‘ජීව­නා­භි­මානි’ ජාතික ව්‍යාපා­රය ඇර­ඹෙයි | Page 2 | සිළුමිණ

‘ජීව­නා­භි­මානි’ ජාතික ව්‍යාපා­රය ඇර­ඹෙයි

තරුණ අභි­මා­නය රැක දෙමින් ඔවුන්ගේ ආකල්ප සහ නිපු­ණ­තා­වන් සංව­ර්ධ­නය කෙරෙන ග්‍රාමීය මට්ටමේ පුථල් වැඩ­ස­ට­හ­නක් ලෙස ජීව­නා­භි­මානි” ජාතික ව්‍යාපා­රය ඇර­ඹෙයි.

ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මැති­තු­මාගේ සංක­ල්ප­යක් අනුව මේ වැඩ­ස­ට­හන ඉදි­රියේ දී දීප ව්‍යාප්තව ක්‍රියා­වට නැංවී­මට නිය­මිත අතර, එහි ප්‍රධාන මෙහෙ­යුම් කාර්යා­ලය ජනා­ධි­පති ලේකම් උදය ආර්. සෙනෙ­වි­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් කොළඹ ලේක්හ­වුස් ගොඩ­නැ­ඟිල්ලේ දී ස්ථාපිත කෙරිණි.

තරුණ තරු­ණි­යන්ගේ ගැටලු හඳුනා ගනි­මින් ඒවාට විස­ඳුම් ලබා දී ඔවුන්ට යහ­පත් අනා­ග­ත­යක් උදා­කර දීම වැඩ­ස­ට­හනේ අර­මුණ වන අතර, මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැහි වු තරුණ තරු­ණි­යන් ඉන් මුදා ගනි­මින්, යහ­පත් ආකල්ප සංව­ර්ධ­නය මඟින් ඔවුන් සමා­ජ­යට වැඩ­දායි පුර­වැ­සි­යන් ලෙස ගොඩ­නැං­වීම පිළි­බ­ඳව ද මේ වැඩ­ස­ට­හනේ දී පුළුල් අව­ධා­න­යක් යොමු කෙරේ.

මේ වැඩ­ස­ට­හනේ විශේ­ෂ­ත්වය වන්නේ ප්‍රජා මූලික වැඩ­ස­ට­හන් මඟින් තමන් ජීව­ත්වන පරි­ස­රයේ දීම තරුණ තරු­ණි­යන්ගේ ගැට­ලු­ව­ලට විස­ඳුම් ලබාදී ඔවුන්ට යහ­පත් අනා­ග­ත­යක් ගොඩ­නඟා ගැනී­මට අවශ්‍ය පසු­බිම සක­සා­දී­මයි.

ජනා­ධි­පති ලේකම් උදය ආර්. සෙනෙ­වි­රත්න මහතා මෙහි දී අද­හස් දක්ව­මින් කියා සිටියේ තාර­ණ්‍ය­යට යහ­පත් හෙටක් නිර්මා­ණය කර දීම රජ­යක ප්‍රමුඛ වග­කීම බවයි.

ජීව­නා­භි­මානී” නව වැඩ­ස­ට­හන මඟින් පුළුල් දාය­ක­ත්ව­යක් ඊට ලැබෙනු ඇති බවට විශ්වා­සය පළ කළ ජනා­ධි­පති ලේක­ම්ව­රයා මේ වැඩ­ස­ට­හන් සාර්ථක කර ගැනී­මට සියලු පුර­වැ­සි­යන්ගේ සහාය අවශ්‍ය බව ද ඔහු කියා සිටි­යේය.

Comments