දරු­වන්ගේ තොර­තුරු අව­භා­විත කර | සිළුමිණ

දරු­වන්ගේ තොර­තුරු අව­භා­විත කර

අන්ත­ර්ජා­ලය භාවි­තය ක්‍රම­යෙන් ජන­තාව අතර ජන­ප්‍රිය වන විට උද්ගත වූ ප්‍රධාන ගැට­ලු­වක් වූයේ ඒ ආශ්‍රි­තව ඇති­වන ගැට­ලු­ව­ලට නීතියේ පිළි­ස­රණ පතන පුද්ග­ල­යන් වෙනු­වෙන් සහන ලබා දීමට නීති­මය ප්‍රති­පා­දන අවම වීමයි. කෙසේ­වු­වද අන්ත­ර්ජාල භාවි­තය ඉතා සාමාන්‍ය දෙයක් බවට පත් වන විට අන්ත­ර්ජාල අව­භා­වි­තය සඳහා දඬු­වම් පැමි­ණ­වී­මට අවශ්‍ය නීති­මය පසු­බි­මද ක්‍රම­යෙන් සකස් විය.

මෙලෙස සකස් වූ නීති­මය රාමුව යටතේ ලබා දුන් තවත් එක් ප්‍රබල දඬු­ව­ම­කට මුහුණ දීමට පසු­ගි­යදා ගූගල් ආය­ත­නය යටතේ ක්‍රියා­ත්මක වන යූටි­යුබ් ආය­ත­න­යට සිදු­විය. ඒ දරු­වන්ගේ තොර­තුරු අනි­යම් අන්ද­මින් ලබා ගැනීම සහ ඒවා තම දැන්වීම් වැඩි­කර ගැනීම අර­මුණු කර ගනි­මින් යෙද­වීම හේතු­වෙනි. මේ දඬු­වම යටතේ යූ ටියුබ් ආය­ත­න­යට ගෙවී­මට සිදු වූ දඩ මුදල අමෙ­රි­කානු ඩොලර් මිලි­යන් 170කි. එය ඉති­හා­සයේ ළමා අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් අය­කර ගනු ලැබූ විශා­ල­තම දඩ මුදල ලෙසින් ද වාර්තා වී තිබේ.

යූ ටියුබ් යනු වර්ත­මා­නයේ අන්ත­ර්ජාල භාවිත කර­න්නන් අතර අති­ශ­යින්ම ජන­ප්‍රිය අඩ­වි­යකි. ලොව පුරා මෙය භාවිත කර­න්නන් සංඛ්‍යාව අසී­මා­න්ති­කය. එහෙත් එහි නිර්ණා­ය­කය වන්නේ වයස 13ට අඩු දරු­වන් තම අඩ­විය භාවිත කර­න්නන් නොවන බවයි. මේ හේතු­වෙන් ළම­යින් සම්බන්ධ වෙළෙඳ දැන්වීම් යූ ටියුබ් වෙත ලැබෙන්නේ නැත. මේ ගැට­ලු­වට පිළි­යම් යෙදී­මට සමා­ගම කර තිබුණේ නොයෙක් අඩ­වි­ව­ලින් ලබා­ගත් කුඩා දරු­වන්ගේ දත්ත සහ ඔවුන් හඳු­නා­ගැ­නීමේ අංකද සමග, දෙම­වු­පි­යන්ගේ අනු­දැ­නු­ම­කින් තොරව වෙළෙඳ දැන්වීම් සමා­ගම් වෙත ලබා දීමයි. මෙසේ ලබා දීමෙන් ඔවුන් උපයා තිබූ මුදල් සම්භා­රය ඩොලර් මිලි­යන් ගණ­නකි.

යූ ටියුබ් හි දත්ත වංච­නික ලෙස ලබා ගැනීම සහ අයථා ලෙස භාවි­ත­යට ගැනීම සම්බන්ධ තොර­තුරු හෙළිවූ පසු අමෙ­රි­කාවේ නිව් යෝර්ක් හි ඇටර්නි ජන­රාල් කොමි­සම සහ ෆෙඩ­රල් වෙළෙඳ කොමි­සම එක්ව චෝදනා ඉදි­රි­පත් කර තිබේ. දඩ මුදල් නියම වූ පසු මේ මුදල් ගෙවී­මට යූ ටියුබ් සමා­ගම කැමැත්ත දක්වා ඇති අතර ඊට අම­ත­රව ඉදි­රි­යේදී දරු­වන්ගේ පෞද්ග­ලි­ක­ත්වය වඩාත් ආරක්ෂා වන පරිදි කට­යුතු කිරී­ම­ටද යූ ටියුබ් ආය­ත­නය එකඟ වී තිබේ.

ගෙවී­මට නියම වී ඇති දඩ මුදල වන ඩොලර් මිලි­යන 170, බෙදී යෑමට නිය­මිත වන්නේ ඩොලර් මිල­යන 136ක් ෆෙඩ­රල් වෙළෙඳ කොමි­ස­මට සහ ඩොලර් මිලි­යන 34ක් නිව්යෝර්ක් නග­ර­යට යනාදී වශ­යෙනි.

කෙසේ වුවද අන්ත­ර්ජා­ලය පාල­නය කිරීම වර්ත­මා­නය වන විට අත්‍ය­වශ්‍ය වී තිබෙන බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. මීට පෙර පසු­ගිය ජූලි මාස­යේදී ෆේස් බුක් ආය­ත­න­යද ජන­තා­වගේ දත්ත අයථා ලෙස භාවි­තය සම්බ­න්ධ­යෙන් චෝදනා ලැබූ අතර ඩොලර් බිලි­යන 5ක් මුද­ලක් දඩ ලෙස ගෙවී­මට ඔවුන්ට සිදු විය.

මෙය සුබ­වාදී ලෙස දකින අමෙ­රි­කානු ජන­තාව ඒ සම්බ­න්ධ­යෙන් ට්‍රම්ප් පාල­න­යට ප්‍රසා­දය පළ කර තිබේ. අන්ත­ර්ජා­ලය හේතු­වෙන් දෛනි­කව මිනි­සුන් පීඩා­වට පත් වන බවත් ඒ මිනි­සුන් වෙනු­වෙන් නීති­මය සහන සැල­සිය යුතු බවත් ට්‍රම්ප් පාල­නයේ අද­හ­සයි.

එය කඩි­න­මින් කළ යුතු කාර්ය­යක් බවට පත්ව ඇත්තේ අමෙ­රි­කාව පුරා ෆේස් බුක් සහ යූ ටියුබ් වැනි තාක්ෂ­ණික ව්‍යාපා­රික ආය­තන අන්ත­ර්ජා­ලය භාවිත කර­න්නන්ගේ පෞද්ග­ලි­ක­ත්ව­යන් අමු­අ­මුවේ උල්ලං­ඝ­නය කර­මින් සිටින බැවිනි. තම පෞද්ග­ලික තොර­තුරු තාක්ෂ­ණික ව්‍යාපා­රික ආය­තන විසින් සොරා ගෙන ඇති බවට සහ, ඒවා අයථා ලෙස යොදා ගනි­මින් සිටින බවට වැඩි දෙනෙක් දැනු­ම්වත් වී නොමැත. මේ දත්ත ලබා ගැනී­මෙන් සහ ඒවා අවශ්‍ය පුද්ග­ල­යන් සහ ආය­තන වෙත ලබා දෙමින් මේ ආය­තන මිලි­යන ගණ­නින් මුදල් උපයා ගනි­මින් සිටී. ඒ අතර තම තොර­තුරු අන­වශ්‍ය පුද්ග­ල­යන් සහ ආය­තන අතට පත්වීමේ අව­ධා­න­මට අම­ත­රව තම ජීවිත අන­වශ්‍ය ලෙස හැසි­ර­වී­මට වක්‍රව, එහෙත් නොදැ­නු­වත්ව සහ­යෝ­ගය ලබා දීම­ටද සාමාන්‍ය ජන­තා­වට සිදුව තිබේ.

මෙවැනි අති සූක්ෂ්ම එහෙත් ප්‍රබල, ජන­ම­ත­යට අධි­කව බල­පෑම් කළ හැකි තාක්ෂ­ණික වංචා සම්බ­න්ධ­යෙන් නීතිය ක්‍රියා­ත්මක කිරී­මට අමෙ­රි­කානු පාල­නා­ධි­කා­රීන් ගෙන ඇති තීරණ ඉතා යහ­පත්ය. අමෙ­රි­කාව වැනි රට­වල් මෙවැනි තීන්දු තීර­ණ­ව­ලට පැමි­ණීම තුළින් සංව­ර්ධ­නය වෙමින් පව­තින රට­ව­ලද එවැනි නීති සම්පා­ද­නය කිරී­මට සහ සයි­බර් වංචා සම්බ­න්ධ­යෙන් නීතිය ක්‍රියා­ත්මක කිරී­මට පෙල­ඹ­වී­මක් ඇති වේ. විශේ­ෂ­යෙන්ම ලොව පුරා පාල­න­ය­කින් තොරව අති විශාල ග්‍රාහ­ක­යන් පිරි­ස­කගේ දෛනික භාවි­ත­යට ලක්ව ඇති ෆේස් බුක් සහ යූ ටියුබ් වැනි අඩ­වි­ව­ලට අයථා භාවි­තය සම්බ­න්ධ­යෙන් මෙවැනි තීන්දු ලබා දීම සහ දඬු­වම් නියම කිරීම ලොව පුරා සමස්ත අන්ත­ර්ජාල භාවිත කර­න්නන්ගේ ඇගැ­යී­මට ලක් වනු නොඅ­නු­මා­නය.

නිව්යෝර්ක් ටයිම්ස් පුව­ත්පත මේ දඬු­වම සම්බ­න්ධව වාර්තා කර­මින් පවසා තිබුණේ මෙය ලොව ධන­වත්ම ව්‍යපා­රික ආය­ත­න­ය­කට වැදුණු කම්මුල් පහ­රක් බවයි. එබැ­වින්ම මිනිස් අයි­ති­වා­සි­කම් රැහැන් ඔස්සේ උල්ලං­ඝ­නය කර­මින් සිටින තවත් බොහෝ ආය­ත­න­ව­ලට තම කට­යුතු අකුලා ගැනී­මට සිදු වනු ඇති බවට සැක නැත.

Comments