“සුදු ඇඳ­ගෙන කළු ඇවිදින්” රස නුසුන් ටෙලි නාට්‍ය­යක් | Page 3 | සිළුමිණ

“සුදු ඇඳ­ගෙන කළු ඇවිදින්” රස නුසුන් ටෙලි නාට්‍ය­යක්

ජාතික රූප­වා­හි­නියේ රාත්‍රි 9.00ට දිග­හැ­රෙන ‘සුදු ඇඳ­ගෙන කළු ඇවිත්’ ටෙලි නාට්‍යය ප්‍රබුද්ධ ප්‍රේක්ෂ­ක­යන්ට නවමු අත්දැ­කී­මක් ගෙන එන්නකි. එය ඉඩෝ­ර­යට හසුවූ හර­සුන් බොළඳ ටෙලි නාට්‍ය නරඹා හෙම්බත්වී සිටින රසි­ක­ය­නට පොද වැස්සක් මෙන් සිසිල ගෙන එන්නකි.

වියළි කලා­පයේ සුන්දර පසු­බි­මක වික­සිත වන කතාවේ ප්‍රවීණ මෙන්ම ගැට­වර ආධු­නික රංගන ශිල්පීන් ගෙන එන ප්‍රශස්ත රංග­න­යන් ප්‍රේක්ෂ­ක­යන් අම­න්දා­න­න්ද­න­යට පත්ක­රන බව වෙසෙ­සින් සඳ­හන් කළ යුතුය. මෙය ප්‍රවීණ අධ්‍යක්ෂ සුනිල් කොස්තාගේ අපූර්ව හප­න්ක­මකි. සුනි­ලුන්ගේ හප­න්ක­මට නොදෙ­වෙ­නිව ඔහු හා උරෙ­නුර ගැටී අව­ස්ථා­වෝ­චි­තව එහි රම­ණීය සංගී­තය ගෙන එන දිනේෂ් සුබ­සිං­හ­යන් ද තම කාර්ය නොපි­රි­හෙලා ඉටු­කර තිබීම පැස­සිය යුතුය.

ඔහුගේ තේමා සංගී­තය නාට්‍යය පුරා සිදු­වී­ම්ව­ලට ගෙන එන්නේ අපූර්ව ආලෝ­ක­යකි. උද්වේ­ග­කර හා සංසුන් ජව­නි­කා­ව­ලදි සිහින් සෝබ­ර­වත් ඇතැම් විට සතු­ටින් පිනා­ය­න­වි­ටත් නගන සංගී­තය නාට්‍යය අව­සන් වීමෙන් පසු­වත් අපගේ දෙස­වනේ නින්නා­ද­ වෙ­මින් පවතී. මෙවන් කන්කළු මයුර වූ සංගී­තය නිර්මා­ණය කළ සංගීත අධ්‍යක්ෂ දිනේෂ් සුබ­සිං­හ­යන්ට අපගේ ප්‍රණා­මය!

අයි.වී. මහී­පාල

කොට­ගෙ­දර පාර, මඩ­පාත, පිළි­ය­න්දල.

 

Comments