවනා කර­න්නට උත්සාහ කර­න්නට ඕන. ඒ වගේම ධර්ම දේශ­නා­වක් ශ්‍රව­ණය කර­න්නට ඕන; ඉඩ ලැබෙන හැම­වෙ­ලා­ව­ක­දීම ධර්ම­යට එකතු වෙන්නට ඕන. කයි­නුත් වච­න­යෙ­නුත් ධර්ම­යට එකතු වෙන්නට ඕන, සිති­නුත් වච­න­යෙ­නුත් ධර්ම­යට එකතු වෙන්නට ඕන. එය නෙක්ඛ­ම්මය සොයන කෙනාගේ ස්වභා­වය කියලා බුදු­න්ව­හන්සේ වදාළා. මහ­ණෙනි, අව්‍යා­පාද විතර්ක හට­ගන්නේ කෙසේද කියලා පැහැ­දිලි කළා. අව්‍යා­පදා ධාතු ඇති­වෙ­නවා; එනම් මෛත්‍රි­යයි. මෛත්‍රිය කිය­න්නෙත් ධාතු­වක්. එය සත්ත්ව­යෙක් පුද්ග­ල­යෙක් නොවෙයි; මාන­සික ස්වභා­ව­යක්. මා තුළ මෛත්‍රිය තිය­නවා, මගේ තුළ මෛත්‍රිය තියෙ­නවා; මෛත්‍රි­ය­යත් මගේ කියලා ගන්න යන්න එපා .

මෛත්‍රි­යත් එක්තරා මාන­සික ස්වභා­ව­යක්. එය ධාතු­වක්. එයට කියන්නේ අව්‍යා­පාද ධ‍ාතුව කිය­ලයි. අව්‍යා­පාද ධාතුව නිසා උප­දි­නවා අව්‍යා­පාද සඤ්ඤා. මෛත්‍රි අද­හස් ඇති­වෙ­නවා; බලන්න මෛත්‍රි කොච්චර තිය­න­වාද, මෛත්‍රි අද­හස් කොච්චර තිය­න­වාද කියලා බලන්න. කොහො­මද මෛත්‍රි අද­හස් ඇති කර­ගන්නේ, දව­ස­කට දෙව­තා­ව­ක්වත් මෛත්‍රි කරන්න ඕන .

පළ­මුව නිව­සට අධි­ගෘ­හිත දෙවි­දේ­ව‍තා­වො‍ ­වෛර නොවෙත්වා; තරහා නොවෙත්වා; සුවසේ ජිවත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කර­න්නට ඕන. ආර­ක්ෂක දෙවි­ව­රු­ගේන් අන­තු­රුව අධි­පති ජනයා කියන්නේ ප්‍රධාන අය වෛර නොවෙත්වා; තරහා නොවෙත්වා; නිවසේ වෙසෙන මිනි­සුන් සියල්ලො වෛර නොවෙත්ව‍ා; තරහා නොවෙත්වා කියලා කිය­න්නට ඕන.

සුවසේ ජිවත් වෙත්වා කියලා මිනි­සුන් කෙරෙහි මෛත්‍රි ඇති කර­න්නට ඕන. මේ නිවෙසේ වෙසෙන සියලු පෙනෙන නෙපෛ­නෙන සියලු සත්ත්වයෝ වෛර නොවෙත්වා; තරහා නොවෙත්වා; සුවසේ ජිවත් වෙත්වා කියලා කිය­න්නට ඕන.

සියලු සත්ත්ව­යන් කෙරෙහි මෛත්‍රි, සඤ්ඤා ඇති කර­ග­න්නට ඕන. මේ නිවසේ සිටින සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවසේ ජීවත් වෙත්වා කියලා මෛත්‍රි සිතු­විලි ඇති කර­ග­න්නට පුළු­වන්.

ඉන්ප­සුව මේ ඉඩමේ, මේ ගමේ, මේ නග­රයේ, කොට්ඨාසයේ, දිස්ත්‍රික් මට්ට­මින්, මේ මේ පළාතේ, මේ ලංකා දිපයේ, දඹ­දිව් තලයේ, මේ සක්වලේ සිටින සියලු සත්ත්ව­යන්ට මේ විදි­හට මෛත්‍රි අද­හස් ඇති කර­ග­න්නට ඕන; තමන්ගේ සිතේ ඉන්ප­සුව මෛත්‍රි සංකල්ප ඇති කර­ග­න්නට ඕන‍.

මෛත්‍රි සඤ්ඤා ඇති­වු­ණාට පස්සේ මෛත්‍රි සංක­ල්පනා ඇති­වෙ­නවා. පුදු­මා­කාර බල­යක් තියෙන්නේ මෛත්‍රි සිතු­විලි වල. මෛත්‍රි සිතු­විලි ඇති කර­ගැ­නීම තුළ ලැබෙන ආනි­සංස මෙප­ම­ණ­කැයි කිය­න්නට බැහැ. දව­සක් බුදුන් වහන්සේ දේශනා කලා ලෞකික යමක් මේ ලොකේ යම්තාක් තියෙ­නවා නම්, ඒ පින් කම් අතර මෛත්‍රි ය තරම් තවත් පින්ක­මක් මෙලොව නැති බව. ලෞකික පින්කම් කියන්නේ දාන මාන අාදී ලෞකික පින් කම් වලට වඩා මෛත්‍රිය උතුම් වෙනවා.

මෛත්‍රි සංක­ල්පනා හොඳින් හුරු කරන්න කරන්න ඇති­වෙන්නේ අව්‍ය­පාද ඡන්ද­යයි. ඒ කියන්නේ මෛත්‍රි­යට කැමැ­ත්තක් ඇති­වෙ­නවා. ඔය බොහෝ දෙන­කුට මෛත්‍රිය ඇති කර­ගන්න බැහැ.

එයට හේතුව මෛත්‍රි ඡන්දය ඇති­වෙලා නැහැ, ඒකයි. අපේ හිත තුළ එය නිකම් ඇති­වෙන්නේ නැහැ; ඒක බලෙන් ඇති කර­ගන්න ඕන දෙයක්. නිදා­න­යක් තියන තැන­කට ගිහින් මට නිදා­නය ලැබේවා කියලා හිතු­වට ලැබෙන්නේ නැහැ; නිදා­නය ලැබෙන්නේ උත්සා­හය ඕන; එවිට යි ලැබෙන්නේ. මෛත්‍රි ස්වභා­ව­යත් සමඟ මෛත්‍රි ජන්දය ඇති කර­ග­න්නට ඕන; මෛත්‍රි සඤ්ඤා නිසා මෛත්‍රි සංකල්ප ඇති කර­ග­න්නට ඕන; මෛත්‍රි සංක­ල්පනා පුරුදු වුණාම මෛත්‍රි පරි­දා­හය ඇති­වෙ­නවා; එනම් දැඩි දාහ­යක් ඇති වෙනවා. එහෙම කෙනෙක් මෛත්‍රි සොය­නවා; මෛත්‍රිය සොයන මේ ආර්යය ශ්‍රාව­කයා අවස්ථා තුන­කදි යහ­පත් සේ පිළි­වෙත් පුර­නවා කියලා කිය­නවා. මොන­වද ඒ තැන්, සිත, කය, වච­න­යෙන්, මන­සින් යහ­පත් සේ පිළි­වෙත් පුර­නවා; මෛත්‍රියේ තියෙ­නවා.

මේ අවස්ථා තුන­ටම අදාළ කාරණා තුනක් එනම්, මෛත්‍රි කාය­කර්ම, මෛත්‍රි ‍වචී කර්ම, මෛත්‍රි මනෝ කර්ම කියලා තුනක් තිය­නවා මෛත්‍රිය පුරුදු කරන කෙනා මෛත්‍රි කාය කර්මය පුරුදු කර­න්නට ඕන. ඒ කියන්නේ කයින් කරන දේ මෛත්‍රි­යෙන් කර­න්නට ඕන. අපි කරන සියලු කාය කර්ම මෛත්‍රි­යෙන් කර­න්නට පුළු­වන්.

මේ මෛත්‍රි­යෙන් ක‍ළොත් මේ සියලු දේ මන­සට කයට සුව­යක් නිරෝගි බවක් ඇති­වෙ­නවා.

‍අපි කරන සියලු දේ මෙත්‍රෙි­යෙන් කරද්දි මෛත්‍රිය අපි තුළ වැඩෙ­නවා ‍වගේම අනිත් අය­ටත් හිතේ මෛත්‍රිය වැඩෙ­නවා. එයයි මෛත්‍රී කාය කර්ම කියන්නේ. ඇති තැනත් මෛත්‍රි­යෙන් කතා කර­න්නට ඕන. මෛත්‍රි වචී කර්ම මෛත්‍රි­යෙන් ආවිතේ රහෝ තේ‍ව ඇති තැන, නැති තැන හිතන්න පුරුදු වෙන්න ඕන.

කයින් වච­න­යෙන් ප්‍රති­පත්ති පුරා ගන්නට ඕන. අවි­හිංසා ධාතුව පිළි­බ­ඳව උන්ව­හන්සේ ඉන් පසුව කතා කර­නවා. හිංසා පිඩා නොකි­රීම කරු­ණා­වට කියන නමක් . කරු­ණාව, දුකින් එතර වෙන්න උදව් උප­කාර කිරී­මයි. කරු­ණාව සමඟ ඡන්දය ඇති­වෙ­නවා; කරුණා පරි­දා­හය ඇති­වෙ­නවා; දැඩි උව­ම­නාව නිසා කරු­ණාව ම සොය­නවා . එතකොට සිතින් කයින් වචනයෙන් පින්කරන සත්පුරුෂයෙක් බවට පත්වෙනවා.

Comments