විජය ගී තරුව 2020 අයදුම්පත් කැඳවයි... | Page 2 | සිළුමිණ

විජය ගී තරුව 2020 අයදුම්පත් කැඳවයි...

විජය කුමාරතුංගයන්ගේ තිස් දෙවන ගුණ සැමරුම නිමිත්තෙන් එළඹෙන 2020 පෙබරවාරි 16 දින පැවැත්වෙන ‘විජය ගී තරුව‘ හත්වන අදියර තරගය සහ සම්මාන උලෙළ පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.ඔහුගේ ජන්ම දින සැමරුව යෙදෙන ඔක්තෝබර් 09 වැනි දින මෙම තරගයේ පළමු වටය ආරම්භ කෙරේ. ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ තරග වට තුනකින් සමන්විත වන අතර අවසන් මහා තරගය සහ සම්මාන උලෙළ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී පැවැත් වේ.

විජය කුමාරතුංග ගැයූ ගී ජනගත කිරීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගයට ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශ්වයටම වයස් සීමාවකින් තොරව ඉදිරිපත්විය හැකිය. ඔබගේ අයදුම්පත් සභාපති,අනුර ශ්‍රීනාත්,විජය කුමාරතුංග අනුස්මරණ සහෘද කලා සංසදය ,267/4 බී,‘සරසි‘ ඉහළ බියන්විල, කඩවත ලිපිනයට සැප්තැම්බර් 25 වනදාට පෙර යොමු කරන්න. 072-3440220 සහ 078-3126667 අංක අමතා වැඩි විස්තර දැනගත හැකිය.

Comments